Monday, July 18, 2011

බ්ලොග් අඩවියකට නැතිවම බැරි දේවල් - මට හිතෙන විදියට

අපි බ්ලොග් ලියන්නේ විවිධාකාර අරමුණු ඉෂ්ඨ කරගැනීම සඳහා. සමහරු ලියන්නේ තමන්ගේ අත්දැකීම් බෙදාගන්න. තව සමහරු ලියන්නේ තමන් පොරක් බව පෙන්නන්න. තවත් අය වෙන කරන්න දෙයක් නැති නිසා බ්ලොග් ලියනවා. ලියන්නාගේ අරමුණ අනුව ඔහුගේ හෝ ඇයගේ රචනා විලාශය සහ ලිපි අන්තර්ගතය වෙනස් වෙන බැවින් ඒ පිලිබඳ මා අදහසක් දක්වන්නේ නැහැ. භාෂාව සහ අන්තර්ගතය කෙසේ වුවත් බ්ලොග් අඩවියකට අනිවාර්යෙන් තිබිය යුතු අංග පහක් ගැනයි අද කතාකරන්න සුදානම. හැබැයි මේ මට හිතෙන විදිය. ඔබට හිතෙන විදිය වෙනස් වෙන්න පුළුවන්.


අංක එක : අනිත් අය එක්ක බෙදාහදා ගන්න පහසුකම් තිබිය යුතුයි.
ඕනෑම කෙනෙක් බ්ලොග් අඩවියක් පටන් ගන්නවා නම් ඔහු හෝ ඇය අනිවාර්යෙන් තමන්ගේ සිතුවිලි, නිර්මාණ අනෙක් අය සමඟ බෙදාහදා ගන්න කැමති කෙනෙක්. (නැත්තම් පාඩුවේ පුද්ගලික දිනපොතක ලිපි ලිය ලිය ඉන්න පුළුවන් නේ.) ඉතින් කවුරු හරි තමන්ගේ නිර්මාණය කියවලා ඒක අනිත් අයත් එක්ක බෙදාගන්න ඕනේ කියලා තීරණය කලොත් අපි එයාට උදව් කරන්න අවශ්‍යයි කියලා තමා මට නම් හිතෙන්නේ. හේතුව තමා ඔහු අපිට ස්වේච්චාවෙන් සේවය කරන කෙනෙක්. අනික ලින්ක් එකක් කොපි කරලා තව සයිට් එකකට ගිහිල්ලා ඒක පේස්ට් කරලා ෂෙයාර් බොත්තම ඔබන්නත් සමහරු කම්මැලියි. ඒක නිසා අපි ලියු ලිපිය කොච්චර වැදගත් වුනත් හැංගිලා යන්න පුළුවන්. ලියපු දේ වෙනත් තැන් වල බෙදාහදා ගන්න පහසු විදියක් ලිපිය කියවන්නාට ලබා දීම මට හිතෙන විදියට වැදගත් වෙන්නේ ඔන්න ඔය හේතුව නිසා. 



අංක දෙක : වෙනත් බ්ලොග් වලට ලින්ක් හෙවත් බ්ලොග් රෝල් 
මේක වැදගත් වෙනවා ලියන සහ කියවන කියන දෙපාර්ශවයටම. කියවන කෙනාට වැදගත් වෙන්නේ එක බ්ලොග් එකකට ආවොත් ඒ සමාන අදහස් තියන තවත් බ්ලොග් අදුනා ගන්න ලැබීම. ඒ වගේම කියවන්නා බ්ලොග් ලෝකයේ දිගටම රඳවා තබා ගැනීමටත් මේ ලින්ක් වලින් කරන්න පුළුවන්. නිකමට හිතන්න එක බ්ලොග් එකකට ආවම එකේ දාලා තියන ලින්ක් නිසා පැය ගානක් බ්ලොග් කියවමින් සිටි දවස් කීයක්‌ මේ වෙනකොට ඔබ ගෙවලා ඇත්ද?

