මා අලයෙක්මි, සමහරුන්ගේ භාෂාවෙන් කියන්නේ නම් අලිච්චියෙක්මි. උසස් පෙළ පන්තියේ සිටම අල මිතුරු මිතුරියන් ඇසුරු කල නිසාත් නවක වදයට මුල සිටම විරුද්ධ වීමත් නිසා එක හිතින්ම අලයෙක් වීමි.පාසල් කාලයේ සිටම අල වීමේ අභියෝගය ගැන අසා තිබුණු නිසාත්, අල නොවී නොසිටීමට සමහරුන් විදිනා දුක ගැන දැන සිටි නිසාත් දෙවරක් නොහිතා පේරාදෙණියට පය තැබූ පලමු දිනයේ සිටම නවක වදයට විරුද්ධ සිසු
සිසුවියන් සමඟ කල් ගත කළෙමි. දැන් වසරක් ගතවී ඇත. බොහෝ දේ වෙනස් වී ඇත. බොහෝ අත් දැකීම ලබා ඇත.එබැවින් ඇන්ටි - රැග් ජීවිතය ගැන ලිවීමට සුදුසු මොහොත මෙය බව සලකමි.
නවක වදයට අමතරව රැග් වන හා රැග් නොවන සිසුන් අතර මාදුටු පළමු වෙනස නම් රැග් වන සිසුන් පළමු දින කිහිපය තුළ පුස්තකාලයට නොපැමිනීපයි. පසුව එය සිදු වූයේ ඔවුන්ගේ වැඩිහිටි සිසුන්ගේ නියමයකින් වූ බව දැන ගත්තෙමි. නවකයන්ට පුස්තකාලය තහනම් කිරීමෙන් ඔවුන් කුමක් බලාපොරොත්තු වූවා දැයි නොදනිමි. එම තීරණය කෙතරම් බුද්ධි ගෝචර තීරණයක් දැයි වටහා ගැනීම ඔබට අයිතිය.
එය පටන් ගන්නේ එතැනින්ද නැද්ද යන වග මම නොදනිමි නමුත්, එයින් පසු සිදුවන විවිධාකාර බහු බූත වැඩ ඕනෑ තරම් ඇති බව බ්ලොග් කියවන ඔබට අමුතුවෙන් කිව යුතු නැත.මේ පිලිබඳව මෑත කාලයේ පේරාදෙණියේ සිට ලිය වුනු ලිපි ලෙස චමිතගේ හා මකරාගේ ලිපි පෙන්වා දිය හැක. රැගේ වැදගත් කම හා එහි ඇති සදාචාර සම්පන්න බව චමිතගේ ලිපියට ලැබී ඇති ප්‍රතිචාර වලින් පැහැදිලිව පෙනෙන නිසා ඒ ගැන නැවතත් ලිවීම වැඩකට නැති ක්‍රියාවක් බැව් සිතමි. එබැවින් රැග් නොවීම පිලිබඳව සමාජයේ ඇති දුර්මත කිහිපයක් සාකච්ඡා කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමි.
බොහෝ දෙනෙක් සිතා සිටින්නේ අලයන් යනු කාරයෙන් බැස දේශන ශාලාවට විත් දේශකවරයා පැමිනෙන තුරු ඒරොප්පේ නළු නිළියන් ගැන කඩ්ඩෙන් කොටන පිරිසක් බවයි.විශේෂයෙන් කලා පීඨයේ බොහෝ අලයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන සිසු පිරිසක් වීම මෙයට හේතුවක් වීමට පිළිවෙන.නැත එසේ නැත.මේ වසරේද සිංහල මාධ්‍යයෙන් වැඩ කරනා සිසු සිසුවියන් පිරිසක් අප සමඟ එක් වී ඇත.එසේම මා සමඟ සිටින ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන බොහෝ මිතුරු මිතුරියන් ද සාමාන්‍ය පවුලක ඉපිද, වෙහෙස මහන්සියෙන් ඉගෙන ගෙන, දහසක් පැතුම් පොදි ගහගෙන ඔබ මෙන්ම සරසවියට ආ සිසු සිසුවියන් බව රහසක් නොවේ.අපගේ දෙමාපියන් ලක්ෂපතියන් නොවේ, අපගේ නිවාස මාලිඟා නොවේ.කෙටියෙන් කිවහොත් ඔබද අපද සරසවි සිසුවෝ වෙමු.
නමුදු ඔබ හා අප අතර ඇති වෙනස රැගය.. අප රැගට විරුද්ධ වීම නිසා අපි ඇන්ටි රැග් හෙවත් අලයෝ වෙමු.බොහෝ විට රැග් නොවීම / අල වීම තමන්ගේ කැමැත්ත උඩ ගන්නා තීරණයක් බැවින් හා එක් එක් පුද්ගලයාගේ චින්තනය අනුව තීරණය වෙනස් විය හැකි බැවින් තීරණය ගැනීම ඔබට බාර කරමි.
රැග් වීමේ මූලික අභිප්‍රාය ලෙස බහුතරයක් දකින්නේ බැච් ෆිට් එක ඇති කර ගැනීමය, ඔවුන් පවසන ආකාරයට රැග් නොවූ විට සරසවියේ කිසිම දෙයකට සහභාගී විය නොහැකිය.
බැච් ෆිට් එක යනු කරදරයක් සිදු වූ විට එකට සිටීමයි. මළ ගෙදරක් සිදුවූ විට සැවොම එකා මෙන් ඒ සඳහා උදව් කිරීමයි. කෙටියෙන් කිවොත් අර වටු කුරුළු රංචුව මෙන් එකට පියාඹා ගොස් වැද්දාට පාඩමක් ඉගැන්වීමයි.සැවොම එකා මෙන් සිටීමයි. අප අතරද බැච් ෆිට් එකක් ඇත. එසේම ප්‍රශ්ණ, ගැටලු පැන නගින අවස්ථාද නැතුවාම නොවේ, මන්ද අප සියලු දෙනාම රාග, මෝහ දුරු කොට රහත් වී සරසවියට නොපැමිණි නිසා වෙනි. අනෙක් අතට,අනෙකාට උදව් කිරීම අපගේ ලේ මස් වල කිඳා බැස ඇති ශ්‍රී ලාංකික ගතියක් නිසා අල වුනත් වල වුනත් කරදරයක් වූ විට අනෙකාගේ උදව් වචනයකින් හෝ අපට ලැබේ.එය හොඳටම ඇතිය. නමුත් අලයන් සුලුතරයක් නිසා ඔවුන්ට කරදරයකදී පිහිට වීමට සිටිනා පිරිස අඩු බව රැගට පක්ශපාතී පිරිස් පවසනු නියතය. එය සැබෑවකි. 600, 700ක සිසු පිරිසකට සාපේක්ශව 100ක් 150ක් යනු ඉතාම සුලු පිරිසක් බව මා පිළිගනිමි. මූණු පොතේ 1000ක් හමාරක් වන මිතුරු මිතුරියන්ගෙන් ඔබේ සැබෑ මිතුරන් සිටින්නේ කීයෙන් කීදෙනාද? ඔබගෙන් ඒ පිළිබඳව මට ඇසීමට ඇත්තේ එපමණකි.
උඹලා අල වුනොත් මෙකේ කිසිම දේකට සහභාගී වෙන්න බෑ...නවකයන්ගේ ඔලුවට කාවද්දන තවත් අදහසකි ඒ. කතාව 50% නිවැරදිය. මන්ද අලයන්ට කළා උළෙලට,උද්ගෝෂණ වලට සහ මෙකී නොකී තවත් දේ වලට සහභාගී වීමට නොහැකිය. පාසලදී එවැනි කටයුතු වලට නිතරම සහය දුන් ලේඛිකාවට එය දරා ගත නොහැකි දුකක් වුවද අලයන්ටම වෙන් වූ නාට්‍ය තරඟ, සංගීත සහ වෙනත් වැඩසටහන් තිබෙන බවක් දැන ගැනීමෙන් පසු දුක තුනී වූ බව මහත් සතුටින් පවසමි. වල සතිය සංවිධානය කිරීමේ කටයුතු සඳහා සහභාගී වීමට නොහැකි වුවත් වල සතිය බැලීමට අපට පුලුවන.
නමුත් අප කවදාවත් වල සතිය, කළා උලෙල හෝ, ඔවුන්ගේ කිසිම උත්සවයක් "අල" කිරීමට උත්සහ දරා නැත. එසේම ඉදිරියේදී එසේ වෙන්නේද නැත. නමුත් නවක වදයට විරුද්ධ සුලු පිරිස සංවිධානය කරන වැඩසටහන් නරඹා නතර නොවී ඒවා "අල" කිරීමට කිසිවෙක් සැරසෙන්නේ නම් එය අති නින්දිත කාරණයකි.
අලයන් අපේ වැඩවලට හොට දැමීමට කවදාවත් නො එන්නේ ඔවුන් අපට බය නිසා බව රැගර්ලා සමහර විට පවසනු බැරි නැත. කතාව ඇත්තය. කවුරු කෙසේ කීවත් මම නම් ඔවුන්ගේ වැඩ වලට බිය බව නොසඟවා පවසමි. ඔවුන්ගේ කතාවලට, බැල්මට සහ වැඩ වලට ඕනෑ තරම් ඇඟේ මයිල් කෙලින් වී ඇත.නමුදු අල අයියා / අක්කා කෙනෙක්ගේ බැල්මට,කතාවට හෝ වැඩ වලට බිය වූ එකදු නංගී/ මල්ලී කෙනෙක් නැත. ඒ අලයන්ට නවකයන් මිතුරු මිතුරියන් ලෙස පෙනීම නිසාය. එසේම අලයන්ට රැග් වන නංගිලා මල්ලිලා වහ කදුරු මෙන් තිත්ත නැත.එනිසා, මල් සතියේදීත්, ඉන් පසුවත් අලයෙක්ගේ කටින් කිසිම නවකයෙක් අරභයා කුණුහරුපයක් කිසිදා කියවෙන්නේ නැත. එසේම නවකයන් ලවා කුණු හරුප කියවන්නේද නැත.පළවන වසරේදී අපට ඉගැන් වීමට නොහැකි වූ කුණු හරුප වල තේරුම දෙවන වසරේදී කියාදෙන්නට උත්සහ ගන්නේද නැත.පාසලේදී එක බත් පත බෙදාගෙන කා,වැරදි කොට එකට කොරිඩෝවේ දණ ගැසූ යෙහෙළියන් ලවා අපගේ මිතුරන්ට තිත්ත කුණුහරුපෙන් බැණ වදින්නේද නැත.
වහෙන් ඔරෝ භාෂාවෙන් කියූ විට සමහරුන්ට නොතේරෙන නිසා සුද්ද සිංහලෙන්ම එදින සිදුවූ දේ කිව යුතු යැයි හැඟේ. මෙම ලිපිය නිසා මගේ බ්ලොග් සටහන සින්ඩියෙන්ද ඉවත් වීමට ඉඩ ඇති නමුත් කිව යුතු දේ කිව යුතුය.
