Tuesday, July 26, 2011

Assignment කරන්න බැරියෝ

මාස දෙක තුනක් වහලා තිබ්බ විශ්ව විද්‍යාල ආයෙත් සාමාන්‍ය විදියට වැඩ කරන්න පටන් ගන්නවා කියන පණිවිඩය ආපු වෙලාවේ ඉදලා මගේ මුණු පොත පිරිලා ගියේ අද මාතෘකාවට සමාන status වලින්. විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න සිසුවෙක් නම් ඔබේ මුවින් එක් වතාවක් හෝ මේ වාක්‍යය පිට වෙලා ඇති.මේක ගැන හිත හිත ඉන්නකොට මට හිතුනා ඇයි අපි මේ assignment වලට මෙච්චර කැමති නැත්තේ කියලා. මම මේ දක්වා ආසාවෙන් කරපු assignment සහ අප්පිරියාවෙන් කරපු assignment ගැන හිතනකොට මේ අකමැත්තට පොඩි පොඩි හේතු ටිකක් හොයාගන්න පුළුවන් වුණා.

එකක් තමා නව දැනුම නිර්මාණය කිරීම සහ තියන දැනුම නැවත නැවත ලිවීම කියන කරුණු දෙක. බොහෝ වෙලාවට පැවරුමක් දුන් සැනින් අපි කරන්නේ ගුගල් සෙවුමක් දාලා බලන එක. මාතෘකාවේ වචන කොටස් විතරක් නෙවේ සමහර වෙලාවට මුළු මාතෘකාව පිටින්ම ගුගල් කරන අයත් මම දැකලා තියනවා. කොපි කරගන්න පුළුවන් කරුණු ටිකක් සෙවුමෙන් හමු වුනොත් එතනින් පැවරුම අවසානයි. ඇයි මෙහෙම වෙන්නේ, ගුගල් කලාම මුළු පැවරුම ලියන්නම කරුණු හොයාගන්න පුළුවන් නම් එහෙම පැවරුම් කරලා අපි ඉගෙන ගන්නේ මොනවද? මගේ පිළිතුර නම් nil.

විශ්ව විද්‍යාල සිසුන් වශයෙන් අපි කල යුත්තේ නව දැනුම නිර්මාණය කිරීම මිසක් තියන දැනුම රැස් කිරීම විතරක් නෙවෙයි. හැබැයි අලුත් දැනුම නිර්මාණය කරන්න නම් දැනට අදාළ මාතෘකාව ගැන නිර්මාණය වෙලා තියන දැනුම අපි අනිවාර්යයෙන් දැන ගෙන ඉන්න අවශ්‍යයි.

උදාහරණයක් ගන්නම් මගේ පැවරුම් අත්දැකීම් වලින්ම. මම දෙවැනි අවුරුද්දේ ඉන්නකොට මානසික විද්‍යාවට විෂයට අදාළ පාඨමාලාවක් සඳහා ලැබුණ මාතෘකාව "Analyse any person you know using any of the personality theories you studied in this course." මේකේ ගුගල් කරලා හොයාගන්න පුළුවන් personality theories විතරයි. අනික් දේවල් කොපි කරන්න බෑ කොහෙන්වත්. අපිට නිදහස දීලා තිබුනා තමන් කැමති කෙනෙක් තෝරාගන්න. ගොඩක් හිතලා හිතලා, මම තෝරාගත්තා "මම" ගැනම ලියන්න පැවරුමට. මාව විවේචනය කරන්න පුළුවන් හොඳම කෙනා මම වුනාට පැවරුමේ අවශ්‍යතාවය මත මට සිදු  වුණා එක් personality theory ක් භාවිතා කරන්න මාව විවේචනය කරන්න. පැවරුම අවසානයේ මම මා ගැනම ගොඩක් දේවල් දැනගත්තා විතරක් නෙවේ, අදාළ තියරිය ගැන හොඳ දැනුමක් සහ එහි ඇති අඩු ලුහුඩු කම් ගැනත් හොඳ අවබෝධයක් ලබා ගත්තා. සෙමෙස්තර අවසාන විභාගයෙන් අදාළ විෂය සඳහා සුපිරි ප්‍රතිපලයක්  ලබාගන්නත් හැකියාව ලැබුණා. ඒ පාඩම් කරලා නම් නෙවේ හැබැයි, අදාළ විෂය පුරාවටම තිබුනේ ඉගෙන ගන්නා දේවල් සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කරන විදිය අපිට ඉගෙන ගන්න අවස්ථාවක් ලබාදුන්න පැවරුම්. ඒ ඔස්සේ සිසු සිසුවියන් තම ජීවිතය සහ විෂය කියන දෙපැත්තම ජය ගත්තා කිව්වොත් නිවැරදියි.

