Thursday, August 4, 2011

සහනිගේ ඉංග්‍රීසි - 2

සහනිගේ කතාවේ පළවෙනි කොටස කියවන්න බැරි වුනා නම් ඒකත් කියවලා එන්න.

දැන් සහනි අට වසරේ. මේ තුන්වෙනි වාරය. සහනිගේ ගුරුතුමියට තේරෙනවා සහනිගේ මොකක්හරි අමුතු දක්ෂතාවයක් තියනවා කියලා. ඒ වගේම සහනි මේ වෙනකොට පන්තියේ අනෙක් සිසුවියන් අතර ප්‍රසිද්ධ චරිතයක්. ඒ ඇය පන්තියේ නිළ නොලත් ඉංග්‍රීසි ගුරුතුමිය වීම නිසා. හැමදාම වගේ වාරයක් පටන් ගන්නකොට සියලුම විෂයන් වලට විෂය නායිකාවන් පත් වෙනවා. අට වසරේ තෙවැනි වාරයේ සහනිට ලැබෙනවා ඉංග්‍රීසි විෂය නායිකා තනතුර. සහනි මේ තනතුර වෙනත් කෙනෙකුට භාර දෙන්නේ නැහැ උසස් පෙළ පන්තියට එනකන් ම.

අට වසරේදී සහනි තව වැඩක් පටන් ගන්නවා. ඒ චෙස් ක්‍රීඩාව. චෙස් ක්‍රීඩාව ගැන ඇය අතින් කවියක් ලියවෙනවා. මේ කවිය පළවෙනවා පාසැලෙන් මුද්‍රණය කළ සඟරාවක.එතනින් පසු ඇය පටන් ගන්නවා ලියන්න. ඉංග්‍රීසියෙන් කියවන කෙටි කතා සහනි අතින් සිංහලයට පරිවර්තනය වෙන්නේ එහෙමයි. මේ කෙටි කතා ඇය පරිවර්තනය කරන්නේ සඟරාවකට හෝ පුවත් පතකට යැවීමේ අදහසින්. නමුත් ඒ කෙටි කතා ගොන්න මේ වෙනකන් ඇයගේ ලිපි ගොනුවක හැංගිලා තියෙන්නේ ඇයි කියන්න සහනි වත් දන්නේ නැහැ. ඇය කියන්නේ ඉංග්‍රීසි කතාවක් ඒ රසයම දැනෙන විදියට කවදාවත් සිංහලට පරිවර්තනය කරන්න බෑ කියලා. පරිවර්තනය පිස්සුවකින් වගේ කරපු සහනි ඒ නිසා තවත් ඇයගේ ඉංග්‍රීසි භාෂාව දියුණු කරගන්නේ ඇයටත් නොදැනීම.

අට වසරේදී සහනිට උගන්වන ගුරුතුමිය ඇයගේ ඉංග්‍රීසි ගුරුවරිය වීමේ හීනය වෙත ඇය තව දුරටත් යොමු කරනවා. මේ ගුරුතුමියගෙන් පැසසුමක් බලාපොරොත්තුවෙන් සහනි නොකරන දෙයක් නැහැ. ගුරුතුමියගේ පැසසුම බලාපොරොත්තුවෙන් සහනි ඉගෙන ගත්තා මිසක් ඉංග්‍රීසි දියුණු කරගැනීම පිළිබඳව සහනි එතරම් හිතුවේ නැහැ. කෙසේ වෙතත් පාසල් සිසුවෙකුගේ අධ්‍යාපනය වෙත ගුරුවරුන්ගේ බලපෑම ඇති විශාල එකක් බව පසක් කරමින් සහනි දිගින් දිගටම ගුරුවරියගේ පැසසුම් බලාපොරොත්තුවෙන් හොඳින් ඉගෙන ගත්තා. ඇයගේ ඉංග්‍රීසි ලියන පොත පන්තියේ ලස්සනම පොත. පොත පුරා පිරිලා තිබුණේ ගුරුවරියගේ පැසසුම් වදන්.


