Monday, September 12, 2011

රේල් පාර දිගේ 2 - කඩුගන්නාව සිට සිංහ කට දක්වා

රේල් පාර දිගේ පළවෙනි කොටස හැමෝම කියවන්න ඇති කියලා හිතනවා. අපේ ගමනේ දෙවැනි කොටස ගැන එහෙම නැත්තම් කඩුගන්නාව සිට සිංහ කට දක්වා ගමන ගැන කියන්න තමා මේ ලිපිය වෙන් වෙන්නේ.
 
කොළඹින් උදේ 5.55 ට පිටත් වෙන පොඩි මැණිකේ එදා කඩුගන්නාවට එනකොට 9.00 විතර වෙන්න ඇති. කොළඹින් ආපු කට්ටියට බඩගිනියි කියලා කඩුගන්නාව නගරයේ අවන්හලකට ගියා ගියාමයි පැයකට විතර එලියට ආවේ නැහැ. ඒ අතරේ දිස්නේ දිදී පායලා තිබ්බ සූර්ය දිවිය රාජයා වලාකුළු අතරේ හැංගිලා අඩන්න ගත්තේ අපේ කට්ටියත් අඩවමින්.

[ සැමගේ හිත සුව පිණිස පින්තූර හොරකමේ ගියෙමි. විශාල කර බැලීම සඳහා පින්තූරය වෙනත් ටැබ් එකක විවෘත කරගන්න. පින්තූර අයිති කරුවන්ට පිං! ]

කඩුගන්නාව දුම්රියපොළ දෙස හැරී බැලුවෙමු 

සමහරු වැස්සට තෙමෙන්න බයේ අලුත් කුඩත් ගත්තලු. මෙන්න බලන්න අලුත් කුඩ වල ලස්සන.


අළුත් කුඩ ටික එක තැනක 
කුඩ කියනකොට අපේ දීපානි අක්කගේ බලු කුඩේ අමතක නොකර කොහොමද? මෙන්න දීපානි අක්කා featuring බලු කුඩය.

මෙතන මොනවද වෙන්නේ?

වැස්සේ කුඩ ඉහලන් අපි ගමන පටන් ගන්නකොට සොරෝ මිසිං. කවුදෝ කිව්වා අස්පයා හොයන්න ගිහින් කියලා. සොරෝ එනකන් අපි නැවතුනේ ගැජට් එකක් ළඟ.

කවදා දැකපු ගැජට් ද මෙව්වා 
ගැජට් එක ඇවිල්ලා කෝච්චි වල සිග්නල් වලට සම්බන්ධ දෙයක්.

මෙහෙම එකක් දැක්කේ පළවෙනි වතාවට
මේකේ පැත්තකින් තිබුණා දැති රෝද ගොඩක් එක්ක දැක්කම පිස්සු හැදෙන තව ගැජට් එකක්. මේවා පාවිච්චි කරලා සිග්නල් දාන්නේ කොහොමද කියලා අපේ කෝච්චි බ්ලොග් එකේ ලිපියක් යාවි ළඟදීම.

කෝච්චි යන්නේ අපි කියන විදියට 

එතන තියන වැඩ නරඹමින් ඉන්න අතරේ  සොරෝ කොහේදෝ ඉඳං කඩා පාත් වුන නිසා අපි ආයෙත් ගමනේ යා. ඔන්න එතකොට පෙනුනා ඩෝසන් කුළුණ. මේක ගැන නම් නොදන්නා කෙනෙක් නෑනේ.කොළඹ නුවර පාර හදපු ඉංජිනේරු ගොයියා තමා ඩෝසන්. එයා මැලේරියාව හැදිලා මේ හරියේදී අවසන් හුස්ම පිටකරලා තියෙන්නේ. එයාව සිහි වෙන්න හදපු කුළුණ දැන් ඩෝසන් කුළුණ ලෙසට  මෙන්න මේ විදියට කොළඹ නුවර පාර අයිනේ දැකගන්න පුළුවන්.

