පොඩි කාලේ නම් deeps ගමන් යන්නේ අම්මා එක්ක. එත් ටික ටික ලොකු වෙනකොට මම යන හැම තැනම ගෙදර කාටවත් පස්සෙන් එන්න බැරි නිසා පොඩ්ඩ පොඩ්ඩ පුරුදු වුණා තනියම දුර ගමන් යන්න.
ඒ විදියට තනියම ආපු පළවෙනි දුර ගමන කොළඹ සිට ගෙදරට. කටුබැද්දේ ඉගෙන ගන්න අය කිහිප දෙනෙක් දන්නවා මේ ගමන ගැන. සමහරු තාම විහිලුත් කරනවා ඒ ගැන මතක් කරලා. එදා නම් පොඩ්ඩක් බය හිතුනට දැන් නම් බය නැහැ ඕනේ තැනක තනියම යන්න. කොහෙහරි යන්න ඕනේ වුනොත් දැන් නම් මුලින්ම කරන්නේ ගූගල් සිතියමේ සහය අරගෙන යන පාර හොඳට බලාගන්න එක. ඊට පස්සේ යන්න ඕනේ පළාතේ කෙනෙක් මූණු පොතෙන්, ට්විටරෙන් හරි චැට් එකේ අල්ලාගෙන පාර අහන එක. ඒ පැත්තේ කවුරු හරි අඳුරන කෙනෙක් ඉන්නවා නම් කෝල් එකක් දෙනවා. මේ ඔක්කොම කරන්නේ සුදානමට. ඊටපස්සේ සැරින් සැරේ ජංගමේ ගූගල් සිතියම අධාරයෙන් පාර බලාගෙන යන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මගේ ජංගමේ GPS නැහැ. ඒ වුණාට ජංගම දුරකථන කුළුණු අධාරයෙන් ලස්සනට ඉන්න තැන සහ යන පාර පෙන්නනවා. කොළඹ රටේ නම් ඒ විදියට ලබා ගන්නා දත්ත සියයට 80 ක් විතරම නිවැරදියි.
පාර කෙසේ වෙතත් බස් එකේ තනියම යනකොට නම් විඳලා තියන අකරතැබ්බ බොහොමයි. අද ලිපිය මාත් ඇතුළු තවත් ගෑණු ළමයි විඳපු අකරතැබ්බ සහ ඒවා විසඳගන්න ඒ වෙලාවේ කරපු දේවල්. මම දැකලා තියනවා සමහර ගෑණු ළමයි මේ වගේ දෙයක් වුනත් කරදරය විඳගෙන නිශ්ශබ්දව ඉන්නවා. ඒ අයට පොඩි ටිප්ස් සහ ට්‍රික්ස් ටිකක් දැනගන්න පුළුවන් වේවි ලිපිය කියවලා ඉවර වෙනකොට. අකරතැබ්බ නම් වෙන්නේ කවුරු නිසාද කියලා කියන්න ඕනේ නැහැනේ. පිරිමි මේ විදියට හැසිරෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙට නම් මට උත්තරයක් දෙන්න අමාරුයි. හැබැයි කියවන අයියලා, මාමලා සහ සීයලාට කියන්න තියෙන්නේ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරනකොට මීට වඩා අනිත් අය ගැන හිතන්න කියලා.
1. අත් බැඳගෙන නිදාගන්න අයියලා.
මේ සිද්ධිය වෙන්නේ 2, 3 සීට් තියන කොළඹ කුරුණෑගල බස් එකක.දෙන්නෙක් ඉදගන්න සීට් එකේ කතා නායිකාව ඉඳලා තියෙන්නේ ජනේලේ අයිනේ. එයාට එහා පැත්තෙන් අයියා කෙනෙක්. මෙයා බස් එකට නැග්ග වෙලාවේ ඉදන් අත් බැඳගෙන ඉඳලා තියෙන්නේ. කොන්දොස්තර මහත්තයා ටිකට් වලට සල්ලි ගත්තා විතරයි මෙයා නිදිලු. අත් බැඳගෙන ඉන්නකොට එක අතක ඇඟිලි ටික අනිවාර්යෙන් එක අතකට යටින් නේ තියෙන්නේ. දන්නේ නැත්තම් වහාම අත් දෙක බැඳගෙන බලන්න. මේ අයියාගේ යට වෙලා තියෙන්නේ කතා නායිකාවගේ පැත්තට තියන අතේ ඇඟිලි ටික. ටික වෙලාවකින් මෙයා නිදි. කතා නායිකාවට දැනෙනවලු මනුස්සයා නිදි වුණාට ඇඟිලි වැඩ කරනවා. කරන්නම දෙයක් නැති නිසා අපේ වීරවරිය අත තියාගන මේ අයියා ඉන්න පැත්තෙන්. දැන් මෙයා ඇයගේ ඇඟ අල්ලන්න උත්සහ කළත් අත නිසා වැඩේ කරන්න බැහැ. ඇය හිතුවා දැන් මෙයාගේ වැඩේ නවතියි කියලා, මොකද ඇය එයාට චුටි විරෝධතාවයක් පෙන්නපු නිසා. එත් මනුස්සයා වැඩේ නතර කරලා නැහැ.
