මේක නම් බ්ලොග්ස්පොට් බ්ලොග් සඳහා පමණයි. සමහරු නම් මේ ගැන දන්නවත් ඇති. නොදන්නා අයටයි මේ කතාව.මතකනේ මම දවසක් ලිව්වා බ්ලොග් වල අනිවාර්යෙන් තියෙන්න ඕනේ මොනවද කියලා. එතැනදී ගොඩක් අය කියලා තිබ්බා ගැජට් කෑලි තිබ්බම හරි වදයක් කියලා. දැන් බ්ලොගර් වලින්ම ක්‍රමයක් තියනවා ගැජට් කෑලි නැතිව බ්ලොග් බලන්න පුළුවන්. දැනට තියනවා ක්‍රම පහක්. එකින් එක බලමු පොඩ්ඩක්.
Flipcard
- පොස්ට් ටික රූප විදියට පෙන්නනවා.
- පින්තූරයක් උඩට මවුස් එක ගෙනියනකොට පොස්ට් එකේ නම සහ කමෙන්ට් ගාන පේනවා
- පින්තූරයක් උඩ ක්ලික් කළොත් පොස්ට් එක ඕපන් වෙනවා
- ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නම් සාමාන්‍ය විදියට ලිපිය ලෝඩ් කරගත යුතුයි (සිංහලෙන් කියනවා නම් post a comment ක්ලික් කළාම වෙන tab එකක සාමාන්‍ය විදියට පෝස්ට් එක ලෝඩ් වෙනවා)
- රූපයක් උඩ ක්ලික් කළොත් සම්පුර්ණ ලිපිය පෙන්නනවා
- ලෝඩ් වී ඇති ලිපියට කලින් ලියවුනු ලිපි උඩිනුත්, එයට පසුව ලියවුනු ලිපි යටිනුත් පෙන්නනවා
- ලිපි වලට අදාළ රූප මුල පිටුවේ පෙන්වන්නේ අහඹු ආකාරයට
- ප්‍රතිචාර දැක්වීමේ ලින්ක් එක පෙනෙන්නේ නැහැ
- screen rotation සඳහා සහය දක්වනවා.
Sidebar
- ලිපිවල මාතෘකා, ප්‍රතිචාර ගණන සහ ලිපියේ අඩංගු වෙලා තියන පින්තුරය පැත්තකින් පෙන්නවා.
- කියවන්න හිතුන ලිපියේ මාතෘකාව උඩ ක්ලික් කළාම ලිපිය පේනවා.
- ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නම් සාමාන්‍ය විදියට ලිපිය ලෝඩ් කරගත යුතුයි (සිංහලෙන් කියනවා නම් post a comment ක්ලික් කළාම වෙන tab එකක සාමාන්‍ය විදියට පෝස්ට් එක ලෝඩ් වෙනවා)
Snapshot
- පින්තුර සහිත පෝස්ට් විතරයි පෙනෙන්නේ
- පින්තුරය උඩට මවුස් පොයින්ටරය ගෙන ගිය විට අදාළ ලිපියේ කුඩා කොටසක් බලාගන්න පුළුවන්
- පින්තූරය උඩ ක්ලික් කලවිට සම්පුර්ණ ලිපිය කියවන්න පුළුවන්.
Timeslide
මේක පොඩ්ඩක් සංකීර්ණයි. බ්ලොග් අඩවිය පෙන්නන්නේ තීරු තුනකට
- වම් තීරුව : පින්තූරයක් සහ ලිපියකින් කුඩා කොටසක්. ලිපි තෝරාගෙන ඇත්තේ අහඹු ආකාරයට. නමුත් ඒවා පෙන්වන්නේ ලියපු දිනය අනුව. ඒ කියන්නේ ළඟදී ලියපු ලිපිය පළවෙනියට සහ ගොඩ කාලෙකට කලින් ලියපු ලිපිය අන්තිමට.
- මැද තීරුව : ලිපියේ මාතෘකාව සහ ලිපියෙන් කුඩා කොටසක්
- දකුණු තීරුව : ලිපියේ මාතෘකාව විතරයි පෙන්නේ, මවුස් එක මාතෘකාව උඩට ගෙනියනකොට ලිපියේ කුඩා කොටසක් සහ ප්‍රතිචාර ගණන පෙන්නනවා
කොහොමද මේක අපේ බ්ලොග් අඩවියට ඇතුල් කරගන්නේ?
- බ්ලොග් අඩවිය ඕනෑම කෙනෙකුට බැලිය හැකි පරිදි සකසන්න. එනම් blogger settings වල Who can view this blog යන්න anybody ලෙස තිබිය යුතුයි. වැඩිපුර විස්තර මෙතනින් බලන්න.
- බ්ලොග් ෆීඩ් සකසා තිබිය යුතුයි. settings --> site feed වෙත ගොස් Allow Blog Feeds, full හෝ until jump break ලෙස සකසන්න. වැඩි විස්තර මෙතනින්
- ඉන්පසු settings --> formatting හි enable dynamic views "yes" ලෙස සකසන්න
කොහොමද බ්ලොග් අඩවියක් මේ විදියට බලන්නේ?
- බ්ලොග් අඩවියේ සාමාන්‍ය ලිපිනය අගට "/view" එකතු කළාම ලැබෙන ලිපිනයෙන් අපිට මේ අළුත් විදියට බ්ලොග් අඩවිය කියවන්න පුළුවන්. උදාහරණයක් විදියට http://deepsgelokaya.blogspot.com/view
- ඒ ලිපිනයට ගියාම අපිට පුළුවන් තිරයේ දකුණු පස උඩින් තියන බොත්තම භාවිතා කරලා තමන්ට කැමති දර්ශන අකාරය තෝරාගන්න.
- බ්ලොග් අඩවියේ නම දැක්වෙන තීරුවේ ක්ලික් කල විට ලැබෙන bar එකට වෙන ඕනෑම blogger බ්ලොග් අඩවියක ලිපිනය ඇතුල් කරලා ඒ බ්ලොග් අපිට මේ විදියට බලන්න පුළුවන්.
එහෙම නැත්තම් එක් එක් දර්ශන ආකාර අනුව වෙනම ලිපින ලබාගන්නත් පුළුවන්
- Flipcard: [blogURL]/view/flipcard
- Mosaic: [blogURL]/view/mosaic
- Sidebar: [blogURL]/view/sidebar
- Snapshot: [blogURL]/view/snapshot
- Timeslide: [blogURL]/view/timeslide
වාසි සහ අවාසි
වාසි අවාසි කියලා ඔක්කොම එකට ලියන්නේ මට වාසියි කියලා හිතෙන දෙයක් තවත් කෙනෙකුට අවාසියක් වෙන්න පුළුවන් නිසා.
- පරණ බ්‍රව්සර වල ක්‍රියා නොකිරීම
- ප්‍රතිචාර දැමීමට අවශ්‍ය නම් බොහෝ වෙලාවට සාමාන්‍ය ලෙස ලිපිය ලෝඩ් කිරීමට සිදුවීම
- ලිපි සියල්ල එක තැන පෙන්වන නිසා කියවන්නා බොහෝ කාලයක් අඩවියේ රඳවා ගැනීමට හැකි වීම.
- බ්ලොග් අඩවියට එක් කර ඇති නොයෙකුත් විජට් ආදිය නොපෙන්වීම
- සරල නිමාව