Wednesday, July 27, 2011

බස්වල දී හමුවෙන අයියලා, මාමලා සහ සීයලා

පොඩි කාලේ නම් deeps ගමන් යන්නේ අම්මා එක්ක. එත් ටික ටික ලොකු වෙනකොට මම යන හැම තැනම ගෙදර කාටවත් පස්සෙන් එන්න බැරි නිසා පොඩ්ඩ පොඩ්ඩ පුරුදු වුණා තනියම දුර ගමන් යන්න.
ඒ විදියට තනියම ආපු පළවෙනි දුර ගමන කොළඹ සිට ගෙදරට. කටුබැද්දේ ඉගෙන ගන්න අය කිහිප දෙනෙක් දන්නවා මේ ගමන ගැන. සමහරු තාම විහිලුත් කරනවා ඒ ගැන මතක් කරලා. එදා නම් පොඩ්ඩක් බය හිතුනට දැන් නම් බය නැහැ ඕනේ තැනක තනියම යන්න. කොහෙහරි යන්න ඕනේ වුනොත් දැන් නම් මුලින්ම කරන්නේ ගූගල් සිතියමේ සහය අරගෙන යන පාර හොඳට බලාගන්න එක. ඊට පස්සේ යන්න ඕනේ පළාතේ කෙනෙක් මූණු පොතෙන්, ට්විටරෙන් හරි චැට් එකේ අල්ලාගෙන පාර අහන එක. ඒ පැත්තේ කවුරු හරි අඳුරන කෙනෙක් ඉන්නවා නම් කෝල් එකක් දෙනවා. මේ ඔක්කොම කරන්නේ සුදානමට. ඊටපස්සේ සැරින් සැරේ ජංගමේ ගූගල් සිතියම අධාරයෙන් පාර බලාගෙන යන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මගේ ජංගමේ GPS නැහැ. ඒ වුණාට ජංගම දුරකථන කුළුණු අධාරයෙන් ලස්සනට ඉන්න තැන සහ යන පාර පෙන්නනවා. කොළඹ රටේ නම් ඒ විදියට ලබා ගන්නා දත්ත සියයට 80 ක් විතරම නිවැරදියි.

පාර කෙසේ වෙතත් බස් එකේ තනියම යනකොට නම් විඳලා තියන අකරතැබ්බ බොහොමයි. අද ලිපිය මාත් ඇතුළු තවත් ගෑණු ළමයි විඳපු  අකරතැබ්බ සහ ඒවා විසඳගන්න ඒ වෙලාවේ කරපු දේවල්. මම දැකලා තියනවා සමහර ගෑණු ළමයි මේ වගේ දෙයක් වුනත් කරදරය විඳගෙන නිශ්ශබ්දව ඉන්නවා. ඒ අයට පොඩි ටිප්ස් සහ ට්‍රික්ස් ටිකක් දැනගන්න පුළුවන් වේවි ලිපිය කියවලා ඉවර වෙනකොට. අකරතැබ්බ නම් වෙන්නේ කවුරු නිසාද කියලා කියන්න ඕනේ නැහැනේ. පිරිමි මේ විදියට හැසිරෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙට නම් මට උත්තරයක්‌ දෙන්න අමාරුයි. හැබැයි කියවන අයියලා, මාමලා සහ සීයලාට කියන්න තියෙන්නේ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරනකොට මීට වඩා අනිත් අය ගැන හිතන්න කියලා.


1. අත් බැඳගෙන නිදාගන්න අයියලා.

මේ සිද්ධිය වෙන්නේ  2, 3 සීට් තියන කොළඹ කුරුණෑගල බස් එකක.දෙන්නෙක් ඉදගන්න සීට් එකේ කතා නායිකාව ඉඳලා තියෙන්නේ  ජනේලේ අයිනේ. එයාට  එහා පැත්තෙන් අයියා කෙනෙක්. මෙයා බස් එකට නැග්ග වෙලාවේ ඉදන් අත් බැඳගෙන ඉඳලා තියෙන්නේ. කොන්දොස්තර මහත්තයා ටිකට් වලට සල්ලි ගත්තා විතරයි මෙයා නිදිලු. අත් බැඳගෙන ඉන්නකොට එක අතක ඇඟිලි ටික අනිවාර්යෙන් එක අතකට යටින් නේ තියෙන්නේ. දන්නේ නැත්තම් වහාම අත් දෙක බැඳගෙන බලන්න. මේ අයියාගේ යට වෙලා තියෙන්නේ කතා නායිකාවගේ  පැත්තට තියන අතේ ඇඟිලි ටික. ටික වෙලාවකින් මෙයා නිදි. කතා නායිකාවට දැනෙනවලු  මනුස්සයා නිදි වුණාට ඇඟිලි වැඩ කරනවා. කරන්නම දෙයක් නැති නිසා අපේ වීරවරිය අත තියාගන  මේ අයියා ඉන්න පැත්තෙන්. දැන් මෙයා ඇයගේ  ඇඟ අල්ලන්න උත්සහ කළත්  අත නිසා වැඩේ කරන්න බැහැ. ඇය  හිතුවා දැන් මෙයාගේ වැඩේ නවතියි කියලා, මොකද ඇය එයාට චුටි විරෝධතාවයක් පෙන්නපු නිසා. එත් මනුස්සයා වැඩේ නතර කරලා  නැහැ.