එදින සදුදාවකි. රැග් නොවන මාගේ මිතුරියන් 5-10ක් පමණ හා එක් මිතුරෙක් විශ්ව විද්‍යාලයට පැමිණියේ එදා විශේෂ ප්‍රවේශය යටතේ සිසුන් ඇතුළත් කරගන්නා දිනය වූ බැවින්ම පමණක් නොවේ, දෙවන වර උසස් පෙළට මුහුණ දී සරසවි වරම් ලබා ගත් අපගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක්ද එදා පැමිණීමට නියමිතව තිබූ බැවිනි. උසස් පෙළ උපකාරක පන්තියකදී මුණ ගැසුනු මිතුරියක මට අවුරුදු දෙකකට පමණ පසුව මුණ ගැසුණි.අවුරුදු ගණනකට පසුව ඇයගේ මව හා පියාද මුණ ගැසුණු නිසා සුහදව ඔවුන් සමග කතා කලෙමි.ටික වේලාකින් මාගේ මිතුරියන් දෙදෙනෙක්ද එතැනට පැමිණි නිසා දෙමාපියන් මදකට ඉවතට ගියේ අපට ඕනෑ දෙයක් ඕනෑ ආකාරයකට කතා කරගැනීමට නිදහස ලබා දෙමිනි.විනාඩි දහයක් ගතවන්නට ඉඩ ලැබුනේ නැත.
දෙවන වසර සිසු සිසුවියන් පිරිසක් රුදුරු ඇස් දල්වා අප වටකරගත්හ. ඇඟේ මයිල් කෙලින් වූයේ ඔවුන් ගේ හැටි දන්නා නිසාවෙනි.
එනපොට හොඳ නැති බව තේරුණු නිසා නවක සිසුවියගේ දෙමාපියන් නැවත අප අසලට කැඳවා ඔවුන්ට නිවෙස් බලා යෑමට කීවෙමු. ඔවුන් විශ්ව විද්‍යාලයෙන් පිට වන තුරු එක්තරා ශිෂ්‍ය කණ්ඩායමක් ඔවුන් පසුපසින් පැමිණි බව පසු දිනක ඈ මට පැවසීය. සමහර විට ඒ ඇය නැවතත් රැග් නොවන සිසු සිසුවියන් සමඟ කතා කරනවාද යන්න නිරීක්ෂණය කිරීමට විය හැක.
අප ශිෂ්‍ය සංගම්වල ඉදිරි සාමාජික සංඛ්‍යාව අඩු කිරීමට උත්සහ කරන බව සමහර විට ඔවුන් සිතීමට පුලුවන. ඇන්ටි-රැග් වූ විට ශිෂ්‍ය සංගම් වල සාමාජිකත්වය අහිමි වන බව ඇත්තය. නමුත් අප කවදාවත් නවකයන් පසු පස ගොස් ඇන්ටි - රැග් වීමට බල කර නැත.එසේම රැග් වන නවකයන් කෙරෙහි අපගේ තරහක්ද නැත මන්ද එය ඔවුන්ගේ කැමැත්ත අනුව / රැග් වන අයියලා අක්කලාගේ බලපෑම මත තීරණය වන දෙයක් නිසාවෙනි.
නැවතත් කතාවට.
නවක සිසුවිය පිටවී ගිය පසු මගේ මිතුරෙක් මා සිටි තැනට පැමිණියේ ඒ වනවිට මා වටකරගෙන සිටි සිසු සිසුවියන්ගේ මුහුණු වල හැගීම් එතරම් දරුණු වූ නිසාවෙනි.ඔහු සමඟ මා එම සිසු සිසුවියන්ගෙන් ඈතට ආවෙමි. එසේ පැමිනෙණ විට විට එක් ශිෂ්‍යාවක් "ආ දැන් වැඩේ හරි කියලද හිතං ඉන්නේ" යැයි ඇසුවේ මන්ද කියා මට තාම සිතාගත නොහැක. මා කලේ මාගේ මිතුරියක් සමඟ කතා කිරීම පමණක් බැවින් ගත හැකි එකම තීරණය නම් නවක සිසුන් සමග කතා කිරීම ඇන්ටි- රැග් සිසු සිසුවියන්ට තහනම් බවයි.නමුත් එසේ නීතියක් නම් විශ්ව විද්‍යාලීය නීති පද්ධතියේ මා දන්නා තරමින් ඇතුලත් වී නොමැත.

ඉන්පසු අප සෙනෙට් සභාව යට වාඩිවී කතා කරමින් සිටියෙමු. එයද තහනම් බව මා එදා දැනගත්තෙමි.
ටික වේලාවක් ගතවන විට ටිකින් ටික අප සිටි තැනට පෙර මා වට කරගත් සිසු සිසුවියන් පිරිස ළංවිය.අප ඔවුන්ව නොසළකා සිටින බව වැටහුණු විට ඔවුන් කලේ අපගේ අවධානය ඔවුන් වෙත යොමු කරගැනීමට කුණුහරුප යොදා ගැනීමයි.අමුතිත්ත කුණුහරුප කීවද අප ඒවා එක් කණකින් අසා අනික් කණින් පිටකිරීම ඔවුන්ට දරාගත නොහැකි බව පසක් වුයේ ඉන්පසු එක් එක් සිසුවියට පෞද්ගලිකව අපහාස කිරීමෙනි.
රූමත් සිසුවියෙක් දෙස බැලූ එක් ජෙය්ශ්ඨ උතුමකු "උඹේ හම සුදු වුනාට වැඩක් නෑ තන් පොඩියි. උඹලාගේ කොල්ලෝ දන්නේ නෑ ඕවා ලොකු කරල හදලා ගන්න. වරෙන් අපි හදලා දෙන්නම්" යැවි පැවසීම කෙතරම් උත්තම කමක්දැයි තෝරා බේරා ගැනීම කියවන ඔබට භාර කරමි.එසේම "උඹලා අරූට විතරක් පෙන්නනවා නම් අපි බැලුවාම මොකද" කියා අප ඉදගෙන සිටින විට අපට පිටිපසින් පැමිණ සිටගෙන අපගේ පපු ප්‍රදේශය දෙස බලන උතුමන් සමග පෙම් සබදතාවක් ආරම්භ කිරීම පිලිබඳව දෙවරක් සිතා බලන මෙන් ආදරණීය සහෝදරියන්ගෙන් ඉල්ලාසිටිමි.
සිසුවන් මෙසේ අපට අපහාස කරද්දී සිසුවියන් අප සමග සිටි මිතුරාටද මෙසේ අපහාස කර ඇති බැව් දැන ගත්තෙමි. ඔහුට එම උත්තමාවියන් පැවසූ වදන් බ්ලොග් සටහනේ යෙදීමට කෙසේවත් සුදුසු නොවන නිසා නොලියමි.
සියලුම කුණුහරුප පවසා අවසාන වන තුරු නිශ්ශබ්දව සිටි ඔවුන් අපෙන් ඇසූ ඊලඟ ප්‍රශ්ණය
"උඹලට අපි කියපුවා තේරුනාද?"
අපගේ පිළිතුර "නිශ්ශ්බ්ද තාවය"
නිශ්ශබ්දතාවයට ඔවුන්ගේ පිළිතුර
"මුන් මේවා දන්නේ නෑ මචං. අපිවත් කියලා දෙමු"
ඉන්පසු ආරම්හ වූයේ කුනුහරුප කියා දීමේ පන්තියකි
යකෝ, **** කියන්නේ කොල්ලොන්ට තියන එකට, ***** කියන්නේ කෙල්ලොන්ට තියන එකට. ***** කියන්නේ ******ක ******කට දාන එක. එයින් නොනැවතී තම ඇඟිලි පාවිච්චි කරමින් අදාල කටයුතු සිදුකරන ආකාරයද පැහැදිලි කිරීමට තරම් පරාර්ථකාමී මේ උතුමන් ඉදිරියේ තව දුරටත් රැදී සිටීම නුවණට හුරු නැති නිසා,මුවින් නොබැන සරසවියෙන් පිටවීමට සුදානම් වීමු. අප සමග නිවෙස් බලා යෑමට සූදානම්ව සිටි එක් සිසුවියක් ඒ වනවිට අප සිටි තැනට නොපැමින සිටියෙන් ටික වේලාවක් එතැන සිටියෙමු.
එවිට පැමිනි එක් සිසුවෙක්
"අඩෝ උඹලට හොඳින් කියන්නේ ආයි මේ පැත්ත පලාතේ එන්න එපා. අවොත් බලාගමු. එනවා නම් කුණු බිත්තර කන්න බලාගෙන වරෙන්"
ඇන්ටි - රැග් වූ විට සරසවියට පැමිණීමටද නොහැකි බව ලේඛිකාව දැන ගත්තේ එසේය.
එකම වයසේ එකම සරසවියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසක් මෙසේ අප හට බැන වැඳීම තුල මා හට ඇති වූ ගැටළු රාශියකි.
තම වයසේම ගැහැණු ළමුන් හට මෙසේ බැන වදිනා පිරිමි ළමුන් සමාජයට ගිය විට හැසිරෙන්නේ කෙසේද? ඔවුන් ඒ පැවසූ වදන්, හැසිරුනු ආකාරය ඔවුන්ගේ පෙම්වතිය, දෙමාපියන් හෝ සහොදරියන් ඉදිරියේත් ඔවුන්ට පැවසිය හැකිද?එසේම මා සමග උසස් පෙල කාලයේ පාසලේ ඉගෙනගත් සිසුවියන්ද ඉහතකී උත්තමයන් අතර හිඳ අප හට බැන වඳිනවා දුටුවෙමි. එකට බැනුම් අසා, එකට ඇඬූ ඔවුන් එදින අපටම බැන වැදීමට තරම් නිර්ලජ්ජිත වුයේ කෙසෙද?
අනෙක ඔවුන් දෙවන වසර සිසුන් වන අපට මෙසේ සලකන්නේ නම් නවකයන්ට කෙසේ සලකනු ඇත්ද? ඒ මට ඇති විශාලම ගැටලුවයි.
මේ සියලු දේවල් සඳහා "අලයොන්ගේ ඔලුව වැඩියි", "ඕකුන්ට කිසි හැඟීමක් නෑ අනික් එවුන් ගැන", "කිසි වැඩකට උදව්වක් දෙන්නේ නැති වල් හරක් ජාතියක් වැනි" ප්‍රතිචාර දැක්වීමට පුලුවන. නමුදු අලයන් පමණක් නොව රැග් වන අයියලා අක්කලා අතරද ඔලුව වැඩි සහ අනුන් ගැන නොසිතන අය සිටින බැව් ඉහත සිද්ධියෙන්ම පැහැදිලි වන අතර ලේඛිකාව රැග් වන සිසු සිසුවියන් කෙරෙහි තරහකින් මෙම සටහන නොලිව් බව සලකන්න. මට අවශ්‍ය වූයේ සරසවියේ රැග් නොවී සිටීමේ අභියෝගය ගැන සටහන් කිරීම පමණි.
එසේම මෙහි සඳහන් කලේ එක් සිද්ධියක් පමණි. මෙවැනි සිදුවීම් මෙන්ම ගුටි කෙළිද මේ දිනවල පේරාදෙණියේ බහුල බව මාධ්‍ය වලින්ද කියැවේ.
මා කියන දිනද ගුටි කෙළියක් නොඇරඹුනේ අප කිසිවක් නොපවසා නිශ්ශබ්දව සිට සරසවියෙන් පිට වූ බැවිනි.එදින අපට බැන වැදුනු සොයුරු සොයුරියන්ද බලාපොරොත්තු වූයේ එය බැව් සහතිකය. අප සරසවි භූමියෙන් පන්නා ගැනීම මහා වික්‍රමයක් ලෙස ඔවුන් එදා දුටු බැව් නියතය. මා කිසිවක් නොකියමි. ඒ වෙනත් පුද්ගලයෙකුගේ චින්තයට මඩ ගැසීමට හෝ එය විවේචනය කිරීමට මට අයිතියක් නොමැති නිසාවෙනි.