දැන් ලියන්නාට මේක නිසා වෙන වාසිය මොකක්ද? ඔව් බ්ලොගේට එන සෙනග වැඩිවෙනවා. මේ ක්‍රමේට මම හරිම ආසයි. මම දැනට එක බ්ලොග් අඩවියකටවත් කියලා නැහැ මගේ බ්ලොග් එකට ලින්ක් එකක් දෙන්න කියලා.එත් ගොඩක් අය එහෙම කරලා. ඒ කරලා තියෙන්නේ මම ලියන ඒවාට ආසා නිසා කියලා හිතෙනකොට සිතට සියුම් සතුටක් දැනෙනවා. තව තව ලියන්න හිතෙනවා. කොහේදෝ තැනක මම කියවලා තියනවා බ්ලොග් සමාජ රඳා පවතින්නේ මේ බ්ලොග් ලින්ක් සහ කමෙන්ට් මත කියලා. මොකද ඔයාලට හිතෙන්නේ?

අංක තුන : කැමති ලිපිය ලේසියට පහසුවට කියවන්න හැකියාව
තේරෙන භාෂාවෙන් කියනවා නම්  දින අනුව ලිපි ගබඩා කරලා තියන archive එකක්, ලේබල් වගේ දෙයක්. මෙහෙම හිතමු. ඔන්න කවදා හරි කාටහරි හම්බෙනවා ලස්සනම ලස්සන බ්ලොග් ලිපියක්. එක ලිපියක් කියෙව්වම හිතෙනවා අනිත් ලිපිත් කියවන්න. එත් අනිත් ලිපි හොයාගන්න බැහැ. පරණ ලිපි සහ අලුත් ලිපි කියන ලින්ක් දෙකෙන් විතරයි වෙන ලිපියකට යන්න පුළුවන්. එහෙම නැත්තම් බ්ලොග් අඩවියේ මුල් පිටුවට ගිහින් අමාරුවෙන් හොයාගන්න ඕනේ කලින් ලියපු ලිපි ලැයිස්තුව.  ලිපියක් කියවන්න ඔච්චර මහන්සි වෙන්න ඕනෙද කියලා අපි (මම) කරන්නේ ඒ බ්ලොගෙන් අයින් වීම. 

මේකටම අයිති වෙනවා ඊ මේල් සහ රීඩර් ආධාරයෙන් බ්ලොග් කියවන අයට සහය දැක්වීමත්. Google Feedburner  ආධාරයෙන් මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. 

අංක හතර : පිළිතුරු ලබා දිය හැකි ප්‍රතිචාර
තේරෙන භාෂාවෙන් කියනවා නම් threaded/nested comments. බ්ලොග් සහ වෙබ් අඩවි වල තියන එක වෙනසක් තමා බ්ලොග් වල අපිට ප්‍රතිචාර දක්වන්න පහසුකම් තිබීම. මට හිතෙන විදියට නම් මේ පහසුකම නියම විදියට ප්‍රයෝජනයට ගන්න නම් පිළිතුරු ලබා දීමට හැකි ප්‍රතිචාර සිස්ටම් එකක් තියෙන්න ඕනේ. එතකොට හරිම ලේසියි ලිපියකට පස්සේ ඒ ගැන අහන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. ඒ වගේම ලිපිය පිළිබඳව හොඳ සංවාදයක් ප්‍රතිචාර හරහා ගොඩනැගීමටත් මේ ආකාරයේ ප්‍රතිචාර උදව් වෙනවා. [මම දාලා තියෙන්නේ disqus]

අංක පහ  : සරල නිමාවක් 
ඒ කියන්නේ ඇසට, මොළයට සහ පරිගණකයට පහසුවෙන් කියවන්න පුළුවන් ආකාරයට බ්ලොග් අඩවිය සැකසීම, මේක නම් තම තමන්ගේ කැමැත්ත අනුව වෙනස් වෙන්න පුළුවන්. මගේ මතය අනුව ඇසට පහසු වෙන්න ඕනේ කිව්වේ ඇසට සනීපයක් දැනෙන පාට සහ අකුරු භාවිතා කිරීම. මොළයට පහසු වෙන්න ඕනේ කිව්වේ බ්ලොග් අඩවියට පැමිණි කෙනෙක්ගේ මොළය රිදෙනකන් නිවී නිවී පත්තු වෙන එළි සහ එහෙ මෙහේ දුවන එක එක ජාති බ්ලොග් අඩවියට එක් කිරීමෙන් වැළකීම. පරිගණකයට පහසු වෙන්න ඕනේ කියන්නේ ලේසියෙන් ඉක්මනට ලෝඩ් වීමේ හැකියාව.