දැන් දෙවැනි පියවර. මිනිහා හොඳටම නිදි. කතා නායිකාව නිදාගෙන හිටපු අයියට අතට පොඩ්ඩක් තට්ටු කළා ඇහැරවන්න. ඇහැරුනේ නැහැ. දෙවැනි පාර තව පොඩ්ඩක් හයියෙන් තට්ටුවක්. මෙන්න එතකොට අයියාට ඇහැරුණ. වටා පිටාවේ හිටිය අයටත් එක්ක ඇහෙන්න ඇය කියලා "අයියා නිදාගත්තට කමක් නැහැ, හැබැයි අත පය පොඩ්ඩක් තමන් ලඟින්ම තියාගෙන නිදාගන්න කියලා." ඒ පාර ඇස් වහගත්ත අයියා ආයේ ඇස් ඇරියේ කතා නායිකාව බහින හරියේ දිලු.
2. වැලමිට නිකන් තියාගෙන ඉන්න බැරි මාමලා.
මෙයාව හම්බුනේ මට. දවසක් කොළඹ රටේ ෂොපින් පාරක් දාලා ගෙදර යන දවසක. මෙයා මුස්ලිම් මාමා කෙනෙක්. මම ජනේලේ අයිනේ, මෙයා මගේ අනිත් පැත්තේ. ටික වෙලාවක් යනකොට මෙයත් නිදි. හැබැයි මෙයාගේ වැලමිට මගේ පැත්තේ. එදා මගේ ළඟ තිබුනා ලොකු බෑග් එකක් ගත්ත බඩු ටික ඔක්කොම දාපු. ඉතින් ඔය බෑග් එක අරගෙන මම තියාගත්තා මගේ අර මනුස්සයයි, මායි අතරින් සීට් එකේ. මේ වැඩේ කරන එකත් පහසු වුනේ නැහැ. මුලින්ම මම පොඩ්ඩක් ජනේලේ පැත්තට වෙලා ලැබුණ ඉඩ පොඩ්ඩෙන් බෑග් එක තිබ්බා. පස්සේ ටික ටික බෑග් එක හොඳහැටි සීට් එක උඩ පැලපදියම් කරලා තියන්න පුළුවන් වුණා.බස් එක වංගුවක් ගන්නකොට දැන් මේ මාමා වැටෙන්න වගේ. මට තනියම හිනා, මට මොකෝ කියලා මාත් ඔහේ වට පිට බල බල ආවා. ටික වෙලාවකින් අරයා කියනවා බෑග් එක සීට් එකෙන් අයින් කරන්න කියලා.
ඔන්න ඉතින් මගේ චෑන්ස් එක. එයාටත් කියලා දුන්නා ඇයි බෑග් එක සීට් එකෙන් තියාගත්තේ කියලා වටේ පිටේ ඉන්න අයටත් ඇහෙන්න එක්කම.ඊට පස්සේ නම් වැලමිට එහෙ මෙහෙ දැඟලුවේ නැහැ.
3. හිටගෙන යන්න දන්නේ නැති සීයලා.
