මේ කතාව පටන් ගන්නේ කෝච්චි බ්ලොගේට මම දාපු ප්‍රතිචාරයකින්. රේල් හයික් එකක් යන්න කැමතියි කියපු නිසා කෝච්චියා මට ආරාධනාවක් කළා ඊළඟ රේල් හයික් එකට සහභාගී වෙන්න. අපේ ගෙවල් ළඟම නිසා මාත් ඒක පයින් කැමති වුණා.
මොකක්ද මේ රේල් හයික් එකක් කියන්නේ?
|
ගමනාරම්භය (සොරෝ ගේ පින්තූරයකි) |
සරලවම කියනවා නම් රේල් පාර දිගේ අවට සුන්දරත්වය නරඹමින් ඇවිදීම. සමහරුන්ට හිතෙන්න පුළුවන් මේකෙන් ඇති වැඩේ මොකක්ද කියලා. මම මේ ගැන කිව්ව ගමන් එක්කෙනක් හිනා වුණා සුන්දරත්වය බලන්න නම් කෝච්චියේ රවුමක් ගියා නම් ඉවරයිනේ කියලා. ඒ වුණාට කෝච්චියේ යන එකයි, ඒ පාරේම පයින් යන එකෙයි තියෙන්නේ ලොකු වෙනසක්.
අපේ ගමනේ විස්තර කෙටියෙන්
|
අවට පරිසරය |
- දිනය :- 2011 සැප්තැම්බර් 03
- කලාපය :- කඩුගන්නාව දුම්රිය ස්ථානය - ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය (කිලෝමීටර 9.04ක් පමණ)
- කාල කළමනාකරණය :- කොළඹින් උදේ 5.55ට පිටත් වන පොඩිමැණිකේ දුම්රියෙන් ගොස් උදෑසන 8.30ට පමණ කඩුගන්නාව වෙත ලඟාවීමටත් ආපසු සවස 4.30 ට ඉහල කෝට්ටෙන් දුම්රියට ගොඩවී කොටුවට පැමිණිමට පුළුවන්, මහනුවර ප්‍රදේශයෙන් පැමිණෙන්නේ නම් උදෑසන 8.30 පමණ කඩුගන්නාව දුම්රිය ස්ථානයට පැමිණ ඉහල කෝට්ටෙන් හවස 2.46ට හෝ 6.45ට පිටවන දුම්රියෙන් නුවර දෙසට පැමිණිය හැකියි. එසේ නොමැති නම් සවස 4.30 ට ඉහල කෝට්ටෙන් දුම්රියට ගොඩවී වල් පල් කියවමින් රඹුක්කනට පැමිණ රඹුක්කනින් සවස 6.20 ට මහනුවර බලා ධාවනය වෙන දුම්රියට ගොඩ ගොඩ වෙන්න පුළුවන්.
සැළකිය යුතු දේවල්
|
ත්‍රස්තවාදී ප්‍රහාර |
- ඡායාරූප ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් සුදුසු කැමරා ආම්පන්න සහ ඒවා සුරක්ෂිතව තබාගැනීමේ උපක්‍රම ඔබ විසින් සපයාගන්න. ඇතැම් විට වැසිපොද වලට මුහුණ දීමට සිදුවීමට ඉඩ තිබේ.
- ඔබගේ ආරක්ෂාව සඳහා සපත්තු පැළඳිම වඩාත් යහපත්ය. මාර්ගය දෙපස සහ බිම්ගෙවල් තුල සර්පයන් ආදී සතුන් ගැවසීමට ඉඩ ඇත.
- ජංගම දුරකථනයක් අවශ්‍ය වේ.
- බිංගෙවල් තුලින් යාමට ඇති නිසා ප්‍රමාණවත් එලිය සහිත ටෝච් එකක් රැගෙන ආ යුතුය.
- කුඩයක්/ වැහි කබායක් ගෙන ඒම සුදුසුයි
- කූඩැල්ලන්ගෙන් දැඩි ප්‍රහාර එල්ලවිය හැකි බැවින් සබන්, ලුණු වැනි දේවල් රැගෙන යන්න.
- අමතර ටී - ෂර්ට් එකක් කැමති නම්. නොහිතන දේවල් සිදු වීමට ඉඩ ඇත.
- ජංගම දුරකථනයක් ළඟ තබා ගැනීම ආරක්ෂාවට සුදුසුය.
- ගමනට පෙර ඔබ පසු කරන දුම්රිය ස්ථාන දැනුවත් කර ඔවුන්ගෙන් අවසර ලබා ගන්න.
