Wednesday, August 3, 2011

සහනිගේ ඉංග්‍රීසි

අපි ඇයට සහනි කියමු. සහනි මෙලොව එළිය දකින්නේ 1988 අවුරුද්දේ. ඇයගේ පියා ආර්ථික අපහසුතා මත 4 වැනි ශ්‍රේණියෙන් පාසල් අධ්‍යාපන කටයුතු නතර කර දහඩිය මහන්සියෙන් තම දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් ජීවත් කරවූ උතුම් චරිතයක්. මව විවාහයෙන් පසු තමන්ගේ ජීවන වෘත්තීය වූ ඇගළුම් කම්හලක වැඩ බැලීමේ තනතුරින් ඉල්ලා අස්වී තම ස්වාමියාගේ වැඩ කටයුතු සහ ඔහුගේ පවුලේ සුභ සිද්ධිය පතා මහන්සි වූ අපූරු කාන්තාවක්.

සහනි මට මුණගැසෙන්නේ ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් පසුව මා ඇතුලත් වූ පාසලේදී. එහිදී ඇති වූ ඒ මිතුරු දම තාමත් පවතින බව මතක් කරන්නේ සතුටින්. හිටි අඩියේ ඇයගේ කතාව ලියන්නට සිත් වූයේ මෑතක දී ඇය සමඟ කළ කතාබහක්. ඇයගේ කතාව බොහෝ දෙනෙකුට ආදර්ශයක් වීමට ඉඩ ඇති නිසා බ්ලොග් අවකාශයේ පළ කිරීමට මා ඇයගෙන් අවසර ඉල්ලා සිටියා. ඇයගෙන් අවසර ලැබුණ නිසා ඇගේ ජීවන ගමනේ එක් පැති කඩක් අද සිට කොටස් වශයෙන් මේ බ්ලොග් අඩවියේ සිට ඔබට කියවන්නට ලැබේවි.





සහනි පෙර පාසලේ සිටම ඉගෙනීමට දක්ෂතා දැක් වූ ශිෂ්‍යාවක්. කුඩා කළ ඇය නිදාගන්නේ කොට්ටය යට තමන්ගේ පොත් ගොඩ හංගාගෙන. නමුත් ඒ අළුත්, සුවඳ හමන පොත් නොවෙයි. ඇයගේ මව සහ පියාගේ සහෝදර සහෝදරියන් වසර ගණනාවකට කලින් තම අධ්‍යාපනය සඳහා භාවිතා කර ඒ වන විට ඉවත දමා තිබු පොත්. මේ පුරුද්ද නිසා සහනි පාසලේ පළමුවෙනි ශ්‍රේණියට ඇතුල් වන විට දෙවැනි ශ්‍රේණියේ පොත් පවා කියවා තේරුම ගැනීමට ඇයට හැකියාවක් තිබුණා.

පාසලේ සියලු විෂයන් සඳහා සහනි ඉතා දක්ෂ ආකාරයට ලකුණු රැස් කළා. නමුත් ඉංග්‍රීසි විෂය ඇයට නොතේරෙන, ලකුණු අඩුවෙන්ම ලැබෙන විෂයක්. මට මතක විදියට මේ 7 ශ්‍රේණියේ අවසාන කාලය. ටියුෂන් සංකල්පය සමාජයේ මුල් බැහැ ගන්නට පටන් ගත් මේ කාලයේ ඇගේ මව සහ පියා සහනි ඇතුලත් කරනවා මහනුවර ප්‍රදේශයේ තිබු එක්තරා ඉංග්‍රීසි උගන්වන ආයතනයකට.

මේ ආයතනයේදී ඇයට මුණ ගැසෙනවා විවිධාකාර චරිත. රට යෑමට කලින් ඉංග්‍රීසි දැනුම ඔප මට්ටම කරගැනීමට පන්තියට පැමිණෙන අය සහ වෙනත් පාසල් සිසුන් ඒ අතරින් විශේෂයි. ඒ සියල්ලටම වඩා ඇයට මුණ ගැසෙන ගුරුවරිය ඇයගේ සිත් ගන්නවා. මේ ගුරුවරිය තම පාසල් අධ්‍යාපනය නිම වූ සැනින් අදාළ ආයතනයේ ඉගෙනීමට පැමිණි කෙනෙක්. ඇයගේ චතුර භාෂා විලාසය සහ කම්මැලි නොවන ඉගැන්වීමේ දක්ෂතාවය සහනිට අළුත් බලාපොරොත්තුවක් ලබා දෙනවා. ඒ ඉංග්‍රීසි ගුරුවරියක් වීමට.