ඔන්න ඕවා තමා මට හිතෙන විදියට නැතිවම බැරි දේවල්.  කට්ටිය මොකද හිතන්නේ? 

ලිපිය ලියන්න හිතුනේ කෝච්චි අයියා සහ දේවාගේ අඩවිය සමඟ කළ සංවාදයක්. ස්තුතියි ඔබ දෙපලටම.




55 comments:

ජේ.ඩී said...

Wadagat lipiuak :-D

deeps said...

:) 

deeps said...

:D

deeps said...

මෙන්න ඇවිත්....මරණේ ආවා කියන්නේ බ්ලොග් එකේ කලින් තිබ්බ අවුල හරි ගිහින් :) හලී සතුටුයි  ඔව් ඔව් දිගට දිගට යනකොට නම් එපා වෙනවා 

Anushka2 said...

ඇත්ත ඇත්ත..
අද කාලේ ඔය ටික නොදා කවුද හලෝ බ්ලොග් එකක් හදන්නෙ ? :P
ඔයිට වඩා ගැජමැටික්ස් දාපුවත් තියෙනවා :D
තොරං වගේ.. :D

Anushka2 said...

"අනිත් අය එක්ක බෙදාහදා ගන්න පහසුකම් තිබිය යුතුයි."

ඩීප්ස් ව්‍යංගයෙන් කියන්නෙ..  ඔය බෙදාහරින බට්න් ටික ඔබන්න කියලා..:P ඔන්න මං ටිවිට් කලා.. fb දැම්මා :D

deeps said...

ස්තුතියි 

deeps said...

"පෝස්ට් එක වගේම කමෙන්ට් වලත් ෆොන්ට් සයිස් ලොකු කරන්න ඕනේ." - අනිවාර්යෙන්...මටත් ඕක කරන්න ඕනේ වෙලා තිබ්බත් තාම හොයාගන්න බැරි වුනා කරන විදිය.

දැන්වීම් ගැන නම් අයියා කියන දෙයත් සමඟ එකඟයි. දැන්වීම් දාන එක සීමාවක් ඇතිව කරන්න ඕනේ.සමහර බ්ලොග් තියනවා ලින්ක් එකක් ක්ලික් කලොත් දැන්වීමක්. දැන්වීම බලලා තමා පොස්ට් එක බලන්න ඕනේ..එහෙම ඒවාට යන්න එපා වෙනවා.....

හෙහෙ ඔව් ගොඩ දවසකට පස්සේ සිංහල එකක් ලිව්වේ....ඊළඟ ලිපියත් සිංහලෙන්...:) 

Sanjaya said...

හොඳ ලිපියක්........සුබ පැතුම් ..

Jචමත්™ said...

හොඳම හොඳ පෝස්ට් එකක්.. සාමාන්‍යයෙන් මේ වගේ විවෘතව කතා කරන අය හරි අඩුයි. බොහොම ස්තූතියි. අළුත් දේවල් ඉගෙන ගත්තා.

මධුරංග said...