මෙම කලාපයේ වැදගත්කම
- ශ්‍රී ලංකා දුම්රිය මාර්ග පද්ධතියේ ඉතා අලංකාර කොටසකි.
- දුම්රිය මගෙහි සීග්‍ර නැග්මක් සහිත කලාපයකි.
|
Elephant Back හරහා ඉදිරියට ඇදෙන කෝච්චිය |
- දුම්රිය මාර්ගයේ විශේෂ ස්ථාන කිහිපයක් මෙම දුම්රිය ස්ථාන දෙක අතර පිහිටා ඇත. (Ex:- Sensation Rock, Elephant Back, Lion’s Mouth)
- දුම්රිය පිලිබඳ රසික මෙන්ම ඡායාරූප ශිල්පීන්ගේ පාරාදීසයකි.
- පහසුවෙන් ළඟාවිය හැක.
- බිම්ගෙවල් කිහිපයක් තරණය කිරීමට සිදුවේ.
- කඩුගන්නාව-බලන
- අඩි 85ක් දිග අංක 11 දරණ බිම්ගෙය.
- අඩි 58ක් දිග අංක 10 දරණබිම්ගෙය.
- අඩි 622ක් දිග අංක 9A දරණ බිම්ගෙය.
- අඩි 1049ක් දිග අංක 09 දරණ මොරගල්ල බිම්ගෙය.
- බලන-ඉහල කෝට්ටේ
- අඩි 243ක් දිග අංක 08 බිම්ගෙය.
- අඩි 133ක් දිග අංක 07 බිම්ගෙය.
- අඩි 104ක් දිග අංක 06 බිම්ගෙය.
මේ මගේ ජීවිතයේ පළවෙනි හයික් එක. බ්ලොග් අවකාශයේත් ඉන්න පුළුවන් ජීවිතේට හයික් එකක් ගිහිල්ලා නැති අය. එයාලට උදව්වටත් එක්ක A-Z මේ ගමන ගැන ලියන්න හිතාගෙන ඉන්නේ. මීළඟ ලිපියෙන් හමුවෙමු!
|
රේල් පාරේ දිගේ සුන්දරත්වය |
මීළඟ ලිපි
රේල් පාර දිගේ 2 - කඩුගන්නාව සිට සිංහ කට දක්වා
ඉරිසියයි අෆ්ෆා.. මං එන්නම උන්නෙ.. :( කොහෙද මේ කාර් මගුලක් නිසා ඔක මිස් උනා..!
ReplyDeleteඅනේ අර දෙවෙනි පොටෝ එක නං ෂෝයි, මාර ගති!
ReplyDeleteහතර වෙනි ෆොටෝ එක ගති නැද්ද ඉන්දරේ අයියේ? :P
ReplyDeleteඒක නොවැ. හෙනම අපරාධයකි!
ReplyDeleteහැබෑටම ඒකත් ගති නේන්නං :P
ReplyDeleteහොඳ වෙලාවට බං උඹ ආවෙ නැත්තේ :D
ReplyDeleteඑළ එළ නියමයි .............:D
ReplyDeleteමං කමෙන්ට් කරන්නෙ නෑ..
ReplyDeleteනෑ කිවුවොත් නෑමයි..
මං කමෙන්ට් කරන්නෙ නෑ..
ReplyDeleteනෑ කිවුවොත් නෑමයි..
වාව්........... මාරයි නේ.. මටත් ආසයි යන්න.... අපිටත් කිවුව නම් අපිත් එනව නේ.... :D
ReplyDeleteතව පොඩ්ඩෙන් Elephant Back හරහා කෝච්චිය මිස් වෙනවා අපි කෑ ගැහුවෙ නැත්නම් :P
ReplyDeleteමොනවා උනත් අමතක නොවන චාරිකාවක් :D , "මොරගල්ල බිම්ගෙය" ඇතුලෙදි තමයි පලවෙනි වතාවට කෝච්චියක් එද්දි බිංගෙයක් ඇතුලේ හිටියේ :D , මතක් වෙද්දි තාම හොල්මං :D
මේ වගේ දෙයක් සංවිධානය කරපු උන්දැලා ටිකටත් ඒකට සහභාගී උන අයටත් ජය වේවා
හුම්ම්ම්ම්................................
ReplyDeleteෂා අපරාදේ රේල් පාරක් අයිනේ ඉඳන් හා මෂ් බාබක්‍යු එකක් දාන්න තිබුණු වටිනා අවස්ථාවක්!!!
ReplyDeleteඋඹේ නිවුන් සහෝදරයා ආවනෙ බං ඒ මදැයි :D
ReplyDeleteමේ මේ ඔය ගිහිල්ල තියෙන්නෙ අපේ රාජධානිය පැත්තෙන් හරී?
