Saturday, September 26, 2009
මා අලයෙක්මි, සමහරුන්ගේ භාෂාවෙන් කියන්නේ නම් අලිච්චියෙක්මි. උසස් පෙළ පන්තියේ සිටම අල මිතුරු මිතුරියන් ඇසුරු කල නිසාත් නවක වදයට මුල සිටම විරුද්ධ වීමත් නිසා එක හිතින්ම අලයෙක් වීමි.පාසල් කාලයේ සිටම අල වීමේ අභියෝගය ගැන අසා තිබුණු නිසාත්, අල නොවී නොසිටීමට සමහරුන් විදිනා දුක ගැන දැන සිටි නිසාත් දෙවරක් නොහිතා පේරාදෙණියට පය තැබූ පලමු දිනයේ සිටම නවක වදයට විරුද්ධ සිසු සිසුවියන් සමඟ කල් ගත කළෙමි. දැන් වසරක් ගතවී ඇත. බොහෝ දේ වෙනස් වී ඇත. බොහෝ අත් දැකීම ලබා ඇත.එබැවින් ඇන්ටි - රැග් ජීවිතය ගැන ලිවීමට සුදුසු මොහොත මෙය බව සලකමි.නවක වදයට අමතරව රැග් වන හා රැග් නොවන සිසුන් අතර මාදුටු පළමු වෙනස නම් රැග් වන සිසුන් පළමු දින කිහිපය තුළ පුස්තකාලයට නොපැමිනීපයි. පසුව එය සිදු වූයේ ඔවුන්ගේ වැඩිහිටි සිසුන්ගේ නියමයකින් වූ බව දැන ගත්තෙමි. නවකයන්ට පුස්තකාලය තහනම් කිරීමෙන් ඔවුන් කුමක් බලාපොරොත්තු වූවා දැයි නොදනිමි. එම තීරණය කෙතරම් බුද්ධි ගෝචර තීරණයක් දැයි වටහා ගැනීම ඔබට අයිතිය.
එය පටන් ගන්නේ එතැනින්ද නැද්ද යන වග මම නොදනිමි නමුත්, එයින් පසු සිදුවන විවිධාකාර බහු බූත වැඩ ඕනෑ තරම් ඇති බව බ්ලොග් කියවන ඔබට අමුතුවෙන් කිව යුතු නැත.මේ පිලිබඳව මෑත කාලයේ පේරාදෙණියේ සිට ලිය වුනු ලිපි ලෙස චමිතගේ හා මකරාගේ ලිපි පෙන්වා දිය හැක. රැගේ වැදගත් කම හා එහි ඇති සදාචාර සම්පන්න බව චමිතගේ ලිපියට ලැබී ඇති ප්‍රතිචාර වලින් පැහැදිලිව පෙනෙන නිසා ඒ ගැන නැවතත් ලිවීම වැඩකට නැති ක්‍රියාවක් බැව් සිතමි. එබැවින් රැග් නොවීම පිලිබඳව සමාජයේ ඇති දුර්මත කිහිපයක් සාකච්ඡා කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමි.
බොහෝ දෙනෙක් සිතා සිටින්නේ අලයන් යනු කාරයෙන් බැස දේශන ශාලාවට විත් දේශකවරයා පැමිනෙන තුරු ඒරොප්පේ නළු නිළියන් ගැන කඩ්ඩෙන් කොටන පිරිසක් බවයි.විශේෂයෙන් කලා පීඨයේ බොහෝ අලයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන සිසු පිරිසක් වීම මෙයට හේතුවක් වීමට පිළිවෙන.නැත එසේ නැත.මේ වසරේද සිංහල මාධ්‍යයෙන් වැඩ කරනා සිසු සිසුවියන් පිරිසක් අප සමඟ එක් වී ඇත.එසේම මා සමඟ සිටින ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන බොහෝ මිතුරු මිතුරියන් ද සාමාන්‍ය පවුලක ඉපිද, වෙහෙස මහන්සියෙන් ඉගෙන ගෙන, දහසක් පැතුම් පොදි ගහගෙන ඔබ මෙන්ම සරසවියට ආ සිසු සිසුවියන් බව රහසක් නොවේ.අපගේ දෙමාපියන් ලක්ෂපතියන් නොවේ, අපගේ නිවාස මාලිඟා නොවේ.කෙටියෙන් කිවහොත් ඔබද අපද සරසවි සිසුවෝ වෙමු.