මම නම් මුලින්ම බලන්නේ ලෝඩ් වෙන්න අඩුකාලයක් ගතවෙන ටෙම්ප්ලේට් එකක් හොයාගන්න එක. ඒක තමා මගේ අංක එකටම කරන්නේ. මොකද ෂෙයාර් කරන්නත් ලෝඩ් වෙලා හිටින්න එපැයි.
ඊට පස්සේ ඩීප්ස් නංගි කියනවා වගේ ෂෙයාර් කරන්න පුලුවන් කරගන්නවා. මම නම් ගොඩක් සයිට් වල ෂෙයාර් කරවන්න දාන්නේ නෑ. ඒක ගොඩක්ම ටෙම්ප්ලේට් එකට බර වැඩියි. ගි මේල් ටුවිටර් ෆේස්බුක් සහ බස් එකේ තමයි ෂෙයාර් වෙන්න දාන්නේ.
බ්ලොග් ආර්කයිව් සහ බ්ලොග් රෝල් නම් අනිවා දානවා. ඒක මට කියවන්න එන එක නම් ලේසියි.අනිත් එක තමයි කවුරුහරි මගේ බ්ලොග් එකට ආවමත් එයාලගේ බ්ලොග් වලට යන්න ලේසියි.
සරල නිමාවක් වෙන්න ඕනේ. කොටින්ම සමහර බ්ලොග් වලට ආවම ඇස් රිදෙනවා කියවන්න ගියාම. ඒ නිසා අකුරු ටිකක් ලොකුවට තියෙන්න ඕනා. පෝස්ට් එක වගේම කමෙන්ට් වලත් ෆොන්ට් සයිස් ලොකු කරන්න ඕනේ. මොකද පෝස්ට් එක වගේම කමෙන්ටුත් ගොඩක්ම වටිනවා.
තව දෙයක් කියන්න ඕනේ ඔය ෆ්ලෑශ් කෑලි ජාවා ස්ක්‍රිප්ට් වගේ ඒවා ගොඩක්ම අඩු කරන එක හොදයි. නැත්නම් ඒවත් ටෙම්ප්ලේට් එක බර වැඩි කරනවා. ඒ වගේම පොප් අප් වින්ඩෝසුත් ගොඩක් විසික් කරනවා.
ඇඩ් දාන එක ගැනත් යම් දෙයක් කියන්නම්. ඇඩ් දානවනම් පිරෙන්නම ඇඩ් දාන්න එපා. මොකද අපි කියවන්න එන්නේ ඇඩ් බලාගෙන නෙමෙයි.පෝස්ට් එක බලාගෙන. එහෙව් එකේ ඇඩ් පුරෝලා තිබ්බම කියවන්න ආයේ එන්න හිතෙන්නෙම නෑ. මම නම් පුද්ගලිකව ඇඩ් දාන්න කියලා කියන්නේ නෑ. ඇඩුත් එක්ක නයි වෛරයි !!!!
ප.ලි. - අම්මෝ ගොඩ කාලෙකට පස්සේ සිංහල ලිපියක් ලියලා තියෙන්නේ. කඩ්ඩ නම් කියවන්න එපා වෙනවා හලෝ !!!! සිංහල හොදා !!!!

මගේ මරණය said...

මන් හිතන්නේ
දැන් ලිපියයි
පරණ ලිපි බලා ගනන් විදිහක්
ෆලෝවර්ස්ලා ඔය ටික විතරක් තිබ්බම හොඳටම ඇති කියලා.

ටෙම්ප්ලේට් එක පුළුවන් තරම් සරල වෙන තරමට හොඳයි

පිළිතුරු ලබා දිය හැකි ප්‍රතිචාර - කියන එක දිගට දිගට යනවනම් එච්චර සාර්ථක නැහැ මන් සුදාරකගේද කොහේද දැක්කා අන්තිම ඒවා වචනයක් ගානේ පහලට පහලට ගිහින් තිබ්බා වගේ

 

රත්ගමයා මහතා said...

මගුල තමා..ඔය ඔක්ක්ටම වඩා ගැජට් කෑලි ඕන...හික් හික්..ඒක තමා දැන් අලුත්ම මෙව්වා එක...

Ansh Lucky Sri Jay said...

හොඳ ලිපියක්..
:)

BUWA said...