දැන් දෙවැනි පියවර. මිනිහා හොඳටම නිදි. කතා නායිකාව නිදාගෙන හිටපු අයියට අතට පොඩ්ඩක් තට්ටු කළා ඇහැරවන්න. ඇහැරුනේ නැහැ. දෙවැනි පාර තව පොඩ්ඩක් හයියෙන් තට්ටුවක්. මෙන්න එතකොට අයියාට ඇහැරුණ.  වටා පිටාවේ හිටිය අයටත් එක්ක ඇහෙන්න ඇය කියලා  "අයියා නිදාගත්තට කමක් නැහැ, හැබැයි අත පය පොඩ්ඩක් තමන් ලඟින්ම තියාගෙන නිදාගන්න කියලා." ඒ පාර ඇස් වහගත්ත අයියා ආයේ ඇස් ඇරියේ කතා නායිකාව  බහින හරියේ දිලු.


2. වැලමිට නිකන් තියාගෙන ඉන්න බැරි මාමලා.

මෙයාව හම්බුනේ මට. දවසක් කොළඹ රටේ ෂොපින් පාරක් දාලා ගෙදර යන දවසක. මෙයා මුස්ලිම් මාමා කෙනෙක්. මම ජනේලේ අයිනේ, මෙයා මගේ අනිත් පැත්තේ. ටික වෙලාවක් යනකොට මෙයත් නිදි. හැබැයි මෙයාගේ වැලමිට මගේ පැත්තේ. එදා මගේ ළඟ තිබුනා ලොකු බෑග් එකක් ගත්ත බඩු ටික ඔක්කොම දාපු. ඉතින් ඔය බෑග් එක අරගෙන මම තියාගත්තා මගේ අර මනුස්සයයි, මායි අතරින් සීට් එකේ. මේ වැඩේ කරන එකත් පහසු වුනේ නැහැ. මුලින්ම මම පොඩ්ඩක් ජනේලේ පැත්තට වෙලා ලැබුණ ඉඩ පොඩ්ඩෙන් බෑග් එක තිබ්බා. පස්සේ ටික ටික බෑග් එක හොඳහැටි සීට් එක උඩ පැලපදියම් කරලා තියන්න පුළුවන් වුණා.බස් එක වංගුවක් ගන්නකොට දැන් මේ මාමා වැටෙන්න වගේ. මට තනියම හිනා, මට මොකෝ කියලා මාත් ඔහේ වට පිට බල බල ආවා. ටික වෙලාවකින් අරයා කියනවා බෑග් එක සීට් එකෙන් අයින් කරන්න කියලා.


ඔන්න ඉතින් මගේ චෑන්ස් එක. එයාටත් කියලා දුන්නා ඇයි බෑග් එක සීට් එකෙන් තියාගත්තේ කියලා වටේ පිටේ ඉන්න අයටත් ඇහෙන්න එක්කම.ඊට පස්සේ නම් වැලමිට එහෙ මෙහෙ දැඟලුවේ නැහැ.


3. හිටගෙන යන්න දන්නේ නැති සීයලා.

