මාතෘකාව චාරිකාව,යන්න පුළුවන් දිනය 17, යන තැන?? ප්‍රශ්නයක්
"නුවර එලිය??"
"අපෝ හැමදාම ගිහින් තියනවා"
(එකෙක් නුවර එළියේ මාමාගේ බාප්පගේ පුතාගේ දුවට ජංගමෙන් අමතයි ) "අපෝ මේ දවස් වලට වහිනවලු..චාමැක්ස්"
"අනුරාධපුරේ??"
"ඉස්කෝලෙන් කී පාරක් ගිහින් තියනවද..ඒක නම් බෑ බෑ මයි"
"කුරුණෑගල ගල නගිමු??"
"deepsගේ බලවත් විරෝධය..ගිය සතියෙත් මම ඕකේ නැග්ගා"
"උණවටුන??"
"අන්න ශෝක් අපි උණවටුන යං, නාන්නත් පුලුවන්"
"එක දවසින් එන්න පුලුවන්ද?"
"රිවර්ස්ටන්??"
"අපෝ නුවර යනවා වගේ"
"ඒක ළඟ වැඩී"
"එහෙනම් ගාල්ලේ යං??"
(deepsගේ හිසේ මලක් පිපුණි )"ඔව් අනේ ගාල්ලේ යමු..ගොඩක් ජාති බලන්නත් තියනවා.නිතරම යැවෙන්නෙත් නෑනේ.අපේ ගාල්ලේ යාලුවෝ ගොඩක් ඉන්න නිසා නවතින එක කෑම බීම එහෙම අව්ලකුත් නෑ"
"ඒත් එක දවසින් එන්න බෑනේ, ගෙවල් වලින් යවයිද?"
"කොල්ලොන්ට නම් ගානක් නෑ. ගෑණු ළමයි ගෙවල් වලින් එවන්න කැමති වෙන එකක් නෑ."
(අවාසනාවක මහත. මගේ ගාලු සිහිනය තෙවන වතාවටත් දියවී කාණුව දිගේ ගලා යන ආකාරය දුකෙන් බලා සිටියෙමි.)
මේ අතර එක් දැරිවියක් travel guide එකක් දෙස නෙත් යොමා සිටිනු මගේ නෙත ගැටුණි..
"හෝර්ටන් තැන්න??"
"වහිනවා නම් මඩ ඇති"
"අපෝ අලි සයිස් කූඩැල්ලෝ"
"බලන්න දෙයක් නෑ ඇවිදින්න විතරයි තියෙන්නේ"
"කෝ බලන්න මීට කලින් ගිහින් තියන අය"
එක් අතක් එසැවිණි
"ඒකනේ, අපි ගොඩක් අය ගිහින් නැති තැන ඒක, වැස්සත් එකයි, මඩ තිබ්බත් එකයි කියල යංද?"
"ඔව් අනේ ඌරොන්ට මොන සෞඛ්‍යද?"
"මඩ තිබුනොත් මඩේ නටමු, නැත්තම් ඇවිදිමු"
"තව ඇඳුමක් අරන් එන්න මඩ ගෑවුනොත් ඇඳගෙන එන්න. එතකොට ශේප්."
"ඔන්න දැන් තැන හරිනේ, එහෙනම් බස් වලට කියනවා."
ඔය විදියට නිමාවුන සාකච්ඡාවේ ප්‍රථිපලය ගෑණු ළමයි 20 කුත් පිරිමි ළමයි 3න් දෙනෙකුත් අමතක නොවන චාරිකාවකට මුල පුරන්න පසු ගිය 17 වැනිදා උදේ 10.30 ට පමණ හෝර්ටන් තැන්න,පට්ටිපොල පිවිසුම් දොරටුවට පැමිණීම.
මෙන්න උදේ 11ට විතර එතනදී ගත්ත ඡායාරූපයක්.
කොහොමද මීදුම? රූපයේ ඉන්නේ චානක පල්ලියගුරු, මා සමඟ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න මිතුරෙක්. ඔබගේ ඡායාරූප ගොන්න කිසි පැකිලීමකින් තොරව මගේ අතට පත් කිරීම ගැන ස්තූතියි. ඉදිරියේදී ඔබේ ඡායාරූප වලින් මෙම බ්ලොග් සටහන වර්ණවත් වේවි.