කාරණා ටිකට නම් එකඟයි , ඒත් බ්ලොගර් වල තියන සරල කමෙන්ට්  ක්‍රමය වෙනුවට මේ තියන එක නම් වාතයක් . මේ දේ කියන්න ඕනි නිසා මිසක් බ්ලොගර් හරි වර්ඩ්ප්‍රෙස් හරි ඔරිජිනල් කමෙන්ට් ෆෝම් එකෙන් පිට මම කමෙන්ට් කරන්නෙම නැති තරම් . බ්ලොග්ගර් නම් ප්‍රොෆියින් එක නිසා . වර්ප්‍රෙස් එක පාරක් දත්ත දුන්නාම ඕනිම බ්ලොගකට අදාලව දත්ත මතක තියා ගන්න නිසා තමයි ඒ .

P.S දැන් මේ කමෙන්ටුව දාත්දි අනෙන්‍යතාවය හංගන්න ෆේක් මේල් ඇඩ්‍රස් එකකුත් දීලා . මගේ නමත් ලියල යන්න ඕනි . හැබැයි මම කව්ද ? මගේ බ්ලොගය මොකක්ද කියල කාටවත් දැන ගන්නත් බැ 

deeps said...

ටෙස්ට්ටින් 

deeps said...

මේකටත් වර්ඩ් ප්‍රෙස් වගේ එක පාරක් දත්ත දුන්නම මතක තියාගන්නවා. බලන්න මේ කමෙන්ට් එකේ මගේ බ්ලොග් එකේ ලිපිනය වගේම මගේ නමත් පේනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ 

deeps said...

මේකටත් වර්ඩ් ප්‍රෙස් වගේ එක පාරක් දත්ත දුන්නම මතක තියාගන්නවා. බලන්න මේ කමෙන්ට් එකේ මගේ බ්ලොග් එකේ ලිපිනය වගේම මගේ නමත් පේනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ 

deeps said...

:)

Sandun Siribandu said...

වැදගත් ලිපියක් සිස්... ඔයාට පින් සිද්ධවෙන්න ඔන්න මාත් ෂෙයාර් බට්න් ටික දාගත්තා... ගොඩක් ස්තූතියි....

deeps said...

ස්තුතියි....දාගන්න දාගන්න :)

deeps said...

ඒක නම් ඇත්ත.....කමෙන්ට් නැති වුණාම ලියන්නේ නැතිව ඉන්න එක නම් ලොකු අපරාදයක්...

deeps said...

මම හිතලමයි ලිව්වේ නැත්තේ ලිපියේ තත්වය සහ අන්තර්ගතය ගැන. මම ආසා නැති දේට තව කෙනෙක් කැමති වෙන්න පුළුවන්...ඒ වගේම quality  එක අන්තිමයි කියලා මම කියවන්නේ නැතිව අතාරින ලිපියක් තව කෙනෙක් ආසාවෙන් කියවන්න පුළුවන් නේ 

Roshan Herath said...

නෑ නෑ.. මම කීවෙ නෙස්ටඩ් කමෙන්ට් නෙවි. සමහරු කමෙන්ට් බලාපොරොත්තුවෙන්ම ලිපි ලියලා කමෙන්ට් නැති වුනාම අධෛර්යයට පත් වෙනවා. ඒ ගැනයි කීවෙ.
මගේ ඉංග්‍රිසි බ්ලොග් එක මම දැනට  අවුරුද්දක් විතර අතැරලා දාලා තිබුනත් ඒකට මට කමෙන්ට් ආවෙ නැතත් ඒකට දැනටත් පාඨකයින් එන බව මම දැකලා තියෙනවා. ඒ කියන්නෙ අපි ලියන දේ ට පාඨකයින් ඉන්නවා කමෙන්ටු නැති වුනත්.

deeps said...

හෙහ්හේ ඔව් එක නම් වෙනස් කළා. මම ආසා නැහැ බ්ලොගර් වල කමෙන්ට් දාන විදියට :)

Ykani said...

වැදගත් ලිපියක්! මාත් දා ගන්න ඕන බ්ලොග් රෝල් එකක් :)

deeps said...

