Thursday, September 24, 2009

මේ දවස්වල මගේ ජීවිතය

මොන ප්‍රශ්ණය ආවත් බ්ලොග් ලිවිල්ල අත අරින්නේ නෑ කියල පටන් ගත්තත් සමහර ප්‍රශ්ණ නිසා තාවකාලිකව පසුගිය දිනවල බ්ලොග් සහ සියලුම අන්තර්ජාල වැඩ වලින් මඳකට ඈත් වෙන්න සිදුවීම ගැන මුලින්ම මගේ කණගාටුව. ඉඩක් ලැබුන ගමන්ම හෝර්ටන් තැන්නේ කතාවේ ඉතුරු ටිකත් තව රසත් කතා ටිකකුත් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.ඔන්න දැන් හැමෝම හිතයි මෙච්චර කල් මොන
ලෝකේ ගිහින්ද හිටියේ කියලා.


කමෙන්ට් වලින් අහන්න කලින්ම මමම ඒකට උත්තරයක් දෙන්නම්.

මගේ ආදරණීය මැසිම ආයෙත් කූරියා ගහන්න පටන්ගෙන.පවර් ඔන් කරන බොත්තම වැඩ නෑ. දැන් ඔන් කරන්නේ රීස්ටාර්ට් එකෙන්. මොනිටරේ ඔන් වෙන්නේ එයාට ඕනේ වෙලාවට. ඔන් උනත් පෙන්නන්නේ එයාට ඕනේ පාට. මොඩම් එකත් අංගොඩ යවන්න කාලේ හරි. මව් පුවරුව අල වුනාට පස්සේ චීන එකක් දාන්න උනේ මීට මාස දෙක තුනකට කලින්. දැන් ඒකත් මරුවට වැඩ. තව ටික දවසකින් ඒකෙත් කල දසාව හරි යාවි වගේ.ඒක නිසා මැෂිම අල්ලන්නත් එපා වෙලා.

ගෙදර හිටියෙත් නෑ. ගයන්ත ලොක්කගේ (අපෝ ඒ පාර කියයි බින්කුණ්ඩාවයි, චතුරවයි අමතක කරලා කියලා. ඔන්න ඒ දෙන්නාවත් ටැග් කලා.)ගෙවල් පැත්තේ ටික දවසක් ගිහින් හිටියා. ඒ පැත්තේ වාරණ කියල පන්සලක් තියනවා. අපිට ඉතින් කරන්න දෙයක් නැති නිසා හවස් යාමේ පන්සලේ ගල මුදුනට නැගල වට පිට බල ඉඳල කරුවල වැටෙන ජාමෙට පල්ලම් බැස්සා. පල්ලමේනේ වැඩ කෑලි තියෙන්නේ!!

මේ වාරණ පන්සල පිරිවෙනක්. ඉතින් අපි පල්ලම් බහින වෙලාවේ පොඩි හාමුදුරුවරු පාඩම් කරනවා. පාඩම් කිව්වේ ඉතින් අපි පාඩම් කරපු විදියම තමා. පොත උඩ පෝං එක යට.එක හාමුදුරු නමක් හොදට පොල් ගහකට හේත්තුවෙලා මල් කඩනවා (ඇත්තටම මලක්ද නම් දන්නේ නෑ. හැබැයි හිටපු ඉරියව්වෙන් නම් හිතුවේ මලක් කියල )තව එක්කෙනෙක් වෙල් නියරේ ඉඳගෙන වීඩියෝ කෝල් එකක. බලන් ගියාම මේ අපි වගේ ගිහි කෙල්ලො කොල්ලොයි හාමුදුරුවරුයි අතර කිසි වෙනසක් නෑනේ. හොදම සීන් එක තමා පොඩි හාමුදුරුවරු පන්සිල් දුන්න විදිය. හාමුදුරුවරු පස් දෙනෙක් විතර පන්සිල් දෙනවා. එතැනින් තුන් දෙනෙක් ගාථා කියනවා දෙන්නෙක් මරාගන්න හදනවා. ඒක දැක්කම නම් හිතට ඇති වුනේ පොඩි දුකක්. මොකද මහණ වුනා කියලා ළමා මානසිකත්වය මරලා දාන්න බැරි නිසා.

