Wednesday, August 17, 2011

Facebook login approvals disable වුනොත් ආපහු enable කරන්නේ මෙහෙමයි

සමාවෙන්න මේ දවස් වල දිගටම Facebook ගැන ලිපි දානවට. එත් ඉතිං Facebook අපිට කරන දේවල් නිසා ලියන්නම වෙනවා.

අද කතාව මගේ යාලුවෙක්ට වුන දෙයක්. එයාගේ ගැටලුව මේකයි.


"මම  Facebook login approvals enable කරලා තිබ්බේ. ඊයේ වැරදිලා මගේ අතින් ඒක disable වුණා. දැන් ආයේ මට ඒක enable කරන්න බෑ"

Facebook login approvals කියන්නේ අපි හඳුනා නොගත් පරිගණකයකින් හෝ වෙන කිසියම් උපකරණයක් භාවිත කරලා අපේ මුණු පොතට ඇතුල් වෙන්න කවුරු හරි උත්සහ කලොත් අපේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් එවන සේවාවක්. ඒ කෙටි පණිවිඩයේ සඳහන් රහස්‍ය සංකේතය අදාළ උපකරණයට ඇතුල් කලොත් විතරයි අපේ facebook ගිණුමට log වෙන්න පුළුවන්. තාම මේක enable කරලා නැත්තම් මෙතනට ගිහින් enable කරන්න. Facebook ආරක්ෂාව සඳහා මෙය ඉතාම වැදගත් සේවාවක්.

දැන් ආයෙත් යාළුවගේ ප්‍රශ්නෙට.

මේ සේවාව enable කරන්න කියලා අපි කිව්ව ගමන් Facebook පහත දැක්වෙන ආකාරයේ pop-up window  එකක් පෙන්වනවා. අපේ දුරකතනයට එන රහස්‍ය කේතය එතනට ඇතුල් කලාම හරි.

1 රූපය 

රහස්‍ය සංකේතය හරි නම් ඊට පස්සේ මෙන්න මේ විදිය pop-up  එකක් පෙන්නවා.
2 රූපය

ඕක close කළාම හරි නම් පෙන්නන්න ඕනේ මේ විදියට

3 රූපය

නමුත් මගේ යාළුවගේ පෙන්නේ මෙහෙම

4 රූපය

දෙපාරක් තුන් පාරක් නෙවේ දහ පාරක් කලත් මෙහෙමයි. ජාලේ පොඩ්ඩක් කරක් ගහනකොට හොයාගන්න පුළුවන් වුණා විසඳුම. කරන්න ඕනේ මෙහෙමයි.

2 වැනි රූපයට ආවම එකේ තියන close බොත්තම ඔබන්නේ නැතිව ඒ වෙලාවේ address bar එකේ තියන ලිපිනය copy කරගෙන වෙනත් tab එකකට paste කරන්න.


5 රූපය

copy කරගත්ත address එක වෙන tab එකක open කළාම මේ විදියට පෙනේවි.

6 රූපය


දැන් වැඩේ හරි. කලින් tab එක, ඒ කිව්වේ අපි address එක කොපි කරගත්ත tab එක (5 රූපය) close කරලා දාන්න.

ඔබේ වම් අත පැත්තේ තියන security settings උඩ දැන් click කරන්න. එතකොට පෙනේවි මේ විදියට.
7 රූපය

Login approvals re-enable වෙලා. අනේ මන්දා ළඟකදී ඉඳලා Facebook පිස්සු නටනවා වැඩියි, මොනවා වේගන එනවද මන්දා.


30 comments:

Prasanna Karunarathna said...

නියමයි... මේවා ඒනේ වෙන්නේ ඇනගත්තමනේ... එතකොට තැන තැන වල හොයන්නේ නැතුව කෙලින්ම ඩීප්ස්ව බලන්න දුවගෙන ආවනම් වැඩේ ගොඩ... තේරෙන සිංහලෙන්ම තියෙනවනේ.

budhajeewa said...

මට පේන්නෙ close බටොං එක කික් කොලාම සේව් වෙන්නැති සීන් එකක් තියෙන්නේ. මාක් අයිය හදාවි ඕක මයෙ හිතේ.

DarshanaWimukthi said...

මට නම් තාම ඕක වෙලා නැහැ..

උනොත් හදාගන්න දැනගෙන ඉන්න එපැයි.කිව්වට තෑන්ක්ස්..

deeps said...

ඉතිං මලේ මම ඔය ෆෝරම් අස්සේ බඩ ගගා ඉන්නකොට දැක්කා මේ අවුල දැන් අවුරුද්දක් එපිට අයටත් තිබිලා තියනවා කියලා...අවුරුද්දක් ගතවෙලත් සුකර අය්යා මේක දැකලා නැද්ද? :O

deeps said...

අන්න හරි, ගැටළු ඇත්නම් මෙන්න එන්න තැන...නොමිලේ උපදෙස්...ගාස්තු රහිතයි :P 

deeps said...