රොෂාන් අයියා, ස්තුතියි ප්‍රතිචාරෙට....අයියා වගේම තමා මාත්, බ්ලොග් ලිපියක තියන මට වැදගත් කියලා හිතන ලිපි අලුත් ටැබ් වල ඕපන් කරගන්නවා..ඒ වැඩේ කරන්න බැරි නිසා මාත් තරහයි රයිට් ක්ලික් ඩිසේබල් කරපු බ්ලොග් වලට. මම ඕක ගැන ට්වීට් කලාම අපේ අකිල අයියා කිව්වා ctrl+click කරන්න පුළුවන් නේද  කියලා එහෙම බ්ලොග් වල.


 කමෙන්ට් ගැන නම් මෙහෙමයි. කියන්න බලාපොරොත්තු වුනේ කමෙන්ට් ගැන බලාගෙන ලිපි ලියන්න ඕනේ කියලා නෙවේ. උදාහරණයක් විදියට අපි හිතමු මම කාගේ හරි බ්ලොග් එකකට ගිහින් මොකක්හරි ප්‍රශ්නයක් අහනවා කියලා, ඒ ප්‍රශ්නෙට ලැබෙන පිළිතුරු ටික ඒ ප්‍රශ්නයට යටින්ම තිබ්බොත් හැමෝටම ලේසියි ඒ ප්‍රශ්නය සහ උත්තර ටික බලාගන්න. ඒ වැඩේ කරන්න තමා නෙස්ටඩ් කමෙන්ට් සිස්ටම් එකක් ඕනේ කිව්වේ.
අයියා කියන කතාව ඇත්ත. ලිපිය කියෙව්වත් වෙලාවක් නැති වුනාම හරි කම්මැලිකමට හරි කමෙන්ට් නොකර ඉන්න අය ඕනේ තරම් ඉන්නවා. මාත් එහෙම ඉඳලා තියනවා ඕනේ තරම් ;)

සසීන්ද්‍ර said...

බ්ලොගර් වල අර "බුඃ" ගාල වැටෙන විදිහට නෙවෙයිනෙ කමෙන්ට් දාන්න තියෙන්නෙ :D

deeps said...

ඒ මොකෝ කට්ටක් කෑවේ?????

sohan tissera said...

බෙදා හැරිමට වඩා අපේ පුද්ගලික මතය නම් ලිපි පොස්ට් එකේ තියන තත්වය තමයි
                                                                                    රෙස්ලින්.lk  කන්ඩායම

Roshan Herath said...

තවත් දෙයක්, පිටුව පහසුවෙන් හා ඉක්මනින් බ්‍රවුසරය මතට ලෝඩ් වීමත් ඒ වගේම ඉතා බර තීම්ස් අඩංගු නොවීමත් වරක් පැමිනි කෙනෙකු නැවත පැමිනීමට බලපානවා. මම නම් බොහෝවිට ලිපියක් කියවද්දි ඒ පිටුවේ තියෙන ලින්ක් වෙනම ටැබ් වලට ලෝඩ් කරගන්න නිසා රයිට්ක්ලික් පහසුකම නවතා ඇති බ්ලොග් අඩවි වලට එන්න කැමති නෑ.
ඒ වගේම කමෙන්ටු බලාන ලිපි ලියලාත් වැඩක් නෑ. කියවන කෙනා කමෙන්ට් කරන්නේ ලිපිය කියවන්නාට වැදගත්යැයි හිතුනොත්. නමුත් කියවන්නාට ප්‍රතිචාර දක්වන්න නිදහස් වෙලාවක් නොතිබුනොත් ඔහු/ඇය ලිපියට ප්‍රතිචාර නොදක්වාඉන්න පුලුවනි.

deeps said...

සතුටුයි අහන්නත් !! ස්තුත්යි ප්‍රතිචාරෙට 

සසීන්ද්‍ර said...

ඇත්ත තමයි! මගෙ බ්ලොගෙත් බ්ලොග් රෝලක් දාන්න ඕනෙ...(බ්ලොග් එකට කමෙන්ට් කරන්න ගිහින් මම සෑහෙන කට්ටක් කෑව :D )

deeps said...

