Tuesday, September 6, 2011

රේල් පාර දිගේ 1 - ගමනට සුදානම

මේ කතාව පටන් ගන්නේ කෝච්චි බ්ලොගේට මම දාපු ප්‍රතිචාරයකින්. රේල් හයික් එකක් යන්න කැමතියි කියපු නිසා කෝච්චියා මට ආරාධනාවක් කළා ඊළඟ රේල් හයික් එකට සහභාගී වෙන්න. අපේ ගෙවල් ළඟම නිසා මාත් ඒක පයින් කැමති වුණා.

මොකක්ද මේ රේල් හයික් එකක් කියන්නේ?

ගමනාරම්භය (සොරෝ ගේ පින්තූරයකි) 


සරලවම කියනවා නම් රේල් පාර දිගේ අවට සුන්දරත්වය නරඹමින් ඇවිදීම. සමහරුන්ට හිතෙන්න පුළුවන් මේකෙන් ඇති වැඩේ මොකක්ද කියලා. මම මේ ගැන කිව්ව ගමන් එක්කෙනක් හිනා වුණා සුන්දරත්වය බලන්න නම් කෝච්චියේ රවුමක් ගියා නම් ඉවරයිනේ කියලා. ඒ වුණාට කෝච්චියේ යන එකයි, ඒ පාරේම පයින් යන එකෙයි තියෙන්නේ ලොකු වෙනසක්.


අපේ ගමනේ විස්තර කෙටියෙන්
අවට පරිසරය 
  • දිනය :- 2011 සැප්තැම්බර් 03
  • කලාපය :- කඩුගන්නාව දුම්රිය ස්ථානය - ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය (කිලෝමීටර 9.04ක් පමණ)
  • කාල කළමනාකරණය  :- කොළඹින් උදේ 5.55ට පිටත් වන පොඩිමැණිකේ දුම්රියෙන් ගොස් උදෑසන 8.30ට පමණ කඩුගන්නාව වෙත ලඟාවීමටත් ආපසු සවස 4.30 ට ඉහල කෝට්ටෙන් දුම්රියට ගොඩවී කොටුවට පැමිණිමට පුළුවන්, මහනුවර ප්‍රදේශයෙන් පැමිණෙන්නේ නම් උදෑසන 8.30 පමණ කඩුගන්නාව දුම්රිය ස්ථානයට පැමිණ ඉහල කෝට්ටෙන් හවස 2.46ට හෝ 6.45ට පිටවන දුම්රියෙන් නුවර දෙසට පැමිණිය හැකියි. එසේ නොමැති නම් සවස 4.30 ට ඉහල කෝට්ටෙන් දුම්රියට ගොඩවී වල් පල් කියවමින් රඹුක්කනට පැමිණ රඹුක්කනින් සවස 6.20 ට මහනුවර බලා ධාවනය වෙන දුම්රියට ගොඩ ගොඩ වෙන්න පුළුවන්.


සැළකිය යුතු දේවල්

ත්‍රස්තවාදී ප්‍රහාර
  • ඡායාරූප ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් සුදුසු කැමරා ආම්පන්න සහ ඒවා සුරක්ෂිතව තබාගැනීමේ උපක්‍රම ඔබ විසින් සපයාගන්න. ඇතැම් විට වැසිපොද වලට මුහුණ දීමට සිදුවීමට ඉඩ තිබේ.
  • ඔබගේ ආරක්ෂාව සඳහා සපත්තු පැළඳිම වඩාත් යහපත්ය. මාර්ගය දෙපස සහ බිම්ගෙවල් තුල සර්පයන් ආදී සතුන් ගැවසීමට ඉඩ ඇත.
  • ජංගම දුරකථනයක් අවශ්‍ය වේ.
  • බිංගෙවල් තුලින් යාමට ඇති නිසා ප්‍රමාණවත් එලිය සහිත ටෝච් එකක් රැගෙන ආ යුතුය.
  • කුඩයක්/ වැහි කබායක් ගෙන ඒම සුදුසුයි
  • කූඩැල්ලන්ගෙන් දැඩි ප්‍රහාර එල්ලවිය හැකි බැවින් සබන්, ලුණු වැනි දේවල් රැගෙන යන්න.
  • අමතර ටී - ෂර්ට් එකක් කැමති නම්. නොහිතන දේවල් සිදු වීමට ඉඩ ඇත.
  • ජංගම දුරකථනයක් ළඟ තබා ගැනීම ආරක්ෂාවට සුදුසුය.
  • ගමනට පෙර ඔබ පසු කරන දුම්රිය ස්ථාන දැනුවත් කර ඔවුන්ගෙන් අවසර ලබා ගන්න.