මේක වුනේ ඉස්කෝලේ කාලේ. ඒ කාලේ ඉස්කෝලේ ඇරිලා ගෙදර එන එක තරම් තව වදයක් නැහැ. ඔන්න මම බස් එකේ හිටගෙන. දෙපැත්තේ පෝලිම පිරිලා මැද පොලිමේත් මිනිස්සු. ඔහොම ඉන්න අතරේ මට දැනෙනවා කවුරු හරි ගෑණු ළමයෙක් දඟලනවා. විපරම් කලාම තමා වැඩේ තේරුනේ. සීයා කෙනෙක් හිටගෙන ඉන්න විදියට ගැහැණු ළමයෙක් අපහසු තාවයට පත් වෙලා. එයා එහෙට මෙහෙට දගලලා මනුස්සයාගෙන් ඈත් වෙන්න හදනවා. එත් සෙනග පිරුණ බස් එකේ කොච්චර දැගලුවත් එයාට අර සීයාගෙන් ඈත් වෙන්න නම් බැරි වුනා. ටික වෙලාවකින් කවුරු හරි ඉංග්‍රීසියෙන් බනින සද්දයක්. අපේ රටේ බස් එකක ඉංග්‍රීසියෙන් කවුරු හරි කතා කරනවා කියන්නේ හැමෝගෙම අවධානය ගන්න පුළුවන් විදියක්නේ. බස් එකටම ඇහෙන්න ඉංග්‍රීසියෙන් බැන්නම ඇයට අවශ්‍ය වුන අවධානය ඉබේම ලැබුණා. මිනිහා ඊළඟ හෝල්ට් එකෙන් බැස්සා.
-----------------------------------------------------------------
මේ මම මුහුණ දීපු සිද්ධි 4 ක් විතරයි. කියවන අක්කලා, නංගිලා සහ නැන්දලා , ආච්චිලා ඔක්කොම මේ විදිය සිද්ධි වලට ඕනෑ තරම් මුහුණ දීලා ඇති. සිද්ධි ගැන දිගින් දිගට කතා කරලා වැඩක් නැහැ මේවා නතර කරගන්න අපිටම කරන්න පුළුවන් දේවල් ටික බලමු. මගේ අත්දැකීම් අනුව මෙන්න මේවා තමා මේ විදිය අයියලා, මාමලා සහ සීයලාගෙන් බේරෙන්න කරන්න ඕනේ. කා ළඟ හරි තව ට්‍රිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් තියනවා නම් ප්‍රතිචාරයක් විදියට දාන්න හොඳේ.
බේරෙන විදි 1 : වටේ පිටේ ඉන්න අයගේ අවධානය තමන්ට සිදුවෙන අසාධාරණය වෙත යොමු කරවා ගැනීම
මෙහම කළාම ගොඩක් අයට ලජ්ජා හිතිලා වැඩේ නතර කරනවා, එහෙම නැත්තම් බස් එකෙන් බැහැලා යනවා.මගේ අත්දැකීම් අනුව මේක තමා සාර්ථකම ක්‍රමය. හැමෝටම ඇහෙන විදියට සද්දයක් දාන එක වගේ දේවල් මේ ක්‍රමයට අයිතියි. සමහර වෙලාවට කඩ්ඩෙන් සද්දයක් දැම්මම වැඩේ උඩින්ම ගොඩ.
බේරෙන විදි 2 : අතේ පයේ තියන දේවල් වලින් self - defense
උල් වෙච්ච සපත්තු අඩියක් හරි, හොඳට ඇනෙන කොන්ඩ කට්ටක් වගේ තියනවා නම් ඇති මේ වැඩේට. වැඩිය කට සද්දේ නැති, බය , අනෙක් අය ඉස්සරහා කතාකරන්න ලජ්ජා අයට තමා මේ ක්‍රමය. ආ තව උල් නියපොතු, ඒවත් පාවිච්චි කරන්න පුළුවන්.
බේරෙන විදි 3 : මාමා කරන දේ හැමෝටම පෙන්නීම
මේක අදාළ වෙන්නේ ඔඩොක්කුවේ බෑග් තියාගෙන යටින් සෙල්ලම් දාන අයට. බෑග් ටික එක පාරට අයින් කරන්න, අත ගන්න කියන්න. ගේම ක්ලෝස්. වැඩේ අතටම අහු වුනානේ. හැබැයි මේක ඉක්මනට කරන්න ඕනේ. නැත්තම් මාමා උඹට පිස්සුද කෙල්ලේ කියලා අහලා සුදනා වගේ පාඩුවේ ඉඳගෙන ඉදීවි.