නමුදු ඔබ හා අප අතර ඇති වෙනස රැගය.. අප රැගට විරුද්ධ වීම නිසා අපි ඇන්ටි රැග් හෙවත් අලයෝ වෙමු.බොහෝ විට රැග් නොවීම / අල වීම තමන්ගේ කැමැත්ත උඩ ගන්නා තීරණයක් බැවින් හා එක් එක් පුද්ගලයාගේ චින්තනය අනුව තීරණය වෙනස් විය හැකි බැවින් තීරණය ගැනීම ඔබට බාර කරමි.
රැග් වීමේ මූලික අභිප්‍රාය ලෙස බහුතරයක් දකින්නේ බැච් ෆිට් එක ඇති කර ගැනීමය, ඔවුන් පවසන ආකාරයට රැග් නොවූ විට සරසවියේ කිසිම දෙයකට සහභාගී විය නොහැකිය.
බැච් ෆිට් එක යනු කරදරයක් සිදු වූ විට එකට සිටීමයි. මළ ගෙදරක් සිදුවූ විට සැවොම එකා මෙන් ඒ සඳහා උදව් කිරීමයි. කෙටියෙන් කිවොත් අර වටු කුරුළු රංචුව මෙන් එකට පියාඹා ගොස් වැද්දාට පාඩමක් ඉගැන්වීමයි.සැවොම එකා මෙන් සිටීමයි. අප අතරද බැච් ෆිට් එකක් ඇත. එසේම ප්‍රශ්ණ, ගැටලු පැන නගින අවස්ථාද නැතුවාම නොවේ, මන්ද අප සියලු දෙනාම රාග, මෝහ දුරු කොට රහත් වී සරසවියට නොපැමිණි නිසා වෙනි. අනෙක් අතට,අනෙකාට උදව් කිරීම අපගේ ලේ මස් වල කිඳා බැස ඇති ශ්‍රී ලාංකික ගතියක් නිසා අල වුනත් වල වුනත් කරදරයක් වූ විට අනෙකාගේ උදව් වචනයකින් හෝ අපට ලැබේ.එය හොඳටම ඇතිය. නමුත් අලයන් සුලුතරයක් නිසා ඔවුන්ට කරදරයකදී පිහිට වීමට සිටිනා පිරිස අඩු බව රැගට පක්ශපාතී පිරිස් පවසනු නියතය. එය සැබෑවකි. 600, 700ක සිසු පිරිසකට සාපේක්ශව 100ක් 150ක් යනු ඉතාම සුලු පිරිසක් බව මා පිළිගනිමි. මූණු පොතේ 1000ක් හමාරක් වන මිතුරු මිතුරියන්ගෙන් ඔබේ සැබෑ මිතුරන් සිටින්නේ කීයෙන් කීදෙනාද? ඔබගෙන් ඒ පිළිබඳව මට ඇසීමට ඇත්තේ එපමණකි.
උඹලා අල වුනොත් මෙකේ කිසිම දේකට සහභාගී වෙන්න බෑ...නවකයන්ගේ ඔලුවට කාවද්දන තවත් අදහසකි ඒ. කතාව 50% නිවැරදිය. මන්ද අලයන්ට කළා උළෙලට,උද්ගෝෂණ වලට සහ මෙකී නොකී තවත් දේ වලට සහභාගී වීමට නොහැකිය. පාසලදී එවැනි කටයුතු වලට නිතරම සහය දුන් ලේඛිකාවට එය දරා ගත නොහැකි දුකක් වුවද අලයන්ටම වෙන් වූ නාට්‍ය තරඟ, සංගීත සහ වෙනත් වැඩසටහන් තිබෙන බවක් දැන ගැනීමෙන් පසු දුක තුනී වූ බව මහත් සතුටින් පවසමි. වල සතිය සංවිධානය කිරීමේ කටයුතු සඳහා සහභාගී වීමට නොහැකි වුවත් වල සතිය බැලීමට අපට පුලුවන.
නමුත් අප කවදාවත් වල සතිය, කළා උලෙල හෝ, ඔවුන්ගේ කිසිම උත්සවයක් "අල" කිරීමට උත්සහ දරා නැත. එසේම ඉදිරියේදී එසේ වෙන්නේද නැත. නමුත් නවක වදයට විරුද්ධ සුලු පිරිස සංවිධානය කරන වැඩසටහන් නරඹා නතර නොවී ඒවා "අල" කිරීමට කිසිවෙක් සැරසෙන්නේ නම් එය අති නින්දිත කාරණයකි.