වැඩි දුර කියවීම සඳහා
Out In the Open
වර්තමානයේදී නවක වදය පෙර තිබුනාට වඩා පාලනයකට හසු වී තිබෙනවා. සිසුන් කිහිප
දෙනෙක් නවක වදයේ ඍජු ප්‍රථිපල ලෙසත් තවත් අය වක්‍ර ප්‍රථිපල ලෙසත්
මිය යාම අදාල බලධාරීන් සහ සමාජය අවදි කිරීමට සමත් වුනා. එම නිසා නවක වදය පිළිබඳ
නීති රාමුවක් හඳුන්වාදීමට රජය පසුගිය වසර වල කටයුතු කලා. මෙම නීති වලට අනුව කණිශ්ඨ
සිසුවෙකුට බැනීමත් නවක වදය ලෙස අර්ථ කථනය කල හැකියි.
අචිරගේ දින සටහන්
මම උසස් පෙළ කරපු අවුරුද්දෙ මගෙ යාළුවො දෙන්නෙක් විශ්ව විද්‍යාලෙ යන්න තේරුනා. එක්කෙනෙක් ගණිත අංශයෙන් තේරුණේ මොරටුව විශ්ව විද්‍යාලයට. අනිත් මිතුරිය කලා අංශයෙන් සෞන්දර්ය විශ්ව විද්‍යාලයට. ඒ කාලෙත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙ ඔය කියන ශිෂ්‍යය අරගල තිබ්බා. විශ්ව විද්‍යාලෙ වහලත් තිබ්බා.මගේ මිතුරා මොරටුවට ඒ අවුරුද්දෙම ගියා. කාලය ගෙවී ගියත් මගේ මිතුරිය ගෙදරම තමයි. මගේ මිතුරා මොරටුවෙන් පිට වෙන්න මාසයක් කලින් තමයි ඒ මිතුරිය සෞන්දර්ය විශ්ව විද්‍යාලට ඇතුලත් වුනේ. ඒකෙ නවක වදය ඉවරවෙලා දේශන ආරම්භ වෙනකොට මගේ මිතුරා ශිෂ්‍යත්වයක් හම්බවෙලා ආචාර්ය උපාධිය සදහා රටින් පිටවුනා.
ජීවිතය
පිටදී විශ්ව විද්‍යාලවල පවත්නා තත්වය අභියෝගයට ලක් කර කතා කරන සිසුන්ද විශ්ව විද්‍යාලය තුලදී ඒ අමන මතයම කරපින්නාගෙන පිකටිං කරති, උද්ඝෝෂණය කරති. එයට හේතු විමසූ විට ‘නැත්නං අපිට විශ්ව විද්‍යාල තුල රැදෙන්නට බෑ..’ යනුවෙන් කියති. එනම් විශ්ව විද්‍යාල තුල ඇති මාෆියාවෙන් බේරී සිටීමට නං ඒත්සමඟම සිටිය යුතු බවයි. නමුත් ඔය කෑ ගහන බොහෝ දෙනා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ඒ සියල්ල අතහැර දමති.
Ravi's blog
මාත් ඉතින් campus යන්න පටන් ගත්තනේ.ගිය මාසේ 6 වෙනිදා තමා මුලින්ම campus එකට ගොඩ උනේ.අම්මෝ පළවෙනි දවසේ හොඳටම බය වෙලා හිටියේ
කඩුල්ල
කඩුල්ල ස්ථාන ගතවෙලා ඉන්නේ විශ්ව විද්‍යාලයක වැට මායිමේ.අනේ අපොයි මේ ලමයි නොකරන්නේ ඉගන ගන්න එක විතරයි කියලා හිතන තරමට මේ ලමයි අරගලේ
ගරුවාගේ BLOG MIXTURE එක
ඉතින් අපි කට්ටිය ඔක්කොම 2006 අවුරුද්දෙ ජුලි මාසෙ අග ඉදලා අගොස්තු මාසෙ අග වෙනකම් අපෙ ආදරනීය අයියල අක්කලත් එක්ක බොහොම ලස්සන කාලයක් ගතකලා.මෙ ඒ ලස්සන මාසෙ ඉවර උන දවසෙ අපෙ අයියල අක්කල අපෙ ඇස්වල කදුලු පිරෙන තරමට අපිට දීපු තැග්ග.
Taboo Subjects
රැග දෙන්නේ එක්තරා සරසවි සිසුන් කොටසකගේ (හැමදෙනාගේම නොව) මනෝ ව්‍යාධීන් දෙකක් නිසා ඇතිවන තත්ත්වයකට ප්‍රතිචාර වශයෙනි. එකක් දරුණු ඉරිසියාවය. අනෙක ලිංගික අතෘප්තිමත්භාවයය.
සන්නස
නවක වදයෙන් ඇතිවන සෙතක් නැත. නවක වදය යන වචනයම දරුණුය. කැතය. අමානුෂිකය. එය වෛරය වැපිරීමකි. මානසික ආබාධයකින් පෙලෙන්නන්ගේ ක්‍රියාවකි. තම තමන්ගේ මානසික ආතතීන් වලට තවකෙකු පළි නැත.
බුදුසරණ
දිනය ඉකුත් 13 වන දා ය. වේලාව පෙ.ව. 10.30 – 11.00 අතර විය. විශ්ව විද්‍යාලයක නම සඳහන් බැනරයක් ද සහිත බස් රථයක් එක් වර ම නගරයේ බස් නැවතුම අසල නතර කොට අත් පා බැඳි අයකු බසයෙන් බිමට තල්ලු කැර දමා පැමිණි පිරිස බස්රථය ද සමඟින් රූංගා ඉගිල ගියේ සිද්ධිය දුටු පිරිස මවිතයට පත් කැරැවමිනි.
දිනමිණ
"නවක වධය ජ’පුර සරසවියෙන් ඉවත් කිරීම අපේ එකම අරමුණයි".ව්‍යවහාරික විද්‍යාපීඨ සංගමයෙන් ප්‍රකාශයක්
අතර මැදි කදවුරක්
අපගේ කැපී පෙනෙන කඩවසම් දේහ විලාශයන් හේතුවෙන් උපරිම ලෙස නවක වදය විඳීමටද අපට සිදුවිය.
දිවයින
"නවක වදයට මම එදා පටන් විරුද්ධයි....." උසස් අධ්‍යාපන ඇමැති මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා කීය.
දිවයින
තිරිසන් සතා මද කිපෙන කාලයට ඉවක් බවක් නොබලයි. එවිට උහු සිය වර්ගයා බෝ කිරීමේ කටයුත්ත මහ පාරේ ක්‍රියාත්මක කරති. ශ්‍රී ලංකාවේ සියලු විශ්වවිද්‍යාල මෙවැනි තිරිසන් සතුන්ගෙන් පිරී යමින් පවතින බව පෙනේ. ඒ, හැම අවුරුද්දකම නවක වද සිද්ධීන් වැඩි වැඩියෙන් වාර්තා වන හෙයිනි.
Beyond Frame
නවක වදය අවශ්‍යයැයි කියන්නන් ඉදිරිපත් කරන තවත් මතයක් ඇත. සරසවියේ හැසිරිය යුතු ආකාරය පිළිබද නවකයින් දැනුවත් කිරීමේ අවස්ථාවක් ඉන් ලැබෙන බව ය. කවදාවත් සරසවිය නව්‍ය නොවන්නේ මේ සංස්කෘතික බලාහාත්කාරය නිසා ය. ඇත්තටම සරසවිය එකම වර්ගයේ නිශ්පාදනයක් බිහිකළ යුතු තැනක් නොවේ. ඒ තුළ විවිධත්වයට විවිධ අදහස්වලට ඉඩ කඩ තිබිය යුතු තැනකි
අපේ පුවත්
නවක වදය එක්තරා දේශපාලන පක්ෂයකට ගැති ශිෂ්‍ය සංවිධානයකට සාමාජිකයන් වැඩිකර ගැනීමේ උපාය මාර්ගයක් බවට පත්කරගෙන ඇති බවත් මේ වසරේ නවක වදයට භාජනය වන සිසුන් ඒ අප්‍රසන්න තත්ත්වය විඳ දරාගෙන ඊළඟ වසරේ නවකයන්ට වදනොදී සිටිත් නම් ම්ලේච්ඡ නවක වදය නැවැත්විය හැකි බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා දිනමිණට කීය.
චමිතගේ සිහින කොදෙව්ව
මා විශ්ව විද්‍යාලයට ඇතුළත්ව නවක වදයට එරෙහිව කටයුතු කරන්නේ මා හට එය අප්‍රිය නිසා ය; ඒ තුළ සිදුවන ජඩ, තුච්ඡ ක්‍රියාදාමය මා හෙළාදකින නිසා ය. ඒ හැරුණුකොට ඊට විරුද්ධ වීමට කිසිදු හේතුවක් මට නැත්තේ ය; විශ්ව විද්‍යාලයක් තුළ ස්වභාවයෙන් නිර්මාණය වන උප-සංකෘතියට එරෙහි වීමට කිසිදු අවශ්‍යතාවක් ද මට නැත්තේ ය. එසේ නම් ගැටලුව වන්නේ බොහෝ දෙනෙකු මෙය දැන දැනත් ඊට ලක්වන්නේ ඇයිද යන්නයි. ඊට සරලම පිළිතුර නම් නවක වදයට එරෙහි වීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය සෑම සිසුවෙකු තුළම නොමැති වීමයි. තමාට ඉන්න හිටින්නට තැනක් නැති වන විට අකැමැත්තෙන් හෝ වාත වනු මිස කුමක් කරන්නද?
රජයේ නිල පුවත් වෙබ් අඩවිය
නවක වදය තහනම් .....
UoP, Faculty of Engineering, batch of '08, antiraggers official web log
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක වද විරෝධී සිසුන් දෙදෙනෙකුට නැවතත් පහරදී තිබේ
SONALI WIJESINGHE
කෙසේ වෙතත් මා පවසන්නට යන්නේ මා අතුලත් වු සරසවියේ නවක වදය ගැනය. සැබැවින්ම නවක වදයක් නොතිබුනි. එය සත්‍යයි. දරුණු රැග් නොතිබුනද ඉතාමත් දරුනු වාග් මාලාවන් නම් ඇසීමට ප්‍රථම වසර අපි සැමටම සිදු විය.
noragnofear.com
Antiraggers of university of Peradeniya are leading a battle to eleminate ragging from universities of Sri Lanka. This site is launched to publish our vision about cruality of ragging.
Daily News
A notice called 'an Act of ragging may land you in jail' appears at the entrance of each university in India. "We have also decided to adopt this system in our higher education system as ragging has completely interrupted the learning environment in universities, he said. The Minister said the Indian Government considers ragging as a human-rights abuse
Daily News
The era of ragging as a social equalizer and an initiation into the University culture is long gone. Ragging has today become a political and a terror weapon used primarily to ensure the continuing domination of JVP political power within the Universities. Gone are the days, when ragging was a phenomenon confined to the bounds of the University.

Sunday Observer
Not all seniors at the University do go out for ragging and some are positively against this mean practice. The compulsive "raggers" are definitely mentally deranged, dangerous "criminals in students' clothing" and they rag for following reasons...

Samaharu hitan inne campus giyama eyalata wada kenek naa kiyala. Eyala me taram moda bawa mama hariyatama danagatteth attatama Ugath aya inna bawa danagatteth me article eken.
ReplyDeletemehema hitenne mama campus nogiya nisada danne na, ~Hik hik....
Anyway thanks for the acknowledgement.
සමහර පුද්ගලික ආයතන ප්‍රතිපත්තියක් විදියට රජයේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලත් කරගන්නේ නෑ. ලංකාව තුල පවතින තත්වය අනුව විශ්වවිද්‍යාලයකට ඇතුලත් වන්නේ රටේ අධ්‍යාපනය අනුව වැඩියෙන්ම ලකුණු ගන්නා පිරිසයි. මොවුන් බුද්දිමතුන්යැයි වරදවා වටහාගත යුතු නොවේ. සාමානයෙන් සිදුවිය යුත්තේ එය වුවද එසේ නොවීම කනගාටුවකට කරුනක්. කෙසේ වුවවත් මේ වැඩියෙන් ලකුණු ගන්නා පරිස නවකයන් පිලිගැනීමට යොදාගන්නේ පහත්ම ක්‍රමයයි.