මෙම කලාපයේ වැදගත්කම
  • ශ්‍රී ලංකා දුම්රිය මාර්ග පද්ධතියේ ඉතා අලංකාර කොටසකි.
  • දුම්රිය මගෙහි සීග්‍ර නැග්මක් සහිත කලාපයකි.
  • Elephant Back හරහා ඉදිරියට ඇදෙන කෝච්චිය 
  • දුම්රිය මාර්ගයේ විශේෂ ස්ථාන කිහිපයක් මෙම දුම්රිය ස්ථාන දෙක අතර පිහිටා ඇත. (Ex:- Sensation Rock, Elephant Back, Lion’s Mouth)
  • දුම්රිය පිලිබඳ රසික මෙන්ම ඡායාරූප ශිල්පීන්ගේ පාරාදීසයකි.
  • පහසුවෙන් ළඟාවිය හැක.
  • බිම්ගෙවල් කිහිපයක් තරණය කිරීමට සිදුවේ.
    • කඩුගන්නාව-බලන
      • අඩි 85ක් දිග අංක 11 දරණ බිම්ගෙය.
      • අඩි 58ක් දිග අංක 10 දරණබිම්ගෙය.
      • අඩි 622ක් දිග අංක 9A දරණ බිම්ගෙය.
      • අඩි 1049ක් දිග අංක 09 දරණ මොරගල්ල බිම්ගෙය.
    • බලන-ඉහල කෝට්ටේ
      • අඩි 243ක් දිග අංක 08 බිම්ගෙය.
      • අඩි 133ක් දිග අංක 07 බිම්ගෙය.
      • අඩි 104ක් දිග අංක 06 බිම්ගෙය.
මේ මගේ ජීවිතයේ පළවෙනි හයික් එක. බ්ලොග් අවකාශයේත් ඉන්න පුළුවන් ජීවිතේට හයික් එකක් ගිහිල්ලා නැති අය. එයාලට උදව්වටත් එක්ක A-Z මේ ගමන ගැන ලියන්න හිතාගෙන ඉන්නේ.  මීළඟ ලිපියෙන් හමුවෙමු!

රේල් පාරේ දිගේ සුන්දරත්වය 
මීළඟ ලිපි

රේල් පාර දිගේ 2 - කඩුගන්නාව සිට සිංහ කට දක්වා

රේල් පාර දිගේ 3 - සිංහ කට සිට බලන දක්වා

රේල් පාර දිගේ 4 - බලන සිට අංක 8 බිම් ගෙය දක්වා

රේල් පාර දිගේ 5 - අංක 8 බිම් ගෙය සිට ඉහළ කෝට්ටේ දක්වා


67 comments:

  1. ඉරිසියයි අෆ්ෆා.. මං එන්නම උන්නෙ.. :( කොහෙද මේ කාර් මගුලක් නිසා ඔක මිස් උනා..!

    ReplyDelete
  2. අනේ අර දෙවෙනි පොටෝ එක නං ෂෝයි, මාර ගති!

    ReplyDelete
  3. හතර වෙනි ෆොටෝ එක ගති නැද්ද ඉන්දරේ අයියේ? :P

    ReplyDelete
  4. ඒක නොවැ. හෙනම අපරාධයකි!