ReplyDeleteලස්සන ගමනක් නංගා...!
කෝ මෙතන මට කියන්න දෙයක් ඉතුරු කරලා නැහැනේ :D
ReplyDeleteඉස්සරහට එන ලිපි වල තියේවි ලියන්න දේවල් :P
ReplyDeleteමේ මගේ රාජධානියට අල්ලපු රට :) ඔව් ලස්සන ගමනක්!
ReplyDeleteබස්සෙක්? ?
ReplyDeleteහික්... එක ගැන නම් හිතනකොටත් ඇඟ කිලිපොලා යනවා :)
ReplyDeleteඔව් ඔව් සංවිධානය කොරපු ඇත්තන්ට ස්තුති වෙන්න ඕනේ.. ස්තුති කතාව අවසානෙට කොරන්න කියලා මේ හිතාගෙන ඉන්නේ
දෙපාරක්ම කමෙන්ට් කරලා තියෙන්නේ ඔය...මම සිරාවට හිතුවේ ඔබ තුමා මේ වගේ ගමන් වලට එච්චර කැමැත්තක් නැහැ කියලා....නැත්තම් කියනවා...
ReplyDeleteමටත් යන්න තිබ්බනම් :(
ReplyDeleteමමත් ප්ලෑන් කරල තියෙනව පට්ටිපොල ඉඳන් ඔහියට රේල් හයික් එකක් යන්න... තනියම යන්න බැරි හින්ද කතා කරන කතා කරන එකාට වැඩ කියනවනෙ... :(
ReplyDeleteහරිම ලස්සනට තියේවි. අපි නොදන්න බොහෝ දේවල් දැනගන්න පුළුවන් වේවි කියලත් හිතෙනව.
ReplyDeleteනියම ට්‍රිප් එකක් නේ. අපරාදේ විභාගය තිබ්බේ නැත්නම් මාත් එනවා. නියමයි.
ReplyDeleteමේ තියෙන්නේ නියමයි! ලස්සන පැත්තක්.. ඒ උනාට දාල තියන පොටෝ ටික නම් අවුල් ගන්න දෙයක් නෑ :D
ReplyDeleteමම දැක්කා මූණු පොතේ පින්තූර.... ඊරිසියාවේ බෑ....!
ReplyDelete- දුමී
මේ ටිකේම බරටම වැඩ නිසා මිස් උනත් ආයේ ගියොත් නම් එනවාමයි
ReplyDeleteඅපිත් ඉතින් ඕනතරමි ඕක දිගේ ගිය අවාද ...කොචියේ..
ReplyDeleteඑන්න බැරි උන එක ගැන නම් තියෙන්නේ ලොකු කණගාටුවක්. හරිම ලස්සන අත්දැකීම් ගන්න ඇති....:(
ReplyDeleteමටත් ආසාවේ බෑ අප්පා....
ReplyDeleteජීවිතේට හයික් එකක් ගිහිල්ල නැති ගොඩට තමයි අපිත් අයත් වෙන්නෙ. ලියමු බලන්න ඉතුරු ටිකත්.
ReplyDeleteලස්සනයි....
ReplyDeleteමේක නම් මාර වටිනව
ReplyDeleteදිගටම ලියන්න ඩීප්ස්
ෆොටෝ එක්කම අපිට දැක බලගන්න විස්තර ඇතුව ලියනව නම් හොදයි..
හයික් කිව්වම ඉතින් මටත් තියෙන්නේ පුදුම උණක්. ඒත් කොහෙද ලංකාවට ආවම ඕවට වෙලා නෑ.&න්බ්ස්ප්;නේ ඉතින් මම රේල් පාරේ ගිහින් තියෙන්නේ ඔය වැල්ලවත්තේ හා බම්බලපිටිය අතරනේ... ඒකටත් හෙන ගේමක් දීල ගියේ. &න්බ්ස්ප්; ඒ උනාට අර කුඩැල්ලා දැක්කම නම් මම දන්නවා මම කවදාවත් ඔය ගමනට එන්නේ නෑ කියලා. හෙ හෙ
ReplyDeleteමටත් මාර ඉරිසියයි මෙක දැක්කම. මමත් ආසම වැඩක් තමයි ඕක. ඒ වුනාට Deeps මම පත්තරේ දැක්කා දැන් රේල් පාරෙ ඇවිදින්න තහනම් නීතියක් තියනව කියලා ලංකාවෙ.
ReplyDeletehenryblogwalker the Dude
deeps???