ReplyDeleteමේ තවත් නිදහස් අධ්‍යාපනයෙ සමග බූරු ගැසීමට මව්රට උගසට තැබූ අමනයන් ගැන කතාවක්.
http://w3lanka.blogspot.com/2009/09/215.html
මම නං රැගට විරුද්ධයි. කට්ටිය කියන්නෙ නං රැග් දෙන්නෙ බැජ් ෆිට් එක හදන්නලු.බැජ් ෆිට් එක හදන්න ඔය වගේ ගොං පාට් දාන්නැතිව කරන්න ඕන තරං දේවල් තියනවා.අපිත් එක්ක හිටපු උන්ගෙන් කැම්පස් ගිය බහුතරයක් තෙලට අහුවෙලා බ්‍රේන් වොෂ් කරගෙන සම්පූර්ණයෙන්ම වෙනස් සත්තු වෙලා. කීපදෙනෙක් හිටපු විදිහටම ඉන්නවා උන්ට කරුණු කාරණා තේරුම් බේරුම් කරගන්න මොලයක් තියන හින්දා.මේක මහා විනාශයක් මේ දේවල් එක්ක බිහිවෙන්නේ උගත් මෝඩයෝ පිරිසක් මිසක් බුද්ධිමතුන් නම් නෙවෙයි
ReplyDeleteමේ ලිපිය කියවලා ගොඩක් කළකිරුනා, විශ්ව විද්‍යාලයක උගත් යැයි කියන මේ පිරිස මිනිසුන් නොවන අමුතුම සත්තු ජාතියක් කියලයි හිතෙන්නේ. මෙවැන්නන් රටේ ඉහළ පුටුවලට ගියොත් පහළ ඉන්න අය තමයි තැලෙන්නෙ. කැම්පස් වල පරිපාලනය හෝ විනය කමිටු මගින් මේවාට යමක් කරන්න බැරිද. මම නම් කැම්පස් ගියේ නෑ පුද්ගලික හේතුවක් මත. ගියානම් මේ සන්තෑසියම තමයි දකින්න වෙන්නේ. seems like they've got a severe personality disorder.As I've heard people who torture others are mentally ill.
ReplyDeleteඑක අතකට කැම්පස් නොගිය එකත් හොදයි කියල හිතෙනවා. :D
ReplyDeleteදසුන් සමීර කියපු කතාව් ඇත්ත. හුගක් සමාගම් රජයේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලත් කරගන්නේ නෑ. එහෙම කලත් සැහෙන හොයල බලලා තම්යි ගන්නෙ.මන් මෙහම කියනවට තරහවෙන්න එපා. ඕව කොරන ගොඩක අය ගමෙන් ආපු,පාසල් යන කලේ මුහුද බලන්න විතරක් කොලඹ් ආපු අය somewhere having a problme
ReplyDeleteබ්ලොග් අවකාශය තුළ මුලින්ම රැගට බැනපු බ්ලොග්කරුවා හැටියට රැගට විරුද්ධව සටහන් ගණනක් පළවීම ගැන මා සතුටුවෙනවා. ඒ ගැන ගොඩ නැඟෙන සංවාදය දකින්නට සතුටුයි.
ReplyDeleteඒත් ඇයි අපි හැමදාම බැණ බැණ ඉන්නේ? අපට බැරිද ඊට වඩා දෙයක් කරන්න? අපට බැරිද රැග් කරන පිරිස නම් ගම් ඇතිව හඳුන්නා දෙන්න ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න? අපි කතා කරමු.
රැගාලගෙ වැඩ නං ඉතිං ආයෙ කතා කරල වැඩක් නෑ. අලයෙක් විදියට මට ඔයිට වඩා දරුණු අත්දැකීම් තියෙනව නංගී. මරණය පෙනිපෙනී නැවත ජීවත් වෙන්න ලැබුනා ඔය සම්බන්ධ සිද්ධියක් නිසා.
ReplyDelete.
රැග් එකේ හොඳ ප්‍රතිඵල, ඒකෙන් බැච් ෆිට් එක ඇති වන්නේ කෙසේද, යනාදී කරුණු පෙන්වලා පුලුවන් නම් ලිපියක් ලියන්න කියලා මම දෙවතාවක් රැගාලට ආරාධනා කලත් තවමත් කවුරුවත් ඒ ආරාධනාව නං පිලිගත්තෙ නෑ.
ඕවා ගණං ගන්න එපා. කාලකණ්නින්ගේ කාලකණ්නි ගතිය අරින්න සැක්කරයටවත් බෑ.පුලුවන් තරමින් අනිත් අයට සත්‍යය පෙන්නලා දෙන්න, ඒක තමයි අපෙන් ඉටුවෙන්න ඕනේ.
මොනවා උණත් කුණුහර්ප කියන එකත් අනෙක් වලත්ත කතා කියපු එකත් අන්තිම අසික්කිතයි. deeps ලියල තියන ඒව කියවනකොට අපේ ඉහමොළ රත්වෙනව මේව කොල්ලෙක් කෙල්ලෙක්ට කොහොම කිව්වද කියල.
ReplyDeleteමම දෙයක් කියන්නම්. දැන් අලුත් මතයක් ගොඩනැගීගෙන එනව රැග් එක ශාරීරික වධ හිංසා නැතුව නවකයන්ට බැනීම්, ගොන්පාට් විතරක් සහිතව කරන්න ඕනෙ කියල.
ReplyDeleteඑතකොට කවුද මේ දෙක අතර මායිම define කරන්නෙ?
මේ වැඩෙන් වෙන්නෙ අවසානයේ මේ ලිපියෙ තියෙන ආකාරයේ ලැජ්ජ නැති අසික්කිත කතා නවකයන්ට කියන තත්වයක් බිහිවීම තමා.
http://www.elakiri.com/forum/showthread.php?t=246474
ReplyDelete@ප්‍රවීන්
ReplyDeleteඔය දෙක අතර මායිම define කරන්න විශ්ව විද්‍යාලෙකට ආපු බුද්ධිමත් ශිෂ්‍යයෙක්ට පුළුවන් වෙන්න ඕන. ඒකට අරමුණ මුලින්ම හොඳ වෙන්න ඕන. නැත්නම් කිසිම දෙයක් නැති උනොත් පළාත් අනුව(මොරටුව මාතර ගැට්ට හා කොළඹ ගැට්ට) ඉංග්‍රීසි බැරි පුළුවන් කම අනුව මුදල් ඇති නැති බව අනුව කෑලි ගණනකට කැඩිලා කිසිම වැඩක් හරියකට කරගන්න බැරුව කැම්පස් එකත් නිකං ටියුෂන් පන්තියක් ගානට වැටේවි. මට තේරෙන විදිහට දේශපාලනේ ගාව නොගන්නවානම් ඔය ගොඩක් ප්‍රශ්න නිකංම්ම විසඳෙනවා.
ජ්‍යේෂ්ඨයන් හා අපි අතර සුහදතාවය රැග් වලින් වර්ධනය වෙනවා කියන එක නම් පිලිගන්නෙ නෑ.තමන්ව බයිට් කරනකොට තමන්ට එන්නෙ තමන්ව බයිට් කරන කෙනා ගැන තරහක් මිස සුහදත්වයක් නෙමෙයිනෙ.
ReplyDeleteරැග් එකෙන් බැච් එක ඇතුලෙ ෆිට් එක වැඩි වෙනවා කියන එකේ පොඩි ඇත්තක් තියනවා .නමුත් එතනදි ඇත්තටම වෙන්නෙ ජ්‍යේෂ්ඨයෝ කියන පොදු සතුරන්ට විරුද්ධව කට්ටිය් එකතුවීම විතරයි.නමුත් තමනුත් ජ්‍යේෂ්ඨයො වුන දවසක අර ෆිට් එක ඉබේම නැති වෙනවා.මොකද,බය වෙන්න පොදු සතුරෙක් නැති නිසා.ඒකනෙ ඔය කට්ටිය දාගෙන මරාගන්නෙ.
මම පුරාජේරුව කියවන්න හදනවා නෙමෙ.නමුත් අපේ කැම්පස් එක්‍රේ තත්වය දැනගන්න ඕන නම් මේක කියවන්න.
http://ishanthilina.blogspot.com/
@ සුසිත
ReplyDeleteවිවිධ මිනිස්සුන්ගෙ අදහස් වෙනස් නිසා ඔය මායිම නිවැරදිව define වෙන්නෙ නෑ කවදාවත්.
ඒ නිසා රැග විදියට ශාරීරික වධහිංසා අවශ්‍යත් නෑ, නවකයන්ට බැනීම්, ගොන්පාට් අවශ්‍යත් නෑ.
විශ්වවිද්‍යාලය කියන්නේ ජ්‍යෙෂ්ඨයන්ගෙ බූදලයක් නෙමේ අලුතෙන් එන අයට "අපි තොපිව හදල ගන්න ඕනෙ" කියලා (කුණුහරුපෙන්, ඇතැම්විට) බනින්න. හැමෝටම තියෙන්නෙ එකම අයිතිවාසිකම තමා. බලෙන් නවකයන්ව පාලනය කරන්න ගියාම ප්‍රශ්න උද්ගත වෙනවා.
ඔව්, දේශපාලනය මේ ප්‍රශ්න වලට ප්‍රධාන හේතුවක් තමා. ඒත් ඉතින් ඕක තව කාලාන්තරේකට නැති වෙන එකක් නෑ. එක ප්‍රවාහයක් ඉවර වෙනකොට තව එකක්.
@ සුසිත රවින්ද සෙනරත්
ReplyDelete"ඔය දෙක අතර මායිම define කරන්න විශ්ව විද්‍යාලෙකට ආපු බුද්ධිමත් ශිෂ්‍යයෙක්ට පුළුවන් වෙන්න ඕන."
එහෙම පුළුවන් බවක් පෙන්නලා නැහැනෙ. පේනවා නේද කියල තියෙන කතා.
ජේෂ්ඨයො වයින් කරලා අරක මේක කරපන් කිවුවම තමන් කරන්නෙ මොකක්ද කියලවත් නොදැන රූකඩයක් වගේ ඒ අසික්කිත දේවල් කරන එකයි වෙන්නෙ. LTTE එකෙත් එහෙමනෙ
හෙට අනිද්ද විශ්වවිද්‍යාලයට යන්න ඉන්න මට මේ ලිපිය හුගාක් වැදගත් උනා. පේරාදෙනියේ සහ කැළණියේ තත්වයන් වෙන වෙනම මෙහි නොතිබ්බත් රැග ගැන යම් අවබෝදයක් ලබන්න හැකිවුන එකත් ලොකු දෙයක්.
ReplyDeleteDeeps අක්කට හුඟාක් ස්තූතියි මේ දැනුවත් කිරීම කලාට..
නවක වදය කියන දේ මොකක් හරි සාධනීය ලක්ෂණයක් තියෙන්න ඇති පටන් ගත්ත කාලේ. දේශපාලනය, එකමුතුව වගේ. නමුත් මේ වෙනකොට නවක වදය ජ්‍යෙෂ්ඨ කම බලෙන් ආරෝපණය කර ගන්න පුලුවන් ක්‍රමයක් පමණක් වෙලා. බලෙන් අයියා වුනාම ලැබෙන බලතල කිහිපයක් තියෙනවා.