කැමරාවක් අටවාගෙන නුවර පාරවල් පුරා 
සමහර විට ඔබට හිතෙන්නට පුළුවන් මම කරන්නේ සංස්කෘත , පාළි. ඒවාට ලැබෙන පැවරුම් ලියන්න එපා වෙනවා එත් ඉතින් ඒ වගේ විෂයන්ට වෙන කොහොම පැවරුම් කරන්නද කියලා. ඒ වගේ විෂයන් සඳහා වුනත් පහසුවෙන්ම පුළුවන් ආසා හිතෙන විදියේ පැවරුම් නිර්මාණය කරන්න. උදාහරණයක් විදියට ග්‍රීක නාට්‍ය සඳහා එක වතාවක අපිට ලැබුණ පැවරුම තමා ග්‍රීක නාට්‍යක තේමාවක් තෝරාගෙන එම තේමාව නාට්‍යක් ආකාරයෙන් ඉදිරිපත් කිරීම. මේ නාට්‍යය වේදිකාවක රගපෑම වෙනුවට අපිට කරන්න තිබුනේ නාට්‍යය කැමරාවකින් රූගත කර කුඩා සිනමා නිර්මාණයක් කිරීම. පැවරුම අවසන් වෙනකොට කැමරාකරණය, වීඩියෝ සංස්කරණය, කටහඬ පාලනය, කැමරාව ඉදිරියේ රඟපෑම වගේ ග්‍රීක නාට්‍ය වලට කිසි සේත් අදාළ නොවන දේවල් ගැන සිසුන් අවබෝදයක් ලබා ගත්තා.

ඉහත පැවරුම් දෙක මගේ ජීවිතයේ අමතක නොවන මතකයන් වෙලා තියෙන්නේ ඒවාගෙන් මම ලබාගත්තු දැනුම අලුත් දෙයක් නිසා. කොපි  පේස්ට් කරන පැවරුමකින් කවදාවත් ඒ ආකාරයේ අත්දැකීමක් ලබාගන්න අමාරුයි.

පැවරුම් එපා කරවන තවත් දෙයක් තමා අපිට ලැබෙන ප්‍රතිචාර. සමහර විෂයන් වලට කොච්චර හොඳට පැවරුම් කළත් ලකුණු නැහැ, ලකුණු අඩු වෙන්න හේතුවක් දැන ගන්න විදියකුත් නැහැ, එහෙම නැත්තම් හදිසියේ සිසුන් කිහිප දෙනෙක්ගේ ඉල්ලීම මත පැවරුම් මාතෘකාව වෙනස් කරලා. මේ වගේ සිද්ධියක් නිසා, එක් අවස්තාවක මට සිදු වුණා ලියා තිබු පැවරුමක් සම්පුර්ණයෙන් වෙනස් කරන්න.

ආසාවෙන් කරන්න පුළුවන් පැවරුම් කොච්චර තිබ්බත් ගොඩක් වෙලාවට අපිට ලැබෙන්නේ කම්මැලි පැවරුම්. කම්මැලි වුණාට ඉතින් අනිවාර්යෙන් කරන්න ඕනේ. නැත්තම් කොහොමද ක්ලාස් එකක් අරගෙන යුනිලීවර් එකේ management trainee කෙනෙක් වෙන්න අයදුම් කරන්නේ? ඉතින්මේ assignment ආසාවෙන් කරන්න පුළුවන්ද ? මෙන්න ක්‍රමයක්‌.