මීදුමේ තද බව දුටු ගමන් ඔබ සමහර විට සිතාවි අප ගමනට තෝරාගෙන තිබුනේ වැරදි දවසක් බව. එක් අතකින් ඔබ නිවැරදියි, මන්ද අපට හැකිවුනේ නැහැ හිරු එළිය වැටුන හෝටන් තැන්නේ සුන්දරත්වය විඳින්නට. නමුත් අප එදා ගමනෙන් ලබා ගත් අත්දැකීම් සුන්දරයි, භයංකාරයි,අමරණීයයි. එසේම අසාමාන්‍යයි.
ගමන නිමා කර නැවත නිවස කරා පැමිණි විට හිතට දැනුනේ තෙහෙට්ටුවකට වඩා සතුටක්.
අපි දන්නෙම නැතුව වාර්තාවක් පිහිටුවලා.
1963 ට පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් හෝටන් තැන්න නැරඹීමට ගිය පළමු ශිෂ්‍ය කණ්ඩායම අපිලු!
එම සතුට දෙගුණ තෙගුණ වුනේ ඊයේ සවස නිකමට වගේ කරපු ගූගල් සෙව්මකින්.
අවාරයේ හෝටන් තැන්න නැරඹීමට ගිය කිසිදු පුද්ගලයෙක් මේ දක්වා ඒ ගැන තොරතුරු අන්තර්ජාලයට එක් කර නැහැ.අවාරයේ හෝටන් තැන්න ගැන ලියැවුන මට හමුවූ එකම ලිපියෙත් සදහන් වන්නේ අවාරයේ කුරුල්ලන් නැරඹීමට කල නිරර්ථක උත්සහයක් ගැන.
එයත් හෝටන් තැන්නට අවාරයේ යෑමට සිතා සිටින්නන් අධර්‍රයමත් කරවන සුළු ලිපියක්.
එබැවින් මා කල්පනා කලා බ්ලොග් සටහන හරහා අවාරේ හෝටන් තැන්න කරුණාව පිළිබදව ලෝකයටම පවසන්න. ඒ අනුව ත්‍රාසජනක සංචාර වලට කැමැති විදේශිකයන්ට හා ශ්‍රී ලාංකිකයනට අප චාරිකාවේ සවිස්තර සටහනක් ඉදිරියේදී ගෙන ඒමට සූදානම්. මුලින්ම සිංහල බ්ලොග් අඩවියේ ඒ ගැන ලියවේවි. ඔබගේ ප්‍රතිචාර සහ අදහස් ලබා ගැනීමෙන් අනතුරුව එම ලිපි වල පරිවර්ථන ඉංග්‍රීසි බ්ලොග් සටහනෙන් ඉදිරිපත් කිරීමටයි මගේ අදහස.
මීලඟ ලිපියෙන්-->පේරාදෙණියේ සිට සීතල කඳුකරයට
යන්න ඉන්න අයට-->හෝටන් තැන්න ගැන විස්තර කෙටියෙන් ලස්සනට තියන තැනක් මෙන්න
මමත් ජුලි මාසේ හෝර්ටන් ගිහින් තියෙනවා දෙපාරක්, උසස්පෙල කරපු අවුරුදු දෙකේ.
ReplyDelete(චැහ්.. ඒකාලෙ බ්ලොග් ලිව්වෙ නෑ නෙව, නැත්තං මෙයා කැලේ. මම තමා මුල්ම වාර්තාව ලියන්නෙ..)
හීතල නං ගන්න දෙයක් නෑ.. ඇටකටු වලටත් හීතල දැනුනා. දකුණෙ අපට එච්චර හීතල විඳලා පුරුදු නෑ නෙව.
හැබැයි කොහොම උනත් හෝර්ටන් වලදි පැය දෙකතුනකට හොඳ ඉරඑලියක් වැටුනා.
දුක තමා ඉන්දොරේ..මේ දවස් වල අපලයක්ද කොහෙද පොඩ්ඩක් කේන්දරේ බලෝ ගන්න..මතකේ ඊයේ ට්විටරෙත් නෑවා......අහ්හ්,ලස්සන ෆෝටෝ එහෙම තියනවා නම් එවන්න....ඉස්සරහට දාන්නම්.
ReplyDeletemaath SL wala innkota hortan giya aware yaaluwo set ekak ekka.. Train eke gihin ohiyen behela pain thama giye. maara lassanai..meedumath ekka..laawata wessa. Bakers falls walin newa...sira pics tikak gaththa..ewa nam FB wala athi.
