Thursday, June 18, 2009

වයිරසයක් හැදූ කෙනෙක් ඇල්ලුවෙමි

මේක රහස් පරීක්ෂක කතාවක් වගේ..කොහෙන් පටන් ගන්නද මන්දා. මාස 6ක් විතර අතීතෙට යන්න වෙනවා මුල ඉඳල කියන්න ගියොත්. අග ඉඳල කියන්න ගියොත් ගොඩක් අයට තේරෙන්නේ නැති වෙයි.අගින් පටන් ගත්තත් මුලින් පටන් ගත්තත් කතාව අවසාන වෙන්නේ මගේ කොම්පීතරට මීට මාස හය හතකට කලින් හදි කරපු වයිරසය හැදුව කෙනා මූණු පොතෙන් අල්ල ගන්න එකෙන්.

ශාකුන්තල අය්යාට, සදීප අය්යාට, ඉසුරු අය්යාට (අනේ මන්දා මෙහෙම කියල පුරුදුත් නෑ ) සහ අභීශ්ට (මෙයා ඉන්දියාවේ යාළුවෙක්, අඳුන ගත්තෙත් ඔය වයිරසේ හින්දාම තමා)නම් මේක ගැන හොඳට මතක ඇති. අනික් අයට මතක නැත්තම් මෙතනින් ගිහින් බලන්න.

ඔය වයිරසය මට ආවේ මගේ යාලුවෙක්ගේ pen drive එකක තිබිල vb වලින් හදපු එකක් නිසා pen drive එකේ තිබිලා vbscript file එක හොයාගන්න පුලුවන් වුනා. එත් මට අදහසක් තිබුනේ නෑ එක ගැන. හැබැයි autorun.inf එක දැක්කම වයිරසය පැතිරෙන විදිය ගැන දළ අදහසක් ගන්න පුලුවන් උනා. මට ඔය vbscript තේරුම් ගන්න බැරි උනාට අපේ ගීක් අය්යලා මල්ලිලාට ඕකෙන් ප්‍රයෝජනයක් වෙයි කියල හිතල අර පෙන් එකේ තිබුණු virus script එක බ්ලොග් එකේ දැම්මා.

ඔය අතරේ අන්තර්ජාලය හරහා ඔය වයිරසය manually remove කරන විදියක් හොයාගන්න බැලුවා. වැඩේ සාර්ථක වුනේ නෑ. http://en.kioskea.net/ එකේ දැක්ක ඔය ප්‍රශ්නේ කීප දෙනෙක් අහල තියනවා . හැබැයි ඒ වෙනකොට ඔය ප්‍රශ්නෙට සාර්ථක විසඳුමක් කාගෙන්වත් ඉදිරිපත් වෙලා තිබුනේ නෑ. deespට පුලුවන් උනා
http://en.kioskea.net/ එකේ ඉන්න වයිරස් විශාරදයන්ට කලින් සරල සුගම පිලිතුරක් semiAntiVirus.vbs ප්‍රශ්ණයට හොයාගන්න. හොයාගත්තා කියල විතරක් වැඩක් නෑනේ අනික් අයටත් කියන්නේ නැතුව. විසඳුම අනික් අයට කියන්න හොඳම තැන විදියට දැක්කේ ඕක ගැන ඒ දවස් වල Google කලාම එන පළවෙනි සෙවුම් ප්‍රතිඵලය.පළවෙනි සෙවුම් ප්‍රතිඵලය වෙන එකක් නෙවේ http://en.kioskea.net/ එකේ forum එක. ඔන්න එතනට මගේ බ්ලොග් එකේ ලින්ක් එකක් දැම්මා.

හෆොයි...හිතෙනවද මම මේ පම්පෝරිය ගහනවා කියලා??

නෑ නෑ.

මේවා කිව්වේ නැත්තං පූර්වාපර සන්ධි ගලපනකොට ප්‍රශ්ණ මතු වේවි. ඒක නිසා ඔක්කොම මුලක ඉඳල කියනවා. අනික ෂර්ලොක් හෝම්ස් උනත් එහෙමයිනේ!

