Thursday, July 28, 2011

DISQUS වල කමෙන්ට් දාන්නේ කොහොමද?

DISQUS කියන්නේ මගේ බ්ලොගේ දාලා තියන ප්‍රතිචාර පද්ධතිය. මේක දාන්න හිතුවේ දැනට බ්ලොගර් මගින් ලබාදෙන ප්‍රතිචාර ලබා දීමේ ක්‍රමයට මම එච්චර කැමති නැති නිසා. මේකෙන් කරන්න පුළුවන් දේවල් ගැන දැනගන්න ඕනේ නම් මෙතන බලන්න.

ගැටළුව : මේ DISQUS නිසා ප්‍රතිචාර ලබාදෙන්න අමාරුයි කියලා කට්ටියක් කියලා තිබ්බා. තව සමහරු චෝදනා කරලා තිබ්බා තමන්ගේ වෙබ් අඩවියේ ලිපිනය ප්‍රතිචාරයට එකතු කරන්න බැහැ කියලා.


පිළිතුර : එහෙම කරන්න පුළුවන් වගේම ප්‍රතිචාර ලබා දෙන එක එච්චර අමාරුවක් නැහැ. සාමාන්‍ය ක්‍රමයට වඩා පොඩ්ඩක් වෙනස් එච්චරයි.

කොහොමද? : මුලින්ම ඔබට පෙනෙන්නේ මේ ආකාරයේ කොටුවක්. දක්වා ඇති සේවා වලින් ඔබ කැමති නම් log වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ප්‍රතිචාරය සටහන් කරලා post as බොත්තම ඔබන්න.



එවිට ඔබට පෙනේවි පහත ආකාරයේ පොඩි ෆෝරමයක්. එතනින් ඔබ කැමති නම් වර්ඩ්ප්රෙස් ප්‍රතිචාර කරන ආකාරයට නම, ඊ මේල් ලිපිනය සහ වෙබ් අඩවිය සදහන් කර ප්‍රතිචාරය ලබා දෙන්නට පුළුවන්. වෙබ් අඩවිය සදහන් කිරීමට අවශ්‍ය නම් link to your website සබැඳිය මත ක්ලික් කරන්න.

එවිට ඔබට ලැබෙන මෙම ෆෝරමය වර්ඩ්ප්රෙස් වලට සමානයි නේද?



 බය වෙන්න එපා, මේ වැඩේ කරන්න ඕනේ එක පාරයි. මේ එහෙම දාපු ප්‍රතිචාරයක් බ්ලොග් අඩවියේ දිස් වන ආකාරය. නමට ලින්ක් වෙලා තියනවා අදාළ පුද්ගලයාගේ බ්ලොග් අඩවිය.




මේකේ මම ආසම දේ තමා ලේසියෙන්ම බ්ලොගයට ඇතුලත් කරගැනීමේ හැකියාව සහ ලේසියෙන්ම මෙනු තුලින් සැකසුම් වෙනස් කිරීමට ඇති හැකියාව. උදාහරණයකට මෙන්න මගේ ඇඩ්මින් පැනලය. කරන්න ඕනේ වෙනස් කම් කරලා සේව් කරන්න විතරයි තියෙන්නේ. කෝඩ් එඩිට් කරන්න මොකුත් නැහැ. හැබැයි කෝඩ් එක එඩිට් කරන්න ආසා අයට ඒ පහසුකමත් තියනවා. මීට අමතරව තියන පහසුකම් ඔක්කොම වගේ මෙතන තියනවා.

DISQUS admin panel

හරි දැන්, කවුද මේක පාවිච්චි කරන්නේ? ලංකාවේ නම් මට තාම අහු වුනේ

සහ මගේ බ්ලොගේ විතරයි. 

අන්තර්ජාතික මට්ටමේ නම් ගොඩක් අය භාවිතා කරනවා DISQUS. උදාහරණ විදියට TIME, Engadget, aljazeera දක්වන්න පුළුවන්.

කැමති නම් ඔබේ බ්ලොග් අඩවියටත් DISQUS එක් කරගන්න පුළුවන්. බුධාජීව මල්ලී දාගෙන ඉන්නේ මේ වගේම තවත් සේවාවක් , IntenseDebate . කැමති අයට එයත් අත්හදා බලන්න පුළුවන්.