ඩෝසන් කුළුණ
ඩෝසන් කුළුණ පහු කරගෙන ටික දුරක් යනකොට අපිට පේනවා අලගල්ල කන්ද. මීදුමෙන් වැහිලා හරිම ලස්සනයි.
අලගල්ල මීදුමින් වැසී 
වැස්සේ තෙමි තෙමී ඉස්සරහටම ගමන් කරනකොට අපිට ඈතින් පේනවා අඩි 85ක් දිග අංක 11 බිම්ගෙය.

අංක 11 බිම් ගෙය 
ඈතින් මෙහෙම පෙනුනට ළඟට යනකොට හොඳටම වැස්ස. ඒක නිසා අපි මේ බිම් ගෙය ඇතුලේ නතර වුනා වැස්ස පායනතුරු.

වැස්සේම බිම් ගෙවල් අතරින් 
ඒ අතරතුර අපිට කෝච්චියාගෙන් වැදගත් උපදෙස් ලැබුණා බිම් ගෙයක් ඇතුලේ ඉන්නකොට කෝච්චියක් ආවොත් මොකද කරන්නේ කියලා. ඒ විතරක් නෙවේ අපි පොඩි පෙරහුරුවකුත් කළා.

බිම් ගෙය ඇතුලේදී කෝච්චියක් ආවොත්? - පෙරහුරුව 
කෝච්චියාගේම වචනයෙන් කියනවා නම් කතාව මෙහෙමයි.

"බිංගෙයක් ඇතුලෙදි දුම්රියක් මුණගැහෙන එක හරිම අපූරු,ත්‍රාසජනක ඒ වගේම භයංකාර අත්දැකීමක්. බොහොමදෙනෙක් අනතුරට පත්වෙන්නෙ ඒ වගේ වෙලාවක අනවශ්‍ය විදියට කලබල වීමෙන්.


දුම්රියක් සාමාන්‍යෙයන් බිම්ගෙයකට ඇතුල් වෙන්න කලින් නලාව නාදකරනවා. කවුරුහරි ඇතුලෙ ඉන්නවනම් එයාට අනතුරු අඟවන්න. එහෙම වෙලාවට කරන්න තියෙන්නෙ කල්පනාවෙන් මාර්ගයේ අයිනටම වෙලා පුලුවන්නම් හැකිතරම් පහත් වෙලා හෝ බිත්තිය අයිනටම වෙලා දුම්රිය යනතුරු ඉවසීමෙන් සිටීම.මේ කොහොම වුනත් බිම්ගෙයක් තුල දුම්රියක් ගමන්කරන විට රැඳී සිටීම කිසිසේත්ම නොකලයුතු දෙයක්. එය ක්‍රම කිහිපයක් නිසා මරණිය වනවා.
  • කෙලින්ම හෝ ඇඳුමක් පැටලීම නිසා ඔබ දුම්රියේ ගැටීමට පුලුවන්
  • ඉන්ධන දහනයෙන් පිටවන කාබන්මොනොක්සයිඩ් විශ වීමෙන් මරණයට පත්වන්න ඉඩක් තිබෙනවා
  • බිම්ගෙවල් තුල වෙසෙන ඇතැම් විසකුරු සතුන්(විශෙෂයෙන් බිම්ගෙවල් වල අඳුරු බිත්ති අතර හෝ අහුමුලුවල) මගින් ඔබට අනතුරු වන්නට පුලුවන්
  • ඇතැම් නොහික්මුණු මගීන්ගේ පාපහරක් ආදියෙන් ඔබ බියවී අනතුරක් වන්නටත් පුලුවන්.
ඒ නිසා මෙවන් ගමන් වලදී අතිශයින් ප්‍රවේශම් සහගත වියයුතුයි. බිංගෙයක් තුලය පිවිසීමට පෙර දුම්රියක් ඒ තුල හමුනොවේයැයි තහවුරු කරගැනීම ඉතා වැදගත්. විශේෂයෙන් දිගින් වැඩි බිම්ගෙවල් තුලදි. 
සැබැවින්ම රේල් හයික් යනු ඉතා හොඳ සිහියෙන් සහ අවධානයෙන් සිදුකල යුත්තක්. රේල් හයික් යනු පික්නික් හෝ විනෝද ගමන් නොවේ. පුංචි අතපසුවීමක් මහා ඛේදවාචකයකින් අවසන් වන්නට පුලුවන් නිසා ප්‍රවේශම ඉතා වැදගත්!!!"
මේ දේවල් වලට අමතරව අපි මේ පෙරහුරුවේදී තව බොහෝ දේවල් ඉගෙන ගත්තා.
  • බිම් ගෙවල් ඇතුළේදී කිසිම විටක දෙතුන් දෙනා එක පොදියට ගමන් කිරීම නොකළ යුත්තක්. හේතුව තමා හදිස්සියේ වත් දුම්රියක් පැමිණියහොත් හැමෝම එක පාර රේල් පාරෙන් අයින් වෙන්න ගිහින් අනතුරක් වෙන්න ඉඩ කඩ පැවතීම. 
  • බිම් ගෙයක් ඇතුළතදී එකිනෙකා පිටිපස ගමන් කල යුතුයි. එසේම දෙදෙනෙක් අතර සැලකිය යුතු පරතරයක් තබා ගත යුතුයි.එවිට කෝච්චියක් හදිසියේ මතු වුණොත් අයින් වෙන්න ඉඩ තියෙනවා.
  • අනිවාර්යෙන් හොඳ ආලෝකයක් ඇති විදුලි පන්දමක් ඔබ සතුව තිබිය යුතුයි.
මේ පාඩම් ඉගෙන ගන්නා අතරතුර කට්ටිය ෆොටෝ ගන්නත් අමතක කලේ නැහැ.