    ReplyDelete
  5. හැබෑටම ඒකත් ගති නේන්නං :P

    ReplyDelete
  6. හොඳ වෙලාවට බං උඹ ආවෙ නැත්තේ :D

    ReplyDelete
  7. අ - හිංසක සිංහයාSeptember 6, 2011 at 7:47 PM

    එළ එළ නියමයි .............:D

    ReplyDelete
  8. මං කමෙන්ට් කරන්නෙ නෑ..
    නෑ කිවුවොත් නෑමයි..

    ReplyDelete
  9. මං කමෙන්ට් කරන්නෙ නෑ..

    නෑ කිවුවොත් නෑමයි..

    ReplyDelete
  10. වාව්........... මාරයි නේ.. මටත් ආසයි යන්න.... අපිටත් කිවුව නම් අපිත් එනව නේ....  :D

    ReplyDelete
  11. තව පොඩ්ඩෙන් Elephant Back හරහා කෝච්චිය මිස් වෙනවා අපි කෑ ගැහුවෙ නැත්නම් :P

    මොනවා උනත් අමතක නොවන චාරිකාවක් :D , "මොරගල්ල බිම්ගෙය" ඇතුලෙදි තමයි පලවෙනි වතාවට කෝච්චියක් එද්දි බිංගෙයක් ඇතුලේ හිටියේ :D , මතක් වෙද්දි තාම හොල්මං :D

    මේ වගේ දෙයක් සංවිධානය කරපු උන්දැලා ටිකටත් ඒකට සහභාගී උන අයටත් ජය වේවා

    ReplyDelete
  12. හුම්ම්ම්ම්................................

    ReplyDelete
  13. ෂා අපරාදේ රේල් පාරක් අයිනේ ඉඳන් හා මෂ් බාබක්‍යු එකක් දාන්න තිබුණු වටිනා අවස්ථාවක්!!!

    ReplyDelete
  14. උඹේ නිවුන් සහෝදරයා ආවනෙ බං ඒ මදැයි :D

    ReplyDelete
  15. මේ මේ ඔය ගිහිල්ල තියෙන්නෙ අපේ රාජධානිය පැත්තෙන් හරී?
    ලස්සන ගමනක් නංගා...!

    ReplyDelete
  16. කෝ මෙතන මට කියන්න දෙයක් ඉතුරු කරලා නැහැනේ :D

    ReplyDelete
  17. ඉස්සරහට එන ලිපි වල තියේවි ලියන්න දේවල් :P

    ReplyDelete
  18. මේ මගේ රාජධානියට අල්ලපු රට :) ඔව් ලස්සන ගමනක්!

    ReplyDelete
  19. හික්... එක ගැන නම් හිතනකොටත් ඇඟ කිලිපොලා යනවා :) 

    ඔව් ඔව් සංවිධානය කොරපු ඇත්තන්ට ස්තුති වෙන්න ඕනේ.. ස්තුති කතාව අවසානෙට කොරන්න කියලා මේ හිතාගෙන ඉන්නේ 

    ReplyDelete
  20. දෙපාරක්ම කමෙන්ට් කරලා තියෙන්නේ ඔය...මම සිරාවට හිතුවේ ඔබ තුමා මේ වගේ ගමන් වලට එච්චර කැමැත්තක් නැහැ කියලා....නැත්තම් කියනවා...

    ReplyDelete
  21. මටත් යන්න තිබ්බනම් :(

    ReplyDelete
  22. මමත් ප්ලෑන් කරල තියෙනව පට්ටිපොල ඉඳන් ඔහියට රේල් හයික් එකක් යන්න... තනියම යන්න බැරි හින්ද කතා කරන කතා කරන එකාට වැඩ කියනවනෙ... :(

    ReplyDelete
  23. හරිම ලස්සනට තියේවි. අපි නොදන්න බොහෝ දේවල් දැනගන්න පුළුවන් වේවි කියලත් හිතෙනව.

