Friday, July 29, 2011

එකම බ්ලොග් අඩවිය වෙනස් විදි කිහිපයකට බලමුද?

මේක නම් බ්ලොග්ස්පොට් බ්ලොග් සඳහා පමණයි. සමහරු නම් මේ ගැන දන්නවත් ඇති. නොදන්නා අයටයි මේ කතාව.මතකනේ මම දවසක් ලිව්වා බ්ලොග් වල අනිවාර්යෙන් තියෙන්න ඕනේ මොනවද කියලා. එතැනදී ගොඩක් අය කියලා තිබ්බා ගැජට් කෑලි තිබ්බම හරි වදයක් කියලා. දැන් බ්ලොගර් වලින්ම ක්‍රමයක් තියනවා ගැජට් කෑලි නැතිව බ්ලොග් බලන්න පුළුවන්. දැනට තියනවා ක්‍රම පහක්. එකින් එක බලමු පොඩ්ඩක්.



Flipcard

  • පොස්ට් ටික රූප විදියට පෙන්නනවා.
  • පින්තූරයක් උඩට මවුස් එක ගෙනියනකොට පොස්ට් එකේ නම සහ කමෙන්ට් ගාන පේනවා
  • පින්තූරයක් උඩ ක්ලික් කළොත් පොස්ට් එක ඕපන් වෙනවා
  • ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නම් සාමාන්‍ය විදියට ලිපිය ලෝඩ් කරගත යුතුයි (සිංහලෙන් කියනවා නම් post a comment ක්ලික් කළාම වෙන tab එකක සාමාන්‍ය විදියට පෝස්ට් එක ලෝඩ් වෙනවා)


Mosaic



  • රූපයක් උඩ ක්ලික් කළොත් සම්පුර්ණ ලිපිය පෙන්නනවා
  • ලෝඩ් වී ඇති ලිපියට කලින් ලියවුනු ලිපි උඩිනුත්, එයට පසුව ලියවුනු ලිපි යටිනුත් පෙන්නනවා
  • ලිපි වලට අදාළ රූප මුල පිටුවේ පෙන්වන්නේ අහඹු ආකාරයට 
  • ප්‍රතිචාර දැක්වීමේ ලින්ක් එක පෙනෙන්නේ නැහැ
  • screen rotation සඳහා සහය දක්වනවා. 

Sidebar


  • ලිපිවල මාතෘකා, ප්‍රතිචාර ගණන සහ ලිපියේ අඩංගු වෙලා තියන පින්තුරය පැත්තකින් පෙන්නවා.
  • කියවන්න හිතුන ලිපියේ මාතෘකාව උඩ ක්ලික් කළාම ලිපිය පේනවා.
  • ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නම් සාමාන්‍ය විදියට ලිපිය ලෝඩ් කරගත යුතුයි (සිංහලෙන් කියනවා නම් post a comment ක්ලික් කළාම වෙන tab එකක සාමාන්‍ය විදියට පෝස්ට් එක ලෝඩ් වෙනවා)


Snapshot


  • පින්තුර සහිත පෝස්ට් විතරයි පෙනෙන්නේ 
  • පින්තුරය උඩට මවුස් පොයින්ටරය ගෙන ගිය විට අදාළ ලිපියේ කුඩා කොටසක් බලාගන්න පුළුවන්
  • පින්තූරය උඩ ක්ලික් කලවිට සම්පුර්ණ ලිපිය කියවන්න පුළුවන්.

Timeslide


මේක පොඩ්ඩක් සංකීර්ණයි. බ්ලොග් අඩවිය පෙන්නන්නේ තීරු තුනකට

  • වම් තීරුව : පින්තූරයක් සහ ලිපියකින් කුඩා කොටසක්. ලිපි තෝරාගෙන ඇත්තේ අහඹු ආකාරයට. නමුත් ඒවා පෙන්වන්නේ ලියපු දිනය අනුව. ඒ කියන්නේ ළඟදී ලියපු ලිපිය පළවෙනියට සහ ගොඩ කාලෙකට කලින් ලියපු ලිපිය අන්තිමට.
  • මැද තීරුව : ලිපියේ මාතෘකාව සහ ලිපියෙන් කුඩා කොටසක්
  • දකුණු තීරුව : ලිපියේ මාතෘකාව විතරයි පෙන්නේ, මවුස් එක මාතෘකාව උඩට ගෙනියනකොට ලිපියේ කුඩා කොටසක් සහ ප්‍රතිචාර ගණන පෙන්නනවා 


කොහොමද මේක අපේ බ්ලොග් අඩවියට ඇතුල් කරගන්නේ?

