Saturday, May 16, 2009

Sony Ericsson Free Laptop කතාව

පහුගිය දවස් වල යාලුවෝ කීප දෙනෙක්ගෙන්ම ආපු ඊ- මේල් එකකින් කියවුනේ සෝනි එරික්සන් සමාගමෙන් ලබාදෙන ලැප්ටොප් පරිගනකයක් ගැන.ඔය ලිපියම මට දහ වතාවකට වඩා එන්න ඇති.මේ රූපය සහිත ලිපිය ඔයාලට ලැබිලා නැත්තම් ඒකත් පුදුමයක්.

ලිපියේ අන්තර්ගතය මෙහෙමයි.


"සියලුදෙනා වෙත,


එරික්සන් සමාගමේ වෙලද ප්‍රචාරණය සදහා නොමිලේ ලැප්ටොප් බෙදාහරිනු ලැබේ.මේ හරහා සමාගමේ ජනප්‍රියතාවය හා වෙලදාම් වැඩිකරගැනීමට නියමිතය.ඔබ කල යුත්තේ මේ ගැන තව අට දෙනෙකුට පැවසීම පමණයි.එවිට ඔබට Ericsson T18 වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් ලබාගත හැක.


කෙසේ හෝ ඔබ මේ පිලිබදව විසිදෙනෙක් හෝ ඊට වඩා වැඩි පිරිසක් දැනුවත් කලේ නම් Ericsson R320 ලැප්ටොප් පරිගණකයක් ලබාගත හැක


අනිවාර්යෙන්ම එහි පිටපතක් anna.swelung@ericsson.com වෙත යවන්න


මීට,
එන්. කවුසික්"



ඔය ලිපිය දැක්ක ගමන්ම මට නම් හිතුනේ මේක තවත් ස්පෑම් කරුවෙක්ගේ කියල තමා.හැබැයි අර ඊ මේල් ලිපිනය නිසා ඒ සැකය ගැන තව ටිකක් හොයන්න හිතුනා.මොකද එකේ අන්තිමට තියෙන්නේ @ericsson.com කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම *.ericssson.com කියලා වෙබ් පිටුවක් තියෙන්නම ඔනෙනෙ.ඔන්න ඉතින් නිකමට www.ericsson.com ගහල එන්ටර් කලා. එතකොට ආවේ මේක.වෙනත් විද්‍යුත් සන්නිවේදන කටයුතු සම්බන්ධ සමාගමක වෙබ් අඩවියක්.සමාගමේ නම එරික්සන්.

ඒ කියන්නේ එරික්සන් සමාගමේ වැඩ කරන කෙනෙක්ද මේ ස්පෑම් එකේ අයිති කාරයා?වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.

හේතුව මේකයි.මට එන සමහර ස්පෑම් මගේ ඊ මේල්
ලිපිනයෙන්ම ආපු ඒවා! මගේ ඊ මේල් ලිපිනයෙන් මටම ස්පෑම් එවන ස්පෑම් කාරයොන්ට @ericsson.com ලිපිනයකින් ඊ මේල් එවන එක මොන කජ්ජක්ද ඉතින්? (මේක කරන්නේ කොහොමද කියලා කාට හරි කියලා දෙන්න පුලුවන් නම් ලොකු පිනක්. ජරා වැඩ කරන්න නෙවි. නිකන් දැන ගන්න)

මට දැනුන ඊලග අවුල තමා සෝනි එරික්සන් කියල ලියල තිබුන විදිය. ඇත්ත සෝනි එරික්සන් වෙබ් අඩවියෙන් ගත්ත අකුරු ටික හා ඊ මේලයේ තිබු
නු අකුරු වල වෙනස ඔයාලම බලන්නකො.

මෙන්න ඇත්ත එක.



මෙන්න බොරු එක




මේකේ තියන හොදම ගොන් පාට් එක තමා යල් පැනපු දුරකතන දෙකක් ලැප්ටොප් දෙකක් ලෙස හදුන්වා තිබීම. විශ්වාස නැත්තම් මෙන්න රූප සමග වැඩි විස්තර හොයාගන්න ලින්ක්


Ericsson T18




Ericsson R320


මේක ගැන ගූග්ල් අය්යගෙන් ඇහුවම තව
හොද හොද දේවල් එයා කිව්වා. ඔය ස්පෑම් එක පටන් ගෙන තියෙන්නේ 2000 වසරෙදිලු. දියුනුව කොච්චරද කියනවා නම් 2009 දී Graphical Spam (රූපමය ස්පෑම්) එකක් විදියට ආයෙත් මේක ලොකේ වටේ ගිහින්ලු.ඔය මොක උනත් මේකට අදාල සමාගම් දෙකේම ඇස් ඇරිල තියෙන්නෙ ළගදි.ඊයේ පෙරේදා සෝනි එරික්සන් සහ එරික්සන් යන සමාගම් දෙකම මේ ස්පෑම් එක ගැන තම තමන්ගේ වෙබ් අඩවි වල පලකලා.