    ReplyDelete
  24. නියම ට්‍රිප් එකක් නේ. අපරාදේ විභාගය තිබ්බේ නැත්නම් මාත් එනවා. නියමයි. 

    ReplyDelete
  25. මේ තියෙන්නේ නියමයි! ලස්සන පැත්තක්.. ඒ උනාට දාල තියන පොටෝ ටික නම් අවුල් ගන්න දෙයක් නෑ :D

    ReplyDelete
  26. මම දැක්කා මූණු පොතේ පින්තූර.... ඊරිසියාවේ බෑ....! 

    - දුමී

    ReplyDelete
  27. දේවා ගේ අඩවියSeptember 7, 2011 at 12:09 AM

    මේ ටිකේම බරටම වැඩ නිසා මිස් උනත් ආයේ ගියොත් නම් එනවාමයි

    ReplyDelete
  28. අපිත් ඉතින් ඕනතරමි ඕක දිගේ ගිය අවාද ...කොචියේ..

    ReplyDelete
  29. Priyantha GalgepitiyaSeptember 7, 2011 at 8:10 AM

    එන්න බැරි උන එක ගැන නම් තියෙන්නේ ලොකු කණගාටුවක්. හරිම ලස්සන අත්දැකීම් ගන්න ඇති....:(

    ReplyDelete
  30. මටත් ආසාවේ බෑ අප්පා....

    ReplyDelete
  31. ජීවිතේට හයික් එකක් ගිහිල්ල නැති ගොඩට තමයි අපිත් අයත් වෙන්නෙ. ලියමු බලන්න ඉතුරු ටිකත්.

    ReplyDelete
  32. ලස්සනයි....

    ReplyDelete
  33. මේක නම් මාර වටිනව
    දිගටම ලියන්න ඩීප්ස්
    ෆොටෝ එක්කම අපිට දැක බලගන්න විස්තර ඇතුව ලියනව නම් හොදයි..

    ReplyDelete
  34. හයික් කිව්වම ඉතින් මටත් තියෙන්නේ පුදුම උණක්. ඒත් කොහෙද ලංකාවට ආවම ඕවට වෙලා නෑ.&න්බ්ස්ප්;නේ ඉතින් මම රේල් පාරේ ගිහින් තියෙන්නේ ඔය වැල්ලවත්තේ හා බම්බලපිටිය අතරනේ... ඒකටත් හෙන ගේමක් දීල ගියේ. &න්බ්ස්ප්; ඒ උනාට අර කුඩැල්ලා දැක්කම නම් මම දන්නවා මම කවදාවත් ඔය ගමනට එන්නේ නෑ කියලා. හෙ හෙ

    ReplyDelete
  35. මටත් මාර ඉරිසියයි මෙක දැක්කම. මමත් ආසම වැඩක් තමයි ඕක. ඒ වුනාට Deeps මම පත්තරේ දැක්කා දැන් රේල් පාරෙ ඇවිදින්න තහනම් නීතියක් තියනව කියලා ලංකාවෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
  36. I'm another deeps from another country called Sri Lanka :)

    ReplyDelete
  37. හෆ්ෆා ඩීප්ස්ලා දෙන්නයි :D

    ReplyDelete
  38. ආසාවේ බැ අප්පා මේවා දකිද්දී  .. ලගදි අපේ සෙට් එකටත් ටුවර් එකක් දා ගන්න  බැරිවුනා ....ලගදීම මම වත් ඕගනයිස් කරගන්න ඕන ගමනක් ......

    ReplyDelete
  39. ඊළඟ ලිපියට ඔයාගේ ෆොටෝ එකක් දාන්නම් ඉතින් ;)

    ReplyDelete
  40. හික් හික්..එහෙම කියලා බැහැ. තනියම හරි යන්න :D

    ReplyDelete
  41. අපි අවසර අරගෙන ඇවිද්දේ. මේ ප්‍රශ්නෙට උත්තරේ රංග ගේ ලෝකයෙන් ලැබිලා තිබුණා නේද? 