බේරෙන විදි 4 : පැටිකිරිය ලොවට කියා සීට් එකෙන් නැගිටීම
කරන්නම දෙයක් නැත්තම් සීට් එකෙන් නැගිටින්න. වෙන තැනකට යන්න එපා, එතනම හිටගෙන ඉන්න. ළඟ ඉන්න අයට කියන්න මෙයත් එක්ක ඉඳගෙන ඉන්න බැහැ කියලා. ගැහැණු කෙනෙක් එතන ඉදගන්න යනවා නම් ඉදගන්න එපා කියන්න. සමහර විට අයියා කිසි වරදක් කලේ නැහැ වගේ ඉඳගෙන ඉන්න පුළුවන්. ඒ වගේම අපිට පිස්සු කියලා බනින්නත් පුළුවන්. ඇහුණේ නෑ වගේ ඉන්න. අයියා බනින්න වචනයක් කියන්න කට අරින අරින වාරයක් පාසා එයාගේ පැටිකිරිය හැමෝම දැන ගනීවි.
බේරෙන විදි 5 : කොන්දොස්තර මහතාට පැමිණිලි කරන්න
මේ වැඩේ මම කරලා නැහැ. එත් සාර්ථක වේවි කියලා හිතනවා.
බේරෙන විදි 6 : සීයාගේ හැඳුනුම්පත් අංකය ඉල්ලන්න
ඔහු අහාවී ඒක මොකටද කියලා. කෙලින්ම කියන්න "ඔයා දැන් ඔය කරන දේට පැමිණිලි කරන්න" කියලා. එහෙම නැත්තම් කියන්න "ඔයා දැන් කරපු දේට දඬුවම් දෙන්න" කියලා. මනුස්සයා බය වෙන්න ඉඩ තියනවා. බය වුනොත් හරි. නැත්තම් වැඩක් නැහැ. ඒක නිසා තමයි මේ ක්‍රමේ අන්තිමට දැම්මේ. දැන් ආණ්ඩුවෙන් කියලා තියනවා බස් වල යනකොට මෙහෙම කරදර වුනොත් කෙලින්ම 011 7555 555 අංකයට කතා කරලා කියන්න කියලා. හැබැයි එහෙම කතා කරලා කිව්වට ඊට පස්සේ නම් මොනවා වෙනවද දන්නේ නැහැ.
බේරෙන විදි 7 : සහ වැදගත්ම දෙය බය නොවීම
ඔය ජාතියේ අයියලා, මාමලා සහ සීයලා ගොඩක් වෙලාවට උත්සහ කරනවා අපේ පිටම වරද පටවලා අපිටම ලජ්ජා කරන්න. අන්න ඒ වෙලාවට බය නොවී ඉන්න. බැන්නත්, ගැහුවත් රැවුවත් ආත්ම විශ්වාසයක් තමනට තියන බව ඔහුට පෙන්වන්න. මොනවා වුනත් ආත්ම විශ්වාසය තියන ගැහැණුන්ට පිරිමි බයයි ;)
1. අත් බැඳගෙන නිදාගන්න අයියලා.
මේ සිද්ධිය වෙන්නේ 2, 3 සීට් තියන කොළඹ කුරුණෑගල බස් එකක.දෙන්නෙක් ඉදගන්න සීට් එකේ කතා නායිකාව ඉඳලා තියෙන්නේ ජනේලේ අයිනේ. එයාට එහා පැත්තෙන් අයියා කෙනෙක්. මෙයා බස් එකට නැග්ග වෙලාවේ ඉදන් අත් බැඳගෙන ඉඳලා තියෙන්නේ. කොන්දොස්තර මහත්තයා ටිකට් වලට සල්ලි ගත්තා විතරයි මෙයා නිදිලු. අත් බැඳගෙන ඉන්නකොට එක අතක ඇඟිලි ටික අනිවාර්යෙන් එක අතකට යටින් නේ තියෙන්නේ. දන්නේ නැත්තම් වහාම අත් දෙක බැඳගෙන බලන්න. මේ අයියාගේ යට වෙලා තියෙන්නේ කතා නායිකාවගේ පැත්තට තියන අතේ ඇඟිලි ටික. ටික වෙලාවකින් මෙයා නිදි. කතා නායිකාවට දැනෙනවලු මනුස්සයා නිදි වුණාට ඇඟිලි වැඩ කරනවා. කරන්නම දෙයක් නැති නිසා අපේ වීරවරිය අත තියාගන මේ අයියා ඉන්න පැත්තෙන්. දැන් මෙයා ඇයගේ ඇඟ අල්ලන්න උත්සහ කළත් අත නිසා වැඩේ කරන්න බැහැ. ඇය හිතුවා දැන් මෙයාගේ වැඩේ නවතියි කියලා, මොකද ඇය එයාට චුටි විරෝධතාවයක් පෙන්නපු නිසා. එත් මනුස්සයා වැඩේ නතර කරලා නැහැ.