අනේ මට assignment කරන්න බෑ බෑ බෑමයි කියලා "අරයා, ඔව් ඔව් එයා තමා " කෝල් කරන කෝල් කරන හැම වෙලේම අඩන්න. ටික වෙලාවකට පස්සේ ඔන්න "අරයා" කියයි assignment කළොත් මම තෑග්ගක් දෙනවා කියලා. හුහ් පැවරුම් සීයක් විතර කළත් එක තෑග්ග ද? එව්වා හරි යන්නේ නැහැ අපිත් එක්ක.

"එක පැවරුමකට එක තෑග්ග ගානේ ඕනේ"
"හරි හරි දැන් මොනවද ඕනේ"
දැන් කැමති දෙයක් කියන්න පුළුවන්.

එහෙනම් අපි ගියා assignment කරන්න.


30 comments:

deeps said...

ආසා නොසිතීමට ඉතිං උගන්නන අය වග කියන්න ඕනේ අනිවාර්යෙන්...මල්ලිගේ කතාවට එකඟයි. 

ප.ලි. ආයෙත් වහලා කියලා තොරතුර දැනගත්තේ ඔයා ඊයේ රෑ මේ කමෙන්ට් එක දැම්මම. අපේ ෆැකල්ටිය ගැන නම් තාම ආරංචියක් නැහැ. මම හිතන්නේ එකත් වහයි ... අපි අවුට් වෙන්න තිබ්බේ ජූලි 3. හයියෝ දැන් බලන්නකෝ...:(

deeps said...

අන්න කතාව...:D

deeps said...

පිස්සු කතා කරන්න එපා....ඊයේ හවස ගහපු ගැටේ අනික් අයට කියලා දෙන ඒක තමා පරමාර්තේ ...බලන්න අපි කොච්චර අනික් අය ගැන හිතනවද  :P

මදුශාන් නිශාන්ත said...

නුවර?? :O :O 
ඒ පැත්තෙනම් අපිත් ඉනවා ලඟදිම :D
මේ ඔය එසයින්මන්ට් කලේ නැතුවාම පන්තියෙන් එලියෙ හිටගන ඉන්න කියන්නෙ නැද්ද?
එහෙමවත් කියලා කරන් නැතුව ඉන්න දෙනවානම් ලොකු දෙයක් වගේ කියලා තියන විදියට :P :P

deeps said...

පිස්සු කතා කරන්න එපා....ඊයේ හවස ගහපු ගැටේ අනික් අයට කියලා දෙන ඒක තමා පරමාර්තේ ...බලන්න අපි කොච්චර අනික් අය ගැන හිතනවද  :P

Gayan Kalhara said...

හික් ආ මේ පෝස්ට් එකේ පරමාර්තෙ තමා තෑග්ග ඉල්ලන එක. :)

අම්මපා මෙහෙමත් ගැට :P

deeps said...

ඒක නම් ඇත්ත. දැන් පොත් සල්ලි වලට ගන්නේ නැතිම තරම් ගූගල් අයියාගේ පුස්තකාලේ නිසා. මේකයි ඉතින්, දැනුම වැඩි කරගන්න කියලා අපි කොහෙන් හරි කොපි කරලා තොරතුරු ටිකක් එකතු කරලා පැවරුම් කරනවා නම් වැඩක් නැහැ නේද?

deeps said...

incoming work, oh yeah :D

deeps said...

හොයලා ලියන එකයි, කොපි කරන එකයි අනිවා ජාති දෙකක්. හොයලා, කියවලා ලියන එක නම් වැදගත් දෙයක්. අයියලාට විභාග කලසටහනත් දාලා නේද? මගේ යාළුවෝ කදුළු හල හල ඉන්නවා මේ දවස් වල ඔය කතාවම කියා කියා. දැන්ම ඉදන් පාඩම් කරන්න පටන් ගන්න ඉතින්...හී..එන්නකෝ බලන්න මදුරංග කවුද බලන්න ...


