එක් දෙයකට පමණක් සීමා නොවී විවිධාකාර හැකියාවන් තිබීම සහ ඕනෑම දෙයක් ඉක්මනින් ඉගෙන ගෙන අදාළ කාර්යයේ හොදින් නිරත වීමට ඇති හැකියාව නිසාම සමහරු තමන්ගේ නියම හැකියාව ප්‍රයෝජනට ගන්නේ නැහැ. තවත් සමහරුන් ඕනෙවටත් වඩා වැඩ කරනවා.
උදාහරණයක් ලෙස අපි ගනිමු වෙබ් අඩවි නිර්මාණ කරුවෙක්. ඔහු ආයතනයේ වැඩට බඳවා ගන්නේ වෙබ් අඩවි නිර්මාණය කරන්නට පමණක් වුනත් කාලයක් යද්දී ඔහුගේ දක්ෂතාවය නිසා ආයතනයේ සමාජ ජාල අලෙවි කරුවා ලෙසත් වැඩ කිරීමට පටන් ගනීවි. ඔහු වෙබ් අඩවි නිර්මාණය සහ සමාජ ජාල තුල ආයතනය ප්‍රචලිත කිරීම යන කාර්යයන් දෙකම ඉටු කලත් බොහෝ විට ඔහුට ලැබෙන්නේ වෙබ් අඩවි නිර්මාණකරුගේ පඩිය පමණක් වෙන්නට පුළුවන්. වෙනත් වචන වලින් කියනවා නම් ඔහු "ඕනෙවට වැඩ වැඩ කරන කෙනෙක්" තවත් සමහරුන්ට ඔහු "එක වැඩක්වත් හරියට නොකරන කෙනෙක්" වෙන්නත් පුළුවන්.
මේ සිද්ධිය බොහොම පහසුවෙන් පියවර හතරකින් දක්වන්න පුළුවන්.
- වැඩ කරන්න පුළුවන් කෙනා තමන්ට පැවරෙන සියලු කාර්යයන් නිවැරදිව ඉටු කිරීමට වෙහෙසෙනවා. නොදන්නා දේවල් අලුතින් ඉගෙන ගෙන හෝ තම කාර්යය නිමා කිරීම ඔවුන්ගේ සිරිතයි.
- මෙය දකින අනෙක් ඇය සිතන්නේ ඔහු/ඇය දක්ෂයෙක් බවයි. දක්ෂයෙක් වීම නිසා ආයතනයේ බොහෝ කටයුතු ඔහු/ඇය ලවා කරවා ගැනීමට ආයතන ප්‍රධානීන් කටයුතු කරනවා.
- ටික කලක් ගත වන විට ආයතනයට නැතිවම බැරි පුද්ගලයෙක් බවට ඔහු/ඇය පත් වෙනවා. තම රාජකාරිය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති වුවත් අනෙක් අය බොහෝ විට උපදෙස් පතන්නේ ඔහුගෙන්/ඇයගෙන්.
- කාලයක් යද්දී එකිනෙකට වෙනස් ව්‍යාපෘති ගණනාවක ඔහු/ඇය වැඩ කරන්නට පටන් ගනිවී. නමුත් ඔහුගේ සැබෑ දක්ෂතාවය, එහෙම නැත්තම් ඔහුට වඩාත්ම හොඳින් කරන්න පුළුවන් දෙය මේ ව්‍යාපෘති අතර නොතිබෙන්නටත් ඉඩ තිබෙනවා. එවිට දක්ෂයා ඔහුගේ රැකියාව ගැන සතුටු වෙන්නේ නැහැ. ආයතනය ඔහුගෙන් නියම ප්‍රයෝජනය ගන්නේ නැහැ. සරලව කියනවා නම් ආයතනය සහ සේවකයා යන දෙදෙනාම අසතුටින්.
සේවකයා විශාල රාජකාරියක් ආයතනය වෙනුවෙන් ඉටු කලත් ඔහුට රැකියාවේ ඉහළට යන්නට අමාරුයි. ටෙන්ට් එකක් හදද්දී වැඩි උසක් ඇති රිටක් භාවිතා කලොත් අපිට පුළුවන් වඩාත් උස සහ ඉඩ තියෙන ටෙන්ට් එකක් නිර්මාණය කරන්න. එකම උස ඇති මිටි රිටවල් 10 ක් 20 ක් පාවිච්චි කලත් ටෙන්ට් එක තුල ඇති ඉඩ වැඩි වෙන්නේ නැහැ.
අපි ළඟ තියෙන හැකියාවන්ගෙන් අපගේ රැකියාවට සහ අපගේ ජීවිතයට වැඩිම බලපෑමක් කිරීමට හැකිදෙය සොයාගෙන ඒ ඔස්සේ ඉදිරියට යෑම තුලින් ඉක්මනින් රැකියාවේ ඉහළට යාමට අපට හැකියාව තිබෙනවා. උස රිටක් භාවිතා කරලා වඩාත් ඉඩ කඩ තියන ටෙන්ට් එකක් හදාගන්නවා වගේ, අපිට හොඳින්ම, ආසාවෙන්ම සහ ආයතනයට වඩාත්ම වැදගත් දෙය කිරීම තුලින් ඉක්මනින් ඉදිරියට යන්න අපිට පුළුවන්.
