Sunday, August 28, 2011

අනේ මගේ කොම්පියුටරේ ඔන් වෙන්නේ නැහැ! මොකද්ද මම කරන්න ඕනේ?

මම දන්නවද මොනවා කරන්නද කියලා?
මම දන්නේ නැහැ එයා ඉන්ස්ටෝල් කරපු වැඩසටහන්.
තව කොම්පියුටරේ වර්ගය, මෙහෙයුම් පද්ධතිය ඒවා දන්නෙත් නැහැ.
ඉතිං මං කොහොමද කියන්නේ මොකක්ද කරන්න ඕනේ කියලා?
අනික ඉතිං පොඩි පොඩි වැඩ ටිකක් දන්නවා වුණාට මම මීටරයක්‌  නෙවෙයි.
දන්න ටික දන්නෙත් ගූ
ගල් ළඟ ඉන්නකොට විතරයි.


 "ගිය සතියේ ඔයා ඇවිල්ල මොනවද මොනවද කරේ , ඊට පස්සේ තමා මේක ඔන් වෙන්නේ නැත්තේ!"
"මම ඇවිල්ලා software update කරලා දුන්නට පස්සේ ඔයා මොකුත් කරේම  නැද්ද?"
"නෑ"
"ඈ! එතකොට කොහෙන්ද මේ චුරුස්‌ බුරුස්‌ ගාන බල්ලෙක් මවුස් පොයින්ටරේට ආවේ?"
"දන්නේ නෑ , අද උදේ බලනකොට ඊතලේ බල්ලෙක් වෙලා, හලී ෂෝයි බව්වා නේද මෙයා? මේ බලන්න කුචු කවනකොට ලජ්ජාවෙන් හිනා වෙනවත් එක්ක"

ඉතිං,
මම දන්නවද මොනවා කරන්නද කියලා?


Facebook chat එකේදී..

"මගේ මැෂිම ස්ලෝ වෙලා, මොනවද කරන්න ඕනේ?"
"අනේ මන්දා හිතාගන්න බැහැ, බලන්නේ නැතුව කියන්න බැහැ"
මට හදිස්සි වැඩක් කරගන්න ඕනේ, මගේ වර්ඩ් වැඩ කරන්නේ නැහැ, වර්ඩ් ලෝඩ් වෙන්නෙත් නැති ගානට ස්ලෝ වෙලා"
"අහ්හ්, වර්ඩ් ද ප්‍රශ්නේ? වර්ඩ් වෙනුවට එහෙනම් දැනට Google Docs පාවිච්චි කරපු. පස්සේ බලමු අරක හදාගන්න"
"මොකක්ද Google Docs කියන්නේ?"
"Google Docs කියන්නේ .......... බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් "

"ඒ ඔයා නම් මාරයි, ගොඩක් දේවල් දන්නවා, කොහොමද ඔච්චර දේවල් දන්නේ?"
"මම කියවනවා, අලුත් දේවල් ගැන නිතරම හොයනවා, අලුත් ටෙක් දේවල් වලට කැමති අය එක්ක ඒවා කතා කරනවා. යාලුවන්ට ඇතිවෙන තාක්ෂණික ගැටළු විසඳලා දෙනවා. 
මම හරිම කැමැත්තෙන් එහෙම දේවල් කරන්නේ. මට ඇතිවෙන ප්‍රශ්ණ මම ම විසඳගන්නවා, බැරිම වුනොත් විතරයි කාගෙන් හරි උදව්වක් ඉල්ලන්නේ. කාලයක් යනකොට ඉතිං ඒක පුරුද්දක් වෙනවා......"


යටි හිත: මේවා අහලවත් මෙයාලා හැදේවිනේ. තමන්ගේ ගැටළුවක් තමන් විසඳගන්න කොට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒක කවදා මෙයාලා ඉගෙන ගනීද?


ඊළඟ දවසේ...

"මගේ කොම්පියුටරෙන් දුම් පිටවෙනවා, ඇතුලේ කවුරු හරි සිගරට් බොනවද දන්නේ නැහැ. පොඩ්ඩක් ගලවලා බලන්නකෝ!"

"එක අතකට මෙහෙම අය නැත්තම් computer repair කරලා, hard disk format කරලා සල්ලි හොයන අයට මොකද වෙන්නේ?
ඔන්න ඔහේ ඕනේ එකක්...
මේ මැෂිමත් ගලවලා බලමු, කවුද දන්නේ ඇතුලේ කවුරු හරි සිගරට් බොනවද කියලා,
මම එහෙම දෙයක් මීට කලින් දැකලත් නැහැ, අලුත් අත්දැකීමක් වෙයි මේකත්,
ගලවන ගමන් මෙයාටත් කියල දෙන්න බැරි යෑ"

"ගන්නකෝ බලන්න ඉස්කුරුප්පු නියනක් එහෙනම්"
"මෙන්න නියන, මං ගියා, හදලා ඉවර වෙලා කතා කරන්න හොඳේ ?"