ReplyDeleteදේශපාලනයක් තියෙනවා කියන ඔය මහ ලොකු රැගාලගේ දේශපාලනය කිරිපල්ලෙන් පේන හැටි තමා මේ උඩ කමෙන්ට් කිහිපය. අම්මලා තාත්තලටවත් හදන්න බැරි ගතිගුණ ඉබේම එළියට පනිනවා විවේචනයක් දැක්කාම. විවේචනයට මුහුණ දෙන්න බැරි කොන්ද පණ නැති පෙඳයොද දැන් පේරාදෙණියෙ ඉන්නේ? සරසවි සිසුවා කියන දේ අර්ථ දක්වපු අයිවර් ජෙනින්ග්ස්ගෙ අර්ථ කථනයට අනුව මේ යකා මුඩුක්කුවෙක්. කුණු කාණු වල ලගින කුහකත්වය ඉහවහගිය එකෙක්.
දේශපාලනය කියන එක සරසවියකට අවශ්‍යයි. ඒක නැතුව අධ්‍යයනික අංශයෙන් විතරක් පූර්ණ වුන අය විශ්ව අධ්‍යාපනයක් ලබලා නෑ. ඒකට දැන් තියෙන නවක වදය ක්‍රමයක් නෙවෙයි. මෙය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දාන්න ඕනේ. අනෙක් අතට මේ නවක වදයට තියෙන පිළිතුර කිසිම සංවිධානයක් නැති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අල පිරිසක් නෙමෙයි. ප්‍රවීන්ට වැරදුනේ මෙතනදි. ජ්‍යෙෂ්ඨයින් හා නවකයින් කිසියම් හෝ ක්‍රියාකාරකමකින් එක් විය යුතුයි. ආපු ගමන් අත ඇරලා දාපු පැටවු වගේ නවකයින් සරසවියක සිටීම නිකන් මොන්ටිසෝරියක නැත්තන් පාසැලක ස්වරූපය වගේ. උඹලා ඕන වැඩක් කරගනිල්ලා කියලා අත ඇරලා දැමීම එක් අතකින් ආත්මාර්ථකාමීත්වයක් සහ මෙතෙක් කාලයක් සරසවිය තුල ලබපු අත්දැකීම් ඉදිරියට ගෙන යාමට තිබෙන බාධාවක්. මෙහි සඳහන් වෙන රේඛාව සබුද්ධිකව ඇඳගත යුතු දෙයක්. එය අත්දැකීමකින් තොරව පොතේ දැනුමකින් විවේචනය කරන්න බැහැ.
Prabath
ReplyDeleteකැම්පස් ගියපු පමණින් මනුස්සයෙක්ගේ උගත් බව වැඩිවෙන්නේ නෑ මල්ලි. ඒක තීරණය වෙන්නේ තම තමන් කරන වැඩ අනුව.මම කියන්නේ නෑ ඇන්ටි- රැග් කට්ටිය උගත් කියලා. මොකද උගත් බව කියන එකත් සාපේක්ශයි. පොල් කඩන පුද්ගලයෙක්ට උගත් බව කියන්නේ හොඳට පැහුණු පොල් ගෙඩියක් හොයා ගන්න තියන දක්ශතාවය වෙන්නත් පුළුවන්.පහළින් ඇති දසුන්ගේ පිළිතුරෙනුත් ඔබට පිළිතුරු දී ඇති බවක් හැඟේ
Dasun Sameera - දසුන් සමීර
මේ ආකාරයේ දේවල් වි.වි තුළ සිදුවන බව දන්න පුද්ගලයන් එසේ කිරීම සාදාරනයි. නමුත් එයින් සමහරුන්ට අසාධාරණයකුත් වෙන බව නියතයි, ඔබ පවසනවා "කෙසේ වුවවත් මේ වැඩියෙන් ලකුණු ගන්නා පරිස නවකයන් පිලිගැනීමට යොදාගන්නේ පහත්ම ක්‍රමයයි", කියා. නමුත් එය අදාල වෙන්නේ එක්තරා සිසුන් කොටසකට පමණක් බව මත කිරීමට කැමතියි
අමිල
එකඟයි
sereneworld
පරිපාලනය මේ දේවල් පිළිබඳව උනන්දු වෙනවා මදි කියලයි මගේ හැඟීම. ඉහත කී සිදුවීම සිදු වූයේ සෙනේට් මන්දිරය යට. පේරාදෙණියට පා තැබූ කවරෙක් වුනත් දන්නවා සෙනේට් මන්දිරය කියන්නේ නිතරම ආචාර්ය මණ්ඩලය, වි.වි සේවකයන් සහ ආරක්ෂක නිළධාරීන් නිතරම ගැවසෙන තැනක් බව.ඔවුනුත් සමහර විට බිය ඇති බහුතරයට එරෙහිව තීරණයක් ගන්න
ගයාන් තාරක
එහෙම හිතන්න එපා. මේ වගේ දේවල් සිදු වුනත් එතැනින් අපි ලබාගන්න දැනුම සහ වෙනත් අත්දැකීම් මිල කල නොහැකියි
සරදියල්
වෙන්න ඇති. නමුත් ඒ අතර නගරයේම හැදී වැඩී කර කියා ගැනීමට දෙයක් නොමැතිව රැග් වන සිසු සිසුවියන් පිරිසකුත් සිටිනවා. ඔවුන් රැග් වූ පළියට ඊළඟ වසරේ පොඩි අයව රැග් කරන්න යන්නේ නෑ.
taboosubjects
නම් ගම් ඇතිව හදුන්වා දෙන්න පුළුවන් කිහිප දෙනක්. නමුත් ඔවුන් කිසිදිනක සංවාදයකට පැමිනේ යැයි සිතන්න අමාරුයි. මතකද චමිතගේ ලිපියක රුක්ෂාන් අයියාගෙන් ප්‍රශ්ණ වගයක් අහලා ඒවාට ලැබුණු පිළිතුරු.ඉන්දරේ කියන්නා වගේ ඔවුන් ඒ ආරාධනාව පිළිගන්නේ නෑ. අනික ඔවුන් සමග කතා කිරීම්ට ගිය විට ඔවුන් බොහෝ අවස්ථාවල එන්නේ අපහාස කිරීමට බැනීමට පමනක් නිසා කතා කර ප්‍රශ්න විසඳීමත් අමාරු දෙයක්.කරන්න තියෙන්නේ තමන් හිතට තම අතමය සෙවනැල්ල කියල තමන් රැග් වෙන්න අකමැති නම් තමන් රැග් නොවී සිටීම.එන්න එන්නම එවැනි සිසුන් ගනන වැඩිවෙනවා, කාලයක් යනවිට රැග් නොවන සිසුන් බහුතරයක් මට්ටමට එන ආකාරයට එය වර්ධනය වේවි අප නිවැරදි තීරනයකට එලබෙනවානම්
ප්‍රවීන් ඉන්ද්‍රනාම
ඇත්ත කියන එක තමා මම කරන්නේ. ඒකයි අන්තිමට කිව්වේ විවේචනය කරන්න මට අයිතියක් නෑ කියලා. මට වඩා දරුණු අත්දැකීම් ඔයාට තියනවා වගේ, හැකියාවක් තියේ නම් ලියන්න ඒවා ගැනත්.අනාගත පරම්පරාවට නිවැරදි මාවත තෝරාගන්න එය විශාල පිටුවහලක් වේවි.
අනෙක ශාරීරික වද හිංසා වුවත්, මානසික වද හිංසා වුවත් ගැනෙන්නේ ක්‍රිමිනල් ගණයේ අපරාධවලට. ඒක නිසා ඔය එක කෙහෙල්මලක්වත් නැතුව අළුතෙන් එන අයට අවශ්‍ය වෙලාවට උදව් කරගෙන හිටියානම් මොකද වෙන්නේ?
imal
ස්තූතියි ඒ ගැන දැනුම් දුන්නාට
සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath
මිනිස්සු එකතු වෙන තැන් වල කණ්ඩායම් හැදෙන එක අනිවාර්යෙන් වෙන දෙයක්. ඒ එක එක්කෙනා කැමැති දේවල්, පවුල් පසුබිම ආදී දේවල් මත. නමුත් එම කණ්ඩායම් ගත වීම ගැටුම් ඇති වන තත්වයක් දක්වා වර්ධනය වීම තුල බොහෝ ගැටළු ඇති වෙනවා.ඉවසීම ප්‍රගුණ කරපු බුද්ධිමතුන් වි.වි වෙත පැමිණේ නම් ඒ තත්වය අඩු කරගත හැකියි. නමුත් අද එසේ සිසුන් සිටින්නේ බොහොම කලාතුරකින්.
ඔබට පමණක් නොවේ, එදින අපට දැණුන දේවල් වචනයෙන් කීම අපහසු කාර්යයක්. බොහොම අමාරුවෙන් මේ ලිපිය ලියන්න වචන එකතු කළෙත්
Prabhath Darshana
මා දන්නා තරමින් කැලණියේ තත්වය මීට වඩා හොඳයි. හැබැයි ඒ කතා ඔක්කොම යාලුවන්ගෙන් දැන ගත්ත දේවල්. ඇත්ත තිත්ත්ද දන්නේ නම් නෑ.සතුටුයි ඔබට උදව්වක් කිරීමට හැකිවීම ගැන
chamila_dealwis
"ජ්‍යෙෂ්ඨයින් හා නවකයින් කිසියම් හෝ ක්‍රියාකාරකමකින් එක් විය යුතුයි. ආපු ගමන් අත ඇරලා දාපු පැටවු වගේ නවකයින් සරසවියක සිටීම නිකන් මොන්ටිසෝරියක නැත්තන් පාසැලක ස්වරූපය වගේ"
එය ඇත්තයි. එදා අප වි.වි වෙත ගියෙත් නවකයින්ට කතා කරලා, ඔව්න්ට ප්‍රශ්න තියේ නම් ඒවා ගැන කතා කරන්න. නමුත් එදින අපිට වි.වි එන්න වුනේ නොසිතූ විදියට.රැග් එකෙන් තොරව නවකයන්ට වි.වි ගැන කියා දීමට ගිය විට එසේ සිදුවුයේ යම්කිසි පිරිසක් රැග් එක නැතිව වි.වි දේවල් ඉගෙන ගැනීමට බැරි බව සිතා සිටින නිසා. එම අදහස නැති කරන තාක් කල් මේ රැග එසේම පවතීවි.නමුත් මේ දක්වා බෙදලා තියන තෙල තව අවුරුදු ගාණකටම සෑහෙන එක නම් මුළු ලංකාවෙම අවාසනාවක්.ඔබ සදහන් කළ කමෙන්ට් මා ඉවත් කලා.
@ඉශාන් තිළිණ
ReplyDeleteඔබගේ වි.වි ගැන මා බොහෝ දේවල් දන්නවා. බ්ලොග් පෝස්ට් ලිව්වත් නැතත් අද සමාජයේ රැකියාවක් ගන්න ගියාම ඔබගේ වි.වි යෙන් එළියට ආපු කෙනෙක්ට රැකියාවක් සොයාගන්න පහසුවෙන්න එකහේතුවක් ඔබගේ වි.වි සංස්කෘතිය. එය මා ඉහලින්ම අගය කරනවා.මා පමණක් නොව සමාජයද එය අගය කරනවා. ආඩම්බරයි ඔබ ගැන.
ඔව් තමන් බයිට් කරන කොට ඇති වෙන්නේ බයක්, පිළිකුලක් හෝ තරහක් මිස ෆිට් එකක් නෙවේ. ඔබගේ කතාවට එකඟ වෙනවා.