එරික්සන්


"එරික්සන් සමාගම නොමිලේ ලැප්ටොප් පරිගනක හෝ දුරකතන බෙදා දෙනු නොලැබේ.ඔබට ලැබී ඇති ලිපිය අසත්‍ය එකක් වන අතර Anna Swelund නමින් අප ආයතනයේ කිසිවෙකු සේවය නොකරයි.අප ආයතනයේ වෙලද ප්‍රචාරණය සදහා නිතරම නව උපක්‍රම භාවිතා කරන අතර chain email ඒ අතරට අයත් නොවේ.එබැවින්, එම chain email ය තව දුරටත් ප්‍රචාරය නොකරන ලෙස කරුනාවෙන් ඉල්ලා සිටිමු"

සෝනි එරික්සන්


"අපගේ වෙලද ප්‍රචාරණය සදහා සහය වන්නන් සදහා නොමිලයේ ලැප්ටොප් පරිගනකයක් ලැබෙන බව කියමින් පැතිර යන ඊ-ලිපියක් ගැන සෝනි එරික්සන් සමාගමට දැන ගැනීමට ලැබී ඇත.එම ලිපියේ සෝනි එරික්සන් ලාංඡණය,එහි සෙවකයෙකුගේ නම හා ඊ- මේල් ලිපිනය සදහන්ව ඇත.

එය අසත්‍ය ප්‍රචාරයක් බවට අප සමාගම සහතික කරන අතර එහි සදහන් නමින් කිසිවෙක් අප සමාගමේ සේවය නොකරන බවද මෙයින් ප්‍රකාශ කරමු.

සෝනි එරික්සන් සම්බන්ධ සියලුම තරග හා දීමනා ආදිය සෝනි එරික්සන් වෙබ් අඩවිය හා වෙනත් සෝනි එරික්සන් සමාගම හා සම්බන්ධ ආයතන වල වෙබ් අඩවි වැනි නිල මාධ්‍ය හරහා පමනක් සිදු කරනු ලැබේ. නිල
නොවන උ.දා. එස්.එම්.එස්, ඊ මේල් මාධ්‍ය හරහා සිදුවන එවැනි ප්‍රචාරණ පිලිබදව සැලකිලිමත් වන්න.

එසේම එවැනි ඊ මේල් සදහා පිලිතුරු යැවීමෙන් හා ඒවා අනෙක් අයට යැවීමෙන් වලකින්න"


ඒ වුනාට දැන් ඉතින් පෙරහැර ගිහින් ඉවරයි. කී දෙනෙක් මේ ස්පෑම් එකට රැවටෙන්න ඇත්ද?ඊ මේල් ලිපින කීයක් ස්පෑම් කරුවන්ගේ අතට යන්න ඇතිද?

ඔන්න මීට පස්සෙවත් නොමිලේ දෙනව කියන දේවල් ගැන ටිකක් හොයල බලන්න යාලුවන්ට ඒ ගැන කියන්න කලින්


UPDATE:මේ ඊ-මේලය නැවතත් ලංකාවේ ප්‍රචාරය කරන්න පටන් අරගෙන. මෙන්න ඊයේ මට ලැබුණු ඊ-මේලය. කරුණාකර මේ පිලිබඳව ඔබ මිතුරන් දැනුවත් කරන්න

22 comments:

  1. මට නම් මේ මේල් එක ඇවිත් නැ, ඒත් මට මතක ඇති කාලෙ ඉඳල ඕක ගැන කතාවෙනව ඇහිල තියෙනව.

    ඒ කියන්නෙ 'හෝල් ඔෆ් ශේම්' සම්මානෙ ලැබෙන්න ඕනෙ මේ ස්පැම් එකට

    නිර්මාණ කාරය කවුරු උනත්, හොඳම දුර්වල ස්ථානෙ බලල ඇණේ ගහල තියෙනව. එක අතකින් ලොකු දක්ශ කමක් :)

    ReplyDelete
  2. මට නම් මේ ලගදි ඉදල තමහ් ඕක එන්න පටන් ගත්තේ..මොනව උනත් කතාව ඇත්ත. ලොකු දක්ශ කමක්

    ReplyDelete
  3. හාපෝ මේක මටත් ආව අද. ඔක්කොම ඊමේල් ලිපිනත් එලියෙ to එකේ ම දාල.