  • බ්ලොග් අඩවිය ඕනෑම කෙනෙකුට බැලිය හැකි පරිදි සකසන්න. එනම් blogger settings වල Who can view this blog යන්න anybody ලෙස තිබිය යුතුයි. වැඩිපුර විස්තර මෙතනින් බලන්න. 
  • බ්ලොග් ෆීඩ් සකසා තිබිය යුතුයි. settings --> site feed වෙත ගොස් Allow Blog Feeds, full හෝ until jump break ලෙස සකසන්න. වැඩි විස්තර මෙතනින් 
  • ඉන්පසු settings --> formatting හි enable dynamic views "yes" ලෙස සකසන්න 

කොහොමද බ්ලොග් අඩවියක් මේ විදියට බලන්නේ?

  • බ්ලොග් අඩවියේ සාමාන්‍ය ලිපිනය අගට "/view" එකතු කළාම ලැබෙන ලිපිනයෙන් අපිට මේ අළුත් විදියට බ්ලොග් අඩවිය කියවන්න පුළුවන්. උදාහරණයක් විදියට http://deepsgelokaya.blogspot.com/view
  • ඒ ලිපිනයට ගියාම අපිට පුළුවන් තිරයේ දකුණු පස උඩින් තියන බොත්තම භාවිතා කරලා තමන්ට කැමති දර්ශන අකාරය තෝරාගන්න. 
  • බ්ලොග් අඩවියේ නම දැක්වෙන තීරුවේ ක්ලික් කල විට ලැබෙන bar එකට වෙන ඕනෑම blogger බ්ලොග් අඩවියක ලිපිනය ඇතුල් කරලා ඒ බ්ලොග් අපිට මේ විදියට බලන්න පුළුවන්.




එහෙම නැත්තම් එක් එක්  දර්ශන ආකාර අනුව වෙනම ලිපින ලබාගන්නත් පුළුවන්


වාසි සහ අවාසි
වාසි අවාසි කියලා ඔක්කොම එකට ලියන්නේ මට වාසියි කියලා හිතෙන දෙයක් තවත් කෙනෙකුට අවාසියක් වෙන්න පුළුවන් නිසා.

  • පරණ බ්‍රව්සර වල ක්‍රියා නොකිරීම
  • ප්‍රතිචාර දැමීමට අවශ්‍ය නම් බොහෝ වෙලාවට සාමාන්‍ය ලෙස ලිපිය ලෝඩ් කිරීමට සිදුවීම
  • ලිපි සියල්ල එක තැන පෙන්වන නිසා කියවන්නා බොහෝ කාලයක් අඩවියේ රඳවා ගැනීමට හැකි වීම.
  • බ්ලොග් අඩවියට එක් කර ඇති නොයෙකුත් විජට් ආදිය නොපෙන්වීම
  • සරල නිමාව

බ්ලොගර් කණ්ඩායම කියන විදියට විජට් එක් කිරීමේ හැකියාව සහ මෙයින් එක් දර්ශන ක්‍රමයක් default ලෙස බ්ලොග් අඩවියේ භාවිත කිරීමට හැකියාව ඉදිරියේදී ලැබේවි. ඒ වෙනකන් අපිට පුළුවන් මේ ක්‍රමය ගැන හිතෙන දේවල් සහ තව වැඩි දියුණු කල යුතු දේවල් ගැන බ්ලොගර් වෙත දැනුම් දෙන්න. අපේ අදහසුත් එකතු වෙලා ඉදිරියේදී බ්ලොගර් තවත් ලස්සන වේවි.

භාවිතය ඔබට භාරයි

ප.ලි. කාටවත් හිතුනේ නැද්ද මේ views වල plus ගතියක් තියනවා කියලා ?

වැඩි විස්තර සඳහා

24 comments:

  1. Pasindu karunarathneJuly 29, 2011 at 4:42 PM

    නියමයි, මම මේව අදයි දන්නෙ,,

    ReplyDelete
  2. පාවිච්චි කරලා බලන්න 

    ReplyDelete
  3. රත්ගමයා මහතාJuly 29, 2011 at 5:00 PM

    හප්පටසිරි....මරු නේ )

    ReplyDelete
  4. දාලා බලන්න ඕන....දැනුවත් කලාට ස්තුතියි :)

    ReplyDelete
  5. මරු මරු.. මම නම් මේක කලින් දැනගෙන හිටියෙ..
    ලිපියක් දාපු එක වටිනව..
    thanks

    ReplyDelete
  6. මම නම් ඔය සීන් එක කලින් දැක්කා w3lanka බ්ලොග් අඩවියේ  දාල තිබුනා කාලෙක ඉඳල . නොදන්න අයව බොහොම පැහැදිලිව දැනුවත් කරල තියනව , නියම ලිපියක් සහෝදරී . මගේ බ්ලොග්ගෙට නම් පින්තූර කථාව වැදගත් වෙන්නේ නැ . මොකද මම ඉමේජ් වෙනම හොස්ට් කරලයි තියෙන්නේ ගොඩක් වෙලාවට (ගුගල් දෙය්යො දෙන 1 GB ඉකමනට ඉවර වෙයි කියල බයට :D ) . ඒ පින්තූර ඔතනදි පෙන්නන්නේ නැ 

    ReplyDelete
  7. ෂා  මරුනේ ,, නියමයි

    ReplyDelete
  8. niyama wadak! thanxxx a lot!