අට වසරේ අවසාන කාලය වනවිට සහනි ඉදිරිපත් වෙනවා ඉංග්‍රීසි භාෂා දින තරඟ වලට. නමුත් ජයග්‍රහණයක්‌ නම් නැහැ. මේ අතරතුර සහනිගේ ගමේ පුස්තකාලයෙන් සුදානම් කරනවා පුස්තකාල දින තරඟ. සිංහල , ඉංග්‍රීසි සහ දෙමල මාධ්‍ය තුනෙන්ම තරඟ පැවැත්වෙනවා කියලා දකින සහනි දෙවරක් නොහිතා සියලුම ඉංග්‍රීසි මාධ්‍ය තරඟ ඉසව් සඳහා ඉදිරිපත් වෙනවා. කථික තරගයට සහභාගී වෙන දිනයේ සහනි පුස්තකාලයට යන්නේ බයෙන් ගැහි ගැහි. තරඟයට සහභාගී වීමට විශාල සිසුන් සංඛ්‍යාවක් පුස්තකාලයට ඇවිත්. මුලින්ම සිංහල මාධ්‍ය තරඟ, දෙවැනියට දෙමළ මාධ්‍ය. ඉංග්‍රීසි මාධ්‍ය තරඟ ආරම්භ වන විට තරඟය පැවැත්වෙන තැන ඉන්නේ සහනි විතරයි. විනිසුරු මඩුල්ල තීරණය කරනවා නිතරගයෙන් සහනිට පළවෙනි තැන ලබා දෙන්න. ඒ වුනත් සහනිගේ කතාව අහන්න අවශ්‍යයි කියලා විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙක් කියන නිසා සහනිට සිදුවෙනවා තම කතාව ඉදිරිපත් කරන්න.

මේ සහනි අදුරන්නේ නැති පිරිසක් ඉදිරියේ ඉංග්‍රීසියෙන් කරන පළවෙනි කතාව. බයෙන් ගැහී ගැහී කතාව කලත් සහනි හිත සන්තෝසෙන් ගෙදර එන්නේ කිසි තරඟයක් නැතිව පළවෙනි තැන දිනා ගන්න පුළුවන් වීම නිසා. අන්තර් පුස්තකාල, දිස්ත්‍රික් සහ පළාත් මට්ටමට ගියත් එතරම් තරඟ කරුවන් රැසක් නොසිටි නිසා සහනි ඒ සියළු තරඟ වලින් පළමු තුන් දෙනා අතරට ඒමට සමත් වුනා. ජයග්‍රහණයට වඩා ඉදිරිපත් වීම වැදගත් කියන ප්‍රතිපත්තිය සහනිගේ ජීවිතයට එකතු වෙන්නේ මේ තරගයෙන් පස්සේ. තරඟ කරුවන් නොසිටි නිසා ජයග්‍රහණ කළ බව සහනි දැනගෙන හිටියත් ඇය අයිති පුස්තකාලයේ සේවකයන් සහනිට සැලකුවේ ඇය රටක රාජ්ජයක් දිනු ලෙසට. එයට හේතුව එම වසරේ සියලුම ඉංග්‍රීසි මාධ්‍ය තරඟ සඳහා තරඟකරුවෙක් ඉදිරිපත් කිරීමට සහ ඒවා ජයග්‍රහණය කළ එකම පුස්තකාලය සහනිගේ පුස්තකාලය වීමයි. මේ නිසා පුස්තකාලයේ වසා තිබු පොත් අල්මාරි ඇය වෙනුවෙන් ඇරෙනවා. 

පාසලේ නම් ඉංග්‍රීසි කථික තරඟ වලට සහනිගේ නම යෝජනා වෙන්නේ නැති තරම්. ඒ ඇය ඒ වන විට  පාසලේ නම් දරා සිටි ඉංග්‍රීසි කථික තරඟ වලට සහභාගී වන ශිෂ්‍යාවන් තරම් ප්‍රසිද්ධ කෙනෙක් නොවීම නිසා. නමුත් ඉංග්‍රීසි විෂය නායිකාව වීම නිසා ඉංග්‍රීසි ගුරුවරුන්ට වෙන්වී තිබු ගුරු විවේකාගාරයේ කොටස ඇයට ඉතාම හුරු පුරුදු තැනක් බවට පත් වෙනවා. අට ශ්‍රේණියේදී හමුවූ ගුරුතුමිය සහනිව හදුන්වා දෙනවා පාසැලේ අනෙක් ඉංග්‍රීසි ගුරුවරුන්ට. මේ අදුනාගැනීම මත පාසැලේ ආරම්භ කරන පළවෙනි ඉංග්‍රීසි විවාද කණ්ඩායමේ සහ ඉංග්‍රීසි නිවේදිකාවන්ගේ සංගමයට බැඳීමට සහනිට අවස්තාව ලැබෙනවා. ඒ ඔස්සේ අඳුනාගත් සිසුවියන් බොහෝ දෙනෙකුගේ පවුල් පසුබිම සහනිගේ පවුල් පසුබිමට වඩා වෙනස්. මේ නිසා සහනි සමහර අවස්ථාවල තමන්ගේ ලෝකයේ තනිවෙනවා. ඇය සිතනවා ඉංග්‍රීසි නිසා සමාජය දෙකඩ වෙලා තියන විදිය ගැන. නමුත් ඇය පසුබට වෙන්නේ නැහැ. ඒ සමාජය සමඟ සහනිට එකතු වෙන්න තිබුණු එකම බාධකය වූ ඉංග්‍රීසි කතාව දියුණු කරගන්න ඇය උත්සහ දරනවා. සහනිට ගෙදරදී ඉංග්‍රීසි කතාව පුහුණු වෙන්න කවුරුවත් නැති නිසා ඇය කණ්නාඩිය ඉදිරිපසට ගොස් අංග චලන සමඟ කතා කරන්න පුරුදු වෙනවා, හිතින් මිනිස්සු මවාගෙන එයාලා එක්ක තනියම කතා කරනවා, ගෙදර හිටපු සුරතලා එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවා. පාසලේදී ගුරුතුමිය සමඟ වැරදී වැරදී ඉංග්‍රීසියෙන් කතා කරනවා.