ReplyDeleteYanna watina thenak.
ආ හෝටන් ද? ඕක නම් මොකක්ද? අපිත් ඔන්න ගිහින් ආවා. ඔහියෙ ඉස්ටේසමෙන් පටන්ගෙන තැන්නෙත් හැම තැනම ඇවිදලා පට්ටිපොළ ඉස්ටේසමට එනකං පයින් ආවෙ. කිලෝමීටර් 30කටත් වැඩියි.මෙයා මේ ලොකු වැඩක් වගේ කියෝනවා.
ReplyDelete"1963 ට පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් හෝටන් තැන්න නැරඹීමට ගිය පළමු ශිෂ්‍ය කණ්ඩායම අපිලු!"
මොනව?
@garuka
ReplyDeleteඔව් මීදුම හරිම ලස්සනයි..වෙන රටකට ගියා වගේ හිතෙන්නෙ එක පාරට.
@thameera
අර 63 කතාව නම් අපිටත් විශ්වාස කරන්න අමාරුයි..ඒත් එතන තියන කාර්යාලෙන් එහෙම කියල තියන්නේ..අනෙ මන්ද..බලමු ගියපු කෙනෙක් ඉන්නවා නම් මෙතන කමෙන්ට් එකෙක් වැටෙයිනේ..ශා,,ඔයාල ගියේ කෝච්චියේද? අපි නම් බස් එකක ගියේ..පුලුවන් නම් ෆොටෝ දාන්න්නකෝ මූනු පොතේ..හික්..ජීවිතේට ගුරුවරු දෙමාපියො නැතිව ට්‍රිප් එකක් ගිය පලවෙනි වතාව..ඉතින් ලොකුයි තමා:P
හානේ... අපිත් 2nd semister exam එක ඉවර වෙලා ගියෙ හෝර්ට්න් තැන්නෙ... ඒ ගැන මං චුට්ටක් ලිව්වා මතකද දන්නෑ... ඒ trip එක නම් කියලා වැඩක් නෑ...
ReplyDeleteහෝර්ට්න් තැන්නෙ යන ගොඩක් අය කියන්නෙ නම් අපෝ බලන්න කිසිම දෙයක් තිබ්බෙ නෑ.. කකුල් කඩාගෙන ඇවිදලා ඇවිදලා ආවා.. කියලා. ඒත් ඒ ගමනෙදි මං නං ගොඩක් දේවල් බැලුවා.. ඒ තරම් අඩියෙන් අඩියට පුදුම විදියට පාරිසරික ගතිලක්‍ෂණ වෙනස් වෙන තැනක් මං එදාමයි දැක්කෙ.. සමහර විට අපි ගිය දවස හොඳ ඇති.. උදේ නම් හොඳටම මීදුම පිරිලා තිබ්බා.. ඒත් ලෝකාන්තෙ හරියට යද්දි හොඳට ඉර පායලා, ලෝකාන්තෙන් පෙනෙන එහා ලෝකෙ පුදුම අපූරුවකින් බලාගන්න පුළුවන් විදියට හරි අපූරුවට තිබ්බා... ඇයි බේකර්ස් ඇල්ල... කියලා වැඩක් නෑ ඒ ගමන නම්... මරේ මරු!
"ගැහැණු ළමයි 20 කුත් පිරිමි ළමයි 3න් දෙනෙකුත්...."
අනේ ඊරිසියත් හිතෙනවා අප්පා.. අපේ කැම්පස් එකේ ඉතිං ඕකෙ අනික් පැත්තනෙ... අවාසනාව තමයි... හික්ස්! :D
අපිත් නැග්ගා අවාරේ සිරිපාදේ..ඒකත් මාරයි
ReplyDeleteකමෙන්ට් එක ලියද්දි බහිරවයෙක් ඇවිත් ප්ලග් එක පෑගුවා. කෝපාග්නිය නිවී ගියාම ලියල දාන්නම් මොනවහරි.
ReplyDelete#%$#%#^^#^^$^$%!!!
මමත් Horton Plains ගිහින් නෑ... :(
ReplyDeleteයන්න ඕනෙ.. [හැමදාම බාලගිරි දෝසෙ.. ;) ]
@ධනික
ReplyDeleteහික් හික්... දුක තමා ඉතින්.. :D
මේ මාත් දාල තියේ හෝටන් තැන්න ගැන හරිද..
http://kanishkaya.blogspot.com/2009/04/blog-post.html
@ශාකුන්තල
ReplyDeleteහෙහෙ.. :D උඹේ නැට්ට පෑගුවා නේද කවුරුහරි??