ටෝච් එකක් ගෙනියන්න කියන්නේ මෙන්න මේ නිසා
ලස්සන මීවන ශාක ගොන්නක් අපිට දැකගන්න ලැබුණා මේ බිම් ගෙය ඇතුලෙදි.

අංක 11 ඇතුලේ මීවන 
මේ බිම් ගෙයින් පිටවෙලා අපි වැස්සේම ගමන් ආරම්භ කරනවා.


වැස්සේම ඉදිරියට 
වැස්සේ රේල් පාරේ ගමන් කරන එක නම් අනතුරුදායක දෙයක්. ලිස්සන්න පුළුවන්. ඒ වගේම කූඩැල්ලන්ගෙන් දැඩි ප්‍රහාර එල්ල වෙනවා. ඒක නිසා සපත්තු සහ මේස් අනිවාර්යෙන් පළදින්න. සපත්තු පළදින්න කලින් අත් කකුල් වල සබන් ගාගෙන යන්න පුළුවන් නම් තවත් හොඳයි.

ඒ වගේම ඇවිදිනකොට වැස්ස වෙලාවට නම් සිල්පර උඩ ඇවිදින එක ආරක්ෂිතයි. බිමින් ඇවිද්දොත් අර ත්‍රස්තවාදීන් ගෙන් බේරෙන්න බැහැ. හැබැයි රේල් පාර මැදින් නම් ඇවිදින්න එපා. එකිනෙකා පිටි පස්සේ රේල් පාරේ සිල්පර කොටන් අයිනෙන් අඩිය තියමින් ඇවිදින්න. මේ වෙනකොට මීදුම නිසා ඉදිරියට අඩි 50 ක්‌ වත් අපිට පෙනුනේ නැහැ. ඉස්සරහින් කෝච්චියක් ආවොත් පෙනෙන්නේ ළඟටම ආවට පස්සේ.


කොහොමද මීදුම?
මීදුම කපාගෙන ඉදිරියට ඇදෙන අපේ කණ්ඩායමට මීළඟට දකින්න ලැබෙන්නේ සිංහ කට.