ටික කාලයක් යනකොට සහනිගේ ඉංගීසි කතාව දියුණු වුණා. ඇය පාසැලේ ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. පාසැල් ඉංග්‍රීසි විවාද කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවක් බවට සහනි පත් වුනේ නිතරගයෙන්ම. මේ වන විට සහනි තරමක් ආඩම්බරයෙන් පසු වුනේ තමන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම පිළිබඳව. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව නිසා ඇයට පාසැලේ ලැබී තිබු තැන නිසා තවත් හොඳින් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට සහනි යොමු වුණා. ඉංග්‍රීසි දන්නවා නම් ඕනෑම දෙයක් කරගැනීමට පුළුවන් කියන අදහස සහනිගේ හිතට කා වැදී තිබුණා. සහනිට අනුව එය ඇත්තක්. ඇයට ඒ වනවිට පාසැලේ ලැබී තිබු තැනට එක් ප්‍රධාන හේතුවක් ඇගේ ඉංග්‍රීසි. 

සහනිගේ දෙමව්පියන් ඇය පිළිබඳව ආඩම්බර වුණා. තමන්ට ඉංග්‍රීසි කතාව බැරි වුනත් තමන්ගේ දියණිය ඉංග්‍රීසි භාෂා තරඟ වලින්ද ජයග්‍රහණය කිරීම ඇයගේ දෙමව්පියන්ට විශාල සතුටක් ගෙනදුන්නා. දැන් සහනි 11 වසරේ. ඇය සහභාගී වූ එක් ඉංග්‍රීසි විවාද තරගයක් නැරඹීමට දෙමව්පියන්ට අවස්ථාවක් ලැබුණා. තරඟය නැරඹීමට සහනිගේ මව පැමිණෙනවා. තරගය ආරම්භ කිරීමට පෙර තරඟ කරුවන්ගේ දෙමව්පියන් එකිනෙකා සමඟ සුහද ලෙස කතා කරනවා.

තරඟය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන එකක් නිසාදෝ එම දෙමාපියන්ද කතාකරන්නේ ඉංග්‍රීසියෙන්. පාසැලේ විවාද කණ්ඩායම භාර ගුරුතුමිය සමඟ අනෙක් දෙමාපියන් ඉංග්‍රීසියෙන් කතා කරන බව දකින සහනිගේ අම්මා ඈතට වෙලා ඉන්නවා. නමුත් තරඟය ආරම්භ කිරීමට පෙර දෙමාපියන් එක පසෙකත්, සිසුන් තවත් තැනකත් වාඩි කරවීම නිසා සහනිගේ අම්මාට සිදු වෙනවා ඉංග්‍රීසි චතුරව කතා කරන ඉහල පැලැන්තියේ රස්සා කරන දෙමාපියන් සමඟ අසුන් ගන්නට.

එදින විවාද තරඟය නිමා වන්නේ සහනිගේ ජීවිතයට අළුත් අත්දැකීමක් සහ ප්‍රතිපත්තියක් එකතු කරමින්. ඒ ප්‍රතිපත්තිය සහ අත්දැකීම ගැන මීළඟ ලිපියෙන්...