මේ ගුරුවරිය නිතරම ළමුන් උනන්දු කරවනවා රූපවාහිනියේ ඉංග්‍රීසි පුවත් සහ වැඩසටහන් නැරඹීමට. නමුත් සහනි ඒ සඳහා යොමු නොවෙන්නේ ඇයට ඒ වැඩසටහන් වල කියන කිසිම දෙයක් තේරුම ගැනීමට නොහැකි නිසා. කතාකරන ඉංග්‍රීසි ඇයට තේරුම ගැනීමට අපහසු කතා කරන වේගය ඇයට දරා ගැනීමට බැරි තරම් වැඩි වීම. කවදාවත් බලන්නේ නැති ඉංග්‍රීසි රූපවාහිනී වැඩසටහනක් බලන්නට සහනිට සිදුවෙන්නේ පන්තියේ ගුරුතුමිය දුන්න ගෙදර වැඩක් නිසා.

"ළමයි මේ සතියේ ලියන්න ගෙදර වැඩ නැහැ. ඔයාලට ඒ වෙනුවට තියනවා වෙන වැඩක් කරන්න. ගෙදර ගිහින් ඩිස්කවරි නාලිකාවේ (ඒ දිනවල ඩිස්කවරි නාලිකාවේ වැඩසටහන් ජාතික රුපවාහිනිය ඔස්සේ නැරඹීමට හැකියාවක් තිබුණා) ප්‍රචාරය වෙන වැඩසටහනක් බලන්න. වැඩ සටහන තිබ්බ වෙලාව, වැඩසටහනේ නම සහ ඒ වැඩසටහනෙන් ඔයාලා ඉගෙන ගත්තු දේවල් ගැන පන්තිය ඉස්සරහ ඊළඟ දවසේ විනාඩි 5 ක් කතා කරන්න ඕනේ"

මේ වන විට සහනි ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැඩි උනන්දුවකින් කටයුතු කළ කාලයක්. පන්තියේ දෙන ගෙදර වැඩ ඇය නිම කලේ පන්තියේ අනෙක් හැමෝටම වඩා හොඳට. නමුත් මේ ටී වී ගෙදර වැඩේ ගැන නම් ඇය සතුටු වුනේ නැහැ. ඇයගේ දෙමාපියන් ඉංග්‍රීසි භාෂාව නොදැන සිටීම එක් හේතුවක්. මවට ලිවීමේ සහ කියවීමේ හැකියාව යම් තාක් දුරට තිබුනත් ඇසීමේ සහ තේරුම ගැනීමේ හැකියාව ඉතාමත් අඩු මට්ටමක තිබුන නිසා මේ ක්‍රියාකාරකම ඇයව දුකට පත් කළා.

"අනික් ළමයින්ගේ අම්මලා තාත්තලා හොඳ රස්සා කරන අය. එයාලට ඉංග්‍රීසි පුළුවන්. එයාලා අම්මලා තාත්තලාගේ උදව් අරගෙන වැඩසටහනක් ගැන හොයාගෙන ඒවි"

සහනිට හිතුනේ එහෙම. ඒ අදහස ඔලුවේ තියාගෙනම සහනි රූපවාහිනිය ඉදිරිපිට වාඩි වෙන්නේ ඩිස්කවරි නාලිකාව නැරඹීමට. ඇයට එක් වැඩසටහනක් වත් තේරෙන්නේ නැහැ. සතියක් පුරාවට මහන්සි වෙලා ඒක දවසක් ඇයට නැරඹීමට පුළුවන් වෙනවා තල්මසුන් ගැන වැඩසටහනක්. මේ වැඩසටහන පුරාවටම සැරින් සැරේ වැඩසටහනේ සාරාංශය කුඩා වීඩියෝවකින් පෙන්නනවා. කිහිපවතාවක් එකම දේ ඇසීම සහ දැකීම නිසා ඒ සාරාංශයේ සාරය සහනිගේ මනසේ තැන්පත් වෙනවා. ඇය ඊළඟ දිනයේ ඒ සාරාංශය ගැන පන්තියේදී කතාකරනවා. විනාඩි 5 ක් කතාකරන්න කාලය ලැබුනත් ඇයට කතා කරන්නට වෙන්නේ මිනිත්තු දෙකක්, තුනක් පමණයි. මෙය ඇයට ලැජ්ජාවක්. අනෙක් ළමුන් චතුර ලෙස ඉංග්‍රීසි කතා කලත් සහනිගේ කතා කිරීමේ හැකියාව තිබුණේ ඉතාමත් පහල මට්ටමක. නමුත් මේ වෙනකොට ඇයගේ උනන්දුව නිසාම ඇයගේ ඉංග්‍රීසි ලේඛන හැකියාව බොහෝ දුරට වර්ධනය වී තිබුණා. සහනි තම ලේඛන හැකියාව දියුණු කරගත්තේ අපූරු ආකාරයකට.

