Thursday, July 28, 2011

DISQUS වල කමෙන්ට් දාන්නේ කොහොමද?

DISQUS කියන්නේ මගේ බ්ලොගේ දාලා තියන ප්‍රතිචාර පද්ධතිය. මේක දාන්න හිතුවේ දැනට බ්ලොගර් මගින් ලබාදෙන ප්‍රතිචාර ලබා දීමේ ක්‍රමයට මම එච්චර කැමති නැති නිසා. මේකෙන් කරන්න පුළුවන් දේවල් ගැන දැනගන්න ඕනේ නම් මෙතන බලන්න.

ගැටළුව : මේ DISQUS නිසා ප්‍රතිචාර ලබාදෙන්න අමාරුයි කියලා කට්ටියක් කියලා තිබ්බා. තව සමහරු චෝදනා කරලා තිබ්බා තමන්ගේ වෙබ් අඩවියේ ලිපිනය ප්‍රතිචාරයට එකතු කරන්න බැහැ කියලා.


පිළිතුර : එහෙම කරන්න පුළුවන් වගේම ප්‍රතිචාර ලබා දෙන එක එච්චර අමාරුවක් නැහැ. සාමාන්‍ය ක්‍රමයට වඩා පොඩ්ඩක් වෙනස් එච්චරයි.

කොහොමද? : මුලින්ම ඔබට පෙනෙන්නේ මේ ආකාරයේ කොටුවක්. දක්වා ඇති සේවා වලින් ඔබ කැමති නම් log වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ප්‍රතිචාරය සටහන් කරලා post as බොත්තම ඔබන්න.



එවිට ඔබට පෙනේවි පහත ආකාරයේ පොඩි ෆෝරමයක්. එතනින් ඔබ කැමති නම් වර්ඩ්ප්රෙස් ප්‍රතිචාර කරන ආකාරයට නම, ඊ මේල් ලිපිනය සහ වෙබ් අඩවිය සදහන් කර ප්‍රතිචාරය ලබා දෙන්නට පුළුවන්. වෙබ් අඩවිය සදහන් කිරීමට අවශ්‍ය නම් link to your website සබැඳිය මත ක්ලික් කරන්න.

එවිට ඔබට ලැබෙන මෙම ෆෝරමය වර්ඩ්ප්රෙස් වලට සමානයි නේද?



 බය වෙන්න එපා, මේ වැඩේ කරන්න ඕනේ එක පාරයි. මේ එහෙම දාපු ප්‍රතිචාරයක් බ්ලොග් අඩවියේ දිස් වන ආකාරය. නමට ලින්ක් වෙලා තියනවා අදාළ පුද්ගලයාගේ බ්ලොග් අඩවිය.




මේකේ මම ආසම දේ තමා ලේසියෙන්ම බ්ලොගයට ඇතුලත් කරගැනීමේ හැකියාව සහ ලේසියෙන්ම මෙනු තුලින් සැකසුම් වෙනස් කිරීමට ඇති හැකියාව. උදාහරණයකට මෙන්න මගේ ඇඩ්මින් පැනලය. කරන්න ඕනේ වෙනස් කම් කරලා සේව් කරන්න විතරයි තියෙන්නේ. කෝඩ් එඩිට් කරන්න මොකුත් නැහැ. හැබැයි කෝඩ් එක එඩිට් කරන්න ආසා අයට ඒ පහසුකමත් තියනවා. මීට අමතරව තියන පහසුකම් ඔක්කොම වගේ මෙතන තියනවා.

DISQUS admin panel

හරි දැන්, කවුද මේක පාවිච්චි කරන්නේ? ලංකාවේ නම් මට තාම අහු වුනේ

සහ මගේ බ්ලොගේ විතරයි. 

අන්තර්ජාතික මට්ටමේ නම් ගොඩක් අය භාවිතා කරනවා DISQUS. උදාහරණ විදියට TIME, Engadget, aljazeera දක්වන්න පුළුවන්.