@Chanaka Aruna Munasinghe
"ජේෂ්ඨයො වයින් කරලා අරක මේක කරපන් කිවුවම තමන් කරන්නෙ මොකක්ද කියලවත් නොදැන රූකඩයක් වගේ ඒ අසික්කිත දේවල් කරන එකයි වෙන්නෙ. LTTE එකෙත් එහෙමනෙ"
මකරගේ කටට මසුරන් දාන්න වටින්නේ
අනේ මසුරන් කන්නයැයි. චොකොලට් හරි අයිස් ක්‍රීම් හරි දැම්මනම් තමයි වටින්නෙ
ReplyDeleteමේ වල් සත්තුන්ගේ නිරුවත මේ ලිපියෙන් මනාව පෙනෙනවා.. සමාජය දැනුවත් කිරීම අපට මූලිකව බ්ලොග් කරුවන් විදියට කරන්න පුලුවන් දෙයක්. Taboo කියන විදියට රැග් කරුවන් ගේ අනන්‍යතාවය හෙලිකිරීමත් හොඳ පියවරක්. රැග ගැන විරෝදතා කාලාත්මක (seasonal) ඒවා නොවී මේ ගැන නිරන්තරයෙන් අවදියෙන් සිටිය හැකි නම් එය වඩාත් හොඳ බව මගේ අදහසයි.
ReplyDelete@Chanaka Aruna Munasinghe
ReplyDeleteඒ මායිම දැනගෙන හොඳ අරමුණෙන් රැග් එක(නමට කිව්වට මේ වචනෙ මෙතනට යොදන එක වැරදියි) කරන තැන් තියනව. මමත් මගේ බැච් එකේ එවුනුත් අදත් බොහොම සතුටින් කතා කරන දෙයක් තමයි අපි මුහුණ දීපු රැග් එක. ඒ අපේ විශ්ව විද්‍යාල ජීවිතේ සුන්දරම කාලෙ. දැන් ඉතින් වෙන තැන් එක්ක පටලගෙන් කෑ ගහන්න එපා කට්ටිය. අපිට අයියල ඒ දේ කලේ නැත්තම් බැච් එකක් විදිහට අපි මෙතන නෑ ඒ එක්කම බැච් එකක් විදිහට අපි කරපු ගොඩක් දේවල් කරන්නෙත් නෑ.
@ සුසිත රවින්ද සෙනරත්
ReplyDeleteඉතින් ඒ දේ කරන්න රැග් කරන්න ඕනෙ නැහැනෙ. අපිත් මේ හොඳට ඉන්නෙ. ඔය කියන අරමුණට යන්න (කණ්ඩායම් හැඟීම, සහෝදරත්වය ) තිරිසන් ක්‍රම නැතුව හොඳ මානුෂික ක්‍රම තියෙනවා.
තිරිසන් ක්‍රම වලට අකමැති අයට මේ ලිපියේ තියෙනවා වගේ දේවල් කරන එක ත්‍රස්තවාදයක් නේද?
හොඳ අරමුණෙන් රැග් එක කරනවා කියන එක අතාත්විකයි. හොඳ අරමුණක් තියෙනවානම් මේ වගේ දේවල් වෙන්න බැහැ නේද ?
උසස්පෙල පන්තියේදී දේශපාලන විද්‍යාව ඉගැන්වූ අපේ අංශභාර ගුරුතුමිය වූ රාජපක්ෂ මහත්මිය ඇගේ පේරා. වි.වි. ජීවිතයේ රැග් එක ගැන කිව්වේ මෙන්න මෙහෙමයි . . .
ReplyDelete"ඔන්න පුතාලා එයාලා මගේ අතට රතු රෝස මලක් දීලා කිව්වා මෙතන ඉන්න කෙනෙකුට මගේ ආදරේ දන ගහලා ප්‍රකාශ කරන්න කියලා . .. "
"මමත් එකෙකෙන්ව තෝරාගෙන එයා ලඟ්ට ගිහින් එක දනිස්සක් බිම තියලා . . .නියම් පෙම්වතියක් වගේ ආදරේ ප්‍රකාශ කලා . . "
ඔය වගේ දේවල් අහද්දී අපී හීනය වුනේ කොහොමහරි වි.වි. යන එකමයි . . . ඒත් මට යන්න බැරි වුනා . . . (ඒකත් හොඳයි කියල හිතුනා එක පාරක් හරි මේක බැලුවාම . .) ඒත් නංගිලගේ අනාගත පරම්පරවේ ගුරුවරුන් වෙන වි.වි. සිසුන් . . අනාගතයේ කොයි විදිහට ඒ සිදුවීම් විස්තර කරයිද . . . ???
ගුරුවරයාගෙන් වි.වි. ගැන නියම විස්තරේ අහන දරුවෙක් එතැන් සිට වි.වි. ට කොහොම හරි යන්න ඕන කියන මානසිකත්වයෙන් හොඳින් ඉගෙනුම ලබයි ද . . ??? ඔච්චර පරිප්පු කන්න මොන මගුලට මහන්සි වෙනවාද කියල හිතලා ඉගෙනීම නතර කරල නොදායිද . . ???
හරිම දුකක් ආවා හිතට...! අවුරුදු ගානක් බඩ ගාලා කැම්පස් යන්න ලැබුණාම කැම්පස් කියලා අඩිය තියලා තියෙන්නේ අපායක ට කියලා දැන ගත්තා ම. මේ වගේ දෙයක් දැන දැනත් ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියා මාර්ගයක් නොගන්න පාලන තන්ත්‍රය ගැන දැනෙන්නේ අපුලක්...!
ReplyDeleteයුවතියක් විදියට මේ වගේ අවස්ථාවක ඔබ ඊට මූණ දුන්නු ආකාරය නම් හරිම අගෙයි...!
@all,
ReplyDeleteim happy to inform you that by now,the authorities of the university have taken action against this type of brutal actions on the freshers.
but the raggers go on class stikes against the administration. wonder what they expect from strikes and picketings
මුලින්ම හැම මිනිහෙකුටම ස්වාධීන මතයක් දැරීමට තියෙන ශුද්ධ අයිතියට මම ගරු කරනවා."මතවාදය" කියන දේ තියෙන සුවිශේෂී බව තමයි, මතවාද අතර තියෙන "පරස්පරතාවය" කියන දෙය වැඩි වෙන තරමට විචිත්‍රවත් බව වැඩිවෙන එක. මේ සාකච්ඡාවෙ විචිත්‍රවත් බව නැත්තෙ ඒකයි, මට හිතෙන විදිහට...ඒ කියන්නෙ "පරස්පරතාවය" අඩුයි...
ReplyDeleteමේ නංගිට තියෙන පෞර්ෂ්‍ය විසින් ඇයව සයිබර් අවකාශයේ වීරවරියක් කරලා.ඇය වගේම මේ සටහන ලියන මමත් රත්තරන් හැන්දෙන් කිරි බීල සේද යහන් වල නැලවිච්ච අය නෙමේ...නමුත් මේ රටේ ප්‍රගතිශීලී, මානවවාදී ආණ්ඩු විසින් 'රැක ගත යුතු' යැයි මූලික තැනෙහි ලා සැලකූ නිදහස් අධ්‍යාපනයට පින් සිදු වන්නට මමද ඔය කියන සරසවියට ගොඩ වැදුනෙමි... නික්මුනෙමි...
මම ඇතුලු වන විට ඊනියා 'අමානුෂික නවක වදය' එහි විය. මට එය ප්‍රතික්ෂේප කිරීමට තරම් පෞර්ෂයක් නොවීය. ඒ සරසවිය තුල මට තිබූ බැඳීම් නිසා වන්නට ඇත. නමුත් මෙම සටහන තබන මේ මොහොතේ ඒ සියලුම වගකීම් වලින් හා බැඳීම් වලින් මා නිදහස්ය. ස්වාධීනය. අදද මට ඇයට ඇති "පෞර්ෂය" නැත. ඒ මා එම ඊනියා "අමානුෂික නවක වදය" ප්‍රථ්‍යක්ෂ්‍යයෙන් අවබෝධ කර ගත් බැවිනි. ඒ තුල සමානාත්මතාවය අරමුණු කරගත්,කේන්ද්‍රීය වූ බොහෝ සාධනීය ලක්ෂණ ඇති බව ඉන්ද්‍රීයන්ට ගෝචර වන ලෙස ප්‍රත්‍යක්ෂ්‍ය කර ගතිමි.
ඇය හා ඇගේ "අල කල්ලිය" මවා පෙන්වන නවක වදයේ "මහා බිල්ලා" දුටු හෝ අතගා අල්ලා බැලූ කිසිවකුත් නැත. මෙහි පසු සටහන් තබා ඇති සියල්ලන්ම "දීප්ගේ අනං මනං ලෝකයෙහි" මවා පෙන්වා ඇති ගජ බින්න "බිල්ලා" දැක භීතියෙන් සන්ත්‍රාසයට පත්ව ඇත. මොවුහු ඊනියා අමානුෂික නවක වදය පිලිබඳව, 87-89 යුගයෙහි වධකාගාරයක චිත්ත රූප මවමින් පාඨකයා නොමඟ යවති.
මොවුන්ට මා හඳුනා ගත් ප්‍රධාන ගැටලු දෙකක් ඇත.
...1)...අල සාම්පලයක් ගත් කල සාම්පලයෙහි අති මහත් බහුතරය අග නාගරික ඉහල පන්තිය සතුවන ජීවන විලාශයන්ට උරුමකම් ඇත්තෝය. අනුපූරක සාම්පලය හද්දා පිටිසර ගමක හේනක පැල් රකින ගොවියකුගේ හෝ දහදිය වගුරන කම්කරුවකුගේ දරුවන්ගෙන් හෙබිය(ඔවුන් පවසන පරිදි "වනචර" සාම්පලය ). එම වනචර සාම්පලය සතු වන "සාමූහිකත්වය", "සම්මුතිය", "සමානාත්මතාවය කෙරෙහි දක්වන නැඹුරුව" වැනි සුවිශේෂී "අමු" ගුණාංගකෙරෙහි දක්වන ප්‍රතිවිරෝධය හා ඒ තුලින් ඔවුන්ට සරසවිය තුල අහිමි වන වරප්‍රසාද දිනා ගැනීම සඳහා එම උතුම් මානුෂීය ගුණාංග තුලට අනුගත වීමට ඇති අපහසුතාවය.
...2)...වසරින් වසර පහල බසින සාමාජික පිරිස (සංඛ්‍යාත්මකව හා ප්‍රතිශතයක් ලෙස ). සුපැදිලිම හා සමීපතම උදාහරණය ඉංජිනේරු පීඨය - පේරාදෙනිය.(අභියෝගය : අවසාන වසර 5 තුල ඒ ඒ කණ්ඩායමට අයත් පිරිසේ සත්‍ය හා නිවැරදි ප්‍රමාණයන් ඉදිරිපත් කිරීම.....සැ:යු: සුපුරුදු පරිදි තම මතවාදය වෙනුවෙන් ව්‍යාජ දත්ත ඉදිරිපත් නොකරන්න. )
මොවුන්ගේ මෙම අර්ථ දැක්වීම් වලට අනුව මෙම ඉතා සුළුතරය සරසවි මාතාවගේ සුජාත දූ පුතුන්ය. අතිරික්ත අති මහත් බහුතරය අවජාතකයින්ය. මුහුදෙහි රැල්ල පෑගීමට පමණක් කොළඹ පැමිණ ඇති මෙම අල නොවන ගෝත්‍රික, අවිචාරවත්, අශ්ෂීල පිරිස පන්නා දමා මෙම පින් බිමෙහි සුජාත භාවය රැක ගත යුතුය. තවද ඔබ වැන්නවුන්ට ඔබේ පින් බිම තුල වන, නිදහස් අධ්‍යාපනයේ අයිතිය රැක දීම සඳහා තම ලේ, දහඩිය ,කඳුලු , උපාධිය හා අවසන තම ජීවිතයද පුද කල විරුවන්ගේ සිහිවටනද බිමට සමතලා කොට, එම ප්‍රේත කුම්භාණ්ඩයින්ද බලි තොවිල් නටා පන්නා දැමිය යුතුය.
