Saturday, August 6, 2011

එන්න යන්න චිත්‍රපටියක් හදන්න - The Inside Experience

අපි හැමදාම කරන්නේ කවුරු හරි හදපු ෆිල්ම් එකක් බලලා ඒකට විචාරයක් දෙන එකනේ. සමහරු කියනවා හොඳ නැහැ කියලා. සමහරු කියනවා හොඳයි කියලා. තව සමහරු කියනවා කතාව ඉවර වුන විදිය හරි නැහැ කියලා. කොහොමද චාන්ස් එකක් හම්බුනොත් දැනට හදාගෙන යන ෆිල්ම් එකක කතාව ගොඩ නගන්න ?

කතාව පටන් ගන්නේ ක්‍රිස්ටිනා කාමරයක හිර කරලා තියන දර්ශනයකින්. කාමරේ තියනවා Intel® Core™ i7 processor-powered Toshiba Satellite® P775 series ලැප්ටොප් එකක්. මේකට තව වයි ෆයි විදියට ඉන්ටනෙට් සම්බන්දතාවයක් තියනවා. ක්‍රිස්ටිනා  කරන්නේ එයාගේ මුණු පොතේ පිටුවට ඇය ඉන්න තැන ෆොටෝ සහ විස්තර දාන එක. ඒවගේම ඇය තමාගේ යු ටියුබ් පිටුවට ඇය ඉන්න තැන ඉඳලා වීඩියෝ නිකුත් කරනවා.පොලිසියේ මාමලා ක්‍රිස්ටිනා ව සම්බන්ධ කරගන්නවා ස්කයිප් වලින්. එයාලා උත්සහ කරන්නේ ක්‍රිස්ටිනා ඉන්න තැන IP ලිපිනය භාවිතයෙන් සොයා ගන්න. එත් වැඩේ සාර්ථක වෙන්නේ නැහැ.

ඔන්න දැන් අපිට පුළුවන් ක්‍රිස්ටිනා ට උදව් කරන්න. අපිට පුළුවන්, යු ටියුබ්, ට්විටර් හෝ ෆේස් බුක් හරහා හිරවෙලා ඉන්න තැනින් බේරෙන්න එයාට අදහස් දෙන්න සහ එයාට තීරණ ගන්න උදව් කරන්න. අපි දෙන ටිප්ස් සහ ට්‍රික්ස් එක්ක ක්‍රිරිස්ටිනාට පුළුවන් වේවිද එයාව හිර කරලා තියන තැනින් බේරෙන්න ?

මේ චිත්රපටිය පදනම් වෙන්නේ social networking මත. ඒ වගේම තමා චිත්‍රපටිය ගොඩ නැගෙන්නේත් social networking හරහා. ඉන්ටෙල් සහ ටොෂිබා සමාගමෙන් කරන මේ ව්‍යාපෘතිය යටින් වෙළඳ ප්‍රචාරණයකුත් තියනවා. කතාව බලාගෙන යනකොට අහුවේවි වෙළඳ ප්‍රචාරණ :)

වැඩි විස්තර බලන්න මෙතනින් යන්න . පළවෙනි කොටස ඔබට පහතින් බලන්න පුළුවන්. අනෙක් කොටස් යු ටියුබ් හරහා බලන්න පුළුවන්



ප.ලි. අවසාන කොටස හෙට නිකුත් කරන්න සුදානම් කරලලු තියෙන්නේ ;)

13 comments:

  1. Prasanna KarunarathnaAugust 6, 2011 at 12:37 PM

    අළුත් වැඩක්නේ...

    ReplyDelete
  2. ඔව මාත් දැක්කමයි මෙහෙම එකක් මහා පරිමාණයෙන් කරනවා 

    ReplyDelete
  3. මධුරංගAugust 6, 2011 at 5:34 PM

    මම මේ කල්පනා කලේ කොහොමද මේ වීඩියෝ ටික බලන්නේ කියලා.
    මෙහෙට එච්චර සිග්නල් නෑනේ නංගි. මාර ලෙඩේ :(

    ReplyDelete
  4. මටත් එහෙම තමා අයියේ  ..මාත් තාම බැලුවේ පලවෙනි කොටස විතරයි 

    ReplyDelete
  5. වෙනස් දෙයක් .. , බෙදා ගත්තට ස්තූතියි..

    ReplyDelete
  6. ඔලුව කසමිං..!!

    ReplyDelete
  7. අන්තිමට කසිකබල් ලැපේ බට්ටිය බහිනවා පැයකින්, කෙල්ලට මල පැනලා ජනේලට ගහනවා, ඇතුලේ යතුඅක් තිබිල ඒකෙන දොර අරගෙන පන ගත්තා. කතාව ඉවරයි. ලෝල්! 

    ReplyDelete
  8. අයියෝ, එච්චරද වෙන්නේ..හෙන අවුල් නේ :(

    ReplyDelete
  9. උකුණෝ ඇවිත්ද?

    ReplyDelete
  10. කො මට මෙකේ දවස් 11යි නෙ පෙන්නුවෙ... කො මෙකෙ ඉතුරු ටික.. ??? :(

    ReplyDelete
  11. කො මට මෙකේ දවස් 11යි නෙ පෙන්නුවෙ... කො මෙකෙ ඉතුරු ටික.. ??? :(

    ReplyDelete
  12. කො මට මෙකේ දවස් 11යි නෙ පෙන්නුවෙ... කො මෙකෙ ඉතුරු ටික.. ??? :(

    ReplyDelete