මේක වුනේ ඉස්කෝලේ කාලේ. ඒ කාලේ ඉස්කෝලේ ඇරිලා ගෙදර එන එක තරම් තව වදයක් නැහැ. ඔන්න මම බස් එකේ හිටගෙන. දෙපැත්තේ පෝලිම පිරිලා මැද පොලිමේත් මිනිස්සු. ඔහොම ඉන්න අතරේ මට දැනෙනවා කවුරු හරි ගෑණු ළමයෙක් දඟලනවා. විපරම් කලාම තමා වැඩේ තේරුනේ. සීයා කෙනෙක් හිටගෙන ඉන්න විදියට ගැහැණු ළමයෙක් අපහසු තාවයට පත් වෙලා. එයා එහෙට මෙහෙට දගලලා මනුස්සයාගෙන් ඈත් වෙන්න හදනවා. එත් සෙනග පිරුණ බස් එකේ කොච්චර දැගලුවත් එයාට අර සීයාගෙන් ඈත් වෙන්න නම් බැරි වුනා.  ටික වෙලාවකින් කවුරු හරි ඉංග්‍රීසියෙන් බනින සද්දයක්. අපේ රටේ බස් එකක ඉංග්‍රීසියෙන් කවුරු හරි කතා කරනවා කියන්නේ හැමෝගෙම අවධානය ගන්න පුළුවන් විදියක්නේ. බස් එකටම ඇහෙන්න ඉංග්‍රීසියෙන්  බැන්නම ඇයට අවශ්‍ය  වුන අවධානය ඉබේම ලැබුණා. මිනිහා ඊළඟ හෝල්ට් එකෙන් බැස්සා.




-----------------------------------------------------------------

මේ මම මුහුණ දීපු සිද්ධි 4 ක් විතරයි. කියවන අක්කලා, නංගිලා සහ නැන්දලා , ආච්චිලා ඔක්කොම මේ විදිය සිද්ධි වලට ඕනෑ තරම් මුහුණ දීලා ඇති. සිද්ධි ගැන දිගින් දිගට කතා කරලා වැඩක් නැහැ මේවා නතර කරගන්න අපිටම කරන්න පුළුවන් දේවල් ටික බලමු. මගේ අත්දැකීම් අනුව මෙන්න මේවා තමා මේ විදිය අයියලා, මාමලා සහ සීයලාගෙන් බේරෙන්න කරන්න ඕනේ. කා ළඟ හරි තව ට්‍රිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් තියනවා නම් ප්‍රතිචාරයක් විදියට දාන්න හොඳේ.


බේරෙන විදි 1 : වටේ පිටේ ඉන්න අයගේ අවධානය තමන්ට සිදුවෙන අසාධාරණය වෙත යොමු කරවා ගැනීම

මෙහම කළාම ගොඩක් අයට ලජ්ජා හිතිලා වැඩේ නතර කරනවා, එහෙම නැත්තම් බස් එකෙන් බැහැලා යනවා.මගේ අත්දැකීම් අනුව මේක තමා සාර්ථකම ක්‍රමය. හැමෝටම ඇහෙන විදියට සද්දයක් දාන එක වගේ දේවල් මේ ක්‍රමයට අයිතියි. සමහර වෙලාවට කඩ්ඩෙන් සද්දයක් දැම්මම වැඩේ උඩින්ම ගොඩ.

බේරෙන විදි 2 : අතේ පයේ තියන දේවල් වලින් self - defense

උල් වෙච්ච සපත්තු අඩියක් හරි, හොඳට ඇනෙන කොන්ඩ කට්ටක් වගේ තියනවා නම් ඇති මේ වැඩේට. වැඩිය කට සද්දේ නැති, බය , අනෙක් අය ඉස්සරහා කතාකරන්න ලජ්ජා අයට තමා මේ ක්‍රමය. ආ තව උල් නියපොතු, ඒවත් පාවිච්චි කරන්න පුළුවන්.

බේරෙන විදි 3 : මාමා කරන දේ හැමෝටම පෙන්නීම

මේක අදාළ වෙන්නේ ඔඩොක්කුවේ බෑග් තියාගෙන යටින් සෙල්ලම් දාන අයට. බෑග් ටික එක පාරට අයින් කරන්න, අත ගන්න කියන්න. ගේම ක්ලෝස්. වැඩේ අතටම අහු වුනානේ. හැබැයි මේක ඉක්මනට කරන්න ඕනේ. නැත්තම් මාමා උඹට පිස්සුද කෙල්ලේ කියලා අහලා සුදනා වගේ පාඩුවේ ඉඳගෙන ඉදීවි.