සමහර දේට දිය හැකි හොඳම පිලිතුර "නිහඬතාවයයි"....ඔබේ ප්‍රතිවිරුද්ධ කඳවුර ඔබට ලබා දෙන්නේ එම පිලිතුර බව හා එම නිහඬතාවය ඔබේ මතවාදයේ ජයග්‍රහනය නොවන බව ඔබ වටහා ගත යුතුය.
අවසාන වශයෙන් මම ඔබට අභියෝගයක් කරමි. ඊනියා අමානුෂික නවක වදය ඔබට අද ආයුධයකි. ඒ තුලින් ඔබ සුජාත වී ඇත. ඔබට අනුව, ආතමය කෙලෙසා ගත් ඔබේ බහුතර පරිවාර සරසවි ප්‍රජාව අතර ඔබ වීරවරියකි. විහාර මහා දේවියකි.
ඔබේ ආයුධය, ඉතා දිගු සරසවි දිවියේ නොසලකා හැරිය හැකි තරම් කුඩා කාලයක් නියෝජනය කරනු ලබයි. ඔබේ "පරමාදර්ශී" සරසවි දිවියේ ඉතිරි සංවර්ධනාත්මක හා ගුණාත්මක කාල පරිච්චේදය පිලිබඳ සන්සන්දනාත්මක විචාරයක් ඉදිරිපත් කරන ලෙස මම ඔබට අභියෝග කරමි. (කරුණාකර ආත්ම වංචාවෙන් හා බොරුවෙන් වැලකී සරසවි ශිෂ්‍යාවක ලෙස හෝ ඔබේ කඳවුරේ ඊනියා අභිමානය රැක ගන්නා ලෙස ඉල්ලා සිටිමි. )
ප : ලි : "බත් කන මිනිහාට ඊර්ෂ්‍යා නොකරන මෙන් කැඳ බොන ඉන්ද්‍රීය ගෝචර ප්‍රත්‍යක්ෂ්‍යතවය ලබා ගැනීමට නොහැකිව පසු වදන් ඉදිරිපත් කලවුන්ගෙන් ඉල්ලා සිටිමි"
@ වම් ඉවුර | WAM IVURA
ReplyDeleteඒක තමා. මේ අලයො පට්ටපල් බොරු නෙ කියන්නේ රැග අමානුෂිකයි කියල.
ඉතින් ඔබතුමාට පුලුවන් නේ රැගේ ඇත්ත තත්වය, ඒකේ තියෙන අති සුන්දර ජවනිකා, සහ විශේෂයෙන්ම රැග අත්‍යාවශ්‍ය දෙයක් වන්නේ මන්ද සහ එයින් සරසවි ශිෂ්‍යයාට, සරසවි පද්ධතියට සිදුවන යහපත් ප්‍රතිඵල ගැන බ්ලොග් සටහනක් ලියලා අපිව දැනුවත් කරන්න? අපිත් බොහොම කැමතියි ඒ කරුණු කාරණා දැනගන්න.
@ වම් ඉවුර | WAM IVURA
ReplyDeleteඔබ කියන්නාවූ විචිත්‍රත්වය මෙම සටහනට ඇතුලත් කිරීම සඳහා ඔබට දැනුදු ඉඩ ප්‍රස්තා
ඇත.ඉන්දරේ පවසන්නාක් මෙන් ඔබගේ අත්දැකීම් , රැගේ ඇති සාධණීය ලක්ශණ ප්‍රතිචාරයක්
ලෙස සඳහන් කරන්න. නිහඩතාවය යනු විචිත්‍රත්වය අඩු කරවන සාධකයක් නම් එය නැති කිරීම
ඔබට භාරය. චමිතගේ සටහනේ සිදු වූ ලෙස කුනුහරුප නොලිය මේ සම්බන්දයෙන් සංවාදයක
යෙදීමට මා කැමැති බැව් දන්වා සිටිමි.
"මම ඇතුලු වන විට ඊනියා 'අමානුෂික නවක වදය' එහි විය. මට එය ප්‍රතික්ෂේප කිරීමට තරම්
පෞර්ෂයක් නොවීය. ඒ සරසවිය තුල මට තිබූ බැඳීම් නිසා වන්නට ඇත. නමුත් මෙම සටහන
තබන මේ මොහොතේ ඒ සියලුම වගකීම් වලින් හා බැඳීම් වලින් මා නිදහස්ය. ස්වාධීනය. අදද
මට ඇයට ඇති "පෞර්ෂය" නැත."
ලෙස ඔබ පවසන්නේ නවක වදයට විරුද්ධ වුවත් එයට එරෙහි වීමට ඔබට ශක්තියක් නොමැති බැව්
නොවේද?
මුලදී රැග අති මානුෂික බව කියා පටන් ගෙන ඉන්පසු එයට විරුද්ධවීමට පෞර්ශයක් නැති බව
පවසන්නා වූ ඔබගේ ප්‍රතිචාරයේ මූලික අදහස කුමක්දැයි වටහා ගැනීම මේ වන තුරු මට වටහා
ගැනීමට නොහැක.
එසේම අල කල්ලිය මවාපෑ කිසි තොරතුරක් මෙහි අඩ්ංගු වී නැත. මා මෙහි දක්වා ඇති සිද්දිය වූ
දින එතැන සිටි මිතුරු මිතුරියන් අවශ්ය නම් පොලිසියට ගොස් කට උත්තර දීමට පවා සූදානම් වූ බව
පවසනු කැමැත්තෙමි. මෙහි කියන සිදිදිය හුදු මවා පෑමක් බව ඔබ පවසන්නේ නම් යුක්ති ශිෂ්‍යයා
පත්තරයට කියා තිබූ සිද්ධියද බොරු මවා පෑමක් බව ඔබ පවසන්නේද?
ඔබ සදහන් කරනා පළමු ගැටලුවට
"බැච් ෆිට් එක යනු කරදරයක් සිදු වූ විට එකට සිටීමයි. මළ ගෙදරක් සිදුවූ විට සැවොම එකා
මෙන් ඒ සඳහා උදව් කිරීමයි. කෙටියෙන් කිවොත් අර වටු කුරුළු රංචුව මෙන් එකට පියාඹා
ගොස් වැද්දාට පාඩමක් ඉගැන්වීමයි.සැවොම එකා මෙන් සිටීමයි. අප අතරද බැච් ෆිට් එකක්
ඇත. එසේම ප්‍රශ්ණ, ගැටලු පැන නගින අවස්ථාද නැතුවාම නොවේ, මන්ද අප සියලු දෙනාම
රාග, මෝහ දුරු කොට රහත් වී සරසවියට නොපැමිණි නිසා වෙනි. අනෙක් අතට,අනෙකාට
උදව් කිරීම අපගේ ලේ මස් වල කිඳා බැස ඇති ශ්‍රී ලාංකික ගතියක් නිසා අල වුනත් වල වුනත්
කරදරයක් වූ විට අනෙකාගේ උදව් වචනයකින් හෝ අපට ලැබේ.එය හොඳටම ඇතිය. නමුත්
අලයන් සුලුතරයක් නිසා ඔවුන්ට කරදරයකදී පිහිට වීමට සිටිනා පිරිස අඩු බව රැගට පක්ශපාතී පිරිස්
පවසනු නියතය. එය සැබෑවකි. 600, 700ක සිසු පිරිසකට සාපේක්ශව 100ක් 150ක්
යනු ඉතාම සුලු පිරිසක් බව මා පිළිගනිමි. මූණු පොතේ 1000ක් හමාරක් වන මිතුරු
මිතුරියන්ගෙන් ඔබේ සැබෑ මිතුරන් සිටින්නේ කීයෙන් කීදෙනාද? ඔබගෙන් ඒ පිළිබඳව මට
ඇසීමට ඇත්තේ එපමණකි"
ලෙස මා බ්ලොග් සටහනෙන්ම ප්‍රතිචාර දක්වා ඇති නිසා නැවත ඒ ගැන සඳහන් නොකරමි.
රැගට විරුද්ධ ඉන්ජිනේරු සිසු සිසුවියන් ගැන සංක්යා ලේඛන ඉදිරිපත් කිරීමට මට නොහැක්කේ
මා ඉංජිනේරු පීඨ සිසුවියක් නොවන බැව් මතක් කරන අතරම මෙවර අප පීඨයේ පමනක් අල සිසු
සිසුවියන් 90ක් පමණ සිටින බැව් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි. පසුගිය වර එය සිසුන් 75ක්
80ක් පමණ විය.
තවද ඔබ විරුවන් හෙලූ කඳුලු සහ ඔවුන්ගේ ජීවිත පිලිබඳ මා කිසි තැනක අවමානයෙන් කතා කර නොමැති බැව් මතක් කරනු කැමැත්තෙමි. මා විරුද්ධ වන්නේ අමානුශික රැගට පමනක් වන අතර සම සෞඛ්‍ය සිසුන්ට සාධාරණයක් ඉශ්ඨ කිරීමට කරනා උද්ගෝශන සඳහා නොවේ
meka gana comment 1 k dannama hitune me dawaswala mamath oya rag gataluwata moona dena nisa.sathiyai giye oya wagema maha jara katha godak kan dekata ahaganna labuna.mata hithune e wadihiti sahodarayanta akkala,nangila nathuwa athi kiyala. 1 ganu lamayekwa wata karagana 20 k withara wqadihiti sahodarayo e wage maha jara dewal kiyaddi iwasagana inne kohomada? adanawa arenna wena deyak mata kara ganna bari una...eda idan thamath mama uni giye na....gedara amma thatha nathiwa aduranne nathi thanaka thani wela innakota e wage dewal daraganna ganu lamayekuta ba..adatath ammatawath kiwweth na.eth ada hetama ayeth mata yanna wenawa kiyala hitheddi danena baya gana kiyanna wachchana na...mage uni 1 oyala wage rag walata wiruddda aya nadda koheda?
ReplyDeletegood post
ReplyDeletemage akka pera gihin davas 2y enna be kiyala apahu gedara ava.dan eya gedara enne pissu vatichchavage.eya AL valata kapu katta mama dannava.ehema karalath eke result 1ka
ReplyDeleteme vageda??? rag eka nodi enna kiyala mama kiyanne ne..kunuhabba kiwwata kamakuth ne(kiwwa kiyala mukuth venne ne)habai katha deval karana 1ka varadei....methana e vage rag dena vage 1kuth comment dala tiyenava..
HABAI ETHIN UMBALA HAMA 1KUTAMA HONDAK VENNE NE...HAMA 1KAMA MARENNA ONA WATHURA PODAK NATHUVA..
UNTA KAWADAK HAARI SHAAPA VENAVA ME KARAANA KATHA VADA VALATA
වම් ඉවුර අංකල්ගෙ ගොං තෙල් තාමත් හිඳිල නෑ වගේ පේන්නෙ. දුකයි අහන්නත්.... හැබැයි ඕව තව ටික කාලයයි තියෙන්නෙ. ලඟදිම හොද විසඳුම් හම්බේවි..
ReplyDeleteI'm so shocked. I really didn't think that it was still so bad in Sri Lankan universities.
ReplyDeleteI'm really impressed by Deeps attitude to the whole rotten thing. I'm sure you will have a successful life and career after your studies. The majority of the Welayos will be unemployed or under-employed and they know their lives will be miserable. That's why they hate you so much.