අපගේ පහසුව සඳහා අපි ඒ දෙය හඳුන්වමු අපගේ "ප්‍රබලම දායකත්ව ලක්ෂ්‍යය" [highest point of contribution]ලෙස. අපගේ ප්‍රබලම දායකත්වය රාජකාරියට ලබා දීමෙන් රැකියාව සහ ආයතනය තුලින් ඉතා පහසුවෙන් ඉදිරියට යෑමට හැකි වෙනවා වගේම සේවකයෙක් වශයෙන් සතුටට පත්වීමටත් අපිට පුළුවන්.
අපගේ පහසුව සඳහා අපි ඒ දෙය හඳුන්වමු අපගේ "ප්‍රබලම දායකත්ව ලක්ෂ්‍යය" [highest point of contribution]ලෙස. අපගේ ප්‍රබලම දායකත්වය රාජකාරියට ලබා දීමෙන් රැකියාව සහ ආයතනය තුලින් ඉතා පහසුවෙන් ඉදිරියට යෑමට හැකි වෙනවා වගේම සේවකයෙක් වශයෙන් සතුටට පත්වීමටත් අපිට පුළුවන්.
ඉතින් කොහොමද අපේ ප්‍රබලම දායකත්ව ලක්ෂ්‍යය සොයා ගන්නේ?
වෙන් රූප සටහනකින් මෙය ඉතා සරලව පෙන්වන්නට පුළුවන්. අපගේ දක්ෂතාවය,ආශාව සහ වෙළඳපොල ඉල්ලුම යන සාධක තුන අතර යම්කිසි පොදු දෙයක් තිබේ නම් එය අපගේ ප්‍රබලම දායකත්ව ලක්ෂ්‍යයයි. ඒ ඔස්සේ ඉදිරියට යෑම තුලින් ඉතා පහසුවෙන් සාර්ථකත්වය කරා ලඟා වෙන්නට අපට පුලුවන්.
ප්‍රබලම දායකත්ව ලක්ෂ්‍යය ඔස්සේ ඉදිරියට යෑම තුලින් අපගේ දක්ෂතා සහ හැකියාවන් සීමිත වෙන බව කෙනෙකුට සිතෙන්නට පුළුවන්. නමුත් මා සිතන්නේ මේ ගැන දැනගෙන සිටීම තුලින් අප අතින් වෙන විශාල වැරදි ප්‍රමාණයක් සහ සිත රිදවීම් ප්‍රමාණයක් අඩු කරගන්න හැකි බවයි.
උදාහරණක් ලෙස ආයතනයක විශාල වැඩ රාජකාරියක් ඉටු කලත් උසස් වීමක් හෝ පඩි වැඩිවීමක් නොමැතිව පසු තැවෙන සේවකයෙක් ගැන සිතමු. ඔහු මේ සංකල්පය ගැන දන සිටියා නම් ඔහු පසු තැවෙන්නේ නැහැ. එවිට ඔහු දන්නවා වැඩ වැඩියෙන් කිරීමට වඩා ප්‍රබලම දායකත්ව ලක්ෂ්‍යය ඔස්සේ ඉදිරියට යෑම වඩාත් ප්‍රථිපල දායක බව. ඒ නිසා අලුත් රාජකාරියක් බාරගන්නා විට ඔහුට පුළුවන් එහි ප්‍රථිපල කලින්ම දැනගන්න.
රාජකාරිය ඔහුගේ ප්‍රබලම දායකත්ව ලක්ෂ්‍යය හරහා යනවා නම් පඩි වැඩි වීම්, උසස් වීම් ලැබෙන්නට පුළුවන්. රාජකාරිය ප්‍රබලම දායකත්ව ලක්ෂ්‍යය හරහා නොයන්නේ නම් ඔහු දන්න්නවා පඩි වැඩි වීම් ආදිය බලාපොරොත්තු විය නොහැකි බව. අවසානයේ සත්‍යය අවබෝධය කරගත් සේවකයෙක් බිහිවීම තුලින් සිත් රිදවීම්, පසු තැවීම් අඩු වෙන්න පුළුවන්.
ඔබගේ ප්‍රබලම දායකත්ව ලක්ෂ්‍යය ගැන සිතීමට දැන් කාලයයි. ඒ ගැන නොසිතීම ඔබගේ රැකියාව සම්බන්ධයෙන් ඔබ කර ඇති ලොකුම වරද විය හැකියි.
ප්‍රතිචාර හරහා තවත් කතා කරමු.
ලිපිය සඳහා අදහස් ලබා ගත්තේ :