මට කියන්න අවශ්‍ය වෙලා තිබුණ දේ එක වාක්‍යකින්ම කියලා "කියවන කෙනාට වදයක් නැතිව කියවන්න සලස්වන එක සෑහෙන්න වැදගත්" 

deeps said...

එහෙනම් දිගටම එන්න මේ පැත්තේ  ;)

hare :-) said...

නියම පෝස්ටුව! කියවන කෙනාට වදයක් නැතිව කියවන්න සලස්වන එක සෑහෙන්න වැදගත්!

deeps said...

මාත් එක එක ගැජට් එල්ලගෙන හිටියා..එත් පහු පහු වෙනකොට තමා තේරුනේ ඒවාගෙන් වැඩක් නැහැ කියලා 

චතුර.. said...

තමන්ගේ වගේ අදහස් තියෙන අය හඳුන ගන්න ලැබෙන එක ලොකු දෙයක්..

හිස් අහස . said...

වැදගත් ලිපියක් සහෝදරී මගේ බ්ලොග් එකේ මම මුල් කාලේ හැම ගැජට් එකම එල්ලගත්තා දැන් නම් ගොඩාක් දේවල් අඩු කරලයි තියෙන්නේ . ..

deeps said...

අක්කා මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාපු පලවෙනි වතාව මම හිතන්නේ..සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට. මටත් ඔය ගැටළුව තියනවා. ඒක නිසා මම කරලා තියෙන්නේ කියවන බ්ලොග් ලිස්ට් එකේ  අලුතෙන්ම අප්ඩේට් වුන බ්ලොග් 10 විතරක් පේන්න හදපු එක...

Aruni Shapiro said...

මම යන එන බ්ලොග් අඩවි සියල්ල දාන්න ගියොත් සින්ඩියක් වෙනවා. සින්ඩි දාන්න ගියොත් ඒක බ්ලොග් රෝලක් වෙනවා. ඉතින් මොකද කරන්නෙ?!!!!

deeps said...

එක ඇත්ත...මම  කැමති, වැදගත් කියලා මට  හිතෙන බ්ලොග් තමා මාත් දාගෙන ඉන්නේ ලිස්ට් එකට........බ්ලොගර් කමෙන්ටින්ග් සිස්ටම් එක නෙවේ මේකේ දුවන්නේ..එකයි එහෙම වෙන්නේ..එක පාරක් කැමති නම , ඊ මේල් , බ්ලොග් ගහලා කමෙන්ට් කරන්න..ඊට පස්සේ හරි :)

deeps said...

තැන්කු ජේ ඩී

poorna sanjeewa said...

කළගුණ සැලකීමක් කියලා වැඩකට නැති දේවල් ලියන බ්ලොග් එක් බ්ලොග් රෝල් එකට දාගන්න මමනම් කැමති නෑ. තව දෙයක්... ඔයාගේ බ්ලොග් එකේ මගේ බ්ලොගර් ගිණුමේ නමින්කමෙන්ට් කරන්න බැරිද? මාර වැඩේ මගේ ඇත්ත නමින්නේ මේකේ කමෙන්ට්ස් වැටෙන්නේ :D

deeps said...

ඇයි චම්මාගේ බ්ලොග් එක? එකත් පටාස් ගාලා ලෝඩ් වෙනවා....තව මට වඩා සරල බ්ලොග් ඕනේ තරම් තියනවා බ්ලොග් අවකාශේ ..හැබැයි මේ වෙනකොට දෙන්නෙක් කියලා තියනවා මගේ බ්ලොග් එක හරියට ලෝඩ් වෙන්නේ නැහැ කියලා. මට නම් හිතාගන්න බැහැ ඇයි කියලා.....තව කාටහරිත් ඔය ප්‍රශ්නෙම තියනවා නම් කියන්න කමෙන්ට් එකකින්.

ChammA said...