මීදුම අතරින් සිංහ කට 
මෙතනට සුද්දා සිංහ කට නැතිනම් Lion's Mouth කියලා කිව්වේ ඇයි කියලා හිතාගන්න පුළුවන් නෙව කට්ටියට. මෙතන අපි නැවතිලා කාලා බීලා විවේක ගත්තා.

සිංහ කටේ විවේකයෙන් 
කාලා බීලා හිටියා විතරක් නම් මදෑ. කට්ටිය හරි හරියට පින්තුරත් ගත්තා.

සිංහ කට ඉදිරියේ සිල්පර කොටන් මත 
මේ මම. ඈතින් පෙන්නේ වැලමිටි වංගුව. කොළඹ නුවර පාරේ වැලමිටි වංගුව. දන්නවනේ හැමෝම.

මීදුම සහ deeps
පිස්සෝ තුන් දෙනෙක්.
පුළුවන්ද අඳුර ගන්න?
මෙතන නම් හැමෝම ඉන්නවද කොහෙද ගත්ත කෙනා හැර.

සිංහ කට ඇතුළේ 
ඔන්න ඔහොම විවේක සුවයෙන් කාලය ගත කරනකොට තමා මෙන්න මෙයා අලි පස්ස ඇතුළෙන් එබිකම් කරන්නේ.

අලියෙක්ගෙ පස්ස අස්සෙන් කෝච්චියක් 
අලි පස්ස අස්සෙන් ආපු කෝච්චිය අපිව පහු කරගෙන යනවා හූවක් තියාගෙනම. ගොඩක් දුම්රිය රියදුරන් අපි දැක්කම නලාව ශබ්ද කළා. බැරි වෙලාවත් එකෙක් අහුවුනොත් කාට කියන්නද.

ටටා බායි අපි යනවා අපේ ගමන පාඩුවේ 
එයා සිංහ කට පහු කරගෙන උඩරට පැත්තට යනකොට අපි ආපහු පාරට බැස්සා අලි පස්ස බලන්න යන්න.

සිංහ කට ඔස්සේ උඩ රට බලා 
මීළඟ ලිපියෙන් අලි පස්ස බලන්න යමු.




මීළඟ ලිපි

35 comments:

goldfish said...

නියමයිනේ....

ChammA said...

අවදානම + විනෝදය ඔක්කොම රේල් හයික් වල තියෙනවා වගේ..

deeps said...

ඕව් ඕව් ඔක්කොම තියනවා!

Champika Prasanna said...

මරු.

Hdcmaduranga said...

බලමු බලමු. නියම ට්‍රිප් එකක් නේ. ඊලඟ පාර යනකොට මාවත් එක්කන් යන්න අමතක කරන්නෙපා.

Hasitha Jayasooriya said...

ශහ්! යන්න ඕනෙ රේල් හයික් එකක්!

Beetle Bailey said...

ස්ටේෂන් ඒජන්ට් කියන මූවි එක මතක් වුණා.. :) මූවි එක නම් රේල් හයිකින් ගැන නොවුනත්, ඒ ගැන යන්තම් තියෙනවා වගේ මතකයි...

http://www.youtube.com/watch?v=SoqaZX1QcdI&feature=related

Beetle Bailey said...

ස්ටේෂන් ඒජන්ට් කියන මූවි එක මතක් වුණා.. :) මූවි එක නම් රේල් හයිකින් ගැන නොවුනත්, ඒ ගැනත් යන්තම් තියෙනවා වගේ මතකයි...



http://www.youtube.com/watch?v=SoqaZX1QcdI&feature=related

deeps said...

@gcwickz   ට නම් මේක දැක්කම පිස්සු හැදෙයි. හොයාගෙන බලන්න ඕනේ ෆිල්ම් එක. ලස්සනයි වගේ 

deeps said...

:) ඉස්සරහට රේල් හයික් රැල්ලක් ඒවි වගේ 

Susitha Ravinda Senarath said...

අපිත් යනවා යකඩ යකා කස්ටිය මේ 17 වෙනිදා.

deeps said...