    මිනිස්සුත් කොහෙන් හරි "සක්විති" කෙනෙක් කඩාපාත් වෙලා මොනවහරි නිකං දෙනකල් නෙව බලාගෙන ඉන්නෙ. පුදුම සෙනගක් ඉන්නව මේව ඇත්ත කියල විස්වාස කරන.

    ReplyDelete
  4. මේ මිනිස්සු මොලේ පාවිච්චි කරන්නෙ නැතුව එන සේරම ඊ මේල් ෆෝවර්ඩ් කරන හින්ද තමයි මේ සේරම. අඩු ගානෙ ෆෝවර්ඩ් කරන කො‍ට BCC එකට වත් contacts ටික එකතු කරන්නෙ නැහැනෙ. නිකම් අහක ඉන්න අයගෙත් ඊමේල් ටික ස්පෑම් කාරයන්ට යනවා!

    ReplyDelete
  5. මටත් ‍මේක දෙපාරක්ම ආව. මං ඉතිං ආපු අයට කිවුව සෝනි එරික්සන් එකේ වැඩ කරන අයට වෙන වැඩ නෑනෙ ඔයා ඕක ෆෝවර්ඩ් කරන අය කීදෙනෙක්ද කියල බලං ඉන්නවට වඩා කියල. ඇත්තටම මේ ෆෝවර්ඩ් කරන අය හිතන්නෑනේ මේ යවන මේල් එක ගැන කිසිම දෙයක් එයාලට යන්නෑ කියල.

    ReplyDelete
  6. ‍මේක SMTP protocol එකේතියෙ පොඩි සිදුරක්. php වගෙ server side භාෂාව‍කින් ඉතා පහසුවෙන් මේ වැඩේ කරන්න පුළුවන්. කරන හැටි ඕන නෑනේ ;)

    http://www.cert.org/tech_tips/email_spoofing.html

    ReplyDelete
  7. @Anandawardhana
    ලොකේ හොදම මිල නොමිල කියල කොහෙදෝ තිබුනා වගේ මතකයි. අපේ කට්ටිය ඉතින් ඔය වගේ දෙවල් උඩින්ම විශ්වාස කරනවානේ.ඉතින් මොනාව කියලා කරන්නද

    @chathuraw
    ඒකත් ලොකු ප්‍රශ්නයක් තමා.අනික තමන්ට එන මේල් ෆෝවඩ් කරනකොට තමන්ට ඒක එව්ව කෙනාගේ එ මේල් ලිපිනය මැකුවානම් නේද හොද?

    @ගයාන් තාරක
    මරු කතාව.

    Dasun Sameera - දසුන් සමීර
    බොහොම පින්. කරන හැටි පවුද්ගලිකව කියල දෙන්න බැරිද?lol

    ReplyDelete
  8. හපොයි කියල දෙන්නම්. :D

    ReplyDelete
  9. You are very clever than other Arts students. Keep it up and that's all I can say...

    ReplyDelete
  10. මටත් ඕක ආවා, මීට දවස් කිපයකට කලික්.

    ReplyDelete
  11. @thilina
    ආවට කමක් නෑ කාටවත් යැව්වේ නෑනේ

    @Dasun Sameera - දසුන් සමීර
    පස්සේ දවසක හම්බුවෙමුකෝ

    @ශාකුන්තල
    i dunno, im just being myself

    ReplyDelete
  12. මටත් ආවා, මම මගේ අමතර මේල් එකකින් මේ ඇනාට එක්ක එවපු එකාට එක්ක යැව්වා මේ වගේ එකක් ආවෝත් කෙලින්ම Delete කරන්න කියලා. එතකොට Core Quard එකක් ගත්ත හැකි කියලා ;)

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. බොරු මේල් ඇඩ්රස් එකකින් මේල් යවන ආකාර කීපයක් තියනවා.

    මේල් සර්වරයකට telnet පාරක් දාල හෙණ කට්ටක් කාල යවන්නත් පුලුවන්.ගොඩක් මේල් සර්වර් රිමෝට් ලොග් වෙලා මේල් යවන්න ඉඩදුන්නත් රිලේ කරන්න දෙන්නෙ නෑ.ඒ කියන්නෙ අපි ජීමේල් සර්වර් වලින් ‍එකකට ලොග් උනා කියල හිතමු.අපිට එයා කැමති අඩ්රස් එකක් දාගන්න දුන්නත් මේල් එක යවන්න දෙන්නේ තවත් ජීමේල් ගිණුමකට පමණයි. කලාතුරකින් කැමති දෙයක් කරගන්න දෙන මේල් සර්වරුත් තියනවා.හැබැයි ඉතිං කලුනික හොයනවා වගේ වැඩක් තමා. ‍‍
    දසුන් කීව වගේ PHP වලින් කරන්නත් පුලුවන්.