අලයන් අපේ වැඩවලට හොට දැමීමට කවදාවත් නො එන්නේ ඔවුන් අපට බය නිසා බව රැගර්ලා සමහර විට පවසනු බැරි නැත. කතාව ඇත්තය. කවුරු කෙසේ කීවත් මම නම් ඔවුන්ගේ වැඩ වලට බිය බව නොසඟවා පවසමි. ඔවුන්ගේ කතාවලට, බැල්මට සහ වැඩ වලට ඕනෑ තරම් ඇඟේ මයිල් කෙලින් වී ඇත.නමුදු අල අයියා / අක්කා කෙනෙක්ගේ බැල්මට,කතාවට හෝ වැඩ වලට බිය වූ එකදු නංගී/ මල්ලී කෙනෙක් නැත. ඒ අලයන්ට නවකයන් මිතුරු මිතුරියන් ලෙස පෙනීම නිසාය. එසේම අලයන්ට රැග් වන නංගිලා මල්ලිලා වහ කදුරු මෙන් තිත්ත නැත.එනිසා, මල් සතියේදීත්, ඉන් පසුවත් අලයෙක්ගේ කටින් කිසිම නවකයෙක් අරභයා කුණුහරුපයක් කිසිදා කියවෙන්නේ නැත. එසේම නවකයන් ලවා කුණු හරුප කියවන්නේද නැත.පළවන වසරේදී අපට ඉගැන් වීමට නොහැකි වූ කුණු හරුප වල තේරුම දෙවන වසරේදී කියාදෙන්නට උත්සහ ගන්නේද නැත.පාසලේදී එක බත් පත බෙදාගෙන කා,වැරදි කොට එකට කොරිඩෝවේ දණ ගැසූ යෙහෙළියන් ලවා අපගේ මිතුරන්ට තිත්ත කුණුහරුපෙන් බැණ වදින්නේද නැත.
වහෙන් ඔරෝ භාෂාවෙන් කියූ විට සමහරුන්ට නොතේරෙන නිසා සුද්ද සිංහලෙන්ම එදින සිදුවූ දේ කිව යුතු යැයි හැඟේ. මෙම ලිපිය නිසා මගේ බ්ලොග් සටහන සින්ඩියෙන්ද ඉවත් වීමට ඉඩ ඇති නමුත් කිව යුතු දේ කිව යුතුය.
එදින සදුදාවකි. රැග් නොවන මාගේ මිතුරියන් 5-10ක් පමණ හා එක් මිතුරෙක් විශ්ව විද්‍යාලයට පැමිණියේ එදා විශේෂ ප්‍රවේශය යටතේ සිසුන් ඇතුළත් කරගන්නා දිනය වූ බැවින්ම පමණක් නොවේ, දෙවන වර උසස් පෙළට මුහුණ දී සරසවි වරම් ලබා ගත් අපගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක්ද එදා පැමිණීමට නියමිතව තිබූ බැවිනි. උසස් පෙළ උපකාරක පන්තියකදී මුණ ගැසුනු මිතුරියක මට අවුරුදු දෙකකට පමණ පසුව මුණ ගැසුණි.අවුරුදු ගණනකට පසුව ඇයගේ මව හා පියාද මුණ ගැසුණු නිසා සුහදව ඔවුන් සමග කතා කලෙමි.ටික වේලාකින් මාගේ මිතුරියන් දෙදෙනෙක්ද එතැනට පැමිණි නිසා දෙමාපියන් මදකට ඉවතට ගියේ අපට ඕනෑ දෙයක් ඕනෑ ආකාරයකට කතා කරගැනීමට නිදහස ලබා දෙමිනි.විනාඩි දහයක් ගතවන්නට ඉඩ ලැබුනේ නැත.
දෙවන වසර සිසු සිසුවියන් පිරිසක් රුදුරු ඇස් දල්වා අප වටකරගත්හ. ඇඟේ මයිල් කෙලින් වූයේ ඔවුන් ගේ හැටි දන්නා නිසාවෙනි.
