සිංහලෙන් ලියන්න හිතුවෙ හොදට පැහැදිලි කරන්න පුලුවන් නිසා.මුලින්ම කියන්න ඕනේ මේක අමාරු වැඩක් නෙවෙයි.
හැබැයි පූසෝ ඉන්නව නම් ටිකක් අමාරුයි. කිරි සුවද එනකොට කට්ටිය එක එක ජාතියෙ මූනු දාල (රූප බලල හිතාගන්න ) හදන්නත් කලින් අයිස් ක්‍රිම් කන්න එනවා.මම ඉතින් එක්කෙනෙක් වහල උඩට දාල අනික් එක්කෙනා එලියට දාල දොර වැහුවා
*කිරි පිටි පුරවපු කෝප්ප 1යි (රත්ති වගේ නම් ගොඩක් හොදයි.මොනවා හරි උකු කිරි පිටි ජාතියක්. ටින් කිරි වලින් හදන්න පුලුවන්ලු. එත් මම නම් හදල නෑ)
*සීනි කෝප්ප 3/4
*ජෙලටින් තේ හැදි 1
*උණු වතුර කෝප්ප 1
*ඇල් වතුර කෝප්ප1
*කැමති නම් රස කාරක/ වර්ණක
හදන හැටි
මුලින්ම ජෙලටින් තේ හැන්දක් වීදුරුවකට දාලා, ඒකට ඇල් වතුර තේ හැදි 4 ක් දාල පෙගෙන්න තියන්න.
ඊට පස්සේ සිනි ටිකයි කිරි පිටි ටිකයි හොදට කලවම් කරල උනු වතුර කෝප්පෙන් ටිකක් එකතු කරලා දිය කර ගන්න.
මිශ්‍රණය වෙන භාජනයකට පෙරා ගන්න.
.jpg)
ඉතිරි ඇල් වතුර ටික ජෙලටින් එකට දල හොදට මිශ්‍ර කරගන පෙරලා කිරි මිශ්‍රනයටම දාගන්න.(පෙගෙන්න තිබ්බ ජෙලටින් ටිකට කැමති නම් රසකාරක/ වර්ණකාරක එකතු කරන්න)
කිරි සහ ජෙලටින් හොදට මිශ්‍ර කරගන්න.උණු වතුර ඉතිරි වෙලා තියනව නම් එවත් මේ මිශ්‍රනයට දාන්න
.jpg)
කිරි සහ ජෙලටින් හොදට මිශ්‍ර කරගන්න.උණු වතුර ඉතිරි වෙලා තියනව නම් එවත් මේ මිශ්‍රනයට දාන්න
.jpg)
මිශ්‍රණය අධි ශීතකරණයේ තබන්න.(මම ලීටර් 4ක් හැදුවා. ඝන වෙන එක ඉක්මන් කරන්න ඔනේ නිසයි පොඩි පොඩි භාජන 4කට දාල ශීතකරනයේ තිබ්බේ)
.jpg)
පැය බාගයක් වි තර යනකොට මිශ්‍රනයෙන් වායු බුබුල් එලියට එන්න ගන්නවා.එතකොට බීට් කරන එක නවත්තලා පුලුවන් ඉක්මනට ආයෙත් අධි ශීතකරණයට දාන්න
.jpg)
.jpg)
මිශ්‍රනය හොදටම ඝන වෙනකන් තියලා ශීතකරනයෙන් එලියට ගන්න. භාජනයේ ඇතුලෙ තියා ගෙනම මිශ්‍රනය කෑලි වලට වෙන් කරන්න. හයිය හැන්දක් වගෙ එකක් හොයා ගත්තොත් වැඩේ ගොඩ.
පැය බාගයක් වි තර යනකොට මිශ්‍රනයෙන් වායු බුබුල් එලියට එන්න ගන්නවා.එතකොට බීට් කරන එක නවත්තලා පුලුවන් ඉක්මනට ආයෙත් අධි ශීතකරණයට දාන්න
.jpg)
පැය දෙකක් විතර අධි ශීතකරණයේ තිබුනම කඩේ තියන එවා වගේ පදම හරි යනවා.එතකොට ඉතින් කන්න තමා තියෙන්නෙ.
හැබැයි කඩෙන් ගෙනාව වගේ නෙවේ. ගෙදර අයිස් ක්‍රීම් හදනකොට හරි ජොලි.තමන්ට ඕනේ විදියට හදාගන්න පුලුවන්. වියදමත් අඩුයි.
බලන්න , කිරි advertisement වල ඉන්න පොඩි එව්න් වගෙ මෙයා මගේ අයිස් ක්‍රීම් කෑවේ
අවුරුදු ගානක ඉදල පාවිච්චි කරපු වට්ටෝරුවක් නිසා වරදින්න විදියක් නෑ.හදල බලන්න.ඒ වගේම තව මොනව හරි දැන ගන්න ඔනෙ නම් කමෙන්ට් එකක් දාන්න.