Wednesday, September 28, 2011

බ්ලොගර් අඩවියට අලුත් පෙනුමක් - Dynamic Views for Blogger

කලකට ඉහතදී බ්ලොගර් බ්ලොග් අඩවිය වෙනස් ක්‍රම පහකට දර්ශනය කර ගන්නා ආකාරය ඔබට මෙම අඩවියෙන් දැනගන්නට ලැබුණා.

අද ලිපිය එම views පිළිබද අලුත්ම තොරතුරු ඔබට දැනුම් දීමටයි. ගූගල් ආයතනය අද සිට එම view වලින් එකක් අපගේ බ්ලොගර් අඩවියේ default view ලෙස සකසා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා. Ajax, CSS  සහ HTML 5 තාක්ෂණ උපයොගී කරගෙන නිර්මාණය කර ඇති මෙම බ්ලොග් view නිසා ලිපි වෙත පාඨකයාගේ අවධානය යොමු වීම වැඩි වෙන්නට ඇති අවස්ථාව ඉතාමත් ඉහළයි. කලින් හදුන්වා දී තිබු view පහ වෙනුවට තවත් view දෙකක් අලුත් view ගොන්නට එකතු වී තිබෙනවා. ඒ ගැන වැඩි දුර විස්තර මෙම වීඩියෝවෙන් දැක ගන්න පුළුවන්.




ඔබට විඩියෝව නැරඹීම අපහසු නම් පහත පින්තුරය වෙනත් එකක tab එකක විවෘත කරගෙන බලන්න.



කොහොමද මෙම වලින් එකක් මගේ බ්ලොග් අඩවියෙ default view ලෙස සකසා ගන්නේ?


  • බ්ලොගර් Dashboard වෙත ගොස් Template තොරගන්න. Template මෙනුවෙන් ඔබ කැමති view එක default ලෙස සකසා ගන්න. කැමති නම් customize භාවිතා කර view එක වෙනස් කරගන්න පුළුවන්.


මට බලන්න ඕනේ මේවාගේ live preview එකක්

  • මෙම බ්ලොග් ලිපිය close කර අඩවියේ home page වෙත යන්න.  ඉන්පසු ඔබේ වම් අත පැත්තේ ඉහළින් ඇති බොත්තම් භාවිත කර අනෙක් view වලින් මෙම බ්ලොග් අඩවිය පෙනෙන ආකාරය බලන්න පුළුවන්. මගේ බ්ලොග් අඩවිය සදහා මා භාවිත කර ඇත්තේ Magazine view එකයි. ලංකාවේ සියලු දෙනා update වු බ්‍රව්සර් භාවිතා නොකරන නිසා ද, සියලුදෙනා සතුව හොඳ වේගයක් සහිත අන්තර්ජාල සබඳතා නොමැති නිසාද, බැනර්, විජට් වැනි දේවලට සහය නොදක්වන නිසාද Dynamic View ඉවත් කළෙමි. බ්ලොගය Dynamic View සහිතව කියවීමට ඔබ කැමති නම් මෙම සබැඳිය භාවිතා කළහැක.


  • ඔබේ බ්ලොග් අඩවිය මෙම view වලින් බැලීමට මෙහි ඇති preview tool භාවිතා කරන්න. නැතහොත් මෙම ලිපියේ දක්වා ඇති පරිදි බ්ලොග් ලිපිනයේ  අගට /view යන්න එකතු කරන්න


වැඩි දුර කියවීම්


මේ සම්බන්ධයෙන් බ්ලොගර් වෙත ඔබගේ අදහස් දැක්වීමට