රිදෙනවා නේ?? :D
Good post.
ReplyDelete1963 කතාව නම් බොරු. පේරා කඳු නගින කණ්ඩායම (දැන් නම් තියෙනවද දන්නෙ නෑ) ඉස්සර හැම අවුරුද්දෙම වගේ කිරිගල්පොත්ත නගිනව.
හෝටන් තැන්නට අවාරයක් කියල එකක් නැහැ. මීදුමයි වැස්සයි වැඩි කාලයක් නම් තියෙනවා. ඒත් යන්න අමාරු තරම් නොවෙයි. සීතල වැඩිම නම් දෙසැම්බර් වලදි.
අවුව තියෙන කාලෙට වගේම වැහි කාලෙටත් ලස්සනයි, කොහොමද පාරෙ ලෙස්ස ලෙස්ස යනකොට, මරු නේ, අවුව තියෙන දවසකත් යන්න එතකොට තා නියම ලස්සන වගේම සත්තුත් බලාගන්න පුළුවන්, මම නම් 8 පාරකට වඩා ගිහින් තිවයනව. මම නම් ආසකරන තැනක්. ඒ වගේම රෑට නවතින්නත් පුළුවන්. නැවතිලා ඒ අද්දැකීමත් විදගත්ත නම් තමා මරු.
ReplyDeleteශිහ් මං ගිහිල්ලා නෑ නොවැ.
ReplyDeleteවෙලාවක සෙට් වෙලා යන්න ඕනෑ
අවාරයේ සිරිපාදයටත් හොටන් තැන්නත් ඒකපාරක් ගිහින් තියෙනවා, එ දෙකේම මේ වගේ, සීතල කෙසේ වෙනත් මීදුමත් ඒ එක්ක දැනෙන මුසල සුන්දරත්වයත් කියලා වැඩක් නෑ. ඒ වගේම වෙනදාට වඩා යම් දුරට බහුලව මේ කාලවලදී සතුන් දැක බලා ගන්න පුළුවන් බවක් මම අහලා තියෙනවා. ඒකටත් එක්ක ආයිත් යම් මතු කාලෙක යන්නත් ඕනේ, ලෝකාන්තරය තරණය කරන්න පොඩි ආසාවක් තියෙනවත් එක්ක.
ReplyDelete"1963 ට පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් හෝටන් තැන්න නැරඹීමට ගිය පළමු ශිෂ්‍ය කණ්ඩායම අපිලු!"
ReplyDeleteඒක ගැනනම් මටත් අවුලක් තියෙනවා ඒ වුනත් ගෑනු ලමයෙක් වුනත් ඉඳල හිටල හරි චාරිකාවක් යන්න ඕනි. හොඳ ලිපියක්.
දකුණු පළාතෙත් යන්න බලන්න, ලස්සන තැන් තියෙනව, මම දකුණු පළාතෙ හින්ද කියනව නෙවේ
ReplyDeleteමමත් ගිහින් තියෙනවා ඔහියෙ ඉදන්.. ජීවිතේට අමතක වෙන්නේ නෑ
ReplyDeleteෂහ් සිරා ගමනක් වෙන්න ඇති නේද..Deeps..?
ReplyDeleteකෝපාග්නිය නිවී ගියා... යකෝ ඉන්දරේ.. නැට්ට නෙවෙයි ඕන මගුලක් කරගත්තදෙන් මගේ කොම්පීටරේ ප්ලග් එක ගලවන්නෙ නැතුව. :ඩී
ReplyDeleteහරි... මේකයි සිද්ධිය. මම එතකොට උසස් පෙළ කරනවා. අපේ පාසල් චාරිකාවෙ දවසක්. එදා ලෝකාන්තය බලලා ආපහු එන්න ඩිංගිත්තක් පරක්කු වුණා. අපේම කස්ටියගෙ වැරැද්දෙන් තමා. ඔන්න දැන් බස් එක පිටත් වුණේ අඳුර වැටීගෙන එද්දි. මළකෙළියයි.. පාර පේන්නෑ.. සැරට මීදුම. සමහර වැළමිටි වංගු වලදි ලේලන්ඩ් බස් එක හරවන්න දෙතුන් සැරයක් රිවස් යන්න වෙනවා. මොකද අපේ පැති වල ඩ්‍රයිවර්ලට වංගු තියෙන කඳුකර පාරවල් එච්චරම නුහුරු නිසා.