    ලේසිම වැ‍ඩේතමා යන්න යාහු එක‍ට ගිහින් search කරන්න send fake mails කියලා. ලිස්ට් එකක් එයි වෙබ් බේස් ඔය වැඩේම කරන්න දෙන.(යාහූම යන්න කිව්වෙ ගූගල් වලින් හොයන්න ටිකක් අමාරු නිසා)
    හැබැයි දුෂ්ඨ වැඩනම් කරන්න යන්න එපා.
    තවත් එකක් මොන දේ කලත් IP address එක track වෙනවා(වෙන proxy සර්වර් එකක් එක්ක සමමූර්ත කරල තිබ්බොත් නම් බෑ).ලබන කෙනා ටිකක් යමක් කමක් දන්නවා එයාට IP address එක නිකම්ම හොයාගන්න පුලුවන්.

    මේ ටෙක්නික් එක phishing කියල හදුන්වන චංචාව කරන්නත් පාවිච්චි කරනවා.එනිසා මේල් එකක් ආවාම (මූණුපොතෙන් උනත්)ලිංක් එහෙම තියනවා නම් පෙන්නන ලිංක් එක සැබෑම ලිංක්
    එකක්ද කියල බලන එක ඇගට ගුණයි.මොකද මේ දවස් වල මූණුපොත වගේ සමාජජාල ‍website hack කරන උනක් හැමතැනම තියනවා.
    මම මේ කිව්ව දේවල වැරැද්දක් තියනවා නම් නිවැරදි කරන්න බොහෝම පිං

    ReplyDelete
  16. අක්කෙ ඔයා නම් මරැ. කොහොමඳ ඕව කරන්නෙ? අනේ මම පෝස්ට් එක කියෙවුවෙ අද ඒත් මේකට නම් අනිවා Comment එකක් දාන්න ඕන කියල හිතුන. දසුන් කිව වගේම PHP වලින් ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩක්. කාට හරි ඕන නම් Basic PHP script එකක් දෙන්න පුඵවන් කොහොමද මේක වෙන්නෙ කියල බලා ගන්නත හැබැයි ඉතින් අධ්‍යාපනය‍ට පමණක් යොදා ගන්නවනම් තමයි හොඳ. මොකද ඒකෙන් ඕනම කෙනෙක්ගෙ ඊමේල් එකකින් ඊමේල් යවන්න පුළුවන්. කාට හරි ඕන නම් මගේ ඊමෙල් ලිපියෙන් යවනව වගේ කාට හරි යවන්න පුළුවන්. ඒක ටිකක් විතර භයානක වැඩක්. ඒත ඉගන ගන්න කැමතිනම් ටිකක් විතර කියා දෙන්නම්. හැබැයි ඉතින් ඒක හරියට භාවිතා කරන්න ඕන හැමෝම.

    ReplyDelete
  17. මටත් ඔය වගේ මේල් යවන පොඩි ගැජට් එකක් ලැබුන.මම ඉතින් මගේ ගිනුමටම 2-3 ක් යවල බැලුව. එච්චරයි..!

    ReplyDelete
  18. ඔන්න දැන් mobitel එකෙනුත් laptops දෙනවලු mails 8 ක් යැව්වොත්!! :DD

    ReplyDelete
  19. @ගිමන්ත

    හික්...මේ මේල් එකේම වෙන වර්ෂන් එකක්ද???

    ReplyDelete
  20. බොහොම ස්තුතියි නොදන්නා දෙයක් කියලා දුන්නට...මම දැනගෙන හිටියේ නැහැ මේ දෙය...

    ReplyDelete
  21. අමතර යමක්:
    ericsson කියන්නෙත් ලොව පිළිගත් ඉහළම තාක්ෂණයෙන් යුතු සන්නිවේදන උපකරණ සාදන සමාගමක් ඒ සමාගම හා SONY සමාගම එක්ව තමයි SonyEricsson දුරකතනය හදන්නෙ. ඒ කියන්නෙ සන්නිවේදන තාක්ෂණය ericsson වලිනුත් කැමරාව හා audio SONY වලිනුත් තමයි සැපයෙන්නෙ

    ReplyDelete