37 comments:

  1. නියමයිනේ හලෝ.. ඉක්මනටම ලියන්න ඉතිරි ටිකත් :)

    ReplyDelete
  2. ලියන්නම්කො හලෝ කියවනවා නම් :)

    ReplyDelete
  3. කියවනවා තමයි හලෝ ලියන්ඩකෝ

    ReplyDelete
  4. හා එහෙනම් ලියන්නම්කො :P

    ReplyDelete
  5. මම හිතන්නෙ මාත් හොඳින් අඳුනනව ඔය සහනි කියන චරිතෙ. :)
    ඊළඟ කොටස බලාපොරොත්තුවෙන්... :)

    ReplyDelete
  6. Indranatha ThenuwaraAugust 4, 2011 at 4:39 PM

    ඔබේ භාෂා ශෛලිය හරි ම රසවත්..!!

    ReplyDelete
  7. ඔයා කොළඹ රටේ ඉඳං කොහොමද දන්නේ සහනිව? :O ඉතුරු ටික අද රෑ හෝ හෙට...

    ReplyDelete
  8. ස්තුතියි ගුරුතුමනි !!

    ReplyDelete
  9. nuwan chathurangaAugust 4, 2011 at 5:15 PM

    විගහට ඉතුරු ටිකත් ලිව්වනං

    ReplyDelete
  10. මධුරංගAugust 4, 2011 at 5:16 PM

    මම නම් මේ වෙනකනුත් සභාවක් ඉදිරියේ ඉංග්‍රිසියෙන් කතාවක් කරලා නෑ. ඔන්න ප්‍රසන්ටේශන් නම් කරලා තියෙනවා. ඒත් ඒවා කරනකොට මාරම බයකින් තමයි කරන්නේ. මොකද වරදියි කියලා බයයි.
    නංගි ඉතින් ලැන්වේජ් කරන නිසා ඉංග්‍රිසි ගැන බයක් නෑනේ. පොලොන්නරුවේ ගල් කණු යට ඉන්න කට්ටියට අපි කියන්නේ ලැන්වේජ් කරන සෙට් එක කියලා. හික්ස් :)
    මම මෙහෙම අහන්නම්. ඔය සහනි තුල ඉන්නේ ඔයාද එහෙමත් නත්නම් ඔයාගේ යාලුවෙක් ද කියලා දැන ගන්න කැමතියි. කොයික උනත් ලොකු කැපවීම් කරන්න පුලුවන් කෙනෙක්. එදහන්න වටිනවා මේ වගේ අය.
    ප.ලි. - ඉක්මනට ඉතුරු ටිකත් ලියන්න නංගි :)

    ReplyDelete
  11. ඉතුරු ටික, ඉතුරු ටික කෝ  :D මාත් ප්‍රසන්ටේෂන් වලට පණ බයයි . වරදියි කියල නෙමේ, මට කොහොමත් කතාකරන්න ගියාම වරදිනවා, කියන්න යන කරුණු අමතක වෙයි කියල තමා.

    ReplyDelete
  12. ඔය සියළුම ක්‍රම අනුගමනය නොකළත් මට නම් මගේම ක්‍රම තිබුනා ඒත් පොත් කියවන එක මගේත් පුරුද්දක් වුනා..

    ReplyDelete
  13. අක්කා මේ කතාව හිතට වදින විදිහටම ලියනවා. ඊළඟ කොටසත් එනකම් නොඉවසිල්ලෙන් ඉන්නේ :)

    ReplyDelete
  14. කියවනවා තමයි හලෝ ඔයා ලියන්න. ඤාව්.. සහනි ගැන ඔයා මට කියලා තියෙනවනේ මීට අවුරුදු ගානකට කලින්. ඉතින් මම එයාව දන්නවනේ. ඔව් deeps, උතුම් ගුරුවරු ඉන්නවා, මේ ඉන්නෙත් එහෙම කෙනෙක් මගේ ජීවිතේ, http://on.fb.me/opY1ny ඔයා දන්නවා ඇතිනේ. Sahani's English S01E03 ඉක්මනට දාන්න! :D

    ReplyDelete
  15. අපිත් කැම්පස් ආපුම අලුත ඉංග්‍රීසි පොඩ්ඩක් පැටලි පැටලි තමයි  කතා කලේ. පාවිච්චියක් නැතුව කෙහොමත් පුරුදුවෙන්නෙ නැහැනෙ. හැබැයි අපේ යූනියන් බයියලට ඒහෙම ලොකු ඕන කමක් තිබුනා අපි ඉංග්‍රීසියෙන් කතා කරන එක නවත්තන්න. අපි ඉංග්‍රීසියෙන් කතා කරද්දි ඉංග්‍රීසි බැරි ලමයි බය වෙලා පසුගාමී වෙනවලු. හෙ හෙ.
    දෙයියනෙ කියල දැන් යන්තම් කඩුවනම් යන්තම් වනාගන්න පුලුවන්!!

