Wednesday, December 19, 2012

වැඩ බැරි ලොක්කෙක් වීමට පළමු සුදුසුකම දක්ෂයෙක් වීමයි


ඔබටත් වැඩ බැරි ලොක්කෙක් වීමට අවශ්‍යද?


හරිම පහසුයි. මාතෘකාවෙන් කියැවෙන පලවෙනි සුදුසු කම ඔබට තිබේ නම් පියවර 
පියවර 15 කින් හෝ ඊට අඩු ගණනකින්  වැඩ බැරි ලොක්කෙක් වෙන්න පුළුවන්.



  1. තමන්ට පවරන වැඩ රාජකාරි අකුරටම ඉටු කරන්න.
  2. ප්‍රධානියාගේ අවධානය තමා වෙත යොමු කරගන්න.
  3. ටික දවසකින් වගකීම් වැඩි පුර ලැබේවි.
  4. අලුතින් පැවරුණු රාජකාරියත් නිවැරදිව ඉටු කරන්න.
  5. නොදන්නා දෙයක් ඇත්නම් එය ඉගෙන ගන්න.
  6. තවත් වගකීම් ගොන්නක් ඔබට ලැබේවි.
  7. උනන්දුවෙන් එම වගකීම් ඉටු කරන්න.
  8. දැන් ඔබට ලැබේවි උසස්වීමක්.
  9. උසස්වීම සමඟ ලැබෙන අලුත් වගකීම් සාර්ථකව ඉටු කරන්න.
  10. ටික දවසකින් අලුත් උසස්වීමක්.
  11. දැන් මම ලොක්කෙක් කියා සිතන්න.
  12. තමන්ට පැවරෙන රාජකාරි තමන් යටතේ සිටිනා සේවකයින්ගෙන් ඉටු කරගන්න.
  13. අලුතින් දේවල් ඉගෙන ගැනීමට දැන් ඔබට අවශ්‍ය නැහැ.
  14. ඔබ යටතේ සිටින සේවකයින්ලවා සියලුම දේවල් කරවා ගන්න,හැකි නම් ඔවුන්ව  අලුත් දේවල් ඉගෙන ගැනීමට උනන්දු කරවන්න. 
  15. අවුරුද්දක් දෙකක් එසේ ගත කරන්න.

දැන් ඔබ සාර්ථක ලෙස වැඩ බැරි ලොක්කෙක්!



වෙනත් විදියකට කියනවා නම් අපිට ඉහලට යන්න පුළුවන් සීමාවක් තියනවා. එක සීමාවකට පැමිණි පසු අප ඇතුල් වෙනවා වෙනත් සීමාවකට.

උදාහරණය : අලුතින් උපාධිය ලැබූ සිසුවෙක්  සහකාර  අලෙවිකරුවෙක් ලෙස රැකියාව ආරම්භ කරනවා. සහකාර  අලෙවිකරුවෙක් ලෙස යා හැකි උපරිම දුර ගමන් කරන ඔහු එම රැකියාවේ අවසාන සීමාවට පැමිණෙනවා. සහකාර අලෙවිකරු සීමාවෙන් එපිටට පනින ඔහු ඉන්පසු ඇතුල් වෙනවා අලෙවිකරුගේ සීමාවට.

මේ විදියට අපේ ජීවිතය සහ රැකියාව කියන්නේ එක් සීමාවකින්  තවත් සීමාවකට පනින පිම්මක්. එක් සීමාවක අන්තයට පැමිණි පසු නව සීමාවේ අන්තය දක්වා යෑමට නම් අලුත් දේවල් ඉගෙන ගැනීම, බිය නොමැතිව නව අභියෝග වලට මුහුණ දීම වැනි පුරුදු අප තුල ඇති කරගත යුතුයි. එසේ නොමැති නම් පෙර සීමාව කෙතරම් දක්ෂ ලෙස තරණය කලත් නව සීමාවේ අන්තය කරා යෑම අපට තරමක් අපහසු කාර්යයක් වේවි. එවිට එකතරා සීමාවක අපිට ඉබේම නවතින්නට සිදු වෙනවා.

ලොක්කට දැන් වැඩ බැරි වෙන්නෙත් ඔහු එක සීමාවකින් ඉදිරියට යෑමට නොහැකිව සිරවී සිටින නිසා වෙන්නට පුළුවන්. අද ඔහුට හෝ ඇයට වැඩ බැරි වුණත් අතීතයේදී ඔහු හෝ ඇය අති දක්ෂයෙක් වී තිබීමට ඇති ඉඩ කඩ ඉතාමත් වැඩියි.

පසු ලිවීම : ඇමතිලා, මාමලා නිසා ඉහළ යෑමද වැඩ බැරි ලොක්කෙක් වීමට ඇති තවත් එක් පහසු ක්‍රමයකි.  

ස්තුතිය : Peter Principal ගැන ප්‍රතිචාරයක සටහන් කළ කතන්දරට 

7 comments:

  1. තියොරිටිකලි මේව හරි ඇති..නමුත් ප්‍රාෙයා්ගික ලෝකෙට එනකොට මේ තියරි පොඩියක් වෙනස් වෙනවා..විසේසයෙන් ලංකාවෙදි..

    ReplyDelete
  2. මම දැකල තියන ගොඩක් ලොක්කන්ට මේ කතාව හරි. ඔවුන් නිකන්ම වැඩ බැරි අය නෙමෙයි. ලොක්කෙක් වෙන්න සිද්ධ වෙච්ච හින්දා වැඩ නොකර ඉඳලා මොට වෙච්ච අය :))

    ReplyDelete
  3. ඔව් ඔව් වෙනස් වෙන්න පුළුවන්.. ඒ වුනාට මට කියන්න අවශ්‍යය වුනේ මේ වගේ දේවලුත් වෙනවා කියලා විතරයි.

    ReplyDelete
  4. ඔය තියෙන්නේ උදාහරණ :)

    ReplyDelete
  5. පසුව ලිවිමට මං හො දටම එකඟයි...

    ReplyDelete
  6. හොඳ ලිපියක්. මගේ හැකියාවන් මොට වේවි කියල හිතෙන නිසා මම නම් ලොක්කෙක් වෙන්න අකමැතියි දැන්ම. හැබැයි අනෙක් අය වගේම මමත් මේ සීමාව පසු කර යා යුතුයි කවදා හරි.

    ඒ වගේම මේ ලිපියෙ සඳහන් නොවුණු පොඩි දේකුත් කියන්නම්. 12 වෙනි පියවරේදි කියන්නෙ "තමන්ට පැවරෙන රාජකාරි තමන් යටතේ සිටිනා සේවකයින්ගෙන් ඉටු කරගන්න." කියලා. මෙන්න මෙතනින් පස්සෙ ලොක්කා කාලයත් එක්ක වැඩ බැරි ලොක්කෙක් වෙනවා. නමුත්, ලොක්කෝ ටික අතරේ මේ මනුස්සයා ලොක්කෙක් නොවුණත් වැඩ පුළුවන් මනුස්සයෙක් හැටියට සැලකෙන්නත් පුළුවන්. හේතුව, ලොක්කෙකුගේ රාජකාරිය පොඩ්ඩන්ව වැඩ වල යෙදවීම (team allocation), නායකත්වය වගේ දේවල්. එතනදි ලොක්කා දක්ෂයෙක් වෙන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
  7. Deeps අක්කේ.... මරේ මරු......

    ReplyDelete