එනපොට හොඳ නැති බව තේරුණු නිසා නවක සිසුවියගේ දෙමාපියන් නැවත අප අසලට කැඳවා ඔවුන්ට නිවෙස් බලා යෑමට කීවෙමු. ඔවුන් විශ්ව විද්‍යාලයෙන් පිට වන තුරු එක්තරා ශිෂ්‍ය කණ්ඩායමක් ඔවුන් පසුපසින් පැමිණි බව පසු දිනක ඈ මට පැවසීය. සමහර විට ඒ ඇය නැවතත් රැග් නොවන සිසු සිසුවියන් සමඟ කතා කරනවාද යන්න නිරීක්ෂණය කිරීමට විය හැක.
අප ශිෂ්‍ය සංගම්වල ඉදිරි සාමාජික සංඛ්‍යාව අඩු කිරීමට උත්සහ කරන බව සමහර විට ඔවුන් සිතීමට පුලුවන. ඇන්ටි-රැග් වූ විට ශිෂ්‍ය සංගම් වල සාමාජිකත්වය අහිමි වන බව ඇත්තය. නමුත් අප කවදාවත් නවකයන් පසු පස ගොස් ඇන්ටි - රැග් වීමට බල කර නැත.එසේම රැග් වන නවකයන් කෙරෙහි අපගේ තරහක්ද නැත මන්ද එය ඔවුන්ගේ කැමැත්ත අනුව / රැග් වන අයියලා අක්කලාගේ බලපෑම මත තීරණය වන දෙයක් නිසාවෙනි.
නැවතත් කතාවට.
නවක සිසුවිය පිටවී ගිය පසු මගේ මිතුරෙක් මා සිටි තැනට පැමිණියේ ඒ වනවිට මා වටකරගෙන සිටි සිසු සිසුවියන්ගේ මුහුණු වල හැගීම් එතරම් දරුණු වූ නිසාවෙනි.ඔහු සමඟ මා එම සිසු සිසුවියන්ගෙන් ඈතට ආවෙමි. එසේ පැමිනෙණ විට විට එක් ශිෂ්‍යාවක් "ආ දැන් වැඩේ හරි කියලද හිතං ඉන්නේ" යැයි ඇසුවේ මන්ද කියා මට තාම සිතාගත නොහැක. මා කලේ මාගේ මිතුරියක් සමඟ කතා කිරීම පමණක් බැවින් ගත හැකි එකම තීරණය නම් නවක සිසුන් සමග කතා කිරීම ඇන්ටි- රැග් සිසු සිසුවියන්ට තහනම් බවයි.නමුත් එසේ නීතියක් නම් විශ්ව විද්‍යාලීය නීති පද්ධතියේ මා දන්නා තරමින් ඇතුලත් වී නොමැත.
ඉන්පසු අප සෙනෙට් සභාව යට වාඩිවී කතා කරමින් සිටියෙමු. එයද තහනම් බව මා එදා දැනගත්තෙමි.
ටික වේලාවක් ගතවන විට ටිකින් ටික අප සිටි තැනට පෙර මා වට කරගත් සිසු සිසුවියන් පිරිස ළංවිය.අප ඔවුන්ව නොසළකා සිටින බව වැටහුණු විට ඔවුන් කලේ අපගේ අවධානය ඔවුන් වෙත යොමු කරගැනීමට කුණුහරුප යොදා ගැනීමයි.අමුතිත්ත කුණුහරුප කීවද අප ඒවා එක් කණකින් අසා අනික් කණින් පිටකිරීම ඔවුන්ට දරාගත නොහැකි බව පසක් වුයේ ඉන්පසු එක් එක් සිසුවියට පෞද්ගලිකව අපහාස කිරීමෙනි.
රූමත් සිසුවියෙක් දෙස බැලූ එක් ජෙය්ශ්ඨ උතුමකු "උඹේ හම සුදු වුනාට වැඩක් නෑ තන් පොඩියි. උඹලාගේ කොල්ලෝ දන්නේ නෑ ඕවා ලොකු කරල හදලා ගන්න. වරෙන් අපි හදලා දෙන්නම්" යැවි පැවසීම කෙතරම් උත්තම කමක්දැයි තෝරා බේරා ගැනීම කියවන ඔබට භාර කරමි.එසේම "උඹලා අරූට විතරක් පෙන්නනවා නම් අපි බැලුවාම මොකද" කියා අප ඉදගෙන සිටින විට අපට පිටිපසින් පැමිණ සිටගෙන අපගේ පපු ප්‍රදේශය දෙස බලන උතුමන් සමග පෙම් සබදතාවක් ආරම්භ කිරීම පිලිබඳව දෙවරක් සිතා බලන මෙන් ආදරණීය සහෝදරියන්ගෙන් ඉල්ලාසිටිමි.
