Wednesday, September 28, 2011

බ්ලොගර් අඩවියට අලුත් පෙනුමක් - Dynamic Views for Blogger

කලකට ඉහතදී බ්ලොගර් බ්ලොග් අඩවිය වෙනස් ක්‍රම පහකට දර්ශනය කර ගන්නා ආකාරය ඔබට මෙම අඩවියෙන් දැනගන්නට ලැබුණා.

අද ලිපිය එම views පිළිබද අලුත්ම තොරතුරු ඔබට දැනුම් දීමටයි. ගූගල් ආයතනය අද සිට එම view වලින් එකක් අපගේ බ්ලොගර් අඩවියේ default view ලෙස සකසා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා. Ajax, CSS  සහ HTML 5 තාක්ෂණ උපයොගී කරගෙන නිර්මාණය කර ඇති මෙම බ්ලොග් view නිසා ලිපි වෙත පාඨකයාගේ අවධානය යොමු වීම වැඩි වෙන්නට ඇති අවස්ථාව ඉතාමත් ඉහළයි. කලින් හදුන්වා දී තිබු view පහ වෙනුවට තවත් view දෙකක් අලුත් view ගොන්නට එකතු වී තිබෙනවා. ඒ ගැන වැඩි දුර විස්තර මෙම වීඩියෝවෙන් දැක ගන්න පුළුවන්.




ඔබට විඩියෝව නැරඹීම අපහසු නම් පහත පින්තුරය වෙනත් එකක tab එකක විවෘත කරගෙන බලන්න.



කොහොමද මෙම වලින් එකක් මගේ බ්ලොග් අඩවියෙ default view ලෙස සකසා ගන්නේ?


  • බ්ලොගර් Dashboard වෙත ගොස් Template තොරගන්න. Template මෙනුවෙන් ඔබ කැමති view එක default ලෙස සකසා ගන්න. කැමති නම් customize භාවිතා කර view එක වෙනස් කරගන්න පුළුවන්.


මට බලන්න ඕනේ මේවාගේ live preview එකක්

  • මෙම බ්ලොග් ලිපිය close කර අඩවියේ home page වෙත යන්න.  ඉන්පසු ඔබේ වම් අත පැත්තේ ඉහළින් ඇති බොත්තම් භාවිත කර අනෙක් view වලින් මෙම බ්ලොග් අඩවිය පෙනෙන ආකාරය බලන්න පුළුවන්. මගේ බ්ලොග් අඩවිය සදහා මා භාවිත කර ඇත්තේ Magazine view එකයි. ලංකාවේ සියලු දෙනා update වු බ්‍රව්සර් භාවිතා නොකරන නිසා ද, සියලුදෙනා සතුව හොඳ වේගයක් සහිත අන්තර්ජාල සබඳතා නොමැති නිසාද, බැනර්, විජට් වැනි දේවලට සහය නොදක්වන නිසාද Dynamic View ඉවත් කළෙමි. බ්ලොගය Dynamic View සහිතව කියවීමට ඔබ කැමති නම් මෙම සබැඳිය භාවිතා කළහැක.


  • ඔබේ බ්ලොග් අඩවිය මෙම view වලින් බැලීමට මෙහි ඇති preview tool භාවිතා කරන්න. නැතහොත් මෙම ලිපියේ දක්වා ඇති පරිදි බ්ලොග් ලිපිනයේ  අගට /view යන්න එකතු කරන්න


වැඩි දුර කියවීම්


මේ සම්බන්ධයෙන් බ්ලොගර් වෙත ඔබගේ අදහස් දැක්වීමට



19 comments:

පූසා said...

අක්කණ්ඩි අපේ ගොඩක් අය මේ බ්ලොග් කියවන්නේ එයාලගේ ඔෆීසියේ ඉඳන්. ඒවයේ කොම්පීතර්වල තියෙන්නේ ඉනට්කෙට් එක්ස්ප්ලෝරා එකේ හද්ද පරණ වර්ෂන් එකක් වෙන්න බැරි නෑ....
එහෙව් උදවියට මේවා හරියට පෙනෙයිද?

deeps said...

@poosa
True, they will have a problem. But just wanted to check this out

Umesh said...

And where is the disqus widjet?