ඔන්න එක වංගුවකදි බස් එක රිවස් කරද්දි පිටුපස රෝද දෙක එකතැන ස්ලිප් වෙන්න පටන් ගත්තා. කන්ද උඩටනේ රිවස් කරන්නේ. ඒ පාර අපි ඔක්කොම බස් එකේ පිටුපසට ආවා පිටුපස බර වෙන්න. දෙවැනි සැරේ එන්ජින් එක නතර වුණා. නතර වුණා නම් මදෑ.. බස් එක තල්ලු වෙලා ගියානෙ පල්ලම පැත්තට! :-O
දැන් බය වෙන කස්ටිය බය වෙලා... දෙවියන් සිහි කරනවා එක එක පොසිෂන් වල. ඒක මතක් වෙද්දි හිනාත් එනවා :P අන්තිමේ බස් එක රිවස් කළේ අපිව බස්සලා. නැත්තං පල්ලමේ තමා!!!
ඔන්න ඔහෙමයි අනූනවයෙන් බේරුණේ. එදා නම් ජීවිතේට අමතක නොවෙන දවසක්.
@ධනික,
ReplyDeleteඋඹ ඔහොම කියයි. මට නං කෙල්ලන්ගෙ කිචිබිචිය තරම් කණට හිරිහැරයක් නෑ තවත්. :P කොල්ලො යන ට්‍රිප් මාර ආතල්. නිදහස උපරිමයි.
(deeps තරහා වෙයිද දන්නෑ :-S )
මම නම් අවාරේ තියා වාරෙවත් ගිහිං නැහැ නේ.
ReplyDeleteඅපි නම් මුලින්ම ගියේ හන්තාන. ඒකෙ ඉතින් ඔයාලට අමුතුවෙන් යන්න ඕන නෑනෙ.. හිකිස්! හැබැයි අපි හන්තානෙ ගිහින් වැරදි පාරක ගිහින් අතරමං වෙලා ගල් පෙරළිලා ගස් පෙරළිල ළමයි වැටිල හරි ජරමර! එක්කෙනෙක්ව කරේ තියාගෙනයි අන්තිමට බැස්සෙ..පේරා ඉස්පිරිතාලෙන් එනකොට රෑ 8 පහුයි.. ඉතින් අපිට මාර හැපනින් තමයි - රෑ 1 ට ගෙදර ගියාම ඊටත් වඩා හැපනින්!
ReplyDeleteමට නම් හෝටන් තැන්නට යාම ගමෙ යාම වගේ...
ReplyDelete"1963 ට පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් හෝටන් තැන්න නැරඹීමට ගිය පළමු ශිෂ්‍ය කණ්ඩායම අපිලු!"
ReplyDeleteඒ ඔයාලව රවට්ටන්න කියපු කතාවක් කියලා තෙරුනේ නැද්ද? අපිත් ඔය වගේ කතාවකට අහු වෙලා පැයක් විතර වල් ගැලෙවුවා.
හෝර්ටන් තැන්නෙ තියෙනවා කටු පඳුරු වගයක්, ආක්‍රමණික ශාඛයක්ලු. ඉතින් කැමති අයට කණ්ඩායම් වශයෙන් ගිහිල්ලා දවස් 2ක් නැවතිලා ඒ පඳුරු ගලවන්න පුලුවන්. එක දවසක් පඳුරු ගලවන්න, අනිත් දවස ඇවිදින්න. කෑම බීම, නවාතැන් ( කැමතිනම් කූඩාරම් වල , නැත්තන් බන්ග්ලෝ එකේ ) සියල්ල නොමිලේ. පඳුරු ගලවන්න කැති, පිහි, උදලු එහෙමත් දෙනවා.
ඉතින් අපිවත් ඔය වගේ මුරුංගා අත්තෙ තියලා අපිට කිවුවා පස්සෙ දවසක් වෙන්කරගෙන කොල්ලො 50ක් 60ක් විතර හොයාගෙන එන්න කියලා.අපිත් ඉතින් පස්සෙ මොකද දැන් මොකද කියලා ඒ වෙලේම කැතියි උදලුයි ඉල්ලගෙන පැයක් විතර ඒ පඳුරු ගැලෙවුවා. ඒවා ගලවන එකනම් ලේසි නැහැ. මහ යක්ෂ කටු පඳුරු වගයක්. හැම තැනම මුල් ඇදලා. එක පඳුරක් ගලවන්න විනාඩි 15ක් 20ක් විතර යනවා.