සිසුවන් මෙසේ අපට අපහාස කරද්දී සිසුවියන් අප සමග සිටි මිතුරාටද මෙසේ අපහාස කර ඇති බැව් දැන ගත්තෙමි. ඔහුට එම උත්තමාවියන් පැවසූ වදන් බ්ලොග් සටහනේ යෙදීමට කෙසේවත් සුදුසු නොවන නිසා නොලියමි.
සියලුම කුණුහරුප පවසා අවසාන වන තුරු නිශ්ශබ්දව සිටි ඔවුන් අපෙන් ඇසූ ඊලඟ ප්‍රශ්ණය
"උඹලට අපි කියපුවා තේරුනාද?"
අපගේ පිළිතුර "නිශ්ශ්බ්ද තාවය"
නිශ්ශබ්දතාවයට ඔවුන්ගේ පිළිතුර
"මුන් මේවා දන්නේ නෑ මචං. අපිවත් කියලා දෙමු"
ඉන්පසු ආරම්හ වූයේ කුනුහරුප කියා දීමේ පන්තියකි
යකෝ, **** කියන්නේ කොල්ලොන්ට තියන එකට, ***** කියන්නේ කෙල්ලොන්ට තියන එකට. ***** කියන්නේ ******ක ******කට දාන එක. එයින් නොනැවතී තම ඇඟිලි පාවිච්චි කරමින් අදාල කටයුතු සිදුකරන ආකාරයද පැහැදිලි කිරීමට තරම් පරාර්ථකාමී මේ උතුමන් ඉදිරියේ තව දුරටත් රැදී සිටීම නුවණට හුරු නැති නිසා,මුවින් නොබැන සරසවියෙන් පිටවීමට සුදානම් වීමු. අප සමග නිවෙස් බලා යෑමට සූදානම්ව සිටි එක් සිසුවියක් ඒ වනවිට අප සිටි තැනට නොපැමින සිටියෙන් ටික වේලාවක් එතැන සිටියෙමු.
එවිට පැමිනි එක් සිසුවෙක්
"අඩෝ උඹලට හොඳින් කියන්නේ ආයි මේ පැත්ත පලාතේ එන්න එපා. අවොත් බලාගමු. එනවා නම් කුණු බිත්තර කන්න බලාගෙන වරෙන්"
ඇන්ටි - රැග් වූ විට සරසවියට පැමිණීමටද නොහැකි බව ලේඛිකාව දැන ගත්තේ එසේය.
එකම වයසේ එකම සරසවියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසක් මෙසේ අප හට බැන වැඳීම තුල මා හට ඇති වූ ගැටළු රාශියකි.
තම වයසේම ගැහැණු ළමුන් හට මෙසේ බැන වදිනා පිරිමි ළමුන් සමාජයට ගිය විට හැසිරෙන්නේ කෙසේද? ඔවුන් ඒ පැවසූ වදන්, හැසිරුනු ආකාරය ඔවුන්ගේ පෙම්වතිය, දෙමාපියන් හෝ සහොදරියන් ඉදිරියේත් ඔවුන්ට පැවසිය හැකිද?එසේම මා සමග උසස් පෙල කාලයේ පාසලේ ඉගෙනගත් සිසුවියන්ද ඉහතකී උත්තමයන් අතර හිඳ අප හට බැන වඳිනවා දුටුවෙමි. එකට බැනුම් අසා, එකට ඇඬූ ඔවුන් එදින අපටම බැන වැදීමට තරම් නිර්ලජ්ජිත වුයේ කෙසෙද?
අනෙක ඔවුන් දෙවන වසර සිසුන් වන අපට මෙසේ සලකන්නේ නම් නවකයන්ට කෙසේ සලකනු ඇත්ද? ඒ මට ඇති විශාලම ගැටලුවයි.