    ReplyDelete
  16. Wajira SomarathneAugust 5, 2011 at 2:25 AM

    කියවන්න ආස හිතෙන කතාවක්.. ඉතුරු කොටස් ටිකත් දාන්න නංගි....

    ගුරුතුමිය නිසා ඉංග්‍රීසි ඉගෙනගන්න ආස උනා කියල මම නම් මෙ ඇහුවමයි... මටනම් ඉංග්‍රීසිත් එපා උනේ උගන්නපු විදිහෙ තිබ්බ වැරැද්දට කියල තමයි මට නම් තාමත් හිතෙන්නේ... 

    ReplyDelete
  17. කියවන්න ආස හිතෙන කතාවක්.. ඉතුරු කොටස් ටිකත් දාන්න

    ReplyDelete
  18. ශිෂ්‍යත්වේ පාස් වෙලා කොළඹ ලොකු ඉස්කෝලෙට ගියහම ඉංග්‍රීසි තමයි අමාරුම වුනේ . මටත් ලැබුනා හොඳ ගුරුවරයෙක් . පාසලේ නෙමේ . නම ''රවින්ද්‍රනාත්'' . ඒ සර් නිසා ඉංග්‍රීසි මගේ ප්‍රියතම විෂයක් වුණා. අදත් මන් ඉතා බැතියෙන් සිහි කරනවා . සහනිගේ කතාවේ ඉතුරු ටික කියවන්න බලන් ඉන්නවා . ඉංගිරිසි කතාවට නම් ලංකාවේදී අපි බයයිනෙ වැරදියි කියල . ඒත් එලියට ආවම විකල්පයක් නැති නිසා කතා කරන්නම වෙනවා . අනික අපේ මිනිස්සු වැරදුනාම හිනාවුනාට සුද්දෝ අපිට ඉංග්‍රීසි වැරදුනාට හිනාවෙන්නේ නැහැ . මව් බස නොවන බසක් දැන සිටීම ගැන අගය කරනවා මිසක .

    ReplyDelete
  19.  ඉංග්‍රීසි පංති ගිහිල්ලනම් ඉගෙනගන්න බෑ කියන එක මම එදා ඉදන්ම අදහන දෙයක්.ඔන්න ඔව විදිය තමයි ඉංග්‍රීසි ඉගෙනගන්න තියෙන එකම විදිය.

    සහනි කියන්නෙ මගෙ ගෑණු ළමයගෙ නමනෙ.එයාටත් පුදුම අමාරුවක් තියේ ඉංග්‍රීසි ඉගෙනගන්න.මම හිතන්නෙ නමේ මෙව්ව එකක්ද කොහෙද?

    ReplyDelete
  20. ප්‍රතිචාර දක්වන්න ප්‍රමාද වුනාට සමාව..ඒ ගුරුතුමිය ගැන මම අහලා තිබ්බට දැක්කේ මේ පින්තුරෙන්...ඇත්තටම අම්මා කෙනෙක් වගේ...අනික ඉතින් ඔයාලගේ පන්තියේ හිටපු මක බාස්ලා එක්ක වැඩ කළා කියන්නෙත් එයා උතුම් ගුරුවරියක් කියන එක :D

    සහනි ගැන දන්නා නිසා කතාව කම්මැලිස් වේවිද මන්දා..ඔන්න ඔහේ ඕනේ එකක් වෙන්න කියලා තුන වෙනි කෑල්ලත් අද දැම්මා...

    ප.ලි. කවදා ඉදන්ද දඩි නරිස් ඔන් ද ටේබල්  ඤාව් කියන්නේ? ;)

    ReplyDelete
  21. ඉතුරු ටික ඔන්න දැන් කියවන්න පුළුවන් 

    ReplyDelete
  22. ඉංග්‍රීසි දැන ගත්තොත් ඔක්කොම හරි කියන එකට මම නම් එකග නෑ. මට නම් ඉංග්‍රීසි තවත් එක භාෂාවක් විතරයි. අනික ඕන තැනක සිංහලෙන් කතා කරන්න බය වෙන්න ඕනේ නෑ. මට නම් සිංහලෙන් කතා කරන එක ඇත්තටම ලොකු දෙයක්. මොනා උනත් නොදන්න දෙයක් ඉගෙන ගන්න තිබුන සහනිගේ වුවමනාව ඉතාමත් අගෙයි. හැබැයි එකක් කවදාවත් ඉංග්‍රීසි බෑ කියලා පැත්තකට වෙලා නම් ඉන්න එපා. කොටින්ම ඒක ලැජ්ජ වෙන්න දෙයක් නම් නෙමේ.

