I do hope that you are very well and if so lets give thanks to our God almighty.mine here is full of cold but in all i was covering up with the weather.dear please don't leave me just because of my condition or if you consider this my condition as a doubt,you can first bring me out from the prison to your country. |
මේව ඔක්කොම බොරු කතා. ඔහොම මේල් එකක් ආපු ගමන් මේල් එකේ කොටසක් කොපි කරල ගූග්ල් කරල බලන්න. උදාහරණයක් විදියට මෙන්න මේ ලියුමේ කොටසක් ගූග්ල් කලාම ලැබෙන ප්‍රතිඵලය.
ප්‍රතිඵල සටහනේ ලින්ක් දෙක තුනක ක්ලික් කරලා බැලුවම වැඩේ තේරෙනවා නේද? මීට පස්සේ ඔය විදිය ශුවර් නැති ඊමේල් ආවොත් ඔය වැඩේ කරල බලලා කෙලින්ම Report spam ක්ලික් කරන්න.
එහෙම කරල හොයාගත්ත තවත් රසවත් කතාවක් මේක.
ඔය විදිය ස්පෑම් එකතු කරලා හදපු සයිට් තියනවා අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. මෙන්න මම නිතරම යන තැන. දැන් ස්පෑම් ෆිල්ටර් පාවිච්චි කරන අය කියයි අනේ අපිට නම් කිසි ප්‍රශ්නයක් නෑ ඉබේම ස්පෑම් වෙන් කරල පෙන්නනවා කියලා. ඒක ඇත්ත. හැබැයි මේ වගේ දෙයක් කලාම අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.

6 comments:
spam filter වලින් වෙන් කරල පෙන්වන්නෙත් වෙන අය report කලාට පස්සෙනෙ. එක නිසා තමන් දැනුවත් වෙන එක නේද හොද?
මම නම් දන්නෙ නෑ වගේ නම් හරි, සැකකටයුතු නම් හරි, කෙලින්ම Report Spam... :)
good one . . .tnx for sharing with us. . .
එළ එළ නගේ... අපි කාටත් ඉතින් ගූගල් දෙයියන්ගේම පිහිටයි...
මේක මං කුෂාන් අයියගෙ ලිපියෙත් දැම්මා. මේ තියෙන්නෙ ඔය වගේ spams ගැන අපිට දැනුවත් වෙන්න පුළුවන් තවත් site එකක්.
http://419.bittenus.com
@änthräX
ඔව්...සහතික ඇත්ත
@ගයන්ත
හික්...දවසක් ශාකුන්තල අයියා ෆෝන් එකෙන් එවලා තිබුන ඊමේල් එකක් ඩවස් ගානකට පස්සේ ස්පෑම් එකේ තිබිලා හොයාගත්තේ ඔබ වැනි උපාසක අයියලාගේ වැඩ නිසා වෙන්න ඕනේ
@දුකා
you are welcome
@කුෂාන් ඇස්. වන්නිආරච්චි
යා යා ගූගල් සරණං ගච්චාමි
@ධනික | Dhanika
ඒ වෙබ් අඩවියේ තියෙන්නේ 419 Fraud ගැන විතරයි නේද?
Post a Comment