මේ සියලු දේවල් සඳහා "අලයොන්ගේ ඔලුව වැඩියි", "ඕකුන්ට කිසි හැඟීමක් නෑ අනික් එවුන් ගැන", "කිසි වැඩකට උදව්වක් දෙන්නේ නැති වල් හරක් ජාතියක් වැනි" ප්‍රතිචාර දැක්වීමට පුලුවන. නමුදු අලයන් පමණක් නොව රැග් වන අයියලා අක්කලා අතරද ඔලුව වැඩි සහ අනුන් ගැන නොසිතන අය සිටින බැව් ඉහත සිද්ධියෙන්ම පැහැදිලි වන අතර ලේඛිකාව රැග් වන සිසු සිසුවියන් කෙරෙහි තරහකින් මෙම සටහන නොලිව් බව සලකන්න. මට අවශ්‍ය වූයේ සරසවියේ රැග් නොවී සිටීමේ අභියෝගය ගැන සටහන් කිරීම පමණි.
එසේම මෙහි සඳහන් කලේ එක් සිද්ධියක් පමණි. මෙවැනි සිදුවීම් මෙන්ම ගුටි කෙළිද මේ දිනවල පේරාදෙණියේ බහුල බව මාධ්‍ය වලින්ද කියැවේ.
මා කියන දිනද ගුටි කෙළියක් නොඇරඹුනේ අප කිසිවක් නොපවසා නිශ්ශබ්දව සිට සරසවියෙන් පිට වූ බැවිනි.එදින අපට බැන වැදුනු සොයුරු සොයුරියන්ද බලාපොරොත්තු වූයේ එය බැව් සහතිකය. අප සරසවි භූමියෙන් පන්නා ගැනීම මහා වික්‍රමයක් ලෙස ඔවුන් එදා දුටු බැව් නියතය. මා කිසිවක් නොකියමි. ඒ වෙනත් පුද්ගලයෙකුගේ චින්තයට මඩ ගැසීමට හෝ එය විවේචනය කිරීමට මට අයිතියක් නොමැති නිසාවෙනි.
වැඩි දුර කියවීම සඳහා
Out In the Open
වර්තමානයේදී නවක වදය පෙර තිබුනාට වඩා පාලනයකට හසු වී තිබෙනවා. සිසුන් කිහිප
දෙනෙක් නවක වදයේ ඍජු ප්‍රථිපල ලෙසත් තවත් අය වක්‍ර ප්‍රථිපල ලෙසත්
මිය යාම අදාල බලධාරීන් සහ සමාජය අවදි කිරීමට සමත් වුනා. එම නිසා නවක වදය පිළිබඳ
නීති රාමුවක් හඳුන්වාදීමට රජය පසුගිය වසර වල කටයුතු කලා. මෙම නීති වලට අනුව කණිශ්ඨ
සිසුවෙකුට බැනීමත් නවක වදය ලෙස අර්ථ කථනය කල හැකියි.
අචිරගේ දින සටහන්
මම උසස් පෙළ කරපු අවුරුද්දෙ මගෙ යාළුවො දෙන්නෙක් විශ්ව විද්‍යාලෙ යන්න තේරුනා. එක්කෙනෙක් ගණිත අංශයෙන් තේරුණේ මොරටුව විශ්ව විද්‍යාලයට. අනිත් මිතුරිය කලා අංශයෙන් සෞන්දර්ය විශ්ව විද්‍යාලයට. ඒ කාලෙත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙ ඔය කියන ශිෂ්‍යය අරගල තිබ්බා. විශ්ව විද්‍යාලෙ වහලත් තිබ්බා.මගේ මිතුරා මොරටුවට ඒ අවුරුද්දෙම ගියා. කාලය ගෙවී ගියත් මගේ මිතුරිය ගෙදරම තමයි. මගේ මිතුරා මොරටුවෙන් පිට වෙන්න මාසයක් කලින් තමයි ඒ මිතුරිය සෞන්දර්ය විශ්ව විද්‍යාලට ඇතුලත් වුනේ. ඒකෙ නවක වදය ඉවරවෙලා දේශන ආරම්භ වෙනකොට මගේ මිතුරා ශිෂ්‍යත්වයක් හම්බවෙලා ආචාර්ය උපාධිය සදහා රටින් පිටවුනා.
ජීවිතය
පිටදී විශ්ව විද්‍යාලවල පවත්නා තත්වය අභියෝගයට ලක් කර කතා කරන සිසුන්ද විශ්ව විද්‍යාලය තුලදී ඒ අමන මතයම කරපින්නාගෙන පිකටිං කරති, උද්ඝෝෂණය කරති. එයට හේතු විමසූ විට ‘නැත්නං අපිට විශ්ව විද්‍යාල තුල රැදෙන්නට බෑ..’ යනුවෙන් කියති. එනම් විශ්ව විද්‍යාල තුල ඇති මාෆියාවෙන් බේරී සිටීමට නං ඒත්සමඟම සිටිය යුතු බවයි. නමුත් ඔය කෑ ගහන බොහෝ දෙනා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ඒ සියල්ල අතහැර දමති.