දැන් දෙවැනි පියවර. මිනිහා හොඳටම නිදි. කතා නායිකාව නිදාගෙන හිටපු අයියට අතට පොඩ්ඩක් තට්ටු කළා ඇහැරවන්න. ඇහැරුනේ නැහැ. දෙවැනි පාර තව පොඩ්ඩක් හයියෙන් තට්ටුවක්. මෙන්න එතකොට අයියාට ඇහැරුණ. වටා පිටාවේ හිටිය අයටත් එක්ක ඇහෙන්න ඇය කියලා "අයියා නිදාගත්තට කමක් නැහැ, හැබැයි අත පය පොඩ්ඩක් තමන් ලඟින්ම තියාගෙන නිදාගන්න කියලා." ඒ පාර ඇස් වහගත්ත අයියා ආයේ ඇස් ඇරියේ කතා නායිකාව බහින හරියේ දිලු.
2. වැලමිට නිකන් තියාගෙන ඉන්න බැරි මාමලා.
මෙයාව හම්බුනේ මට. දවසක් කොළඹ රටේ ෂොපින් පාරක් දාලා ගෙදර යන දවසක. මෙයා මුස්ලිම් මාමා කෙනෙක්. මම ජනේලේ අයිනේ, මෙයා මගේ අනිත් පැත්තේ. ටික වෙලාවක් යනකොට මෙයත් නිදි. හැබැයි මෙයාගේ වැලමිට මගේ පැත්තේ. එදා මගේ ළඟ තිබුනා ලොකු බෑග් එකක් ගත්ත බඩු ටික ඔක්කොම දාපු. ඉතින් ඔය බෑග් එක අරගෙන මම තියාගත්තා මගේ අර මනුස්සයයි, මායි අතරින් සීට් එකේ. මේ වැඩේ කරන එකත් පහසු වුනේ නැහැ. මුලින්ම මම පොඩ්ඩක් ජනේලේ පැත්තට වෙලා ලැබුණ ඉඩ පොඩ්ඩෙන් බෑග් එක තිබ්බා. පස්සේ ටික ටික බෑග් එක හොඳහැටි සීට් එක උඩ පැලපදියම් කරලා තියන්න පුළුවන් වුණා.බස් එක වංගුවක් ගන්නකොට දැන් මේ මාමා වැටෙන්න වගේ. මට තනියම හිනා, මට මොකෝ කියලා මාත් ඔහේ වට පිට බල බල ආවා. ටික වෙලාවකින් අරයා කියනවා බෑග් එක සීට් එකෙන් අයින් කරන්න කියලා.
ඔන්න ඉතින් මගේ චෑන්ස් එක. එයාටත් කියලා දුන්නා ඇයි බෑග් එක සීට් එකෙන් තියාගත්තේ කියලා වටේ පිටේ ඉන්න අයටත් ඇහෙන්න එක්කම.ඊට පස්සේ නම් වැලමිට එහෙ මෙහෙ දැඟලුවේ නැහැ.
3. හිටගෙන යන්න දන්නේ නැති සීයලා.
මේක වුනේ ඉස්කෝලේ කාලේ. ඒ කාලේ ඉස්කෝලේ ඇරිලා ගෙදර එන එක තරම් තව වදයක් නැහැ. ඔන්න මම බස් එකේ හිටගෙන. දෙපැත්තේ පෝලිම පිරිලා මැද පොලිමේත් මිනිස්සු. ඔහොම ඉන්න අතරේ මට දැනෙනවා කවුරු හරි ගෑණු ළමයෙක් දඟලනවා. විපරම් කලාම තමා වැඩේ තේරුනේ. සීයා කෙනෙක් හිටගෙන ඉන්න විදියට ගැහැණු ළමයෙක් අපහසු තාවයට පත් වෙලා. එයා එහෙට මෙහෙට දගලලා මනුස්සයාගෙන් ඈත් වෙන්න හදනවා. එත් සෙනග පිරුණ බස් එකේ කොච්චර දැගලුවත් එයාට අර සීයාගෙන් ඈත් වෙන්න නම් බැරි වුනා. ටික වෙලාවකින් කවුරු හරි ඉංග්‍රීසියෙන් බනින සද්දයක්. අපේ රටේ බස් එකක ඉංග්‍රීසියෙන් කවුරු හරි කතා කරනවා කියන්නේ හැමෝගෙම අවධානය ගන්න පුළුවන් විදියක්නේ. බස් එකටම ඇහෙන්න ඉංග්‍රීසියෙන් බැන්නම ඇයට අවශ්‍ය වුන අවධානය ඉබේම ලැබුණා. මිනිහා ඊළඟ හෝල්ට් එකෙන් බැස්සා.
