Monday, July 11, 2011

Facebook Like වැඩ නැද්ද? මෙන්න විසඳුම

ඊයේ රෑ ලියලා දාපු ලිපියට කමෙන්ට් එකක් වැටෙනකන් බලාගෙන ඉන්නකොට ඔන්න උදේ පාන්දරම එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා කතාවක්.

"FB Like on your blog is not clickable >_<"
 මාත් ගිහින් බැලුවා. කතාව ඇත්ත. FB like බොත්තම නිකන් ඉමේජ් එකක් වගේ වෙලා.දැන් ඔන්න පටන් ගත්තා මෙහෙයුම. මම දන්නා ජාති ඔක්කොම කරලා බැලුවට හරි ගියේ නැහැ. ඊට පස්සේ ගයන්ත මල්ලිත් ඔන්න එයා දන්න කියන සෙල්ලම් ඔක්කොම දාලා බැලුවා. හරි ගියේ නැහැ. බැරිම තැන මෙයා කියනවා.

"මම පස්සේ බලන්නම්. මට බ්ලොග් ටෙම්ප්ලේට් ඒක එඩිට් කරන්න admin rights දෙන්න"

කමක් නැහැ කියලා admin rights දුන්නා කියමුකෝ. දැන් ඔන්න මම බ්ලොග් ඒක refresh කරන කරන වාරයක් ගානේ like button එකට ඒක ඒක ඒවා වෙනවා. ඒ කියන්නේ ගයන්ත වැඩ. පැය කිහිපයක් ගත වුනත් විසඳුමක් හොයා ගන්න බැරි වුනා. ලයික් එකක් දාපු ගමන් ඒක ඉබේම අන්ලයික් වෙනවා. ඔය අතරේ මම තවත් මේ ගැන හෙව්වා ගුගල් අයියා එක්ක. ඔන්න එතකොට හම්බුනා උත්තරේ.

විසඳුම


  • මෙන්න මෙතෙන්ට යන්න
  • Like button අල වෙලා තියන බ්ලොග් ලිපිය හෝ වෙබ් පිටුවේ ලිපිනය එහි ඇති Input URL කොටුවට ඇතුළත් කර "Lint" බොත්තම ක්ලික් කරන්න.




  • ඉන්පසු ලැබෙන පිටුවේ යට කොටසේ ඇති "Like Button" ක්ලික් කරන්න.




  • එවිට ඔබ අදාළ වෙබ් ලිපිනය "Like" කළ බව පෙන්නාවි.
දැන් වැඩේ අවසානයි. Like button අල වෙලා තිබුණු බ්ලොග් ලිපිය හෝ වෙබ් පිටුව refresh කරන්න. ඉංග්‍රීසියෙන් කියවන්න මෙතෙන්ට යන්න. බොරු කියන්නේ මොකටද මමත් මේක හොයාගත්තේ එතනින් තමා.

ප. ලි : පැය ගණනාවක් මහන්සි වුනාට මෙන්න ගයන්තට මගෙන් කෝක් එකක්

5 comments:

  1. Prasanna KarunarathnaSeptember 11, 2011 at 7:52 PM

    මෙයත් දැන් චන්ඩි​යා වෙලා....

    ReplyDelete
  2. අලේ මෙයා හොඳයි තමා ඔක්කොටම වැඩිය...කම්පීතරේ කැඩුනම ෂෝයි එකට හදලා දෙවි නේ :P

    ReplyDelete
  3. මේකේ කොහෙද චන්ඩි කමක්? :P

    ReplyDelete
  4. Prasanna KarunarathnaSeptember 11, 2011 at 7:52 PM

    මෙයත් දැන් චන්ඩි​යා වෙලා....

    ReplyDelete