මාස දෙක තුනක් වහලා තිබ්බ විශ්ව විද්‍යාල ආයෙත් සාමාන්‍ය විදියට වැඩ කරන්න පටන් ගන්නවා කියන පණිවිඩය ආපු වෙලාවේ ඉදලා මගේ මුණු පොත පිරිලා ගියේ අද මාතෘකාවට සමාන status වලින්. විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න සිසුවෙක් නම් ඔබේ මුවින් එක් වතාවක් හෝ මේ වාක්‍යය පිට වෙලා ඇති.මේක ගැන හිත හිත ඉන්නකොට මට හිතුනා ඇයි අපි මේ assignment වලට මෙච්චර කැමති නැත්තේ කියලා. මම මේ දක්වා ආසාවෙන් කරපු assignment සහ අප්පිරියාවෙන් කරපු assignment ගැන හිතනකොට මේ අකමැත්තට පොඩි පොඩි හේතු ටිකක් හොයාගන්න පුළුවන් වුණා.
එකක් තමා නව දැනුම නිර්මාණය කිරීම සහ තියන දැනුම නැවත නැවත ලිවීම කියන කරුණු දෙක. බොහෝ වෙලාවට පැවරුමක් දුන් සැනින් අපි කරන්නේ ගුගල් සෙවුමක් දාලා බලන එක. මාතෘකාවේ වචන කොටස් විතරක් නෙවේ සමහර වෙලාවට මුළු මාතෘකාව පිටින්ම ගුගල් කරන අයත් මම දැකලා තියනවා. කොපි කරගන්න පුළුවන් කරුණු ටිකක් සෙවුමෙන් හමු වුනොත් එතනින් පැවරුම අවසානයි. ඇයි මෙහෙම වෙන්නේ, ගුගල් කලාම මුළු පැවරුම ලියන්නම කරුණු හොයාගන්න පුළුවන් නම් එහෙම පැවරුම් කරලා අපි ඉගෙන ගන්නේ මොනවද? මගේ පිළිතුර නම් nil.
විශ්ව විද්‍යාල සිසුන් වශයෙන් අපි කල යුත්තේ නව දැනුම නිර්මාණය කිරීම මිසක් තියන දැනුම රැස් කිරීම විතරක් නෙවෙයි. හැබැයි අලුත් දැනුම නිර්මාණය කරන්න නම් දැනට අදාළ මාතෘකාව ගැන නිර්මාණය වෙලා තියන දැනුම අපි අනිවාර්යයෙන් දැන ගෙන ඉන්න අවශ්‍යයි.
උදාහරණයක් ගන්නම් මගේ පැවරුම් අත්දැකීම් වලින්ම. මම දෙවැනි අවුරුද්දේ ඉන්නකොට මානසික විද්‍යාවට විෂයට අදාළ පාඨමාලාවක් සඳහා ලැබුණ මාතෘකාව "Analyse any person you know using any of the personality theories you studied in this course." මේකේ ගුගල් කරලා හොයාගන්න පුළුවන් personality theories විතරයි. අනික් දේවල් කොපි කරන්න බෑ කොහෙන්වත්. අපිට නිදහස දීලා තිබුනා තමන් කැමති කෙනෙක් තෝරාගන්න. ගොඩක් හිතලා හිතලා, මම තෝරාගත්තා "මම" ගැනම ලියන්න පැවරුමට. මාව විවේචනය කරන්න පුළුවන් හොඳම කෙනා මම වුනාට පැවරුමේ අවශ්‍යතාවය මත මට සිදු වුණා එක් personality theory ක් භාවිතා කරන්න මාව විවේචනය කරන්න. පැවරුම අවසානයේ මම මා ගැනම ගොඩක් දේවල් දැනගත්තා විතරක් නෙවේ, අදාළ තියරිය ගැන හොඳ දැනුමක් සහ එහි ඇති අඩු ලුහුඩු කම් ගැනත් හොඳ අවබෝධයක් ලබා ගත්තා. සෙමෙස්තර අවසාන විභාගයෙන් අදාළ විෂය සඳහා සුපිරි ප්‍රතිපලයක් ලබාගන්නත් හැකියාව ලැබුණා. ඒ පාඩම් කරලා නම් නෙවේ හැබැයි, අදාළ විෂය පුරාවටම තිබුනේ ඉගෙන ගන්නා දේවල් සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කරන විදිය අපිට ඉගෙන ගන්න අවස්ථාවක් ලබාදුන්න පැවරුම්. ඒ ඔස්සේ සිසු සිසුවියන් තම ජීවිතය සහ විෂය කියන දෙපැත්තම ජය ගත්තා කිව්වොත් නිවැරදියි.
![]() |
කැමරාවක් අටවාගෙන නුවර පාරවල් පුරා |
ඉහත පැවරුම් දෙක මගේ ජීවිතයේ අමතක නොවන මතකයන් වෙලා තියෙන්නේ ඒවාගෙන් මම ලබාගත්තු දැනුම අලුත් දෙයක් නිසා. කොපි පේස්ට් කරන පැවරුමකින් කවදාවත් ඒ ආකාරයේ අත්දැකීමක් ලබාගන්න අමාරුයි.
පැවරුම් එපා කරවන තවත් දෙයක් තමා අපිට ලැබෙන ප්‍රතිචාර. සමහර විෂයන් වලට කොච්චර හොඳට පැවරුම් කළත් ලකුණු නැහැ, ලකුණු අඩු වෙන්න හේතුවක් දැන ගන්න විදියකුත් නැහැ, එහෙම නැත්තම් හදිසියේ සිසුන් කිහිප දෙනෙක්ගේ ඉල්ලීම මත පැවරුම් මාතෘකාව වෙනස් කරලා. මේ වගේ සිද්ධියක් නිසා, එක් අවස්තාවක මට සිදු වුණා ලියා තිබු පැවරුමක් සම්පුර්ණයෙන් වෙනස් කරන්න.
ආසාවෙන් කරන්න පුළුවන් පැවරුම් කොච්චර තිබ්බත් ගොඩක් වෙලාවට අපිට ලැබෙන්නේ කම්මැලි පැවරුම්. කම්මැලි වුණාට ඉතින් අනිවාර්යෙන් කරන්න ඕනේ. නැත්තම් කොහොමද ක්ලාස් එකක් අරගෙන යුනිලීවර් එකේ management trainee කෙනෙක් වෙන්න අයදුම් කරන්නේ? ඉතින්මේ assignment ආසාවෙන් කරන්න පුළුවන්ද ? මෙන්න ක්‍රමයක්.
අනේ මට assignment කරන්න බෑ බෑ බෑමයි කියලා "අරයා, ඔව් ඔව් එයා තමා " කෝල් කරන කෝල් කරන හැම වෙලේම අඩන්න. ටික වෙලාවකට පස්සේ ඔන්න "අරයා" කියයි assignment කළොත් මම තෑග්ගක් දෙනවා කියලා. හුහ් පැවරුම් සීයක් විතර කළත් එක තෑග්ග ද? එව්වා හරි යන්නේ නැහැ අපිත් එක්ක.
"එක පැවරුමකට එක තෑග්ග ගානේ ඕනේ"
"හරි හරි දැන් මොනවද ඕනේ"
දැන් කැමති දෙයක් කියන්න පුළුවන්.
එහෙනම් අපි ගියා assignment කරන්න.