Ravi's blog
මාත් ඉතින් campus යන්න පටන් ගත්තනේ.ගිය මාසේ 6 වෙනිදා තමා මුලින්ම campus එකට ගොඩ උනේ.අම්මෝ පළවෙනි දවසේ හොඳටම බය වෙලා හිටියේ
කඩුල්ල
කඩුල්ල ස්ථාන ගතවෙලා ඉන්නේ විශ්ව විද්‍යාලයක වැට මායිමේ.අනේ අපොයි මේ ලමයි නොකරන්නේ ඉගන ගන්න එක විතරයි කියලා හිතන තරමට මේ ලමයි අරගලේ
ගරුවාගේ BLOG MIXTURE එක
ඉතින් අපි කට්ටිය ඔක්කොම 2006 අවුරුද්දෙ ජුලි මාසෙ අග ඉදලා අගොස්තු මාසෙ අග වෙනකම් අපෙ ආදරනීය අයියල අක්කලත් එක්ක බොහොම ලස්සන කාලයක් ගතකලා.මෙ ඒ ලස්සන මාසෙ ඉවර උන දවසෙ අපෙ අයියල අක්කල අපෙ ඇස්වල කදුලු පිරෙන තරමට අපිට දීපු තැග්ග.
Taboo Subjects
රැග දෙන්නේ එක්තරා සරසවි සිසුන් කොටසකගේ (හැමදෙනාගේම නොව) මනෝ ව්‍යාධීන් දෙකක් නිසා ඇතිවන තත්ත්වයකට ප්‍රතිචාර වශයෙනි. එකක් දරුණු ඉරිසියාවය. අනෙක ලිංගික අතෘප්තිමත්භාවයය.
සන්නස
නවක වදයෙන් ඇතිවන සෙතක් නැත. නවක වදය යන වචනයම දරුණුය. කැතය. අමානුෂිකය. එය වෛරය වැපිරීමකි. මානසික ආබාධයකින් පෙලෙන්නන්ගේ ක්‍රියාවකි. තම තමන්ගේ මානසික ආතතීන් වලට තවකෙකු පළි නැත.
බුදුසරණ
දිනය ඉකුත් 13 වන දා ය. වේලාව පෙ.ව. 10.30 – 11.00 අතර විය. විශ්ව විද්‍යාලයක නම සඳහන් බැනරයක් ද සහිත බස් රථයක් එක් වර ම නගරයේ බස් නැවතුම අසල නතර කොට අත් පා බැඳි අයකු බසයෙන් බිමට තල්ලු කැර දමා පැමිණි පිරිස බස්රථය ද සමඟින් රූංගා ඉගිල ගියේ සිද්ධිය දුටු පිරිස මවිතයට පත් කැරැවමිනි.
දිනමිණ
"නවක වධය ජ’පුර සරසවියෙන් ඉවත් කිරීම අපේ එකම අරමුණයි".ව්‍යවහාරික විද්‍යාපීඨ සංගමයෙන් ප්‍රකාශයක්
අතර මැදි කදවුරක්
අපගේ කැපී පෙනෙන කඩවසම් දේහ විලාශයන් හේතුවෙන් උපරිම ලෙස නවක වදය විඳීමටද අපට සිදුවිය.
දිවයින
"නවක වදයට මම එදා පටන් විරුද්ධයි....." උසස් අධ්‍යාපන ඇමැති මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා කීය.
දිවයින
තිරිසන් සතා මද කිපෙන කාලයට ඉවක් බවක් නොබලයි. එවිට උහු සිය වර්ගයා බෝ කිරීමේ කටයුත්ත මහ පාරේ ක්‍රියාත්මක කරති. ශ්‍රී ලංකාවේ සියලු විශ්වවිද්‍යාල මෙවැනි තිරිසන් සතුන්ගෙන් පිරී යමින් පවතින බව පෙනේ. ඒ, හැම අවුරුද්දකම නවක වද සිද්ධීන් වැඩි වැඩියෙන් වාර්තා වන හෙයිනි.