සරල නිමාවක් නම ඉතින් තියෙන්නම ඕන..ඒක බ්ලොග් එකක් හරි වෙබ් සයිට් එකකට හරි නැතිවම බැරි දෙයක් නේ.තමන්ගේ බ්ලොග් එකට / සයිට් එකට එක පාරක් එන කෙනාට යලි යලිත් එන්න හිතෙන විදියට බ්ලොග් එක හරි වෙබ් එක හරි හදලා තියෙන්නම ඕන..ඔය ලෝඩ් වෙන්න වෙලා යන්නේ රටේ තියෙන හැම විජට් එකම බ්ලොග් එකට ඇඩ් කර ගත්තම තමයි..ඔන්න බ්ලොග් එකක් උනාම Deeps ගේ වගේ සරලව ඉක්මනට ලෝඩ් වෙන්න තියෙන්න ඕන ;-)

deeps said...

අන්න මට අමතක වුන කතාවක්..බ්ලොග් එකේ තීම් එක සහ ඒකට දාලා තියන පසුබිම් පින්තුරේ නිසා සමහර බ්ලොග් වල අකුරු පෙන්නේ නැහැ..බ්ලොග් රෝල් එකක් කැමති නම් දාගන්න ඉතින්...මගේ නම් අදහස නම් එහෙම එකක් බ්ලොග් එකේ තියෙන්න ඕනේ කියලා. ලිපියේ ලිව්වේ නැති හේතුවක් තමා "කළගුණ සැලකීම ".. ඔයාගේ බ්ලොග් එක කවුරු හරි එයාගේ බ්ලොග් රෝල් ඒකට දාගෙන නම් ඒකට කරන ප්‍රති උපකාරයක්‌ වගේ එයාගේ බ්ලොග් එක අපේ රෝල් ඒකට දාගන්න එක 

deeps said...

ස්තුතියි ප්‍රතිචාරෙට...ඔබ නිවැරදියි...සමහර බ්ලොග් තියනවා ලිපි හොඳයි හැබැයි ඔය ගැජට් නිසා එපා වෙනවා පැත්ත පලාතේ යන්න. එහෙම බ්ලොග් එකක් නම් අඩුම ගානේ ඊ මේල් හරි ෆීඩ් එක හරි හදලා තියනවා නම් වැදගත්...එතකොට කැමති අයට ඒ ගැජට් කෑලි බලන්නේ නැතිව ඊ මේල් හරි ෆීඩ් ඒකෙන හරි කියවන්න පුළුවන් නේ 

ගලායන ජීවිතය said...

ඔයාගෙ මේ ලිපිය ගොඩක් අයට වැදගත් වෙයි.සමහරු ලෝකේ තියන බ්ලොග් ගැජට්ටු ඔක්කොම පුරවගන්නව බ්ලොග් එකට.ලොර්ඩ් වෙන්නත් වෙලා යනව,කියවන්නත් අපහසුයි එතකොට ආය ඒ පැත්තෙ යන්නවත් හිතෙන්නෙ නැනේ.අතව‍ශ්‍යම ටික තිබ්බම ඇතිනේ අර කීවත් වගේ.

poorna sanjeewa said...

මගෙත් බ්ලොග් රෝල් එකක් නම් නෑ....
සරල තීම් එකක් දාලා තියන එකනම් බ්ලොග් එකට එන හැමෝටම වගේ පහසුවක්... මමත් දැකලා තියනවා සමහර බ්ලොග් ලෝඩ් වෙන්න පැය ගානක් යනවා ඒ මදිවට අකුරු පේන්නෙත් නෑ පාට නිසා...

deeps said...

ඇත්ත ඇත්ත 

deeps said...

අන්න හාවට තේරුණා මම කියපු එක :D කැරට් අලයක් එවන්නම් ගෙදරට තෑග්ගක් විදියට 

deeps said...

අන්න හාවට තේරුණා මම කියපු එක :D කැරට් අලයක් එවන්නම් ගෙදරට තෑග්ගක් විදියට 

deeps said...

ගොඩක් අය ළග මෙව්වා ටික තියනවා හැබැයි නැති අයත් ඉන්නවෝ...දැකලා නැද්ද?

Thameera said...

බ්ලොග් රෝලක් නැත්නම් සින්ඩියකට ලින්ක් එකක් හරි තියෙනව නම් වටිනව.