    ReplyDelete
  23. සභාවක් ඉදිරියේ කතා කරන්න බය වෙන්නේ මොකෝ..ඔය භාෂාව අපේ භාෂාව නෙවේනේ. ඕනේ තරම් වැරදි කරන්න පුළුවන්...හික්ස්...ඒ විතරක් නෙවේ, තව ගොඩක් නම් කියනවනේ එයාලට ;) අප්පේ අනිත් ප්‍රශ්නය...මම හොඳින්ම දන්න කෙනෙක්ගේ ඉංග්‍රීසි කතාව තමා මේක...ඔන්න තුන් වෙනි කොටසත් දැම්මා. කියවලා බලන්නකෝ..

    ReplyDelete
  24. එහෙම වෙන්නේ කලබල වුනාම. සන්සුන් වෙලා ඉන්නවා නම් අමතක වෙන්නේ නැහැ කියන්න යන දේ 

    ReplyDelete
  25. ඔව් එක එක පුද්ගලයාට තමන්ට ආවේණික ක්‍රම තියෙන්න පුළුවන්...කැමති නම් ඒ උපක්‍රම බ්ලොග් කියවන්නන් එක්ක බෙදාගන්න. හැමෝම ආසා වේවි දැනගන්න 

    ReplyDelete
  26. ඊළඟ කොටසටත් කමෙන්ට් කරලානේ ඒක දැම්ම ගමන් :) 

    ReplyDelete
  27. හප්පා..ඔය බයියලා නිසා ළමයින්ගේ ඉංග්‍රීසි අවුල් වෙන හැටි මාත් දැකලා තියනවා. ඒක නම් මහා බොරු වැඩක්...මොන ක්‍රමයෙන් හරි කඩ්ඩ වනා ගන්න පුළුවන් නම් එච්චරයි. ඒක ගොඩක් වැදගත් ජීවිතයට 

    ReplyDelete
  28. ස්තුතියි මල්ලි 

    ReplyDelete
  29. හ්ම්ම් සහනිව නම් ඉංග්‍රීසි වලට පිස්සු වැට්ටුවේ අර ගුරුතුමිය...මටත් සමහර විෂයන් එපා වෙලා තියනවා උගන්වපු ගුරුවරුන් නිසා...මොනවා කරන්නද ඉතින් :( අවසාන කොටස අද දැම්මා 

    ReplyDelete
  30. මෙන්න කතාව.. "සුද්දෝ අපිට ඉංග්‍රීසි වැරදුනාට හිනාවෙන්නේ නැහැ . මව් බස නොවන බසක් දැන සිටීම ගැන අගය කරනවා මිසක" සහනිගේ කතාවේ ඇයට හමුවෙන සුද්දෝ ඇගේ ඉංග්‍රීසි දියුණු කරගන්න උදව් කරන්නේ මේ නිසා..

    ReplyDelete
  31. හී වෙන්න ඇති :) ගෑනු ළමයත් මහන්සි වෙනවා නම් ඉගෙන ගන්න පුළුවන් ....සුභ පැතුම් එයාගේ ඉඳිරි ගමනට  

    ReplyDelete
  32. ඊළඟ ලිපියෙන් කියෙව්වොත් බුඩි ගේ ප්‍රශ්ණ කිහිපයකට උත්තර ලැබේවි..හ්ම්ම් ඔව් සිංහල කතා කරන ඒක ලැජ්ජාවක් නෙවේ, ඒත් ඒක තේරුම් ගන්නකොට කෝච්චිය ගිහින් ඉවරයිනේ..

    ReplyDelete
  33. තැන්කූය.. (: සේරම කියෙව්වාය කෝ S02 නැතිලුද? :)
    ප.ලි. පහුගිය අනිද්දා :]

    ReplyDelete
  34. මේ කොටසත් අපූරුයි නගේ

    ReplyDelete
  35. ස්තුතියි අයියා

    ReplyDelete