ඊට පස්සෙ ඉරිදා දවසේ නැන්දාත් එක්ක යක්කල පොළට ගියා. පොළට ගිහින් කරපු වැඩේ මූණු පොතේ යාළුවෝ නම් දකින්න ඇතිනේ..හික් හික්...මෙතන කියන්න නිකන් මොකක්ද වගේ..ආත්ම ගවුරවේ කියල එකකුත් තියෙන්න්න එපෑයැ.

ඒ ගමන එපාම කෙරෙව්වේ වැස්ස. අන්තිමට ගෙදර එනකොට හොදවැයින් හෙම්බිරිසාවක් හදාගෙන ආවේ.තාම කිඹුහුම් යනවා. චික් විතරක්

ඉතින් ගමේ ගිහින් එනකොට පුංචි අම්මා මල් පැළ වගයක් දුන්නා. ආච්චි එයාගේ කොටුවේ හැදුණ එළවලු වගයක් දුන්නා. ඉතින් ආසා හිතුනා වවන්න. ගෙදර ආපු ගමන් ඉඩ තියන තැන් බලලා පාත්ති දෙකක් හැදුවා.හෙට ගන්නෝරුව කෘෂිකර්මෙන් එළවලු ඇට ගේන්න යනවා.

දැන් deepsසුත් ගෙවිලියෙක්!

අස්වැන්න හැදුනාම කියන්නම්කො.

ඔන්න ඔව්වා තමා අලුත් තොරතුරු. මගේ අන්ලිමිටඩ් ජාල සම්බන්ධය ගැන පිය පාර්ශවය විරුද්ධත්වය ප්‍රකාශ කරලා. ඒක නිසා මීට පස්සේ නෝ ජාල ජංජාල වේයිද මන්දා.ගෙදර ජාලේ නැති උනත් කැම්පස් ජාලෙන් හරි අනිවා එනවා.

එතකන් සී යූ..

14 comments:

  1. යක්කල පොළේ (ඒ මොකක්ද ඒ? o.O) දුන්න රොබරිය ගැන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරල තියෙන්නෙ..
    ඒකෙ වාර්තාව ආවහම කියන්නම්කෝ.. :P

    ReplyDelete
  2. වෙල් ඩන් ඩීප්ස්... බාන් බඩී කෙරුවාවට වඩා කොච්චර හොඳද මේ රියල්ටයිම් ගොවිතැන....

    මං හිතුව බ්ලොග් ලිවිල්ල එපා වෙලාවත්ද කියල... :)

    ReplyDelete
  3. අක්ක ගොඩ කාලෙකින්.........
    කෙල්ලො ලියන බ්ලොග්ස් වලින් අක්කගෙ එක කම්මැලි නැතුව කියවන්න පුලුවන්
    අයියෝ පන්සල් ගිහින් ඕපදුප හොයන්න එපා පවු සිද්දවෙනව (හාමුදුරැවොත් නිකන් ඉන්න එකේ මලක් කැඩුවම මොකද? පුජේමි බුදුදං කුසුමේන නේන)

    ReplyDelete
  4. කොච්චර හොඳද තමන්ම වවලා කන එක. "වවන්නෝ දිනන්නෝ" ! මමත් දැං ඒ සංකල්පය අනුගමනය කරමින් වවන්න පටන් ගත්තා. හැබැයි එලවලු නෙමේ, කොණ්ඩෙ :D

    මාත් වාරණ පංසලට ගියා මේ ලඟදි. පොඩි හාමුදුරුවොන්ට උනත් ආදර හැඟුම් පහල වෙනව නැතෑ :) මොකද රහත් වෙලායැ.. :P ඔය කැම්පස් එකේ ගණයො ඉන්නෙ කෙල්ලො එක්ක සම්බන්ධකං පවා පවත්වන (නොදකිං උං) :@

    ReplyDelete
  5. ලොකු මල්ලීත් අපේ වැයික්කිය පැත්තේ තමා. මම දැන උන්නා නම් ඔය ත්‍රිපුද්ගල කම්ටුව ඔබතුමිය පස්සේ යවන්න තිබ්බා පොලේ කරායැයි කියන අපරාධය ආවරණය කරන්න. :P

    අප්පේ හාමුරුදුවෝ මල් කඩන ඒක පොඩි සීන් එකක්. දවසක් දානේ ගෙදරක හාමුරුදුවෙක්ගෙන් "ඇස් දෙක පියාන..." කියලා ගායනකුත් ඇහුණා, බලද්දී හාමුරුදු1 උන්නාසේගේ සෙල්පොන් එකේ එයාගේ "කුසුමේන" පුජාවගේ Voice එක දේවාරධනාව හෙවත් Ring Tone ඒක වැදුණේ.