අපි පස්සෙ දවසක ගිහින් පඳුරුත් ගලවලා කූඩාරමක රෑ ඉඳිමුත් කියලා එකඟ වුනා. හැබැයි ඒ පස්සෙ දවසනම් ආවෙ නැහැ
--------------------------
Explorers කට්ටිය අවුරුද්දකට අඩුම ගානෙ එක පාරක්වත් Horton යනවමනෙ 1963 කතාව අලිම අලි බොරුවක්
කෝ අක්කෙ මේකෙ ඉතුරු ටික??
ReplyDelete@ධනික | Dhanika
ReplyDelete-->""ගැහැණු ළමයි 20 කුත් පිරිමි ළමයි 3න් දෙනෙකුත්...."
අනේ ඊරිසියත් හිතෙනවා අප්පා.. අපේ කැම්පස් එකේ ඉතිං ඕකෙ අනික් පැත්තනෙ... අවාසනාව තමයි."
අනේ මොන ඉරිසියාද අයියේ..සමහර වෙලාවට එපා වෙනවා..වෙන කැම්පස් වල පිරිමි ළමයි කරන වැඩ මෙහේ අපිටම කරන්න වෙලා.අපෝ ඔව්. පාරිසරික විවිදත්වය අතින් නම් පුදුම හිතෙන තැනක් තම හෝටන් තැන්න. සමහර තැන් වල පස් වල පාට දෙකයි. ගස් එහෙමත් එක එක තාලේ ඒවා...අමුතුම පරිසරයක්. අපේ ට්‍රිප් එක ගැනත් කියල වැඩක් නෑ.මරේ මරු
@අබිලිං
අම්මෝ ආසාවේ බෑ කියනකොට. අපේ මලයණ්ඩිත් අවරේ සිරිපා කරුණාවක් ගැන සිහින දකිනවා මේ දවස් වල. බලමු හරි යාවිද කියල
@ශාකුන්තල
බහිරවයෙක් කිව්වේ පූස් පැට්ටෙක්ද අයියේ?? අයියෝ ඔච්චර තරහ ගන්න එපා ඉක්මනට නාකි වෙයි. අම්මෝ අර සිද්ධිය නම් කියවනකොට අගේ හිරි ගඩු පිපෙනවා.. අපි නම් ගියේ කොට ටාටා එකක .එක පාරක්වත් රිවස් කරන්න උනේ නැද්ද කොහෙද..හැබැයි ඉතින් අපිත් බය වුනා මාර බයවිල්ලක් එක තැනකදී. පස්සේ ලියන්නම්කෝ.මෙහ්, කෙල්ලොංගේ කිචිබිචිය පේන්න බැරි නම් සදා තනිකඩව ඉන්නද කල්පනාව ඈ?
@ගයන්ත
අපෝ..මෙයාට නම් හැම එකකටන්ම බාලගිරිදෝසේ..මොන නැකතින් ඉපදුනාද මන්දා...නිවාඩු දවසක් බලලා මෙහේ එන්නකෝ, කැරම් ගහන්නත් උගන්නලා හන්තාන වත් නග්ගවල ගෙදර එවන්නම්
@Kanishka
හපොයි දැක්කේ නෑනේ ඔයත් දාල කියලා..සමා වෙන්න ඕනේ
@The Chinthaka
ඔව් දැනුත් කඳු නගින කට්ටිය ඒක නගිනවලු..අපිව අන්දවල අර මිනිස්සු. මාත් අවාරය කියල එකක් දැනගෙන හිටියේ නෑ. එත් මේ පෝස්ට් එක ලියන්න ප්ලෙස් එක ගැන පොඩ්ඩක් හෙව්වා. ගොඩාරියක් වෙබ් අඩ්වි වල තිබුනා මේක අවාරේ කියලා. අවාරේ කියන්නේ ඔයා ඔය කියන වැස්ස සහ මීදුම කාලෙට.ඔය වෙබ් අඩ්වි ගොඩක් සංචාරකයෝ ඉලක්ක කරගෙන හදපුවානේ.ඉතින් එයාල එහෙම කියන එකේ අසාධාරණයකුත් නෑ කියල හිතෙනවා
@har
8පාරක්? එළනේ..මටත් ආයේ යන්න ආසයි බලමු ඔයාගේ රෙකෝඩ් එක කඩන්න පුලුවන් වේද කියලා. ඔව් ලෙස්ස ලෙස්ස යනකොට ශෝක් තමා. එක තැනකින් මම වැටෙන්න ගිහින් බොහොම අමාරුවෙන් බේරුනේ. තව පොඩ්ඩෙන් කකුලකුත් කඩාගෙන ගෙදර එන්න තිබුනා.:P
@අමිල
යන්න යන්න.ඒක තමන්ම විඳගන්න ඕනේ අත්දැකීමක්
@-බිன்ku-
සත්තු කිව්වාට අපිට නම් දැක ගන්න පුලුවන් උනේ කුරුල්ලෝ කීහ්ප දෙනෙක් සහ අර ගෝන්නු විතරයි. හැබැයි මල්ලි කියන්නා වගේ මූසල සුන්දරත්වය නම් ඇති වෙන්න වින්දා
@ආගන්තුකයා
කොල්ලොන්ට විතරද ට්‍රිප්? කිව්වලු..මම නම් හරි ආසයි ඇවිදින්න.