ලිවීමේ හැකියාව දියුණු කරගැනීමට අවශ්‍ය නම් කියවිය යුතු බව ඇයට මේ වනවිට තේරුම් ගෙන තිබුණා. සහනි පාසලේ පළමු වසරේ සිටම ගමේ පුස්තකාලයේ සාමාජිකාවක් වුවත් ඇය ඉංග්‍රීසි පොත් කියවීමට පටන් ගන්නේ 7 ශ්‍රේණියේ පටන්. ඇය ගමේ පුස්තකාලයේ පොත් කියවීමට පටන් ගන්නවා. එම පොත් කියවන විට හමුවන අළුත් වචන සහ තේරුම කුඩා පොතක සටහන් තබාගන්නවා. කතාකිරීම කෙසේ වෙතත් ඉංග්‍රීසි භාෂාවට කට හුරු කරගැනීමට අවශ්‍ය නිසා ඇය ශබ්ද නගා පොත් කියවනවා. විරුද්ධ පද සමාන පද, ස්ත්‍රී ලිංග , පුරුෂ ලිංග නාම පද කට පාඩම් කරනවා.




පාසලේ ඉංග්‍රීසි භාෂාව සඳහා රචනයක් ලිවීමට සිදු වුවහොත් ඇය භාවිතා කරන්නේ ඇයටම ආවේණික වූ ක්‍රමයක්. රචනාවේ අන්තර්ගතය ගැන ඇය හිතන්නේ දෙවැනියට. පළවෙනියට ඇය හිතන්නේ රචනාවේ භාවිතා කරන වචන පිළිබඳව. රචනාව ලියන්න ආරම්භ කිරීමට කලින් ඇය තමන්ගේ ශබ්ද කෝෂයේ පිටු පෙරලනවා අහඹු විදියට. අහම්බෙන් පෙරලෙන පිටුවෙන් අදාළ රචනාවට ඇතුල් කළ හැකි වචනයක් සොයාගන්නවා. ඒ වචනය සහ තේරුම වෙනම කොළයක ලියාගන්නවා. වචන 10 ක් 15 ක් විතර එකතු වු පසු සහනි කල්පනා කරනවා රචනාව ලිවිය යුතු ආකාරය. ඇයගේ පළවෙනි කාර්යය අර අලුතෙන් සොයාගත් වචන රචනාවට එක් කරන්නේ කෙසේද යන්න සිතා බැලීම. වචන වලට ගැලපෙන ආකාරයට රචනාව ලිවීම නිසා ඇයගේ රචනා අමුතුම ස්වාභාවයක් ගන්නවා. ඒවාගේ අළුත් වචන විශාල ගණනක් සහ අමුතු අදහස් ඇතුලත් වෙනවා. ඉංග්‍රීසි පොත් වලින් සොයාගන්නා විවිධාකාර යෙදුම් සහ වාක්‍ය විදි තමන්ගේ රචනාවලට යොදා ගැනීම නිසා සහනිගේ ඉංග්‍රීසි ලේඛණ හැකියාව ඉක්මනින් දියුණු වෙනවා.

අමුතු රචනා ලියන සහනිව 8 වසර ඉංග්‍රීසි ගුරුතුමියගේ අවධානයට යොමු වෙන්නේ මේ කාලයේදී. ඒ ගුරුතුමිය සහ ඉංග්‍රීසි නිසා සහනිගේ ජීවිතය වෙනස් වෙන්නේ සහනි කවදාවත් නොහිතපු විදියට.

කතාවේ දෙවැනි කොටස


35 comments:

  1. ඉක්මනට ඉතිරි කොටස් ටිකත් දාන්න :)

    ReplyDelete
  2. මධුරංගAugust 3, 2011 at 4:18 PM

    ගොඩක් දුක් විඳලා ජීවිතේ ගොඩ නඟා ගන්න උත්සහා දරන කෙනෙක්ගේ ජීවිත කතාවක දිගහැරුම. මම් ගොඩක්ම ආසයි මේවගේ කතා කියවන්න. මොකද නිලියකගේ අලුවෙකුගේ ඕපදූප කියවනවට වඩා මේ වගේ කතාවක් කියෙව්වම ගන්න පුලුවන් ආදර්ශ ගොඩයි.
    නමුත් ජාතියේ හරි අපේ හරි අවාසනාවට මෙහෙම කතා පත්තර වල යනවා ගොඩක්ම අඩුයි. නංගිට ගොඩක්ම ස්තුතියි මෙහෙම කෙනෙක් ගැන බ්ලොග් එකේ ලිව්වට !!!!!!
    ඉතුරු කොටසත් ඉක්මනටම ලියන්න. මොකද හොද දෙයක් ඉක්මනින් ලබෙන තරමට තමයි හොද !!!

