Saturday, August 13, 2011

ඔබේ දුරකතනයේ contacts Facebook එකේද?


මම සාමාන්‍යයෙන් සති දෙක තුනකට වතාවක් Facebook settings පරීක්ෂා කරලා බලනවා. හේතුව තමා නිතරම Facebook තුල අපිට ලබාදෙන security සහ වෙනත් option අඩු වැඩි වීම. ඔහොම බලනකොට ඒක දවසක් මෙන්න friends ලා අස්සේ මගේ මුළු phone contact list එකේම දුරකථන අංක තියනවා. මට හිතාගන්න බැරි වුනා එහෙම වුනේ කොහොමද කියලා. හිතාගෙන හිතාගෙන යනකොට මතක් වුනා Facebook මගේ contact list එක හොරකම් කරපු විදිය.

දවසක් මම ජංගම දුරකථනයට install කරගත්තා මගේ දුරකතනයේ contact list එකේම අදාළ පුදගලයින්ගේ Facebook profile pictures  බලාගන්න පුළුවන් application එකක්. ටික කාලයක් භාවිතා කලාට පස්සේ එපා වුන නිසා application  එක අයින් කළා. මම හිතන විදියට ඒ application එක නිසා මගේ phone contacts Facebook එක්ක sync වෙලා. නමුත් ඒ application එක install කරනකොට නම් Facebook මගෙන් අවසර ඉල්ලුවේ නැහැ මගේ contacts එයාලගේ server වල ගබඩා කරගන්න. ඒ විදියට හෝ වෙනත් විදියකට සමහර විට ඔයාලගේ phone contact list එකත් Facebook එකේ ගබඩා වෙලා තියෙන්න පුළුවන්.

----------කොහොමද බලන්නේ මගේ  contact list එකත් Facebook එකේද කියලා?----------

  • Facebook ගිණුමට log වෙන්න
  • වම් පැත්තේ ඇති මෙනුවෙන් Friends තෝරා Manage Friends ක්ලික් කරන්න 

Friends -> Manage Friends

  • ඉන්පසු contacts තෝරාගන්න 

  • contacts යටතේ තිබෙන දුරකතන අංක දෙස පරීක්ෂාවෙන් බලන්න. බොහෝ විට ඔබේ contacts වල තියෙන්න පුළුවන් ජාති තුනක contacts. එකින් එක බලමු.

      1. profile picture එකක් නැති, නමක් (බොහෝ විට ඔබගේ ජංගම දුරකතනයේ contact list හි ඇති නමක්) සහ දුරකථන අංකයක් සහිත contact 
        • බොහෝ විට ඔබගේ ජංගම දුරකතනයේ සිට Facebook සහ sync වූ contact එකක් විය හැකියි.
      2. profile picture එකක් සහිත/ රහිත , profile link එකක් සහිත නමක් සහ දුරකථන අංක.
        • ඔබගේ මිතුරු ලැයිස්තුවේ දැනට සිටිනා මිතුරෙකුගේ හෝ මිතුරියකුගේ දුරකථන අංකය ඔහුගේ හෝ ඇයගේ privacy settings නිසා ඔබට පෙන්වයි
      3. profile picture එකක් සහිත/ රහිත , profile link එකක් සහිත නමක්, දුරකථන අංක සහ "add friend" බොත්තම
        • ඔබගේ phone contact list හි සිටින නමුත් Facebook හි ඔබගේ මිතුරෙක් හෝ මිතුරියක්‌ නොවන පුද්ගලයෙක්.
සටහන : මේවාට අමතරව දුරකථන අංකයක් සහ invite බොත්තමක් සහිත contacts ද සමහරුන්ට දර්ශනය වෙනවලු. invite බොත්තම භාවිතා කරලා අදාළ දුරකථනයට SMS එකක් යවන්න පුළුවන් Facebook එකට එන්න කියලා. වෙන වචන වලින් කියනවා නම් SMS invitation  එකක් යවන්න පුළුවන්.