බේරෙන විදි 4 : පැටිකිරිය ලොවට කියා සීට් එකෙන් නැගිටීම

කරන්නම දෙයක් නැත්තම් සීට් එකෙන් නැගිටින්න. වෙන තැනකට යන්න එපා, එතනම හිටගෙන ඉන්න. ළඟ ඉන්න අයට කියන්න මෙයත් එක්ක ඉඳගෙන ඉන්න බැහැ කියලා. ගැහැණු කෙනෙක් එතන ඉදගන්න යනවා නම් ඉදගන්න එපා කියන්න. සමහර විට අයියා කිසි වරදක් කලේ නැහැ වගේ ඉඳගෙන ඉන්න පුළුවන්. ඒ වගේම අපිට පිස්සු කියලා බනින්නත් පුළුවන්. ඇහුණේ නෑ වගේ ඉන්න. අයියා බනින්න වචනයක් කියන්න කට අරින අරින වාරයක් පාසා එයාගේ පැටිකිරිය හැමෝම දැන ගනීවි.
බේරෙන විදි 5 : කොන්දොස්තර මහතාට පැමිණිලි කරන්න

මේ වැඩේ මම කරලා නැහැ. එත් සාර්ථක වේවි කියලා හිතනවා.

බේරෙන විදි 6 : සීයාගේ හැඳුනුම්පත් අංකය ඉල්ලන්න

ඔහු අහාවී ඒක මොකටද කියලා. කෙලින්ම කියන්න "ඔයා දැන් ඔය කරන දේට පැමිණිලි කරන්න" කියලා. එහෙම නැත්තම් කියන්න "ඔයා දැන් කරපු දේට දඬුවම් දෙන්න" කියලා. මනුස්සයා බය වෙන්න ඉඩ තියනවා. බය වුනොත් හරි. නැත්තම් වැඩක් නැහැ. ඒක නිසා තමයි මේ ක්‍රමේ අන්තිමට දැම්මේ. දැන් ආණ්ඩුවෙන් කියලා තියනවා බස් වල යනකොට මෙහෙම කරදර වුනොත් කෙලින්ම 011 7555 555 අංකයට කතා කරලා කියන්න කියලා. හැබැයි එහෙම කතා කරලා කිව්වට ඊට පස්සේ නම් මොනවා වෙනවද දන්නේ නැහැ.

බේරෙන විදි 7 : සහ වැදගත්ම දෙය බය නොවීම 
ඔය ජාතියේ අයියලා, මාමලා සහ සීයලා  ගොඩක් වෙලාවට උත්සහ කරනවා අපේ පිටම වරද පටවලා අපිටම ලජ්ජා කරන්න. අන්න ඒ වෙලාවට බය නොවී ඉන්න. බැන්නත්, ගැහුවත් රැවුවත් ආත්ම විශ්වාසයක් තමනට තියන බව ඔහුට පෙන්වන්න. මොනවා වුනත් ආත්ම විශ්වාසය තියන ගැහැණුන්ට පිරිමි බයයි ;)

16 comments:

  1. නියම ලිපියක් මේ දේවල් නම් අනන්තවත් වෙලා තියනව.

    ReplyDelete
  2. නියම ලිපියක් මේ දේවල් නම් අනන්තවත් වෙලා තියනව.

    ReplyDelete
  3. පොදු අත්දැකීමක්!

    ReplyDelete
  4. පත්තිනි අම්මලා සහ කතරගම දෙවිවරු !!! :P ඔක්කොම එකයි !!!

    ReplyDelete
  5. කියන්න තියන දේවල් ඔක්කොම කට්ටිය කියලනෙ. අක්ක (අක්ක වෙන්න ඇති කියල හිතනවා) ලියපු දේවල් නම් ඔක්කොම ඇත්ත. ඒකෙ කිසි කතන්දරයක් නෑ. හැබැයි පුලුවන් නම් ගෑනුන්ට කරදර කරන පිරිමි ගැන ලිව්ව වගේ පිරිමින්ට කියල බලෙන් කරදර කරගන්න ගෑනු ගැනත් ලියන්න. දන්නෙ නැත්තන් පොඩ්ඩක් හොයල හරි බලන්න. මොකද ඔය කාන්තා පාර්ශවේ සමහරු කියන තරම් අහිංසක නෑ. කීප දෙනක්ම ඒ ගැන මතක් කරලත් තිබුන නෙ. තව දෙයක් මමත් හොඳට දැකල තියනව, ඔය වැඩේට කැමැත්තෙන් ඉඩ දෙන්නෙ 35 - 40 විතර වයසෙ අය.  

    "ඉතිං වයසට ගිය නාකි කෙනෙක් මේ වගේ වැඩක් කළොත් අනිවාර්යෙන් කෙල්ලෙක්ගෙ
    කටින් ඔය වචනය පිට වෙනවා මයි. හැබැයි කෙල්ලෝ එහෙම කියන එකෙන් අදහස් කරන්නේ
    අපි කැමතියි කොල්ලෝ ජැක් ගහනවට කියන කතාව නෙවෙයි."