    ReplyDelete
  3. dileepa sandaruwanAugust 3, 2011 at 4:29 PM

    kathawanam hodai wage..duk widala igena gannakota thama age wadi..:)

    ReplyDelete
  4. මි හරක් පිඩියාAugust 3, 2011 at 4:53 PM

    අනිත් කොටස් ටිකත් ඉක්මනට දාන්න.මොකද ඔය වගේ කතාවක් මම කියවන්නෙ කාලෙකින්.

    ReplyDelete
  5. අපූරු දක්ෂ චරිතයක් වගේ..

    ReplyDelete
  6. ඉතිරි කොටසත් ඉක්මනට දාන්න අක්කා :)

    ReplyDelete
  7. ගොඩාක් හොද වැඩක්, කවෘහරි ජීවිතේ ජය ගන්නවා නම් ඒක පිටිපස්සේ ලස්සන කතා ගොඩාක් තියෙන්න ඕනේ. ජයම විතරක් නෙමේ අසාර්තක් වෙන අය පිටිපස්සෙත් කතා ගොඩයි. කාගේ හරි ජීවිතේකින් පාඩමක් ඉගෙන ගන්න පුලුවන් නම් ඒක අපේ ඇත්දැකීම් වලට ගොඩාක් උදව් වේවි. ඉතින් ඒ ගැන ලියන දීප්ස්ට තුති.
    ඒ වගේම දවසක දීප්ස්ගේ කතාවත් කියවන්න අපි කැමතියි. ඒකත් මේ වගේම ලස්සන එකක් වේවි, ඉගෙන ගන්න ගොඩාක් දෙවල් තියේවි. සාර්ථකව ජීවිතේ ජය ගන්න සුභ පැතුම්.

    ReplyDelete
  8. ආදර්ශමත් කතාවක් වගේ.. මේව තම්යි ලියන්න ඕන.. නැත්නම් ලංකාවෙ බ්ලොග් කෙලියත් නිකම් දෙකේ කොලේට වැටෙනව.. ලියහන් කෙල්ලෙ දිගටම කොමෙන්ට් නැතත් අපි කියවනව...

    ReplyDelete
  9. හොඳ කතාවක් වගේ. ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න

    ReplyDelete
  10. ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන්ඩේ යූ කැන් ෆ්ලයි..............

    ReplyDelete
  11. ඉංග්‍රිසි.. වෙලාවකට හිසරදයක්. වෙලාවකට විනෝදයක්..

    ReplyDelete
  12. සහනි කියන නම තියන සේරම එක වගේ වෙන්න ඇති අක්කෙ. මගෙත් කිට්ටුම යාළුවෙක් ඉන්නව සහනි කියල. එයත් දක්ෂම විෂය ඉංග්‍රීසි. ඒ සේරම ඉගෙනගෙන තියෙන්නෙ එයාගෙම උත්සාහයෙන්. අක්කගෙ යාළුව වගේම තමයි බෑ කියල පස්ස ගහන්නෙ නෑ. "Yes I Can" type. හැබැයි එහෙම යාළුවෙක් හිටිය නිසා මගේ ජීවිතෙත් වෙනස් උනා. හොඳ යාළුවො ඉද්දි ඕනෙම කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්.

    අනිත් කොටසත් ඉක්මනටම ලියන්න අක්කෙ

    ReplyDelete
  13. මට කියන්න මුකුත් දෙයක් නැතිවීම පිළිබඳව සමාවෙන්න. වටින ලිපියක් (ලිපි පෙලක්?) කියල කියන්නයි මට ඕනෙ වුනේ. :)

    ReplyDelete
  14. ඉංග්‍රීසි ඉගෙනගන්න තියෙන හොදම විදියක් තමයි පුළුවන් තරම් කියවන එක .. ඉංග්‍රීසි නවකතා / පුවත්පත් , ඉංග්‍රීසී ගීත / චිත්‍රපට බලන එකත් කඩ්ඩ ඉගෙනගන්න තියෙන හොද විදියක්..
    බලමු අනිත් කොටසත්ආදර්ශමත් කතාවක් :)

    ReplyDelete
  15. මීට ටිකක් සමාන චරිතයක් මටත් හම්බ වෙලා තියෙනව. ඉතිරි ටිකත් ඉක්මනට දාන්න. 