Invite via SMS


----------මගේ contact list එකෙත් ඔය කියන ජාති හතරේම contacts තියනවා. දැන් මොකද කරන්නේ?----------



  1. profile picture එකක් නැති, නමක් (බොහෝ විට ඔබගේ ජංගම දුරකතනයේ contact list හි ඇති නමක්) සහ දුරකථන අංකයක් සහිත contact 
    • මේවා delete කරලා දාන්න contact එකට ඉදිරියෙන් ඇති කුඩා කතිර සලකුණ භාවිතා කරන්න.
  2. profile picture එකක් සහිත/ රහිත , profile link එකක් සහිත නමක් සහ දුරකථන අංක.
    • මේවා තිබුනට කමක් නැහැ. අදාළ පුද්ගලයාගේ privacy settings නිසා තමා ඔබට මේ අංක පෙන්වන්නේ
  3. profile picture එකක් සහිත/ රහිත , profile link එකක් සහිත නමක්, දුරකථන අංක සහ "add friend" බොත්තම
    • කැමති නම් "add friend" කරන්න පුළුවන්. මේ විදියට පෙන්වන්නේ ඔ‍බගේ ජංගම දුරකථන contact list එකේ සිටින පුද්ගලයින්.
  4. දුරකථන අංකයක් සහ invite බොත්තමක් සහිත contacts
    • මේවා delete කරලා දාන්න contact එකට ඉදිරියෙන් ඇති කුඩා කතිර සලකුණ භාවිතා කරන්න.

----------මගේ  phone එකෙන් උස්සපු contact ඔක්කොම එක පාර  Facebook එකෙන් අයින් කරන්න බැරිද?----------

  • පුළුවන් , මෙතනට ගිහින් බලන්න.


----------මේ කතාව මට වැදගත් වෙන්නේ කොහොමද?----------



  • පළවෙනි දේ තමා Facebook එකේ මේ විදියට contacts තිබීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ.  Google හි save කරලා තියන අංක වලට නම් අඩු මුදලට call කරන්න පුළුවන්. ඇමරිකාවට නම් free call පහසුකම තියනවා. අනික Google හි ආරක්ෂාව Facebook ට සාපේක්ෂව ඉතා ඉහලයි. සමහරු Facebook එකට තමන්ගේ දුරකථන අංකය ඇතුල් කරනවා යාලුවන්ට තමන්ව contact කිරීම සඳහා සහ business වැඩ සඳහා. එහෙම අයට නම් මේ කතාව අදාළ නැහැ.




  • අනිත් දේ තමා,ඔබගේ දුරකථන අංකය ඔබගේ ළඟම මිතුරන්ට විතරක් පෙනෙන විදියට සකසා තිබුනත් ඒ මිතුරන්ගෙන් කෙනෙක්ගේ Facebook ගිණුමේ log in information වෙන කෙනෙක් අතට ගියොත් ඒ පුදගලයාට පහසුවෙන්ම පුළුවන් ඔබේ දුරකථන අංකය සොරා ගන්න. වෙන වචන වලින් කියනවා නම් අපි විතරක් අපේ ගිණුමේ ආරක්ෂාව තර කරගෙන හිටියට වැඩක් නැහැ. අපේ යාළුවොත් එයාලගේ Facebook ගිණුම් ආරක්ෂා සහිතව පවත්වාගෙන ගියහොත් තමා Facebook ආරක්ෂාකාරී තැනක් බවට පත් වෙන්නේ. හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන් හැමෝම විමසිලිමත් නොවී බෝම්බය පිපුරුනාම පොලිසියට පැමිණිලි කරලා වැඩක් නැහැ.


  • Facebook සමඟ සම්බන්ධ වෙන application ජංගම දුරකථනයට install කිරීමේදී ප්‍රවේශම් වෙන්න. අපිටත් නොකියාම අපේ පුද්ගලික දත්ත Facebook සොරා ගන්නවා විය හැකියි. දැන් බොහෝ දුරකථන වල phone සහ Facebook contacts sync කිරීමේ හැකියාව තියනවා. නමුත් එම සේවා භාවිතා කිරීමේදී විමසිලිමත් වෙන්න. මීට අවුරුද්දකට කලින් iPhone භාවිතා කල කෙනෙක්ගේ අත්දැකීම කියවන්න කැමති නම් යන්න මෙතනින්