Beyond Frame
නවක වදය අවශ්‍යයැයි කියන්නන් ඉදිරිපත් කරන තවත් මතයක් ඇත. සරසවියේ හැසිරිය යුතු ආකාරය පිළිබද නවකයින් දැනුවත් කිරීමේ අවස්ථාවක් ඉන් ලැබෙන බව ය. කවදාවත් සරසවිය නව්‍ය නොවන්නේ මේ සංස්කෘතික බලාහාත්කාරය නිසා ය. ඇත්තටම සරසවිය එකම වර්ගයේ නිශ්පාදනයක් බිහිකළ යුතු තැනක් නොවේ. ඒ තුළ විවිධත්වයට විවිධ අදහස්වලට ඉඩ කඩ තිබිය යුතු තැනකි
අපේ පුවත්
නවක වදය එක්තරා දේශපාලන පක්ෂයකට ගැති ශිෂ්‍ය සංවිධානයකට සාමාජිකයන් වැඩිකර ගැනීමේ උපාය මාර්ගයක් බවට පත්කරගෙන ඇති බවත් මේ වසරේ නවක වදයට භාජනය වන සිසුන් ඒ අප්‍රසන්න තත්ත්වය විඳ දරාගෙන ඊළඟ වසරේ නවකයන්ට වදනොදී සිටිත් නම් ම්ලේච්ඡ නවක වදය නැවැත්විය හැකි බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා දිනමිණට කීය.
චමිතගේ සිහින කොදෙව්ව
මා විශ්ව විද්‍යාලයට ඇතුළත්ව නවක වදයට එරෙහිව කටයුතු කරන්නේ මා හට එය අප්‍රිය නිසා ය; ඒ තුළ සිදුවන ජඩ, තුච්ඡ ක්‍රියාදාමය මා හෙළාදකින නිසා ය. ඒ හැරුණුකොට ඊට විරුද්ධ වීමට කිසිදු හේතුවක් මට නැත්තේ ය; විශ්ව විද්‍යාලයක් තුළ ස්වභාවයෙන් නිර්මාණය වන උප-සංකෘතියට එරෙහි වීමට කිසිදු අවශ්‍යතාවක් ද මට නැත්තේ ය. එසේ නම් ගැටලුව වන්නේ බොහෝ දෙනෙකු මෙය දැන දැනත් ඊට ලක්වන්නේ ඇයිද යන්නයි. ඊට සරලම පිළිතුර නම් නවක වදයට එරෙහි වීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය සෑම සිසුවෙකු තුළම නොමැති වීමයි. තමාට ඉන්න හිටින්නට තැනක් නැති වන විට අකැමැත්තෙන් හෝ වාත වනු මිස කුමක් කරන්නද?
රජයේ නිල පුවත් වෙබ් අඩවිය
නවක වදය තහනම් .....
UoP, Faculty of Engineering, batch of '08, antiraggers official web log
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක වද විරෝධී සිසුන් දෙදෙනෙකුට නැවතත් පහරදී තිබේ
SONALI WIJESINGHE
කෙසේ වෙතත් මා පවසන්නට යන්නේ මා අතුලත් වු සරසවියේ නවක වදය ගැනය. සැබැවින්ම නවක වදයක් නොතිබුනි. එය සත්‍යයි. දරුණු රැග් නොතිබුනද ඉතාමත් දරුනු වාග් මාලාවන් නම් ඇසීමට ප්‍රථම වසර අපි සැමටම සිදු විය.
noragnofear.com
Antiraggers of university of Peradeniya are leading a battle to eleminate ragging from universities of Sri Lanka. This site is launched to publish our vision about cruality of ragging.
Daily News
A notice called 'an Act of ragging may land you in jail' appears at the entrance of each university in India. "We have also decided to adopt this system in our higher education system as ragging has completely interrupted the learning environment in universities, he said. The Minister said the Indian Government considers ragging as a human-rights abuse
Daily News
The era of ragging as a social equalizer and an initiation into the University culture is long gone. Ragging has today become a political and a terror weapon used primarily to ensure the continuing domination of JVP political power within the Universities. Gone are the days, when ragging was a phenomenon confined to the bounds of the University.
Sunday Observer
Not all seniors at the University do go out for ragging and some are positively against this mean practice. The compulsive "raggers" are definitely mentally deranged, dangerous "criminals in students' clothing" and they rag for following reasons...
Labels: මේක ලංකාව, විශ්ව විද්‍යාලය