:)

budhajeewa said...

හෑහ්... මම හිතුවෙ account settings area එක ළඟදි redesign කළාට පස්සෙ ආපු සීන් එකක් කියලා! මාර වැඩේ.

Indika27 said...

වැදගත් වෙන්න ඇති...ඒත් ඉතින් සිරාවට නැතුව ජොලියට විතරක් සෝසල් නෙට්වර්ක් යූස් කරන එක තමා හොඳ...

මධුරංග said...

මම නම් ඔය ගැන ඇහුවෙත් අදමයි. මාත් එනේබල් කරන්න ඕනා.
ගොඩක් වටින කියන පෝස්ට් එක නංගි !!!!

chari said...

yaa faceboook eaka ta podak pissu hadila thamai... simple nee google+ nikamma promote wenawa facebook pissu kelina kota. like Hi5 dala facebook awa .. dan facebook dala g+ :D
bdw thnks Dilly nice post

Tharindu Darshana (Wikiya) said...

එල එල....තුති :)

රත්ගමයා මහතා said...

කලින්ම හදලා තිබ්බ නිසා අවුලක් නෑ :)

änthräX . said...

disable උනොත් හදාගන්න enable කරගන තියෙන්නෙපෑ. ඔන්න දැනුයි හදාගත්තෙ :)

Ishan Sankalpa said...

එල එල ...............

රසික දිසානායක said...

Saturday mage phone eka remove karala mama danneth nethiwa thawa podden account eka disable karanawa login security code eka denna widihak nethiwa :(  hoda welawata phone eka add karala thibbe recognized device ekak widihata neththan FB ne aye :(

deeps said...

හ්ම්ම් ජොලියට කිව්වේ? සෝෂල් නෙට් වර්ක් කියන්නේ මට නම් නිවුස් අහන විදියක්, වැඩ කරන අය එක්ක කතා කරන්න තියන පහසු තැනක්, ඕපා දුප හොයන තැනක්..මගේ ප්‍රතිපත්තිය නම් හැම දෙයකින්ම ගන්න තියන උපරිම ප්‍රයෝජනේ ගන්න එක... 

deeps said...

ඔව් අයියේ...enable කරන්න...

deeps said...

Dilly?? :O

anyways, you got a nice point :D

deeps said...

එල 

deeps said...

disable කරන්න නම් එපා ආයේ :P

deeps said...

You are welcome buddy

deeps said...

මෙයාටත් වෙන වැඩ...හැබැයි එහෙම කියලා FB නැති වෙන්නේ නැහැ පොඩ්ඩක් මේක කියවලා බලන්න යාලුවෝ හරහා Facebook account එකට  access regain කරගන්න පුළුවන් https://www.facebook.com/help/?page=18889

Anonymous said...

Thank You for being the member of this website. Please allow me to have the chance to express my satisfaction with HostGator web hosting. They have professional and instant support and they also offering many [url=http://adf.ly/213105/thankyou-hostgator ]Host gator coupons[/url].

I like Hostgator hosting, You will too.

http://www.limaria.net/forum2/index.php?action=profile;u=7566

Ashan Jayasekara said...

Thanx this is very useful to me.

Dude said...

Deeps ස්තුතියි පෝස්ට් එකට. මටත් තියෙනවා දෙයක් අහන්න. මොකද Deeps මේ ෆීල්ඩ් එක ගැන සෑහෙනෙ ලියලා තියන නිසා. යාහූ මෙසෙන්ජර් එකේ ටයිප් කරලා සෙන්ඩ් කලාම අකුරු නොපෙනි යන්නෙ ඇයි කියලා දන්නවද? ඒ වගෙම ඉන්කමිනුත් නෑ. ආයෙ ඉන්ස්ටෝල් කලත් ඒ සින්දුවමයි. මොකද එහෙම වෙන්නෙ?

deeps said...

මේ වැඩේ කරලා බලන්න http://paparanku.blogspot.com/2011/06/yahoo-messenger-blank-text-on-chat.html

deeps said...

you are welcome!

Dude said...

ඔයා නම් ජීනියස් කෙනෙක් කියලා මම පිළිගන්නවා. මම එතෙන්ට ගියා. වැඩෙත් කරගත්තා. දැන් යාහූ වැඩ. ඔයාට බොහෝ......ම ස්තුතියි. කවදාවත් කස්ටමර් සර්විස් එකකින් ඔය වාගෙ වැඩක් ඔච්චර ඉක්මනට කරගන්න බැහැ.

Anonymous said...

Good day! I know this is somewhat off topic but I was wondering if you knew where I could get a captcha plugin for my comment form? I'm using the same blog platform as yours and I'm having difficulty finding one? Thanks a lot!

deeps said...

 you are welcome! මම ජීනියස් කෙනෙක් නෙවෙයි..ගුගල් කළාම උත්තරේ හම්බුනේ ;)