කැමති නම් ඔබේ බ්ලොග් අඩවියටත් DISQUS එක් කරගන්න පුළුවන්. බුධාජීව මල්ලී දාගෙන ඉන්නේ මේ වගේම තවත් සේවාවක් , IntenseDebate . කැමති අයට එයත් අත්හදා බලන්න පුළුවන්.



37 comments:

Madhawa Habarakada said...

මම මේක මගෙ එක බ්ලොග් එකකට දාල  තියෙනව. සිංහල එකක් නම් නෙමෙයි. වසරකට විතර ඉස්සර දැම්මෙ. ඒ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාපු කාලෙකුත් මතක නෑ. මේක හොඳ සිස්ටම් එකක් තමයි. නමුත් මේක ඉවත් කළොත් මේ ඔක්කොම කමෙන්ට් ටික නැති වෙනව නේද? ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරයක් හරියකට හොයාගන්න බැරි උනු නිසයි මගෙ සිංහල බ්ලොග් වලට මම මේක නොදැම්මෙ. :)

deeps said...

admin panel -> tools -> Export ඒකෙන් ගියාම කමෙන්ට්  export  කරගන්න පුළුවන් xml  විදියට, එහෙම නැත්තම් DISQUS එකට එන කමෙන්ට් blogger එක්ක sync කරන්න පුළුවන්.


check : http://www.socialblogr.com/2011/05/disqus-supports-blogger-sync.html

Madhawa Habarakada said...

එල කිරි. මම බලන්නම්. 

Namal Jayathunga said...

ඔය මගේ සයිට් එකත් දාල තියෙන්නෙ. ප්‍රයෝජනවත් නිසා Disqus Add කරගත්තට කට්ටියට කමෙන්ට් කරන්න අමාරු ඇති කියල හිතුවෙ නෑ. ඒ හින්ද කමෙන්ට් ටිකක් මගඇරෙන්න ඇති. ඒ හින්ද අක්කිගෙ පෝස්ට් එකනම් ඒ අයට වැදගත් වෙයි.

deeps said...

ඔව් මම දැක්කා ඔයාගේ බ්ලොග් එකේ තියනවා. මම ලින්ක් එකකුත් දැම්මා :)

Rasika Eranda Ashoka Dissanaya said...

ඔන්න මමත් Add කරා 

budhajeewa said...

අඩේ මේං මගේ නමත් තියනෝ! තැංකූ වේවා! :D


WordPress කස්‍ටියට මම නං කියන්නේ IntenseDebate පාවිච්චි කරන්න. මොකද ඒකත් WordPress කස්ටියම දෙන සර්විස්සෙකක්.
එක අතකට ඔය DISQUS, IntenseDebate, Livefyre මොකක් භාවිතා කළත් කමක් නෑ තමන්ගෙ ඔරිජිනල් තැන ඒ හැම ප්‍රතිචාරයක්ම සුරැකෙනවා නම්. එහෙම නැත්තං වෙන්නෙ මොකක් හරි කේස් එකක් ගිහිං සේවාව මාරු කළොත් ඒ ප්‍රතිචාර ‍ටිකත් නැති වෙන එක!

deeps said...

ෂෝයි ෂෝයි..පුසලාට මේ පැත්තේ කොහොමත් සැලකිලි වැඩියි :) 

පූසා said...

ඕං මාත් DISQUS ඇකවුන්ට් එකක් අටව ගත්තා. දැන් කමෙන්ට් කරන්න කරදරයක් නෑ :)

පූසා said...

මේ ලිපිය මටම ලිව්ව එකක් වගේ මට දැනෙන්නේ ඇයි? :D
බලමු මේ පාර.....

පූසා said...

ආ දැන් හරි
දැන් පොටෝ එක දාන්නත් දන්නවා :D

පූසා said...

සික්! මේකේ කමෙන්ට් දැම්මම මකන්න බැරිද?