    ReplyDelete
  16. ඉතුරු ටික අද දවස ඇතුලත කියවන්න පුළුවන් වේවි :)

    ReplyDelete
  17. ස්තුතියි අයියා. මට මේ දක්වා හමුවෙලා තියන ගොඩක් ඇය කියනවා අනේ අපිට ඉංග්‍රීසි බෑ කියලා. එහෙම නැත්තම් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඒක අමාරුයි කියලා. ඒ අයට ආදර්ශයක් වෙන්න කියලා හිතාගෙන තමා මේ කතාව ලියන්න පටන් ගත්තේ. 

    ReplyDelete
  18. ඔව්...එතකොට තේරෙනවා ඉගෙන ගත්ත එකේ වටිනාකම සහ ඒ ඉගෙන ගත්ත දේ පාවිච්චි කරන්න ඕනේ විදිය කියන දෙකම. ඉස්සරහට ඒ දේවල් ගැන කියවන්න ලැබේවි 

    ReplyDelete
  19. කස්ටියගේ ඉල්ලීම මත අනිත් කොටස ලියන්න පටන් අරගෙන තියෙනේ...:)

    ReplyDelete
  20. ඒක මට තීරණය කරන්න බැහැ. කතාව කියවලාම බලන්න 

    ReplyDelete
  21. හලෝ බඩී!! මගේ කතාව නම් ඔයාගේ කතාව තරම් අත්දැකීම් වලින් පිරුණු එකක් නෙවෙයි.....ඒත් නිවාඩු පාඩුවේ ලියන්නම්කො ඒ ගැනත්. ස්තුතියි සුභ පැතුම් වලට...

    ReplyDelete
  22. කියවනවා කියලා දන්නවා. ඒක නිසා ලියනවා :)

    ReplyDelete
  23. ලියන ගමන් මේ 

    ReplyDelete
  24. සහනිට නම් ඉංග්‍රීසි එයාගේ ප්‍රේමවන්තයා :)

    ReplyDelete
  25. මේ කතාවේ සහනි කියන නම නම් බොරු එකක්. ඒත් මේ විදිය චරිත ඕනෑ තරම් අපේ සමාජයේ ඉන්නවා. හැබයි හැංගිලා ඉන්නේ.ඔව් සහනි නිසාත් කිහිප දෙනෙක්ගේ ජීවිත වෙනස් වෙනවා. ඒ ගැන ඉදිරියට ;)

    ReplyDelete
  26. අප්පේ බ්ලොග් රජා!! (හිතං ඇති :P ) ආවත් මදෑ මේ පැත්තට 

    ReplyDelete
  27. එකඟයි. තව කතා කරන එක ත් මේ ගොඩට අදාලයි 

    ReplyDelete
  28. බලමු ඔයා දන්නා චරිතය මේ චරිතයට කොච්ච්ච්ර සමානද කියලා ඊළඟ ලිපියෙන් 

    ReplyDelete
  29. මධුරංගAugust 4, 2011 at 1:39 PM

    ඔයාට කියන්න මාත් හිතාගෙන ඉන්නේ ඉංග්‍රිසි බෑ. ඉංග්‍රිසි අමාරුයි කියලා. හික්ස් :)
    ඒ උනාට ගේම අතාරින්නේ නෑ. කොහොමහරි ගොඩ දාගන්නවා.

    ReplyDelete
  30. එහෙම තමා ඉන්න ඕනේ!!


    ප.ලි. ඔන්න ටිකකට කලින් දෙවැනි කොටසත් පබ්ලිෂ් කළා.

    ReplyDelete
  31. මධුරංගAugust 4, 2011 at 5:09 PM

    කියවනෝ !!!!

    ReplyDelete
  32. අඩේ නියමයි බන් නගේ . . . කාලෙකින් අදයඉ බ්ලොග් එකක් කියවන්න පොඩි නිවාඩුවක් ලැබුනේ . . ඒ නිසා පරන පෙඔස්ට් ගොඩක් මිස් වෙලා . . ඒත් අනිත් මේ සෙට් එකේ අනිත් කොටස් දෙකත් අද දවස අතුලත බලල ඉවර කරන්න ඕන කියලා හිතුනා . . නියමයි . . 

    ReplyDelete
  33. පහුගිය කාලේ ගොඩක් ලිව්වේ නැහැ අයියේ..මේ නිවාඩු කාලේ තමා ලියන්න පටන් ගත්තේ...අනිත් ලිපි දෙක කියවලා අයියා දාලා තිබ්බ ප්‍රතිචාර දැක්කා, ස්තුතියි :)

    ReplyDelete