Sunday, September 25, 2011

Facebook wall පුරවන අනවශ්‍ය application block කරමු.

Facebook platform මත ක්‍රියා කරන ක්‍රීඩා සහ විවිධ application විශාල ප්‍රමාණයක් මේ වන විට තිබෙනවා. මේවායින් සමහර application නිසා ඔබගේ wall එක පිරී යනවා. එවැනි කරදර කාරී application ඔබගේ profile එකේ නැති වුනත් ඔබගේ මිතුරු මිතුරියන් ඒවා භාවිත කරනවා නම් ඔබගේ home page  එකත් ඒ application වලට අදාළ wall post වලින් පිරෙන්න පුළුවන්. ඒවගේම සමහර application ඔබගේ තොරතුරු වල ආරක්ෂාවට තර්ජනයක්.

කොහොමද application block කරන්නේ?

  • ඔබගේ wall එකේ application එකක් හරහා publish වූ wall post එකක් පෙන්වන්නේ පහත ආකාරයට. එහි wall post එක යටින් via යන වචනයට පසුව අදාළ application එකේ page එකේ ලින්ක් එක පළවෙනවා. එය විවෘත කරගන්න.
application wall post
  • page එකේ වම් පස පහළින් block application යන්න තෝරා ok කරන්න.

blocking a Facebook application
application block කළාම මොකද වෙන්නේ?
  • අදාළ application එක හරහා එන notification, requests සහ wall posts දර්ශනය නොවේ.
  • ඔබගේ තොරතුරු පිටට යා හැකි එක් ආකාරයක් අවහිර වීම නිසා Facebook ආරක්ෂාව වැඩි වේ.

ප.ලි. මේ දක්වා මා විසින් බ්ලොක් කර ඇති application ලැයිස්තුව 

17 comments:

  1. මමත් කාලයක් ඔය විදියට ඇප්ලිකේෂන් බ්ලොක් කර කර හිටියා. ඒත් දැන් මම කරනනේ ඕනැ කෙනෙක් ඕනැ ඇප් එකක් පාවිච්චි කරපුදෙන් මට මොකද කියලා ඒ ඇප් වලින් එන රික්වෙස්ට් හා නොටිෆිකේෂන් නොබලා ඉන්න එකයි.. අඩුගානෙ මාව ටැග්වුන ෆොටෝ (ඇප්ලිකේෂන්) පවා බලන්නෙ අඩුවෙන්.

    ReplyDelete
  2. මට මුලින්ම මේක ට්වීට් කරේ අෂාන් අයියා මුලින්ම, මට පේන්නේ ෆලෝ කරන ඔක්කොටම ගිහින් :(

    ReplyDelete
  3. ඔව් ට්විට්ටර් එකෙත් වයිරස් එකක් යනවා මේ දවස් වල http://www.techkathamag.com/twitter-%E0%B6%BA%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%91%E0%B7%80%E0%B6%B1-check-out-the-15-funniest-things-that-ever-happened-%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%BB%E0%B7%83/

    ReplyDelete
  4. ප්‍රශ්නේ තියෙන්නේ යාළුවො පාවිච්චි කරන ඇප්ස් වලින් ටැග් වෙන ෆොටෝ එහෙම ආවම home page එක පිරෙනවා. මම කරන්නේ එහෙම  ස්පෑම් වෙන ඇප්ස් දැක්ක ගමන් බ්ලොක් කරන එක 

    ReplyDelete
  5. අපෝ මේවා අයින් කරන්න තියෙන එක ලොකු උදව්වක්. මොකද කාලෙන් කාලෙට එක එක විකාර ඇවිත් වෝල් පුරවනවා...

    ReplyDelete
  6. මේක තමයි මම Facebook එකේ play කරන එකම සෙල්ලම. මාර ආතල්. Blocked Applications List එක වැඩි වෙන තරමට තමා සුපිරි. :D

    ReplyDelete
  7. "D ඔව් ඔව් ඒක ඇත්ත .  මගේ දැනට ඇප්ස් 500 පන්නලා තියෙන්නේ ලිස්ට් එක 

    ReplyDelete
  8. https://www.facebook.com/note.php?saved&&note_id=397055492445

    ReplyDelete
  9. link is not properly placed. onna mama edit karanooo

    ReplyDelete
  10. තැංකූ තැංකූ! :)

    ReplyDelete
  11. මං නම්  FB apps වැඩියේ පාවි ච්චි කරන්නේ නෑනේ..එ හින්දා අවුලක් නෑ :)

    ReplyDelete
  12. අවුල තියෙන්නේ අපි පාවිච්චි කරන ඒවායේ නෙවේ, අනිත් අය පාවිච්චි කරන ඒවා අපිට පෙන්නන එකෙයි.

    ReplyDelete
  13. මේකට ඔබතුමිය පේටන්ට් එකක් ඉල්ලුවෙ නැද්ද?

    ReplyDelete
  14. මොකටෙයි පේටන්ට්? :O

    ReplyDelete
  15. දේවා ගේ අඩවියSeptember 27, 2011 at 6:13 AM

    මට නම් ගොඩාක් වැදගත්.. ඕක ගැන දැන ගත්තු පලවෙනි දවසෙම මගේ එකට ඇවිත් තිබුනු ගොඩක් ඇප්ලි ටික මම අයින්ම කරලා දැම්මා....

    ප.ලි : දැන් එක්සැම් ඉවරයිද?
     

    ReplyDelete
  16. Exam ඉවරවෙලා ආයිත් වැඩ පටන් අරන් වගේ.

    ReplyDelete