Tuesday, May 19, 2009

මොබිටෙල් එක්ක නොමිලේ TV බලමු


අපේ පලවෙනි වසර අවසාන විභාගය පටන් ගන්න තියෙන්නෙ තව සති දෙකක් නිසා මේ දවස් වල හොදටම වැඩ. එත් මේ වැඩේ ගැන ලියන්නම හිතුනා මොකද අද කැම්පස් එකේ ඉදල ප්‍රභාකරන් බලන්න උදව් උනේ මේ ක්‍රමය. අනික ගොඩක් අය මේ ගැන දන්නේ නෑ.

කරන්න තියෙන්නේ පොඩි වැඩක්. හැබැයි ජංගම දුරකතනයේ Video Streaming හැකියාව සහ 3G හෝ Beyond 3G/4G හැකියාව තියෙන්න ඕනේ.(මම මේ කතාකරන්නේ අර TV බලන්න පුලුවන් කියලා මාකට් කරන චීනේ හදපු ජංගම දුරකතන ගැන නෙවෙයි. Video Steaming තියන 3 Gහෝ3.5G ජංගම දුරකතන ගැන)

මොබිටෙල් සිම් එක දාගෙන wap.mobitel.lk අඩවියට Mobile Internet Browser එකෙන් යන්න.(Opera Mini වගේ එකකින් නෙවේ. දුරකතනයේ Built-In තියන Mobile Internet Browser එකෙන්)

එතන ලින්ක් එකක් තියනවා Mobile TV-දේශීය නාලිකා කියලා.

ඒක උඩ ක්ලික් කලාම දෙශීය නාලිකා බලන්න පුලුවන් ලින්ක්ස් තියන පිටුවකට යාවි. ඒ පිටුව සේව් කරගන්න.එතනින් අවශ්‍ය නාලිකාව තෝරගෙන බලන්න පුලුවන්.

දෙවනි පාර බලන්න ඔනේ නම් අර කලින් සේව් කරගත්තු වෙබ් පිටුව ඔපන් කරලා අවශ්‍ය නාලිකාව තෝරාගන්න.

ටීවී බලන්න සල්ලි යන්නේ නෑ.

එත් පලවෙනි පාර වෙබ් පිටුවට යනකොට නම් කැපෙනවා. ඒත් ඉතින් මොකද ඊට පස්සෙ Free නේ

ප.ලි.
දේශීය නාලිකා කිව්වට පේන්නේ රූපවාහිනි,ස්වර්ණවාහිනි,ස්වාධීන,දෙරණ, Art TV සහ Channel Eye විතරයි..සිරසා නමාමි සිරස මේ සේවයට ඇතුල් නොකල කෙනාට ;-P

12 comments:

  1. පස්සෙ කැපෙන වැඩක්ද දන්නෙ නෑ.

    ReplyDelete
  2. ඇත්තටම නොමිලේද?
    එහෙනම් නියමයි

    ReplyDelete
  3. @gayan and galpotha මම පාවිච්චි කරන්නේ smart 5 package එක. දැන් මාසයක විතර ඉදල පාවිච්චි කරනවා. free

    ReplyDelete
  4. අපූරුයි. ඒත් මගේ දුප්පත් ෆෝන් එකේ streaming වැඩ නෑ.

    ReplyDelete
  5. @shaakunthala
    oops ගත්ත දවසක බලන්න එහෙනම්

    ReplyDelete
  6. I'm going to try this..Not sure the rates for my cool 100 package tho. Nyway thanks sis!

    ReplyDelete
  7. oh..I dnt knw abt the post paid packages...anyway, try and tell us the results..good luck akkiyoo

    ReplyDelete
  8. @Niroshinie
    i also have cool 100 but it also reduced now
    free 100 video calls available now but unfortunately i havent a chance to access it. hope you can use it.
    to register to get daily bill info read
    http://kpgtharaka.blogspot.com/2009/04/usage.html

    i think it also use same trif Cool Plus 100
    http://mobitel.lk/postpaid/otherplans.html#coolplus

    check it out

    ReplyDelete
  9. @Astrology for all

    are you trying to introduce a new way to spoil blogs?

    ReplyDelete
  10. --> "සිරසා නමාමි සිරස මේ සේවයට ඇතුල් නොකල කෙනාට"

    සිරස ඔය හුඟක් එව්වට ගණං උස්සං නේ ඉන්නේ.. DTV, IPTV වල එහෙමන් සිරස නෑ නෙ :/

    ReplyDelete
  11. @ගයන්ත
    අනේ එයාලගේ ගනන්. මල්ලි මට දවසක් කිව්ව සිරස එකේ කවුදෝ කියල තිබුනලු ඔය සේවා වලට සිරස ඇතුලත් කරන්නේ නැත්තේ එයාලගේ තත්වේ නැති වෙන නිසා කියලා. මොන තත්වයක්ද? අර රෑට රෑට පෙන්නන ටෙලි නාට්‍ය එහෙම අමු කොපි කියල මිනිස්සු කියන්න ගත්තොතින් කියල බය වෙලා වෙන්න ඇති

    ReplyDelete