ශෝක් ශෝක් !! ඔයාලා කොහෙද යන්නේ?

Susitha Ravinda Senarath said...

අපිත් යනවා යකඩ යකා කස්ටිය මේ 17 වෙනිදා.

Susitha Ravinda Senarath said...

ඔයාල ගිය පාරෙම තමා.

deeps said...

ඔන්න එහෙනම් මේ ගමන යන්න බැරි වුන අයට චාන්ස් එකක්! නරකද ගමන ගැන පොඩි ප්‍රචාරයක් දුන්නොත් :)

Susitha Ravinda Senarath said...

මේ 17 එන්න යනවනම්. වැඩිදුර විස්තර Facebook එකේ Yakada Yaka SriLanka Railways group එකේ තියනවා. හැබැයි අපි මේ හයික් එක ඩීප්ස්ල යන්න කලින් plan කරල තිබුනෙ. බහුතරයකට පුළුවන් දවසක් එනකන් ගොඩක් පස්සට වැටුන දිනේ ඒකයි.

Susitha Ravinda Senarath said...

වැඩිදුර විස්තර Facebook එකේ Yakada Yaka SriLanka Railways group එකේ තියනවා. දුම්රියට ආදරය කරන හැමෝටම ආරාධනා කරනවා.

Ykani said...

රේල්වේ හයික් ඇඩ්වෙන්චර් :)

Gehan Chandika said...

ආහ්! නැතුව නැතුව :D බොහොම ස්තුතියි Beetle Bailey :)

deeps said...

අර තැලීමේ මෙහෙයුම ගැන ලියනවද නැද්ද කියලා මම මේ කල්පනා කොර කොර ඉන්නේ . ඒක ලිව්වොත් ඇඩ්වෙන්චර් එක මෝඩ වෙයිද මන්දා 

Susitha Ravinda Senarath said...

ෂේප් එකේ වහිනවාද ධාරානිපාතෙන් දෙනවද?

deeps said...

අද නම් ධාරානිපාතෙන් 

Uditha Meegahathenna said...

රේල් පාරේ ගමන් කරන්නන්ට අච්චු කරනු ලැබේ.  it's illegal to walk along the railroad tracks

o.g. said...

රේල් පාරේ ගමන් කරන්නන්ට අච්චු කරනු ලැබේ. it's illegal to walk along the railroad tracks

අ - හිංසක සිංහයා said...

දීප්ස් අක්කා රේල් පාරක යන්න කලින් ඒ ගැන අවසර  ගන්න ඕනේ කියලා මතක් කලොත් හොඳයි නේද .අපි නම් අවසර අරගෙන ගියේ.17 වෙනිදට යන කට්ටියත් එහෙමයි ........:D

අ - හිංසක සිංහයා said...

ඔන්න ඔහේ ලියලා දාන්න .........:D

deeps said...

ඔව් ඒ ගැන ලියන්න ඕනේ. ලිපිය අප්ඩේට් කරන්නම්. නැත්තම් කියවන අය හිතයි අපි නීති විරෝධී වැඩක් කළා කියලා 

deeps said...

අපි නම් අවසර අරගෙන ගියේ.

deeps said...

අපි අවසර අරගෙන ගියේ.

ඉන්දික උපශාන්ත said...

මේ අර ලක්බිමේ තිලක් සේනාසිංහල ගිය ගමනද?

deeps said...

හෑ? ඒ මොකක්ද ඒ? මම නම් දන්නේ නැහැ ඒ ගමන ගැන 

Najath Akram said...

මටත් රේල් හයික් එකක් යන්න හිතෙනවා....

Fox Creationz said...

පේරා කැම්පස් එකට ආපු වෙලාවක මාත් නැග්ග ඔය ඩෝසන් කුලුනට. වටෙ දර්ශනයනම් පුදුම ලස්සනක්.

deeps said...

ඔව් හරිම ලස්සනයි :)

Gordonia ceylanica said...

ela