මගේ බ්ලොග් එකට FEEDJIT Live Traffic Feed widget එක එකතු කරලා තියෙන්නේ. ඒකෙන් බලන්න පුලුවන් අපේ වෙබ්/ බ්ලොග් අඩවියට ආපු පුද්ගලයින්ගේ විස්තර :
--ආපු රට,
--බ්ලොග් එකට ආවේ මොන වෙබ් අඩවිය හරහාද (ගූග්ල්, යාහූ ආදී සෙව්මක පෙන්වූ ප්‍රතිපලයක් හරහා ආව කෙනෙක් ඉන්නවානම් ඔහු කල සෙව්ම මට බලන්න පුලුවන්),
--බ්ලොග් එකෙන් පිට වුනේ මොන ලින්ක් එක හරහාද යන තොරතුරු සහ
--පාවිච්චි කරන Operating system එක සහ browserය මොනවද

අර forum එකට ලින්ක් එක දැම්මට පස්සේ ඒක හරහා ගොඩක් අය ඒ පෝස්ට් එක බලලා තිබුනා. ඊට අමතරව සමහරු ඒ වයිරසය ගැන search කරල මගේ බ්ලොග් එකට ඇවිත් තිබුනා

ඔය විදියට මාස හය හතක් ගෙවිලා ගියා.

හිටපු ගමන් මෙන්න වයිරසය ගැන ලියල තිබුනු එක පෝස්ට් එකකට මෙහෙම කමෙන්ට් එකක් වැටෙනවා

Hi deep, its me Rajkumar...
Actually its not the virus,, it's like an antivirus.. and doesn't let the usb virus to attack the computer...
U can use it in more secure way than any other antivirus..
Rajkumar

මේ මොන විකාරයක්ද? ලෝකේ වටේම මිනිස්සු මේ ලෙඩේ හැදුන පරිගණක සුව කරගන්න ක්‍රම හොයල බලනකොට කොහෙන්දෝ ඉඳල කඩා පාත්වුන ඇනොනෙක් කියනවා ඒක වයිරස් එකක් නෙවේලු.(ඒ කතාවෙත් පොඩි ඇත්තක් තියනවා.virus script එක කියෙව්වොත් තේරෙයි)

මම බ්ලොග් එකට යන්නත් කලින් ශාකුන්තල අය්යා ඒකට මෙහෙම පිළිතුරු දෙනවා

@Anonymous (Rajkumar),
Anything that runs and spreads without your proper permission is potentially a virus.

ඒකට පොඩ්ඩක් තරහ ගිහින් වගේ අපේ ඇනෝට. එයා කියනවා

oh.. sorry for that...
but as i told... i had made it for my personal use....
i don't know how it transfered...
Neither i have kept it in net..
I m from nepal and i don't know how did it transfer to srilanka...
but sory for that...

ඇනෝ කමෙන්ට් එකක් නිසා විශ්වාස කරන්න අමාරුයි නේද? ඒත් අර නේපාල කතාව දැක්කට පස්සේ මට මේ ගැන ටිකක් හොයන්න හිතුනා.

හෆොයි ආයෙත් අතීතෙට යන්න වෙලා

ඔය virus script එකේ උඩින්ම මෙහෙම කෑල්ලක් තියනවා

'This antivirus program is intended to repair your computer from
'any sorts of virus attacks.
'This program is exactly like a normal virus but it repairs things
'rather than destroying them and its specially for LRI School only.
'I am not responsible if it goes to other place.
'If you do not belong to LRI Family then, please .......
'Author : Rajkumar Ghale (edited of VirusRemoval.vbs) of Sujin
'About me: I got a lots of program.
' If u want them, then u can contact me.

ඕක දැක්ක ගමන්ම මම Rajkumar Ghale ගූග්ල් කලා .එතකොට ලැබුනේ මේ බ්ලොග් එක විතරයි.එකේ research assistant කෙනෙක් විදියට Rajkumar Ghale කියන නම තියෙනවා.LRI School කියලා
ගූග්ල් කලාම නේපාලයේ තිබුන පාසැලක වෙබ් අඩවියක් හම්බුනා මතකයි .ඒ දවස් වල නම් නිල වෙබ් අඩවියට යන්න පුලුවන් උනත් දැන් ගූග්ල් දැන් ඒකට යන්න දෙන්නේ නෑ visiting this web site may harm your computer!ලු


නැවතත් වර්තමානයට.....

අර කලින් ගැන හොයා ගත්ත හෝඩුවාවල් දෙකටම නේපාලේ කොනක් ගෑවිලා තිබුනු නිසා ඔය කමෙන්ට් ගැනත් පොඩ්ඩක් හොයන්න හිතුවා.

මුලින්ම කරපු වැඩේ නේපාලෙන් කවුරුහරි බ්ලොග් එකට ඇවිත්ද කියල FEEDJIT Live Traffic Feed widget එකෙන් බලපු එක.