  • මගේ Facebook contact list එක බලනකොට මම දැක්කා  Facebook නැතිව ඇති කියලා හිතාගෙන හිටපු අයත් Facebook ඉන්නවා කියලා. ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි. මටත් හොරා Facebook මගේ phone contact list එක ඔවුන්ගේ server වල ගබඩා කරගන්නවා. ඊට පස්සේ ඒ දුරකථන අංක සමඟ ගැලපෙන profile ඔවුන්ගේ සාමාජික ලැයිස්තුවේ තියනවද කියලා හොයලා බලනවා. දුරකථන අංකයක් සහ profile එකක් ගැලපෙනවා නම් ඔවුන් මගේ contact list එකේ අදාළ අංකය සහ profile විස්තර පෙන්නනවා. අපි මෙහෙම හිතමු, කාගෙන් හරි කරදරේකින් බේරෙන්න ඔබ බොරු දුරකථන අංකයක් කාටහරි දෙනවා. කරදරෙන් බේරෙන්න අංකය දුන්නත් ඔබ හෝ ඔහු මේ ගැන වැඩි දුර හිතන්නේ නැහැ. අපි ඔහුට X කියමු. X මේ විදියට contacts sync කිරීම හෝ නොදැනුවත්ව contacts sync වීම නිසා අදාළ බොරු දුරකථන අංකය ඇත්තටම අයිති කෙනා X ගේ අතට අහුවෙන්න පුළුවන්. ඊළඟට වෙන්න පුළුවන් දේවල් කියන්න ඕනේ නැහැනේ. එහෙම නැත්තම් අපේ අත්  වැරද්දක් නිසා අපේ දුරකථන අංකයේ අංකයක් හෝ දෙකක් වැරදිලා කාට හරි දීලා තියනවා නම් ?



අන්තිමට කියන්න තියෙන්නේ සැළකිලිමත් වෙන්න කියලා තමයි. ඊයේ techකතා 92 වැනි වැඩසටහනෙත් Facebook සහ Twitter security ගැන කතා කළා. අහලා බලන්න.



45 comments:

Gehan Chandika said...

බොහොම වැදගත් ලිපියක්.. හැබැයි මමනම් පාවිච්චි කරන්නෙ චයිනිස් කටුවක් නිසා කොන්ටැක්ට් ලිස්ට් එක සින්ක් වෙන අවුල ගැන බයක් නැහැ :D

Udith Ishara Madusanka said...

ඔව් මමත් නම්බර් එක ඇඩ් කරලා තියෙන්නේ, ඒ සෙකියුරිටි නොටිෆීකේශන් එක සහ කන්ෆර්ම් කෝඩ් එක ලබා ගන්න, නම්බර් එකේ විසිබිලිටි "ඔන්ලි මී" :D

ඔය කියපු කාරනය මම හිතන්නේ ගූගල් එකෙනුත් වෙනවා ටික දවසකට කලින් ජංගමේ සින්ක් කලාම ගූගල් , ෆේස්බුක් ඔක්කොම කන්ටැක්ට් ඇවිල්ලා ඒවා ඔය වගේ ජොයින් වෙලත් තිබ්බා :\, දැන් නම් ඒ ඔක්කොම අයින් කලා මල වදයක් නැත්නම් :D

nuwan chathuranga said...

මමත්  මගෙ Facebook contact list එක බැලුවා 2වෙනි වර්ගයෙ ඒවා විතරයි තිබුනෙ ඒ කියන්නෙ අවුලක් නෑනෙ මමනම් හිතන්නෙ මෙ ගැන වැඩියෙන් පරිස්සම් වෙන්ඩ ඔන ගෑනු ලමයි මගෙ මගේ ජංගම දුරකතනයේ Facebook Chat app ඒකක් install කරල තියනව ඒකට යනකොට මගෙ contact list ඒක read කරනවා ඒ කියන්නෙ මගෙ phone contact list එකත් Facebook එකේ ගබඩා වෙලා ඇති දැන් ඒක පිට කෙනෙක් අතට යනනෙ කොහොමද?

මධුරංග said...

මම නම් මේ ගැන දන්නෙම නැති තරම්. කිව්ව එකත් හොදයි. දැන්ම ගිහින් බලන්න ඕනා.

Muditha said...

 this is a great disaster ne,,,i just checked my profile as well deepz.

Kasun Chathuranga said...

මගෙත් ඇවිල්ලලා . මේක මහ විකාරයක් නෙ බන්

රත්ගමයා මහතා said...

අලේ.....මට තේරෙන්නේ නෑ නේ :(((

amila chathuranga said...