ප.ලි. කකුල කොහොමද දැන්?

deeps said...

හ්ම්ම් එකනේ වැඩේ :(

deeps said...

දාන්න පහක් !

deeps said...

අන්න කොල්ලා බය වෙලා :P හික්ස්...ගාළු කතා අපි දන්නේ නැහැ. අපිට දෙනවා කිව්වා තෑගී. එච්චරයි කතාව :D තාම එකක් වත් ඉවර නැහැ මල්ලී. අද දවසේ එකක්වත් ඉවර කරන්න ඕනේ ;)

deeps said...

හික්ස්..එහෙම හිතෙනවා, එත් බෑ අප්පා එපාම වෙලා. ස්ට්‍රයික් නැත්තම් පහුගිය ජූලි 3 ට උපාධියත් ඉවරයි :(

deeps said...

පළවෙනියට කිව්වා කාරණේ ගැන නම් එකඟයි. සමහරු ලකුණු දෙන්නේ එයාලට ඕනේ විදියට. bibliography and citation වලට නම් අර බිල් අයියාගේ WORD 2007 සහ ඊට පසු සංස්කරණ වල තියන reference->insert citation වැඩේ පාවිච්චි කළාම ලේසියිනෙ. තොරතුරු ටික ඇතුල් කළාම, තිත්, කොමා ඔක්කොම එක්ක ඩොකියුමන්ට් එකේ කැමති තැනකට bibliography ලිස්ට් එක දාගන්න පුළුවන්. තමන් කැමති style (MLA,APA etc) තොරගන්නත් පුළුවන්. open office වලත් මේ පහසුකම තියනවා. හැබැයි එක මට කවදාවත් පාවිච්චි කරන්න නම් හම්බෙලා නැහැ. ඒ මෙනු එක ක්ලික් කල ගමන් open office unresponsive  වෙනවා. 

deeps said...

හේ හී ඔව් නුවර තමා පදිංචිය දැනට ;) 

පන්තියෙන් එළියට දාන්නේ නම් නැහැ. එත් ඉතින් semester එක අන්තිමට A එකක් ගන්න නම් හිතන්නවත් බැහැ ඒවා ටික හරියට කලේ නැත්තම්. දැන් කාලේ උපාධියක්‌ කලාට වැඩක් නැහැ ක්ලාස් එකක් නැතිව. ඒක නිසා ඉතින් දහ දුක් විඳගෙන කරන්න වෙනවා.දුක තමා. මේක අන්තිම semester එක කියලා ඉවසගෙන ඉන්නවා ඉතින් 

Chathura Wickramasinghee said...

පැවරුම් කිව්වම මතක් වුනේ, සමහර දේශකවරු කොච්චර අළුත් විදියේ අදහසක් ඉදිරිපත් කළත් තමන් බලාපොරොත්තු වෙන තමන්ගේ හිතේ තියෙන අදහසට තමයි ළකුණු දෙන්නේ.. අනිත් එක නිකන් කාලය වැයකරලා (මම හිතන විදියට )කරන්න වෙන bibliography and citation ,ඕක අර සම්මත ආකාරයට නොකර පහසු ආකාරයකට කරන්න තිබ්බා නම් හොඳයි..
Assignment නැති ලෝකයක් කොච්චර හොඳ ඇතිද..?

podi kumarihami said...

ඉක්මනට ඔය ටික ඉවරකලා නම්, ඉක්මනින් ගොඩ කියලා හිතෙන්නේ නැද්ද?....:D

 

Gayan Kalhara said...

අක්කෙ අළුත් අදහස් දෙන්න එපා :-)

අපි අහුවෙයි ඔය ගැටවලට. අනේ අම්මපා ගාල්ලටත් නෝන්ඩියි ශැහ්.

දැන් තෑගි කවුන්ට් එක කීයද?

නදී said...

අම්මෝ අසයින්මන්ට්ස් තමා එපා කරපුම වැඩේ

Prasanna Karunarathna said...