    ReplyDelete
  9. මධුරංගJuly 29, 2011 at 8:02 PM

    නියම වැඩ කෑලි ටිකක් නේ නංගි. නියමයි ඈ !!!!!

    ReplyDelete
  10. මම මීට කලින් ලිපියක් ලිව්වා ජංගම දුරකතනයෙන් Blogger බ්ලොග් අඩවිය බලන හැටි. කියලා ඔයා සමහර විට දන්නවා ඇති. මේ ගැන ඕනම ලිපිනයක අන්තිමට ?m=1 එකතු කලාම හරි. ඔයාගෙ ලිපිනයනම්  http://deepsgelokaya.blogspot.com/?m=1 ගැජට් නෑ Commnet දාන්න හිටන් ලේසි.   වැඩි විස්තර මගේ බ්ලොගයේ ඇති. ඔයාගේ ලිපිය හොදයි. කලින් ඔකට මම උත්සහ කලා එත් බැරි උනා. Firefox පරන නිසා අද අය බලන්න ඕනේ. ස්තුතිය මේ ගැන ලිව්වට.

    ReplyDelete
  11. Prasanna KarunarathnaJuly 29, 2011 at 8:05 PM

    අපිට අදාල නැහනේ... ඕං අපි ගියා...

    ReplyDelete
  12. මෙහෙම දෙයක් දැනගෙන හිටියෙ නෑනෙ මෙච්චර කාලෙකට..ස්තුති වේවා...

    ReplyDelete
  13. විස්තරයට ස්තූතියි , කලින් දැනගෙන හිටියේ නෑ..

    ReplyDelete
  14. ඔව් ඒකත් හරිම ලේසියි සහ සරලයි. ස්තුතියි ඒ ගැන මතක කළාට :) හරිගියාද ඉතින් දැන් මේ වැඩේ?

    ReplyDelete
  15. මම දැක්කේ නම් නැහැ ඒ බ්ලොගේ ඒක දාලා තියනවා. දේශපාලනේට වැඩිය මම නැහැ නේ ;) මම නම් ඉතින් එච්චර ඉමේජ් භාවිතයක් නැහැ. ඉමේජ් එකතු කලත් ගොඩක් වෙලාවට ඉමේජ් එකට ලින්ක් එකක් තමා දාන්නේ. ඒක නිසා අවුලක් නැහැ 

    ReplyDelete
  16. ඔයා ඉතින් මේවා ගැන හොයල බලනවා කියලා මම දන්නවනේ :)

    ReplyDelete
  17. බලන්න බලන්න 

    ReplyDelete
  18. ඔව් ඔව් මෙව්වා අපිට විතරයි :P

    ReplyDelete
  19. පොඩි අව්ලක් තියෙනවා....

    ReplyDelete
  20. මොකක්ද අවුල?