Gayathra Ariyathilaka said...

thanku!! ඉතින් හරිනෙ හලෝ. අපි එහෙමයිනේ.. :B

deeps said...

මේකේ ad දාන්න තහනමක් නැහැ හලෝ. අනවශ්‍ය එව්වා දැම්මොත් තමා කපා හරින්නේ ...අපෝ මේක බබා පොස්ට් එකක්නේ ..:P

Gayathra Ariyathilaka said...

Comment එකට දාන්න ඕනෙම හරිය මට අමතක වෙලානේ හලෝ බලන්නකෝ. සමාවෙන්නඕනෙ. මේක ගොඩක් පරිශීලක හිතකාමී ප්‍රතිචාට පද්ධතියක්, (සුපුරුදු පරිදි) හොඳ පෝස්ට් එකක් deeps. ආ.. link එක මෙතන දැම්මොත් Advertisement වෙයිනෙහ්? ඒක හින්දා මේ link එක හරහා ගිහින් බලන්නකෝ, (බලන්න තරම් දෙයකුත් නෑ, මාත් disqus කියන්නයි ඕනවුනේ.) http://on.fb.me/pJFNJd :)

deeps said...

මොඩරේට් කරන අයට පුළුවන් ඩිලීට් කරලා දාන්න. ලියපු කෙනාට පුළුවන් edit ඒක ක්ලික් කරලා මකලා දාන්න :)

deeps said...

පුසා දස්සයා :)

deeps said...

ඔව් ඔව් මෙහෙම තමා :D

deeps said...

මේ පාර හරි නේද පූස්?? ;)

රත්ගමයා මහතා said...

මෙන්න මෙහෙමයි කමන‍්ට් කරන්නේ

deeps said...

ඔව් පරණ කමෙන්ට් DISQUS එකට  import  කළාම එහෙම වෙනවා. කරන්න දෙයක් නැහැ එකට නම් :(

මදුශාන් නිශාන්ත said...

මමත් ඊයෙ මේක ඉන්ස්ට්‍රෝල් කලා බ්ලොග් එකට :D අර රිප්‍රෙස් වෙන් නැති එක දැකලාමයි දැම්මෙ :D 
එල තමා හැබැයි මගේ බ්ලොගෙ පරන කොමෙන්ට්ස් ඔක්කොම මම දැම්මා වගේ පෙන්නනෙ :( :(

deeps said...

read and commented :)

Nadun said...

 ඔබේ ලිපිය හොදයි මම ර්‍රයේ intensedebate ගැන ලිපියක් පල කලා කැමතිනම් එකත් බලන්න http://anushanadun.blogspot.com/2011/07/intensedebate-comment-counter.html

deeps said...

කිමද හේතුව? 

deeps said...

ගොඩක් අයට තාම කොයිල් අයියේ. ඒකයි මේ පොස්ට් ඒක ලිව්වෙත්. ඔව් ඒක පාරක් ලෝඩ් වුනාම එච්චරයි ;)

deeps said...

හී ඔව් ඒක ඉතින් මේකට වඩා සරලයි 

deeps said...

කවුරුත් එන්නේ නැති microblog එකක් තියනවද ඔයාට?? කෝ දෙන්න බලන්න ලින්ක් එක??

deeps said...

මේකේ නම් කැමති නම් ඊ මේල් වෙන්නත්, එහෙම නැත්තම් ඊ මේල් නො වෙන්නත් හදාගන්න පුළුවන්. තව කවුරු හරි තමන්ගේ ඊ මේල් ලිපිනය පාවිච්චි කරලා මොන ලෝකේ කමෙන්ට් දැම්මත් මෙයා ඒවා හොයාගෙන අපිට කියනවා මෙන්න ඔයාගේ ඊමේල් ඒක පාවිච්චි කරලා කවුරු හරි කමෙන්ට් කරලා කියලා. ( see attached capture from my admin panel)

deeps said...