බැහැයි කිය කිය හරි අසයින්මන්ට් එක කරන්නම වෙනවනේ....

මධුරංග said...

අපෝ අපටත් විභාග තියෙනවා. මටනම් විභාගෙට පාඩම් කරනවා කියන්නේ මරන්නා වගේ. මොනා කරන්නද අමාරුයි කියලා අතෑරලා දාන්න යෑ. දුක් විඳගෙන හරි කරනවා මිසක් !!!!
මට නම් එසයිමන්ට් එකක් කරනකොට අනිවා නෙට් තියෙන්න ඕනා. ගූගල් ගෙන් හොයලා තමයි ලියන්නේ. හොයලා ලියනකොට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.
ප.ලි. - මම් එහෙනම් පොලොන්නරු ගල් කණු පැත්තේ එන්නම්කෝ. කවුද මේ ඩීප්ස් කියලා කියන්නේ කියලා බලන්න. :)

Buddie Chandradeepa Kurera said...

hey deeps, nice post. 

finish assignments soon we have incoming work to finish too :)
c ya

Roshan Herath said...

අපට assignment දෙන්නෙ අපේ දැනුම වැඩි කරන්න වෙන්න ඇති. ඒ වුනාට අපි කරන්නෙ කාගෙන් හරි කොපියක් ගහන්න හරි කාගෙහරි උදව්වෙන් ඒවා කරන එකයි. අන්තර්ජංජාලෙ නැතිනම් අපි ගොඩක් දෙනෙකුගෙ වැඩ කොටඋඩ. මොකද සමහර පොත් මිලට ගන්නවාට වඩා ලේසියෙන් ගුගල් අයියාගේ පුස්තකාලෙන් කියවන්න හොයාගන්න පුලුවනි.

deeps said...

අපි විතරයි වගේ කම්මැලි :D

Gehan Chandika said...

කම්මැලි     කෙල්ලනේ
පොල්කටුව ගෙන අතිනේ.............
:D :D

Ashan Imantha M.H.Bandara said...

අප්පෝ එසයින්මන්ට් නම් එපා වෙනවා....සරලව කිව්වොත් කරන්න ගියොත් ඇඬෙනවා.....ඒකට හේතුව කරන්න අකමැත්ත නෙමේ කරන්න ආසා නොසිතීම...මං හිතන්නේ උගන්වන අය වග කියන්න ඕනේ....සමහර වෙලාවට අපි අළුත් දෙයක් කරොත් බලන අය ඒක වැරදි කියනව නම් කරන්න හිතෙන්නේ නෑනේ ආපහු....

අක්කේ අපිට නම් දින නියමයක් නැතුව ආපහු වැහුවා.

මධුරංග said...

ගොඩක් ම අඩුයි හලෝ. අපට තාම කාලසටහනක් දුන්නේ නෑ. දුන්නම තමයි කියන්න වෙන්නේ. අගෝස්තු මැද ලු විභාගේ.
අනිවා මම් එනවා. කන්න මොනාහරි අරන් දෙන්න වෙයි හරිද :)

මදුශාන් නිශාන්ත said...

ග්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්.....අම්මපා දැන් ගහපංකො....කැම්පස් යන එක පැත්තක තියලා පතලක් බැස්සනං හරි :D

deeps said...

මම දන්නා තරමින් නම් ලංකාවේ දැනට තියන ඔක්කොම කැම්පස් වල assignment දෙනවා. බෙරේ බැඳගත්තා නම් ගහන එකයි තියෙන්නේ  :D

මදුශාන් නිශාන්ත said...

හෆ්ෆෝයි :D :D එසයින්මන්ට් නැතුව ඩිග්‍රි එක දෙන මොකක් හරි එකක් නැද්ද දන් නෑ නෙහ්?? එක ඇගයීමක් කරන්නෙ නැතුව පන්තියෙන් එලියෙ හිටපු සිස්ස්යෙක් විදියට කැම්පස් ගිහින් ඕවා කරන්න බෑ බෑ වගේ :P