    ReplyDelete
  21. මේ ආර්ටිකල් එක මගේ හිතට ඇල්ලුවා ඒක නිසා මම මේක මට අවශ්‍ය තැන්වල දානවා ඔයාගේ නම් ගම් නොදා ! ඉන්ටර්නෙට් කියන තැනට වෙහෙස මහන්සිවෙලා දෙයක්  නිර්මාණය කරලා දැම්මයින් පස්සේ ඔයාට කොහෙන්ද  ඒකට අයිතිවාසිකමක්. ඔය දේට කොපිරයිට්ස් කියාගෙන හිර කිරීම් ඇති කරන ධනවාදය නිසා තමයි මේ සේරම ! අපිට ඉස්සරහට ටොරන්ට් එකකින් ෆිල්ම් එකක්වත් බාගෙන බලන්න නැතිවෙයි. එම්පීත්‍රී ෆයිල් එකක්වත් තියාගන්න බැරිවෙයි. අනික උඹේ පෝස්ට් කොපි පේස්ට් කරලා දැම්මහම ඒක යටින් ලින්ක් එකක් දැම්මොත් අදාල සයිට් එකෙන් උඹේ සයිට් එකට ට්‍රැෆික් එක එයි ඒක ඒ සයිට් එකට අසාධාරණයක්. ඒ නිසා උඹේ නමවත් ලින්ක්වත් දාන්නේ නැතුව අඩුම තරමේ වෙන කෙනෙක් ලිව්ව එකක් කියලාවත් නොකිය උඹ ලියපු එකක් කියලා හොයාගන්න පුළුවං හැම දේම එඩිට් කරලා අයින් කරලා දාලා. මම උඹේ පෝස්ට් එළකිරි එකේ මම ලියපුවා වගේ මගේ යූසර්නේම් එක යටතේ දානවා. කට්ටිය තෑන්ක්ස් තෑන්ක්ස් කිය කිය +රෙප් දෙනකොට මම බොහොම නිහතමානීව තව තවත් ත්‍රෙඩ් එක බම්ප් කරනවා මේ තියෙන්නේ උඹේ ජාතියෙම බ්ලොග් කාරයෙක්ටද කොහෙද මම ඇඩෙන්න පහර දුන්න හැටි. අනුංගෙ දෙයක් කොපි පේස්ට් කරලා දානකොට ලින්ක් දාන්න බැරිනම් නමවත් දාන්න එහෙමත් බැරිනම් උපුටා ගත්තා කියලාවත් දාන්න කියාගෙන  ආවම  මම උට ඇඩෙන්න දුන්නා හික්ස්

    http://www.elakiri.com/forum/showthread.php?t=1162900 

    (මේ දවස්වල එළකිරි එකේ සර්වර් එක ඕවර්ලෝඩ්වෙලා තියෙන්නේ උඹට බලාගන්න බැරිවෙයි ඕක ඒක නිසා ආවේ නැත්තං සතියකින් දෙකකින් )

    බලපං ඔය ත්‍රෙඩ් එක ඕක බැලුවම උඹලට තේරෙයි මම කියන දෙය ආත්මාර්තකාමී වෙන්න එපා කතෘ අයිතිය කියාගෙන ගොං පාට් දාන්න එපා ඔයා ලිව්වයි කියලා ඔයාගේ නම වත් ලින්ක් එකවත් අඩුම තරමේ මගේ නිර්මාණයක් නෙවේ වෙන කෙනෙක් ලිව්ව ලිපියක් කියලාවත් දාන්න ඕනේ කියලා එකක් නැහැ මට ඕනේ නම් මම මට ඕනේ දෙයක් කරනවා අනික මේ බ්ලොග් ලියන අය තමන්ගේ බ්ලොග් එකේ නම දැම්මාට උපුටගෙන වෙනත් තැනක පෝස්ට් එකක් දානකොට ඒකට යටින් එයාගේ නම ලියලා එයාට ක්‍රෙඩිට් එක දෙනවට ඒ හැටි කැමැත්තක් නැහැ කියන එක මම හොදට අත්දැකපු දෙයක් ගොඩක් බ්ලොග් කරන අය තමන්ගේ අනන්‍යාතාවය බ්ලොග් එකේදී ප්‍රසිද්ද කරාට ඒක එළකිරි වගේ තැන්වල දාලා මිනිස්සුන්ගෙන් පැසසුම් ලබන්න කැමති නැහැ ඒකත් එක හේතුවක් ලින්ක් දැමිල්ල කෙසේ වෙතත් ලිව්ව කෙනාගේ නමවත් නොදා ඉන්න ! උඹට ඕනේ විදිහට අපි වැඩ කරන්නේ නැහැ ධනවාදී ආණ්ඩුවට කඩේ යන බූරුවෙක් නොවී ඉදපං මචෝ හොදේ ඔන්න ප්‍රශ්ණ ඇතිවෙන්න කලින්ම කිව්වා මම මේක කොපි පේස්ට් කරලා දාන්නයි ඉන්නේ ඔන්න 

    - මම නම දාන්න කිසිම බයක් වෙන්නේ නැහැ මම එළකිරි එකේ Sweets- 

    මගේ පෝස්ට් පොඩ්ඩක් පරික්ෂා කරොත් මම මේ කියලා තියෙන දේවල් එම විදිහටම එළකිරි එකෙත් කියලා තියෙන බව දැකගන්න පුළුවං උඹලට බල්ලෝ බිරුවට උන්ට ඕනේ දේවල් මම කරන්නේ නැහැ මං කරන්නේ මට ඕනේ දේ...

    ReplyDelete
  22. http://www.facebook.com/groups/pariganakaudau/doc/?id=222972801066201

    ReplyDelete
  23. New look is cool, but I was disappointed to see Blogger is no longer allowing us to upload custom XML templates. I tried creating a new site, but wasn't able to upload a custom template. That "browse & upload" option is no longer there under Template tab

    ReplyDelete