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

Flipcard view එක නම් සුපිරි !

රාජ් said...

බුදු අම්මෝ මේක ලෝඩ් වෙන්න ගිය වෙලාව!

deeps said...

It was gone and now it is back as I reverted into the default mode

deeps said...

yeah, it takes time load and there are some other issues too. So, I'm back with the same old template

මධුරංග said...

ඇති යාන්තන් අර ටෙම්ප්ලේට් එන නෑ. උදේ මම් එනකොට ඒක තිබ්බා. මම් කමෙන්ට් කරන්න හොයනකොට කමෙන්ට් බොක්ස් එක නෑ. ඉතින් හැරිලා ගියා.

Sihina said...

අක්කියෝ අපිටත් ajax, css, html5 ගැන කියල කියල ‍‍දෙන්නකෝ.

Madhawa Habarakada said...

මමත් මේක දාගත්ත බලන්න. ඒත් ඔක්කොම page elements ටික නැති වෙනව. :(

Sihina said...

mage template eka kohomada sinhalapress.blogspot.com thama testing karanne, lol

Indika27 said...

මට පෙනුන විදියට මේ වයින් තනිකර පෝස්ට් එකම පෙන්නන්නෙ නෑ...
කැබැල්ලක් තමා පෙන්නන්නෙ..
එයිට පස්සෙ යලිත් එබුවම තමා ඔක්කොම පෙන්නන්නෙ..
නමුත් ට්‍රැඩිෂනල් මෙතඩ් එකේදි ඔක්කොම පෙන්නනව...
කොෙහාම උනත් මේ වාගෙ තත්වයකට අපිට ගේන්න පුලුවන් වෙන්නෙ ලංකාවෙ අවැසි අතුරුජාල වේගය මීට වඩා වැඩිපිරිසකට ලැබුනොත් තමා..නැත්තන් කියවන්න කලින් ලෝඩ් වෙන්න යන වෙලාව අපතෙ යනව...

deeps said...

මගේ බ්ලොග් එකේ home page  එකට ගියොත් ඔබට පෙනෙන්නේ මෑතකදී ලියපු පොස්ට් කිහිපයක මුල කොටස විතරයි. කැමති ලිපියේ මාතෘකාව උඩ ක්ලික් කලාම සම්පුර්ණ ලිපියම පේනවා. dynamic views භාවිතා කලත් නැතත් අපිට කැමති නම් ලිපියේ කොටසක් විතරක් පෙනෙන විදියට හදන්න පුළුවන්. ඒක dynamic views නිසාම වෙන දෙයක් නෙවෙයි.

ඔබගේ දෙවැනි කාරණය ගැන නම් එකඟයි. අන්තර්ජාල වේගය සහ updated බ්‍රව්සරය dynamic views නිවැරදිව බලා ගැනීමට අනිවාර්ය අංග දෙකක්.

deeps said...

එහෙම එකක් නම් වෙනවා තමා 

deeps said...

මමත් ඒවා ගැන දන්නේ නැහැ w3schools වගේ සයිට් එකකට ගියොත් ඒවා ඉගෙන ගන්න පුළුවන්. බ්ලොගේ එඩිට් කරන්න css එහෙම ඕනේ කියල හිතුනොත් මම කරන්නේ ගුගල් සර්ච් එකකින් අදාළ කෝඩ් ඒක හොයා ගන්න එක.

deeps said...

කමෙන්ට් බොක්ස් එක නැහැ? :O  වෙන්න බැහැනේ. dynamic views වලදී ඒවාටම අවේනික වූ කමෙන්ට් බොක්ස් තියනවා 

maheshdase said...

පොඩි පුරස්නයක් තියනවා...!මගේ මේhttp://avenuescience.blogspot.com/ සයිට් එකට ඔක එක් කරලයි තියෙන්නේ හැබැයි ෆ්ලෝ එහෙම ගැජට් කැලි එක්කරගන්න බැනොවැ පුලුවන්නම් එ කොහොමද කියලා කියනවද?

Anushka2 said...

මාත් ඕක දාල බැලුවා.. විකාරයක් වගේ උනා.. ගලවලා දැම්මා.. :-/

Chanaka Munasinghe said...

මෙවුවා විකාරයි :)