ප. ලි. මේ ලිපිය  ලියන්න හිතුනේ, මෙන්න මේක කියෙවට පස්සේ.



20 comments:

  1. මම ශුවර් එකටම එකක් දන්නව..මේ පොටො එකෙ ඉන්නෙ නම් ඩ්ප්ස් අක්කම.... නෙවෙ...

    ReplyDelete
  2. ඔව් ඔව් මම නෙවේ 

    ReplyDelete
  3. Someone: "උඹ අපි ඇහුවම තමයි කිසි දෙයක් දන්නෙ නැත්තෙ. අනිත් වෙලාවට අයිටී දෙයියා‍.අනෙ පල බං උඹේ කට විතරයි."

    Me: *speechless*

    ReplyDelete
  4. අන්න ලිපිය..

    ReplyDelete
  5. මට කාලෙකට කලිං එකෙක් ගෙන් ලැබුනා p3 මැසිමක කොටස් ටිකක්.. ඕක මං මේසයක් උඩ හයි කරලා වැඩද බැලුවා යසට වැඩ.. :D NFS ගේම් එක එහෙම මරුවට ගහතැහැකි :D දවසක් ඕක දුන්න එකා අපේ ගෙදරට ඇවිත් අහනවා.. මචං මේ මොකක්ද..? පට්ට බාන්ඩයක්නේ කියලා.. :D මං ඉතිං කිවේ නැ කවුද දුන්නෙ කියලා :P

    ReplyDelete
  6. හික්..කිව්වනම් හෙම බලා ගන්න තිබ්බා :D

    ReplyDelete
  7. අත් දැකීම් තියනවා වගේ ;)

    ReplyDelete
  8. ඒ වගේ වෙලාවට කට වහගෙන ඉන්න එක වඩා හොඳයි...තේරුම කරලා දෙන්න ගියාට වැඩක් නැහැ 

    ReplyDelete
  9. kellonta padan kiyala denna yanne,computer hadala denna yanne,technical dewal kiyala denna yanne pattama modayo,hehe kello mayan 64ma dala wade karagena pukata 2k dila eliyata danawa kiyala e modayonta therenne na :P :P meka balana e wage un wath hadiyalla :P

    ReplyDelete
  10. පොඩි නිවැරදි කිරීමක්.


    හැම ගෑණු ළමයම එහෙම නැහැ.
    සමහර පිරිමි ළමයිනුත් මෙහෙම තමා .

    ReplyDelete
  11. අපූරු ලියමන නංගෝ..

    ReplyDelete
  12. ස්තුතියි අයියා :D

    ReplyDelete
  13. Prasanna KarunarathnaAugust 29, 2011 at 4:14 PM

    මමත් මේ උඩපැනගෙන ආවේ මොකද වෙලා තියෙන්නේ බලන්න. අයියෝ පොඩි ලෙඩයිනේ... ඩිප්ස්ගේ ​වයර් එකක් බුරුල් වෙලා...

    ReplyDelete
  14. මගේ වයර් නම් මේ දවස් වල බුරුල් තමා :D

    ReplyDelete
  15. ඔන්න ඉතින් කරගෙන තියෙන වැඩක් !!!!!!මොනා කරන්නද ඉතින්.

    ReplyDelete
  16. Dude aka henryblogwalkerAugust 31, 2011 at 12:28 AM

    මරු ආටිකල් එක! ටූත් පේස්ට් ටියුබ් එකක මූඩිය ඇරගන්න තරම් වත් කාර්මික දැනුමක් නැති ගෑනු පිරිමි පරාණ ඉන්න ලෝකෙක Deeps වගෙ අයත් ඉන්නව!!

    ReplyDelete
  17. මගේ කොම්පියුටරේ වැඩ :)

    ReplyDelete
  18. හපෝ, කවුද කිව්වේ දැන් මම මේ වගේ කියලා ? :D

    ReplyDelete
  19. ලක්ෂ්මන්September 22, 2011 at 9:00 AM

    ඒයි ඕක නියනෙන් කරන්ට පුළුවන් වැඩක් නෙවෙයි. පොරවක් හරි ගල් ඉන්නක් හරි හොයාන එන්ට පුළුවන්ද?

    ReplyDelete