    වාරණ පන්සලේ විතරක් සීමා වෙච්චි සිද්ධියක් නෙමේ ඕක, ගොඩරියක් පන්සල්වලත් ඕක උරුමයි. අනේ සාසනේ!

    ReplyDelete
  6. ඉන්දරේ එළ කොල්ලෙක්නේ... මාත් මේ දවස් වල ආපහු වවනවා කොණ්ඩේ... වවන්නන්ට ජය වේවා!

    ReplyDelete
  7. හෝව් හෝව් මාත් මේ වවනවෝ!

    සීත සෘතුවට වවලා වසන්නතයේදී බූ ගානවා කියලා හිතා ගෙන හිටියේ. ඒත් දැන් නිකං වගේ හිතෙනවා වවලා බලන්න ( තාත්තා මනාප නැති වුණත්).

    වවන අයගෙන් මට (සමහර විට ඉන්දරේටත්) උපදෙස් ඕනත් වෙයි මෙතන අහන ඒක හරි නැති. Google Groups එකක හරි පටං ගනිමුද? (දැන් එකෙක එව්වට පටං අරං තියෙන එකේ ඒක ගාණක් නෑ නෙව?)

    ReplyDelete
  8. මෙහෙමයි ඉතිං, මම නං හිතන්නෙ නෑ ඔය කියපු පොරවල් එකක්වත් කැමැත්තෙං පැනලා මහණ වුනු අය කියලා.

    ඒ නිසා ඒ අය කරන කිසිම දෙයක් ගැන වැරැද්දක් හිතන්න අයිතියක් අපිට නෑ. ඒ කස්ටියට සිවුරට බහින්න උනේ අපේ සමහර චීවරධාරීන්ගෙ "මෙගා මහණකිරීම් මේනියා" එක වගේ හේතු නිසා වෙන්න පුළුවන්.

    බයවෙන්න එපා. අධ්‍යාපනේ ඉවර වුනු ගමන් සෙට්එකම කලිසමට බහින්නැද්ද කියල බලන්න.

    ReplyDelete
  9. ඔව් ඔව් නගේ . . . ගෙදර ජාලේ සීමා සහිත වුනත් කොහොම හරි ඇවිත් අනං මනං ලෝකය ලියලා යන්න . . .

    වැස්සාට තෙමිලා හෙම්බිරිස්සාව හැදෙන්නේ අපේ මනස නිසා . . පුංචිකාලේ ඉදන් අපිට උගන්වල තියෙනවා වැස්සට තෙමුනොත් එහෙම වෙනවයි කියලා . . .ඉතිං පොඩ්ඩක් තෙමුන ගමන් බඩුම තමා. . .

    අනිත් පාර තෙමෙන්න කලින් හිතට කියන්න "අපෝ එහෙම වෙන්නෙ කොහොමද?" කියලා . . . කවදාවත් ඊට පස්සේ වැස්සට තෙමුනට නෝ හෙම්බා හික් හික් . ..

    ReplyDelete
  10. පූසො නාවනවා වගේ ආදරණීය මැෂින් එකත් නාවනව ඇති. ඒකනෙ ඔය ලෙඩ.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මගේ ආදරණීය මැසිම ආයෙත් කූරියා ගහන්න පටන්ගෙන" හී,හී. මවු පුවරුවෙ අත් පොත බලලා start button එක සම්බන්ධ වෙන pins හොයා ගෙන, ඒ දෙක short කරලා try එකක් දීලා බලන්න.
    ඔහොම කරගෙන ගියොත්, මැසිම වලකජ්ජ ගහනවා, ෂුවර්.

    නියම ලිපිය, ස්තුතියි.

    ReplyDelete
  13. කොහොම හරි ආපු එක මදෑ...

    ReplyDelete
  14. :))
    I really like your writing style Nangi!!
    ලස්සනට ලියලා තියනවා....Best of luck!!

    ReplyDelete