හැම එකක්ම නෙට් කරගන්න එක වැරදියි...
ඊමේල් වෙනමයි...ෆෝන් වෙනමයි....බස් වෙනමයි...බුක් වෙනමයි තියාගත්තම අමාරු උනත් මැනේජ් කරගන්න ලේසි...
ඔපිස් එකේ එකෙක් පේස්බුක් හෙම දාගන්න එක මමනම් නොකරන වැඩක්...

deeps said...

කියන්න බෑ..ඔය චයිනිස් එව්වගේ තියනවා මෙලෝ ෆෝන් එකක නැති ඔප්ෂන් :D

deeps said...

ගුගල් වලත් මේ වැඩේ වෙනවා contacts sync කලාම. නමුත් ගුගල් කවදාවත් අපිට කියන්නේ නැතිව නම් contact sync කරන්නේ නැහැ. ඔන්ලි මී තමා දුරකථන අංකයට නම් හොඳම ඔප්ෂන් එක :)

deeps said...

ගෑණු ළමයි විතරක් නෙවේ, ගෑණු ළමයින්ගේ අංක ළඟ තියාගෙන ඉන්න පිරිමි ළමයිනුත් පරිස්සම් කරගන්න ඕනේ තමන්ගේ ගිණුම ;)


පිට කෙනෙක්ට යන විදි : ඔයා privacy settings වල ඒ අංක හැමෝට පෙන්න දාලා තියනවා නම් , වෙන කෙනෙක් ඔයාගේ ගිණුමට හොරෙන් ඇතුළු වුනොත්, ඔයාගේ ළඟම යාලුවෙකුට පෙන්න විතරක් අංකය තිබ්බා කියමු. යාළුවගේ ගිණුමට වෙන කෙනෙක් හොරෙන් ඇතුල් වුනොත් ඒ යාලුවාගේ ගිණුම හරහා වෙන පුද්ගලයෙක් අතට ඔබගේ පුද්ගලික තොරතුරු යන්න පුළුවන්.

deeps said...

බලන්න බලන්න 

deeps said...

hi Mudi, think this is the first time you comment on my blog..welcome to the commentosphere!! :D yeah, it is a disaster...වාත පාටයි නෙහ්හ් ?? #TilLanguage 

deeps said...

විකාරයක් තමා :( ඔක්කොම contact එක එක delete කරන්න ඕනේ. google නම් contacts select කරලා එක පාර delete කරන්න පුළුවන්. Facebook එපා වෙන්නේ මේ වගේ ඒවා නිසා තමා 

deeps said...

මොනවයි තේරුනේ නැත්තේ? 

deeps said...

"අමාරු උනත් මැනේජ් කරගන්න ලේසි..."හ්ම්ම් ඇත්ත ඇත්ත!! 

DK said...

yep.. dan nam me socialnetworks maha awul jaalayak...

Hima Kumari said...

හ්ම්ම් ඒ කතාවනං ඇත්ත තමයි.  නොදන්න දේවල් කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්නෙ මොකට.. ෆේස්බුක් නං දැං අවුල් ජාලයක් වෙලා. තමුන්ගෙ වැඩිවිස්තර නොදාන එක කෝකටත් හොදයි.

Chathura Nirmal said...

Android වල Sync settings - Facebook එකෙනුත් මේක වෙනවනෙ.

deeps said...

ඒක තමා..."දැන් බොහෝ දුරකථන වල phone සහ Facebook contacts sync කිරීමේ හැකියාව තියනවා" කියලා කිව්වේ..enable කරනවා කියන්නේ ඒක අතකට අනික් අයගේ ආරක්ෂාවටත් අකුල් හෙලීමක් 

nuwan chathuranga said...

අනේ ඉතින් වෙන කෙනෙක් මගේ ගිණුමට හොරෙන් ඇතුළු වෙන්න නම් යූසර් නේම්, පාස්වර්ඩ් දැනං ඉන්න ඔන නේද
එහෙම කෙනෙක් ඇතුළු වුනොත්නම් ඔය මොන සෙටින්ග්ස් දැම්මත් වැඩක් නෑ.

deeps said...

ඔව් එහෙම කෙනෙක්ට ඇතුල් වෙන්න බැරි වෙන්න account එක ආරක්ෂා කරගන්න ඕනේ 

deeps said...

අවුල් ජාලයක් කියල ඒවා නැතුවමත් බෑ නොවැ මේ කාලේ 

deeps said...

ඔව් ඔව් 

Dilanka Madhawa said...