I think they should reduce the amount of people from Wela socio-economic backgrounds coming to universities. Not cut them off completely of course, but certainly reduce it.
මටනම් ඔයවගේ රැග් ගැන අත්දැකීමක්නම් නැහැ. අපේ ෆැකල්ටි එකේ රැග් එක කියල තිබුනෙ සිංදුකියන්න, රඟපාන්න දෙන එක. (රැග් කියන වචනයවත් ඒකට යොදන්න හොඳ නැහැ ඇත්තටම. ඒක නිකම්ම සුහදතාවය වර්ධනය කිරීමක්.)
ReplyDeleteඇත්තටම එහෙම දෙයක් තිබුන එක ගැන මමනම් කැමතියි. (අපේනම් කවුරුවත් අකමැති නැතුව ඇති. කට්ටියම සිංදු කියල ආතල් ගැනීමක් තමයි තිබුනෙ.)
ඒකාලෙ ඉතාම සුන්දර කාලයක්. අයියල, අක්කල අපිට ගොඩක් දේවල් කියල දුන්න. (පාඩම් කරන්න, පොදු වැඩවලට සහභාගී වෙන්න වගේ දේවල්...)
අපේ ෆැකල්ටි එකේ දේශපාලනය පොඩ්ඩක්වත් නැහැ. (අඩුගානෙ ඡන්දයක්වත් නැහැ ශිෂ්‍ය සභාව පත් කරන්න ) මමනම් හිතන්නෙ ගොඩාක් ප්‍රශ්ණ ඇතිවෙන්නෙ විශ්ව විද්‍යාලතුලට දේශපාලනය ආවම...
මම මේක කිව්වෙ හැම කැම්පස් එකකම තත්වය ඕකද කියල කට්ටියට හිතෙන නිසා...
This comment has been removed by the author.
ReplyDeleteමෙම නවක වදය නම් වූ පිලිලය සරසවියෙන් නෙරපීමමමට අපි සැවොම එක්වන්ට ඕන.ඔබ මෙතන පෙන්වාදුන් වාචික මට්ටමේ අපයෝජන වලටත් වඩා බොහෝ අප්‍රසන්න දේ සිදුවන බව සරසවි සිසුන් වන අපට රහසක් නොවෙයි!
ReplyDeleteබොහෝ දෙනෙක් හිතනව ඇති, නවක වධයට විරුද්ධ කණ්ඩායම් මෙම පා දඩ සංස්කෘතියට අභියෝග කරන්නෙ කොහොමද කියල, මෙන්න් ඒකට සුලු පිලිතුරක්!
http://www.youtube.com/watch?v=emQAMFNFob8
මේ තියෙන්නෙ ජෙප්පන්ගෙ වීරක්‍රියා....
ReplyDeleteමේ උගත් ත්‍රස්තවාදීන් මර්දනය කරන්න රජය LTTE මර්දනය කරන්න ගත් ක්‍රියාමාර්ගයම ගත යුතුයි. දැන් ඉවසුවා ඇති!
http://ravindasenarath.blogspot.com/2010/02/blog-post_14.html
http://www.facebook.com/group.php?gid=308020459442
නවක වදය නිසා අඳුරු වුණු ජීවිත මිස සැපවත් වුනු ජීවිත නැත.වද දෙන්නා තම් කාලය නසා තමාද නැසේ.වද විඳින්නා ව්දෙන් තම මනස පුරවාගෙන එයින්ම මානසිකව නැසේ.එදා මේවා ඇරඹුනේ කලු සුද්දන්ට විරුද්ධවයි.අද එය පවත්වාගෙන යන්නේ අග මුල නොදැනයි.කොන්ද ඇති අලයන්ට හෝ අලිච්චියන්ට යොදන ඔය පදයම ඔවුන් කලු සුද්දන් බව හැඟවීමක්.එහෙත් දීපා ඔයාලගෙ වෑයම හරියට හරිද කියල විවාදයක් නැහැ.කොතැනින් ඇරඹුනත් නවක වදය වෙනුවට නවක සොඳුරු සංසදයක් බිහිවෙවා..
ReplyDeleteඅපිටනම් මේවා බරපතල වැඩී
ReplyDeleteඅපි www.sriwow.info
පොඩ්ඩක් කව්රු හරි මට කියලා දෙනවද, මම හිත හදාගෙන මගේ නංගිවත් campus යවන්නේ කොහොමද කියලා....
ReplyDeleteඅඩේ නගා... බ්ලොග් ලියන්නේ නැතෙයි... ? එක්කෝ අලුත් එකක්වත් පටං අරන් ලියනවා නං අපිටත් කියහං. සද්දයක් නැති නිසයි බැලුවේ... :)
ReplyDeleteAdatath Hariyatama nowisudunu prashanayak!! Pahath athdakeem rasakata oba muhunu dun widiyanam wishishtai!!
ReplyDeleteනවක වදයට විරුද්ධ වෙලා මට වෙන්න ඕන ඔක්කොම දේවල් වුනා.. හැබැයි අද සතුටුයි අපි කරපු දේවල් වල ප්‍රථිපල තියෙන නිසා..
ReplyDeletehttp://sirakaruwa.blogspot.com/
මේකේ තියෙනවා ඒ තිත්ත කතාව
ඩීප්, නිස්සද්දව හිටි කාලේ දැන් හොඳටෝම ඇති නේද ?
ReplyDeleteආයේ මොකුත් ලියන්නේ කවද්ද?
බොහොම අගය කරනවා ධෛර්යය හදවතින්ම !මේවා බොරු නෙමේ ඇත්තම සිද්ධි..මම මේ ගැන වාද කරන්නනම් වැඩිය කැමති නෑ හේතු කීපයක් හින්දා. ඒත් මම වැරදි දේ වැරදි විදිහට දකිනවා. ලිපි හොයාගන්න පහසුවට ලේබල් කරනවා වගේ මිනිස්සු ලේබල් කරනවාට මම තරයේම විරුද්ධයි. අපි කළ යුත්තේ හැම මිනිහගෙම තියන වෙනස්කම් දැකලා ඒවා කෙරේ තරහින් ඉරිසියාවෙන් නොසිට හැමෝම සමග සහයෝගයෙන් ඉන්න උත්සාහ කරන එක විනා අපේ මතයට හැමෝම ගේන එක නෙමේ. මේ ලෝකෙ ඉන්න කිසිම දෙන්නෙක් සමාන නැහැ.නැවතත් අගය කරනවා එදා සිද්ධියට මුහුණ දීපු ආකරය, තවත් බොහොම සිද්ධි ඇති ඒවායිනුත් නොපසුබටව ඉන්න එක ගැනත්, විශේෂයෙන්ම මේ ලිපිය මේ විදිහට පළ කරන්න නිර්භීත වෙච්ච එක ගැන.
ReplyDeleteබොහොම අගය කරනවා ධෛර්යය හදවතින්ම !
ReplyDeleteමේවා බොරු නෙමේ ඇත්තම සිද්ධි..
මම මේ ගැන වාද කරන්නනම් වැඩිය කැමති නෑ හේතු කීපයක් හින්දා. ඒත් මම වැරදි දේ වැරදි විදිහට දකිනවා. ලිපි හොයාගන්න පහසුවට ලේබල් කරනවා වගේ මිනිස්සු ලේබල් කරනවාට මම තරයේම විරුද්ධයි. අපි කළ යුත්තේ හැම මිනිහගෙම තියන වෙනස්කම් දැකලා ඒවා කෙරේ තරහින් ඉරිසියාවෙන් නොසිට හැමෝම සමග සහයෝගයෙන් ඉන්න උත්සාහ කරන එක විනා අපේ මතයට හැමෝම ගේන එක නෙමේ. මේ ලෝකෙ ඉන්න කිසිම දෙන්නෙක් සමාන නැහැ.
නැවතත් අගය කරනවා එදා සිද්ධියට මුහුණ දීපු ආකරය, තවත් බොහොම සිද්ධි ඇති ඒවායිනුත් නොපසුබටව ඉන්න එක ගැනත්, විශේෂයෙන්ම මේ ලිපිය මේ විදිහට පළ කරන්න නිර්භීත වෙච්ච එක ගැන.
හ්ම්ම් ලේබල් කරන වැඩේ නම් වැරදියි. පිලිගන්නවා...ස්තුතියි කමෙන්ට් එකට
ReplyDeleteReally Deeps, I never knew the whole story. I am so sorry that you and our dear friends had to go through something so disgusting. Anyways, congrats. As always, your post is objectively and fabulously written. I'm so glad I'm an anti-ragger. I might have needed shock-therapy if I ever had to go through an experience like that during my uni life. Can't really understand how the poor raggers are able to go through such cardiac-arrest-inducing situations on a daily basis. So, I can whole-heartedly say,Viva Anti-Raggers!!!
ReplyDeleteමකභාවය දැන් සැසදෙන්නේ ඇවිදින ඇටසැකිලි සිටින අප්‍රිකාවේ අසාර්ථක රජයන්ගේ අධ්‍යාපනික ආයතන වලට සාපේක්ෂවය. ලංකාවේ උසස් අධ්‍යාපනය බේරා ගැනීමට පොරමඩුල්ලේ එස්බියාවත් , අන්තරේ හීනමාන චාටර්කාරයන්වත් , තුන්වේල යහමින් කා කිරෙන් අත සෝදාගන්න නාමල් බෙබිවත් එන්නේ නැත. ලංකාවේ උසස් අධ්‍යාපනය උසස් මට්ටමකට ගෙන ආ හැක්කේ එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට පමණි. පිකටින් යාම, දේශපාලන පක්ෂ වලට කඩේ යාම, පර පිඩක ආතල් එකෙන් නවක වදය දීම, ලිංගික අතවර කිරීම මේ සෑම දෙයක්ම කරන මොවුන් කරන නමුත් නොකරන එකම දෙය හරි හැටි අධ්‍යාපනයේ නියැලීම පමණි.
ReplyDeleteනරඹන්න කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් පොලු පිහි අතැතිව උසස් අධ්‍යාපනයේ නියැලෙන අයුරු (කොහොමද ලී කෙලි සෙල්ලම සහ පිහිය? කොහොමද ඩිග්‍රිය කරනකම් සිවුර පටලවාගෙන පිරිවෙනෙන් පිනට ලඩා ගහගෙන පින් බත් කෙලින ගරුතර සංගරත්නය හැසිරෙන හැටි ) http://www.youtube.com/watch?v=lfxrReGbYNU
මෙන්න රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පිකටින් කරන හැටි (අයියලා එන්න කීවාම යන්න ඕනේ , නැත්තනම් පෝරියල් තමයි)
http://www.youtube.com/watch?v=eIyVk3pRwKk&feature=related
මෙන්න අර නලින් ද සිල්වා සීයා නිතර කියන ගර්හිත ජරාජීර්ණ බටහිර (ඇමරිකාවේ ) විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා ලංකාවේ ළමයි සාමකාමිව උත්සවයක් සමරන හැටි. (පේනවද මුන් කොකා කෝලද මොනවාද බොන හැටි , ඕවා ඉස්සර කොළඹ විශ්ව විද්‍යාලයේ බොන්න තහනම් ) http://www.youtube.com/watch?v=ri0erYYQ5dE
දැන් ඉතින් මේවා වලට ඉරිසියා නොවී එක්කෝ උඹලගේ හරක් මඩු ටික හොඳ තත්වයකට අරගෙන වරෙල්ලා නැත්නම් ලබන ආත්මෙවත් උඹලා දැන් ඉන්න වදකාගාර වලට යන්න නොලැබී මේ වගේ එල තැන වල උසස් අධ්‍යාපනයේ දීමට හැකි වේවා කියා කටපුරා සාදුකාරයක් දීපන්. මීට සුදු සීයා