@BEAUTIFUL SRI LANKA
අප්පා දකුණු පලාත...ඒක තමා මම ආසම පැත්ත.පොඩි කාලේ ඉඳලා කදුකරේ හැදුනු වැඩුනු එක නිසාත් තවත් එක් හේතුවක් නිසාත්(දන්නෝ දනිති:P).. අපේ නෑයෝ ඉන්නවා බද්දේගම.හරිම ලස්සන පළාතක්. ඒත් ගොඩ කාලෙකින් ගියේ නෑ. මම මුහුදට හරිම ආසයි. දවසක් පානදුර ඉඳලා කොලබට කෝච්චියේ එන්න අවස්තාවක් ලැබුණා. මුහුද පැත්තෙන් සීට් එකක් අල්ලගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කලත් ලැබුනේ නෑ..අන්තිමට එක එක්කෙනා එක්ක සීට් මාරු කර කර කොහොම හරි මුද පේන තැනක සීට් එකක් අල්ල ගත්තා. බලං හිටපු අයට හිතෙන්න ඇති මේ කෙල්ලට පිස්සු කියලා.මට මොකො, කොහොමහරි එනකන්ම මුහුද දිහා බලාගෙන ආවනේ..එච්චරයි මට ඕනේ වෙලා තිබුනේ
@Prabath
මටත් එහෙම තමා..අමතක නොවෙන චාරිකාවක්
@LishWish
සිරා කියන්නේ මරු සිරා ගමන්ක් අයියේ:D
@malee_msg
කතාකර වැඩැක් නැත...යා යුතුම ගමනැකි
@niroshinie
අක්කාටත් මාර වැඩනේ වෙන්නේ. මම අහල තියනවා හන්තාන පාර ටැපලුනාම කට්ටිය කන්ද මුදුන දිගේ ඇවිදගෙන යනවලු අර ටවර් එක හම්බෙනකන් ඊට පස්සේ ඉතින් පාර තියනවනේ. තව සමහරු දිය පාරවල් දිගේ පහලට ඇවිදගෙන එනවලු පාර හොයාගන්න බැරි උනාම
@Prabhath Darshana
ඉරිසියාවේ බෑ
@Chanaka Aruna Munasinghe
අපිට ඒ කතාව කිව්වට කවුරුවත් වල් පඳුරු ගලවන්න නම් කිව්වේ නෑ. මොකද අපි ඉතින් කෙල්ලො ගොඩක්නේ ගියේ. හැබැයි අපරාදේ චාන්ස් එක කියල හිතුනේ නැද්ද? වල් පදුරු ටිකක් ගලවනවා වගේද කෑම බීම නිකන් හම්බුවෙන එක?
@ඉශාන් තිළිණ
ඉතුරු ටික ලියනෝ....දාන්නම්...
අපො අපේ batch 4ම එකතුකරත් කෙල්ලො 20ක් එක්ක යන්න ලැබෙන්නෙ නෑ
ReplyDelete:D
පරණ මතකයක් ආයේ අලුත් උනා, මේ පෝස්ට් එක දැක්කම.
ReplyDelete:)
University Explorer's Club එකෙන් හැම අවුරුද්දෙම වගේ හෝටන් තැන්නට බඩ ගානවානෙ . . .
ReplyDelete