    ඔය අක්ක amila chathurangaට දීපු උත්තරේ කෑල්ලක්. ඒ කතාව සමහර වෙලාවට හරි ඇති. ඒත් හැමතිස්සෙම එහෙම නෑ. amila chathuranga කියපු දේ වෙන අවස්ථා ඕන තරම් තියනව. මමම දැකල තියනව වයසක කෙනෙක් හේත්තු වුනාම එලව ගෙන කොල්ලෙක් හේත්තු වුනාම කිසි සද්දයක් නැතුව ඉන්නෙ කෙල්ලො. අකමැති නම් කිසි කතාවක් නෑ කෙලින්ම ඒක පෙන්නන්න. හරි යන්නෙම නැත්තන් ටිකක් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න. කොල්ලන්ට කියන්න තියෙන්නෙ ඔහොම දෙයක් දැක්කම පැනල වීරය වෙලා සද්ද දාන්න යන්න එපා. පොඩ්ඩක් බලන්න කෙල්ල ඇත්තටම අකමැතිද කියල. නැත්තන් නෝන්ඩි වෙන්න වෙන්නෙ අන්තිමට කෙල්ල මුකුත් වුනේ නෑ කිව්වම. මම එහෙම කතා දෙක තුනක්ම අහල තියනව. "මොනවා වුනත් ගට තියන ගැහැණුන්ට පිරිමි බයයි ;)"

    වැරැද්දක් කරල නැත්තන් ගට නෙමෙයි මොනව තිබුනත් අපි නම් බය වෙන්නෙ නෑ. මම දෙන්නකුටම හොඳට කියල තියනව බොරුවට ඔරවන්න ඇවිත්.

    ReplyDelete
  6. ඔයා නම් ෂෝක් DEEPS

    ReplyDelete
  7. තවත් එකක්. අද මං තීරණේ කළා මීට පස්සෙ බස් එකේ යනකොට හෙල්මට් එකක් දාගෙන යන්න. මොකද එතකොට ඉස්සරහ සීට් එකේ වාඩිවෙන ඇන්ටිලාගෙ කොණ්ඩ වලිං තමංගෙ මූණ බේරගන්න පුළුවං.

    ReplyDelete
  8. මකුළු පැංචිJuly 31, 2011 at 1:54 AM

    deeps ගේ බ්ලොගය දිහා ආවේ අදමයි....නියම පෝස්ට් එකක්නෙ මුලින්ම කියවන්න ලැබුණේ.. :D
    මංචිනං ඕකට ඉස්සර ඉඳලම කරන්නේ එක දෙයයි...පන්ති යද්දි නිතරම පර්ස් එකේ හොඳට තුඩ තියෙන හැට්ටකට්ටක් ගෙනියනවා..කවුරු හරි වාතෙ වේගෙන එනව නම් ඒක එයාටම පේන්න අතට ගන්නවා...අරගෙන පොඩ්ඩක් ඔරවලා බැලුවම ගොඩක් වෙලාවට වැඩේ ඉබේම එතනින් නතර වෙනවා... එහෙමත් නතර නොවුනොත් ටික වෙලාවක් ඉවසල අනිනවා තරු විසික් වෙන්න.. :P

    ReplyDelete
  9. මංචි මාර වැඩනේ කරන්නේ :P 

    ReplyDelete
  10. මහසෝණා මහතාAugust 1, 2011 at 1:47 PM

    මම නම් ඕව්වට නෑ ඕං..!   


    "  මොනවා වුනත් ගට තියන ගැහැණුන්ට පිරිමි බයයි ;) "
    අපෙ අම්මට ඇරෙන්න මම වෙන කිසිම ගැහැණු කෙනෙකුට බය නෑ..  
    ගට නෙවේ  කණ පැලෙන්න දෙනවනේ..! :( හපෝ රිදෙනවා.. :'(