    ReplyDelete
  42. කුඩැල්ලා? අයියෝ ඔතන ඉන්නේ එක්කෙනයි එක මල්ලි කෙනෙක්ගේ කලිසම පුරා සීයක් විතර හිටියා එක පාරක්..ඒක දකින්න තිබ්බේ :) වැල්ලවත්ත පැත්තේ වැඩක් නැහැ. මෙහෙ තමා යන්න ඕනේ/මීදුම අතරින් යනකොට පුදුම සනීපයක් 

    ReplyDelete
  43. ඔන්න ෆොටෝ එක්කම දෙවැනි ලිපිය දැම්මා. ගිහින් බලන්න 

    ReplyDelete
  44. දෙවැනි ලිපිය දැම්මා http://deepsgelokaya.blogspot.com/2011/09/2.html

    ReplyDelete
  45. ඔව අයියා. ලස්සන අත්දැකීම් ගත්ත ගමනක්! අපරාදේ අයියට එන්න බැරි වුනේ 

    ReplyDelete
  46. පයින් ගියාම තමා ගති 

    ReplyDelete
  47. අනිවාර්යෙන් 

    ReplyDelete
  48. මුණු පොතේ දැක්කා නම් ආයේ කියන්න දෙයක් නැහැ ගියා වගේම තමා අයියා 

    ReplyDelete
  49. අයියා ගිහින් තියනවද යකා පාලමේ?

    ReplyDelete
  50. මාත් නොදන්නා දේවල් ගොඩක් දැනගත්ත ට්‍රිප් එකක් මේක 

    ReplyDelete
  51. ඒ පැත්තත් රේල් හයික් යන්න කියාපු පැත්ත!

    ReplyDelete
  52. බ්ලොග් ලිපි හරහා යමු ගමන...

    ReplyDelete
  53. දැන් නම් මාස තුනක් ගෙවිලා යන්නකල් ඉවසිල්ලක් නැත්තේය! 

    ReplyDelete
  54. එන්ඩෝ එන්ඩෝ!! ආයේ යමු ඔය මිස වෙච්ච උදවිය එක්ක 

    ReplyDelete
  55. බොහොම ස්තුතියි. මේ විදිහට විස්තර සටහන් කරාම, යන්න හිතන් ඉන්න කෙනෙකුට ඒක ලොකු පහසුවක් ගමන සැළසුම් කරගන්න.

    ReplyDelete
  56. තැන්ක්‍යු තැන්ක්‍යු :D

    ReplyDelete
  57. හප්පා මාත් යකඩ යකා සෙට් එකත් එක්ක යන්න ඉදල අන්තිම මොහොතෙ නවතින්න උනානෙ. පින්තූර කෑලි ටිකක් ගහල බ්ලොගේ පැත්තෙ දාන්නයි හිටියෙ. :( මේව දකිද්දිනම් ආයෙ තනියම හරි යන්න හිතෙනව.

    ReplyDelete
  58. හප්පා මාත් යකඩ යකා සෙට් එකත් එක්ක යන්න ඉදල අන්තිම මොහොතෙ නවතින්න උනානෙ. පින්තූර කෑලි ටිකක් ගහල බ්ලොගේ පැත්තෙ දාන්නයි හිටියෙ. :( මේව දකිද්දිනම් ආයෙ තනියම හරි යන්න හිතෙනව.

    ReplyDelete
  59. තනියම නම් යන්න එපා. භයානකයි...තව දවසක යාලුවෝ එකතු කරගෙන යන්න 

    ReplyDelete
  60. ඒ ගැන හිතලා තමා ඔක්කොම විස්තර දැම්මේ :)

    ReplyDelete
  61. Hmm eka aththa. Permission gannath onine.

    ReplyDelete
  62. ආ...මේ තියෙන්නෙ ට්‍රැවල් ගයිඩ් එක :) 

    ReplyDelete