ReplyDeleteI'm another deeps from another country called Sri Lanka :)
ReplyDeleteහෆ්ෆා ඩීප්ස්ලා දෙන්නයි :D
ReplyDeleteආසාවේ බැ අප්පා මේවා දකිද්දී .. ලගදි අපේ සෙට් එකටත් ටුවර් එකක් දා ගන්න බැරිවුනා ....ලගදීම මම වත් ඕගනයිස් කරගන්න ඕන ගමනක් ......
ReplyDeleteඊළඟ ලිපියට ඔයාගේ ෆොටෝ එකක් දාන්නම් ඉතින් ;)
ReplyDeleteහික් හික්..එහෙම කියලා බැහැ. තනියම හරි යන්න :D
ReplyDeleteඑකනේ :)
ReplyDeleteඅපි අවසර අරගෙන ඇවිද්දේ. මේ ප්‍රශ්නෙට උත්තරේ රංග ගේ ලෝකයෙන් ලැබිලා තිබුණා නේද?
ReplyDeleteකුඩැල්ලා? අයියෝ ඔතන ඉන්නේ එක්කෙනයි එක මල්ලි කෙනෙක්ගේ කලිසම පුරා සීයක් විතර හිටියා එක පාරක්..ඒක දකින්න තිබ්බේ :) වැල්ලවත්ත පැත්තේ වැඩක් නැහැ. මෙහෙ තමා යන්න ඕනේ/මීදුම අතරින් යනකොට පුදුම සනීපයක්
ReplyDeleteඔන්න ෆොටෝ එක්කම දෙවැනි ලිපිය දැම්මා. ගිහින් බලන්න
ReplyDeleteස්තුතියි :)
ReplyDeleteදෙවැනි ලිපිය දැම්මා http://deepsgelokaya.blogspot.com/2011/09/2.html
ReplyDeleteඑහෙම තමා
ReplyDeleteඔව අයියා. ලස්සන අත්දැකීම් ගත්ත ගමනක්! අපරාදේ අයියට එන්න බැරි වුනේ
ReplyDeleteපයින් ගියාම තමා ගති
ReplyDeleteඅනිවාර්යෙන්
ReplyDeleteමුණු පොතේ දැක්කා නම් ආයේ කියන්න දෙයක් නැහැ ගියා වගේම තමා අයියා
ReplyDeleteඅයියා ගිහින් තියනවද යකා පාලමේ?
ReplyDeleteමාත් නොදන්නා දේවල් ගොඩක් දැනගත්ත ට්‍රිප් එකක් මේක
ReplyDeleteඒ පැත්තත් රේල් හයික් යන්න කියාපු පැත්ත!
ReplyDeleteබ්ලොග් ලිපි හරහා යමු ගමන...
ReplyDeleteදැන් නම් මාස තුනක් ගෙවිලා යන්නකල් ඉවසිල්ලක් නැත්තේය!
ReplyDeleteඑන්ඩෝ එන්ඩෝ!! ආයේ යමු ඔය මිස වෙච්ච උදවිය එක්ක
ReplyDeleteබොහොම ස්තුතියි. මේ විදිහට විස්තර සටහන් කරාම, යන්න හිතන් ඉන්න කෙනෙකුට ඒක ලොකු පහසුවක් ගමන සැළසුම් කරගන්න.
ReplyDeleteතැන්ක්‍යු තැන්ක්‍යු :D
ReplyDeleteහප්පා මාත් යකඩ යකා සෙට් එකත් එක්ක යන්න ඉදල අන්තිම මොහොතෙ නවතින්න උනානෙ. පින්තූර කෑලි ටිකක් ගහල බ්ලොගේ පැත්තෙ දාන්නයි හිටියෙ. :( මේව දකිද්දිනම් ආයෙ තනියම හරි යන්න හිතෙනව.
ReplyDeleteහප්පා මාත් යකඩ යකා සෙට් එකත් එක්ක යන්න ඉදල අන්තිම මොහොතෙ නවතින්න උනානෙ. පින්තූර කෑලි ටිකක් ගහල බ්ලොගේ පැත්තෙ දාන්නයි හිටියෙ. :( මේව දකිද්දිනම් ආයෙ තනියම හරි යන්න හිතෙනව.
ReplyDeleteතනියම නම් යන්න එපා. භයානකයි...තව දවසක යාලුවෝ එකතු කරගෙන යන්න
ReplyDeleteඒ ගැන හිතලා තමා ඔක්කොම විස්තර දැම්මේ :)
ReplyDeleteHmm eka aththa. Permission gannath onine.
ReplyDeleteආ...මේ තියෙන්නෙ ට්‍රැවල් ගයිඩ් එක :)
ReplyDelete