    ReplyDelete
  11. කියෙව්වෙ ටිකක් පරක්කුවෙලා. දවස් 2ක්ම ගියා කියවන්න වැඩත් එක්ක. :D කොහොම වුනත් ගොඩක්ම වැදගත් ලිපියක් . මෙහෙම දේවල් සාකජ්ජා කෙරෙනව අඩුයි ගොඩක්ම සමාජයෙ. මට තිබුනු ලොකුම හිසරදයක් ඕක ඉස්සර ඉස්කෝලෙ යනකොට. එපා වෙනව ඉතිං බස් දකින කොටත් සෙනග පිරුනු. ඒකට මං ගොඩක් පුරුදුවෙලා හිටියෙ උදෙන්ම යන්න. එතකොට සෙනග නෑනෙ වැඩිය.
    මේක මට වුනු සිද්ධියක්. දවසක් මායි මගෙ යාළුවයි බස් එකේ යද්දි මටත් වුනා ඔයවගේ සිද්දියක්. මට කේන්තියටත් එක්කම බැනගෙන බැනගෙන ගියා. යාලුවත් මට හවුල් වුනා. ඔක්කොම ටික අහන් ඉදල මේ මනුස්සය අහපි අපිට මේව ගෙදර තියලද එන්න කියන්නෙ කියල.. ....  මොනව කියන්නද ඉතිං අපි $^%#

    ReplyDelete
  12. ඔය දේ නවත්වන්න පුලුවන් ස්ත්‍රී පාර්ශවය ඒ අයගෙ අකැමත්ත හරියට පෙන්නනවා නම්,,,, ඒත් වැඩේ තියෙන්නේ ඒකට කැමති සමහර අයත් ඉන්න එකනෙ...
    දවසක් බස් එකේ සෙනග වෙලාවක මම girl කෙනෙක්ගෙ පිටිපස්සේ හිටියේ, එයාගෙ බෑග් එක පිටිපස්සට වෙන්න තිබ්බෙ, ඒත් ටිකකින් එයා බෑග් එක අයින් කලා.....
    ඔය වගේ සිද්දි මට ඕන තරම් වෙලා ඇති, ඒ වෙලාවට නම් මම බලෙන් අයින් වෙන්න උත්සහ කරලා නෑ.... ඒ වගේම බලෙන් කාටවත් කරදරයක් කරලත් නෑ....

    ReplyDelete
  13. ඔහ්හ් සැලරි !

    ReplyDelete
  14. ඔහොම අය නම් කාන්තා පාර්ශවේට මාර වාත තමා අක්කෙ.

    කාලයක් අපි ගම්පහ ක්ලාස් ගියා. අපේ පන්තියෙ ගෑණු ලමයි දෙන්නෙකුත් මාත් එක්කම ආව. දවසක් එක්කෙනෙක්ගෙ සාක්කුවකින් බෙදුම් කටුවක් එලියට පැනල. "ඇයි බං?" කියල ඇහුවහම කීවෙ "මයිකල් ****ලට" කියල

    ReplyDelete
  15. උබ කියන කතාව ඇත්තක් තියනවා මචෝ, මම jack  ගහල තියනවා. මම හිතන්නේ නෑ..
    ජීවිතේට jack එකක් නොගහපු කොල්ලෙක් මෙතන ඇති කියල.. එත් බලෙන් නම් ගහලා
    නෑ.. එපා නම එපා. එකයි අපේ theory එක. එත් මම මේ කියන කතාවත් ලදී වෙනස්
    උනා.. එකට හේතුව අපේ ගැණු දරුවා.. ඒ කිව්වේ මගේ girl .  එයාට පොඩි කලේ
    වෙච්ච සිද්දියක් කිව්වා. එක අහල මට ඇත්තටම දුක හිතුනා. අපි කැමැත්තෙන්
    ඉන්නවා කියල හිතන් ඉන්න ගොඩක් කට්ටිය එහෙම ඉන්නේ අසරන කමට, මොකුත් කරගන්න
    බැරි කමට කියල තේරුනේ එදා තමා.. ඊට පස්සේ මට හිත jack ගැහුවේ නෑ.. ඒ වගේ
    අවස්ථා වලින් පුළුවන් තරම් ඇත වෙලා හිටිය.. සෙනග අඩු බස් වල පුළුවන් තරම්
    ගිය.. දැනට නම් එහෙම අත්දැකීම් නැති තරම්..

    මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි කැමැත්තෙන් ඉන්නවා කියල හිතන ගොඩක්
    කට්ටිය ඇත්තට ඉන්නේ අසරන වෙලා වෙන දෙයක් කරන්න බයේ කියල ඔයාල හිතන්නේ නැතුව
    ඇති..!

    කරුණාකර jack එකක් ගහන්න කලින් පොඩ්ඩක් එකත් හිතන්න.. විශේෂයෙන් ගැණු ළමයි..

    ReplyDelete