-----------------------------------------------------------------
මේ මම මුහුණ දීපු සිද්ධි 4 ක් විතරයි. කියවන අක්කලා, නංගිලා සහ නැන්දලා , ආච්චිලා ඔක්කොම මේ විදිය සිද්ධි වලට ඕනෑ තරම් මුහුණ දීලා ඇති. සිද්ධි ගැන දිගින් දිගට කතා කරලා වැඩක් නැහැ මේවා නතර කරගන්න අපිටම කරන්න පුළුවන් දේවල් ටික බලමු. මගේ අත්දැකීම් අනුව මෙන්න මේවා තමා මේ විදිය අයියලා, මාමලා සහ සීයලාගෙන් බේරෙන්න කරන්න ඕනේ. කා ළඟ හරි තව ට්‍රිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් තියනවා නම් ප්‍රතිචාරයක් විදියට දාන්න හොඳේ.
බේරෙන විදි 1 : වටේ පිටේ ඉන්න අයගේ අවධානය තමන්ට සිදුවෙන අසාධාරණය වෙත යොමු කරවා ගැනීම
මෙහම කළාම ගොඩක් අයට ලජ්ජා හිතිලා වැඩේ නතර කරනවා, එහෙම නැත්තම් බස් එකෙන් බැහැලා යනවා.මගේ අත්දැකීම් අනුව මේක තමා සාර්ථකම ක්‍රමය. හැමෝටම ඇහෙන විදියට සද්දයක් දාන එක වගේ දේවල් මේ ක්‍රමයට අයිතියි. සමහර වෙලාවට කඩ්ඩෙන් සද්දයක් දැම්මම වැඩේ උඩින්ම ගොඩ.
බේරෙන විදි 2 : අතේ පයේ තියන දේවල් වලින් self - defense
උල් වෙච්ච සපත්තු අඩියක් හරි, හොඳට ඇනෙන කොන්ඩ කට්ටක් වගේ තියනවා නම් ඇති මේ වැඩේට. වැඩිය කට සද්දේ නැති, බය , අනෙක් අය ඉස්සරහා කතාකරන්න ලජ්ජා අයට තමා මේ ක්‍රමය. ආ තව උල් නියපොතු, ඒවත් පාවිච්චි කරන්න පුළුවන්.
බේරෙන විදි 3 : මාමා කරන දේ හැමෝටම පෙන්නීම
මේක අදාළ වෙන්නේ ඔඩොක්කුවේ බෑග් තියාගෙන යටින් සෙල්ලම් දාන අයට. බෑග් ටික එක පාරට අයින් කරන්න, අත ගන්න කියන්න. ගේම ක්ලෝස්. වැඩේ අතටම අහු වුනානේ. හැබැයි මේක ඉක්මනට කරන්න ඕනේ. නැත්තම් මාමා උඹට පිස්සුද කෙල්ලේ කියලා අහලා සුදනා වගේ පාඩුවේ ඉඳගෙන ඉදීවි.
බේරෙන විදි 4 : පැටිකිරිය ලොවට කියා සීට් එකෙන් නැගිටීම
කරන්නම දෙයක් නැත්තම් සීට් එකෙන් නැගිටින්න. වෙන තැනකට යන්න එපා, එතනම හිටගෙන ඉන්න. ළඟ ඉන්න අයට කියන්න මෙයත් එක්ක ඉඳගෙන ඉන්න බැහැ කියලා. ගැහැණු කෙනෙක් එතන ඉදගන්න යනවා නම් ඉදගන්න එපා කියන්න. සමහර විට අයියා කිසි වරදක් කලේ නැහැ වගේ ඉඳගෙන ඉන්න පුළුවන්. ඒ වගේම අපිට පිස්සු කියලා බනින්නත් පුළුවන්. ඇහුණේ නෑ වගේ ඉන්න. අයියා බනින්න වචනයක් කියන්න කට අරින අරින වාරයක් පාසා එයාගේ පැටිකිරිය හැමෝම දැන ගනීවි.බේරෙන විදි 5 : කොන්දොස්තර මහතාට පැමිණිලි කරන්න