සෝනි එරික්සන් ඇප් එකක් තියෙනව.ඒකෙන් බුකියයි සින්ක් කරල තියෙන SE Account එකයි සම්බඳ වෙනව.ඒකෙනුත් නොම්බර් එලියට පනින්න පුලුවන්

deeps said...

හ්ම්ම් ඒක තමා...අවුල කියන්නේ ඔය ගොඩක් වැඩසටහන් වලින්  අපේ අනු දැනුම නැතිව නේ contacts උස්සන්නේ 

චතුර said...

මම නම් ඔය දුරකථනෙයි මූණු පොතයි එක්ක සෙල්ලම් දාල නෑ , විස්තරයට ස්තූතියි.. 

Gehan Chandika said...

2990 කුරුල්ලා එකක් :D

රතු මුහුද said...

අප්පෝ මල වදයක් දැන් මේකත්.

රසික දිසානායක said...

මගේනන් නෑ 

Dude said...

I read your post and all the comments and found them very informative. What beats me is how you find all this time to post so often. Keep Going Deeps.

Sudu Casper said...

අක්කො පොඩි හෙල්ප් 1ක් ඕනේ!!!

http://www.facebook.com/groups/233127916724701/
එක්ක එකතු වෙලා දන්න දේවල් අපිත් එක්ක සාකච්ඡා කරන්න ආරාධනා කරනවා!!!!!!!

Prasanna Karunarathna said...

මේ පෝස්ට් එක නම් හෙනටම වටිනවා...

දොඩං said...

මෙතනින් පුළුවන් import කරපුවා ඉක්මනට අයින් කරන්න

https://www.facebook.com/contact_importer/remove_uploads.php?r=/phonebook

Bunny said...

සකර්බර්ග්ටම ඔප්පුවෙච්චාවේ..! මාර වෙඩිමක්නෙ.. කන පලන්න එපැයැ ඕකාගේ..! අහු වෙද්දෙන්කො...!

ස්තුතියි පෙන්නව්වාට :D

deeps said...

හික්... :D

deeps said...

ස්තුතියි. මම ලිපිය අප්ඩේට් කළා මේ තොරතුරත් එක්ක 

deeps said...

එතන නිකං තවත් සින්ඩියක් වගේනේ ;) ඔන්න රික්වෙස්ට් එකක් දැම්මා 

deeps said...

wrote so often because the university was closed. But now, it is back into the working mood and the posting frequency will change ;) tanks for the comment Dude!

deeps said...

එහෙනම් හොඳයි 

deeps said...

සෙල්ලම් දානවා නම් පරිසමින්. මුණු පොතට දැන් ජන්ගමෙන් යනකොට පෙන්නවා application එක install කරගන්න කියලා. application එක install කරාම, එන පලවෙනි screen එකේ අහනවා phone contacts sync කරන්නද කියලා. skip button එක තියෙන්නේ තිරයේ පහල කොටසේ හෙන චුටිවට. කස්ටිය ඕක දැක්කේ නැති වුනාම වෙන දෙයක් කරන්න නැහැ sync කරන්නම වෙනවා කියලා හිතලා ok කරනවා. එතකොට වැඩේ හරි ඉතිං...පාවිච්චි කලේ නැති වුනාට කමක් නැහැ. යාලුවන්ව දැනුවත් කරන්න.

Wajira Somarathne said...

ලිපිය හොඳයි..

මමත් දැන් සින්ක් කරගෙන ඉන්නේ... හැබැයි මටනම් මේක එක අතකින් වාසියක්... මොකද මේ සිම් මාරු කරන විදිහටයි... ෆෝන් මාරු කරන විදිහටයි... නමුත් කවද හරි මහ කරදරයක් වෙයි ද දන්නේත් නෑ...

deeps said...

නිතරම ෆෝන් මාරු කරන අයට නම් contacts ටික cloud ගත කරන එක හොඳයි. හැබැයි facebook වෙනුවට Google එක්ක sync කළා නම් හොඳයි කියලා හිතෙනවා

indika Ari said...

ස්තුතියි..සහෝදරී, හොඳ දැනුවත් කිරීමක්!

11 said...

man baluwa mehema contacts gihin,mage nm penne FB eke numbers dapu ayage contacts tika withrai,eth mama phone eka FB ekka sync karanwane,mata penne sync karama FB eken aragannwa withrai da kohedo