Showing posts with label ජංගම දුරකතන. Show all posts
Showing posts with label ජංගම දුරකතන. Show all posts

Saturday, August 13, 2011

ඔබේ දුරකතනයේ contacts Facebook එකේද?


මම සාමාන්‍යයෙන් සති දෙක තුනකට වතාවක් Facebook settings පරීක්ෂා කරලා බලනවා. හේතුව තමා නිතරම Facebook තුල අපිට ලබාදෙන security සහ වෙනත් option අඩු වැඩි වීම. ඔහොම බලනකොට ඒක දවසක් මෙන්න friends ලා අස්සේ මගේ මුළු phone contact list එකේම දුරකථන අංක තියනවා. මට හිතාගන්න බැරි වුනා එහෙම වුනේ කොහොමද කියලා. හිතාගෙන හිතාගෙන යනකොට මතක් වුනා Facebook මගේ contact list එක හොරකම් කරපු විදිය.

Tuesday, May 19, 2009

මොබිටෙල් එක්ක නොමිලේ TV බලමු


අපේ පලවෙනි වසර අවසාන විභාගය පටන් ගන්න තියෙන්නෙ තව සති දෙකක් නිසා මේ දවස් වල හොදටම වැඩ. එත් මේ වැඩේ ගැන ලියන්නම හිතුනා මොකද අද කැම්පස් එකේ ඉදල ප්‍රභාකරන් බලන්න උදව් උනේ මේ ක්‍රමය. අනික ගොඩක් අය මේ ගැන දන්නේ නෑ.

කරන්න තියෙන්නේ පොඩි වැඩක්. හැබැයි ජංගම දුරකතනයේ Video Streaming හැකියාව සහ 3G හෝ Beyond 3G/4G හැකියාව තියෙන්න ඕනේ.(මම මේ කතාකරන්නේ අර TV බලන්න පුලුවන් කියලා මාකට් කරන චීනේ හදපු ජංගම දුරකතන ගැන නෙවෙයි. Video Steaming තියන 3 Gහෝ3.5G ජංගම දුරකතන ගැන)

මොබිටෙල් සිම් එක දාගෙන wap.mobitel.lk අඩවියට Mobile Internet Browser එකෙන් යන්න.(Opera Mini වගේ එකකින් නෙවේ. දුරකතනයේ Built-In තියන Mobile Internet Browser එකෙන්)

එතන ලින්ක් එකක් තියනවා Mobile TV-දේශීය නාලිකා කියලා.

ඒක උඩ ක්ලික් කලාම දෙශීය නාලිකා බලන්න පුලුවන් ලින්ක්ස් තියන පිටුවකට යාවි. ඒ පිටුව සේව් කරගන්න.එතනින් අවශ්‍ය නාලිකාව තෝරගෙන බලන්න පුලුවන්.

දෙවනි පාර බලන්න ඔනේ නම් අර කලින් සේව් කරගත්තු වෙබ් පිටුව ඔපන් කරලා අවශ්‍ය නාලිකාව තෝරාගන්න.

ටීවී බලන්න සල්ලි යන්නේ නෑ.

එත් පලවෙනි පාර වෙබ් පිටුවට යනකොට නම් කැපෙනවා. ඒත් ඉතින් මොකද ඊට පස්සෙ Free නේ

ප.ලි.
දේශීය නාලිකා කිව්වට පේන්නේ රූපවාහිනි,ස්වර්ණවාහිනි,ස්වාධීන,දෙරණ, Art TV සහ Channel Eye විතරයි..සිරසා නමාමි සිරස මේ සේවයට ඇතුල් නොකල කෙනාට ;-P