හික්ස් ඔයාගේ බ්ලොගේ තියෙන්නේ මේකද? මට අමතක වෙලා දැන් එකේ ලිපිනයත්. කොහෙද ලියන්නේ නෑනේ පිස්සා!! mashable එකේ නම් දැන් එයාලටම ආවේනික වෙච්ච ප්‍රතිචාර සිස්ටම් එකක් සහ ෂෙයාරින් සිස්ටම් එකක් නේද තියෙන්නේ? මීට කලින් නම් එයාලත් පාවිච්චි කලේ මේක තමා. ඔව් බින්කු, තමන් කමෙන්ට් දාපු බ්ලොග් ටික හරි, ලයික් දාපු බ්ලොග් ටික හරි ඔක්කොම එකම තැනකින් බලාගන්න තියන පහසුව නම් නියමයි 

Buddie Chandradeepa Kurera said...

අපේ ඩීප්ස් මේ කමෙන්ට් සිස්ටම් එකනම් වාතයක් :( :(

මධුරංග said...

නංගිගේ බ්ලොග් එකට ආපු මුල්ම දවසේ නම් කොයිල් උනා. කොහොමද කමෙන‍්ට් කරන්නේ කියලා දැන් නම් දන්නවා මේකෙන් කෝමද කමෙන්ට් කරන්නේ කියලා !!!! :)
ඒකත් මරු වැඩේ. තනිකරම ඇජක්ස් කෝල් එකක් යන්නේ. පේජ් එකම රීෆ්‍රෙශ් වෙන්නේ නෑ.

buwa said...

තමන් හොස්ට් කරගන්න වෙබ් එකකට වගේ නම් සැහෙන්න වටිනව මට පේන විදිහට , බ්ලොගර් වලදි නම් ගූගල් දෙය්යන්ගේ එකම හොඳයි මට නම් 

Gayathra Ariyathilaka said...

deeps, හලෝ ඕක ඉස්සර විජය රජ්ජුරුවගේ blog එකෙත් තිබුනා, පණ්ඩුකාභය කුමාරයගේ blog එකෙත් තිබුනා වගේ මතකයි. ඇයි හලෝ මගේ කවුරුත් එන්නැති කවුරුත් දන්නැති microblog එක, ඒකෙ තියෙන්නෙත් මේ ප්‍රතිචාර පද්ධතියමනේ? :P

Roshan Herath said...

මටත් හිතට ඇල්ලුවා මේක. එක එක්කෙනා විවිධ විදියෙ කමෙන්ට් form දාගෙන ඉද්දි සමහර වෙලාවට ඒක ටිකක් විතර වදයක් වගේ. මොකද මුල් වතාවෙ කොහොමද කමෙන්ට් කරන්නෙ කියලා හිතාගන්න අමාරු නිසා. ඊට පස්සෙනම් සේව් වෙලා තියෙන නිසා අවුලක් නෑ. ඒත් අවුල තියෙන්නෙ කන්ෆර්ම් මේල් යන්නෙ නැති සමහර form වලදි වෙනත් කෙනෙකු විසියටත් පෙනීහිටින්න පුලුවන් වීමයි. ඒ වුනත් මේ දාලා තියෙන form එක හරිම ලේසියි අනික්වාට වඩා. නමුත් gravter වගේ ඒවගේ අපි මුලින් කමෙන්ට් කරලා ඊට පස්සෙ ඊමේල් එක දීලා රෙජිස්ටර් වෙන්න ගියාම මේල් ඇඩ්රස්එක ගන්නෙ නෑ.

Binku.pg said...

Mashable වල අයත් පාවිච්චි කරනවද කොහේද! අනික මේකේ වාසිය තමා Comments සහ Likes පෙන්වන එකත ඒ තුලින් තමාගේ Interactive එක පෙන්නුම් කරන එකත්!

මගේ එකේ කොහොමත් කාලයක් ඉඳං මේක තියෙනවා, එත දන බිලොග් කරන්නේ නැති එකනේ සීන් එක! ලොල්ය!!!

එල King said...

@Deepika_P:disqus  nice post