පියවර එක සාර්ථකයි. නේපාලෙන් ඒ කමෙන්ට් එක වැටුනු වෙලාවේ කවුරුහරි බ්ලොග් එකට ඇවිත්




පියවර දෙක නේපාලෙන් ආපු කෙනාට මගේ බ්ලොග් එකට පාර කිව්ව වෙබ් සයිට් එක සොයා ගැනීම.
මෙන්න පාර කිව්ව සයිට් එක. හොයාගත්තේ FEEDJIT Live Traffic Feed widget එකේ උදව්වෙන්

පියවර තුන මොලේ පාවිච්චි කිරීම.

මේ තොරතුරු එක්ක කතාවක් ගොඩ නගන එක ඉතාම පහසු කාර්යක්.

රාජ්කුමාර් ගේල් තමන්ගේ නමට facebook username එක හදාගන්නවා. ඊට පස්සේ ඔහුට අවශ්‍ය වෙනවා ගූග්ල් සෙව්මක ඔහුගේ Faceboo profile එක පෙන්වන ආකාරය බලාගැනීමට(මේක මේ දවස් වල හැමෝටම තියෙන පිස්සුවක්නේ)එහි ප්‍රතිඵලය ඔහුගේ නම සඳහන් වෙබ් අඩවියක් ලෙසට මගේ බ්ලොග් සටහනත් දිස් වීම. ඔහු ඒ හරහා මගේ බ්ලොග් අඩවියට පැමිණෙනවා.
ඔහුගේ පෞද්ගලික භාවිතය සඳහා ලියූ වැඩසටහනේ කේත සටහන මගේ බ්ලොග් අඩවියේ දැකීමෙන් ඔහු පුදුමයට පත් වෙනවා. ඉන්පසු ඔහු මගේ බ්ලොග් අඩවියේ ඉහත ප්‍රතිචාරය දක්වනවා

පියවර හතර කතාව ඇත්ත කිරීමට හෝ බොරු කිරීමට සාක්ෂි සෙවීම
ඔහු මගේ බ්ලොග් අඩවියට පැමිණ ඇත්තේ Rajkumar Ghale කියා ගූග්ල් කිරීමෙන්. එම සෙවීම හරහා මට ඔහුගේ Facebook ගිණුම සොයාගැනීමට හැකිවුනා. ඔහු සමඟ ලිපි කිහිපයක් ගණුදෙණු කිරීමේදී දැනගන්නට ලැබුනේ ඔහුගේ මිතුරෙක් ඔහුගේ නම ගූග්ල් කිරීමෙදී මේ පිලිබඳව දැනගෙන ඉන්පසු ඔහුට පැවසූ බවයි.එසේම මෙම වැඩසටහන ඔහු ලියූ එකක් බවත් එය අප රටට පැමිණි ආකාරය ගැන ඔහු නොදන්නා බවත් පවසා සිටියා.

FEEDJIT Live Traffic Feed widget හරහා නැවතත් සොයා බැලුවා මීට කලින් නේපාලයේ සිට කවුරුන් හෝ බ්ලොග් අඩවියට අඩවියට පැමිණ තිබේද යන වග.එයත් සත්‍යයක්.

Rajkumar Ghale යන ඔහුගේ නමට අමතරව තව ගූග්ල් සෙවුම් දෙකකින් නේපාලයේ සිට මගේ බ්ලොග් අඩවියට දෙදෙනක් පැමිණ තිබෙනවා.එක් සෙව්මක් කර ඇත්තේ rajkumar ghale microsoft expert නමින්,. අනෙක rajkumar ghale expert නමින් .මේ දක්වා මෙහි සඳහන් කල සෙවුම් සියල්ල කර ඇත්තේ ගූග්ල් හි නේපාල සංස්කරණය හරහායි.මේ අනුව රාජ්කුමාර් ගේල් හා නේපාලය අතර සබදතාවක් ඇති බව පැහැදිලියි

කතාවේ හොදම කොටස තමා රාජ් කුමාර් එම වයිරසය ඔහු සෑදූ බව පිලිගැනීම සහ එය ලංකාවට පැමිණි ආකාරය ඔහු නොදන්නා බව පැවසීම. එසේම ඔහු එම වැඩසටහන අනෙක් අයට කරදරයක් වීම පිලිබඳව සමාව ද අයදිනවා.

Facebook හරහා මට ලිවූ පරිදි ඔහු තවම අවුරුදු 19ක පිරිමි ළමයෙක්.අපේ රටෙත් මලින්ත වගේ අය ඉන්නකොට අවුරුදු 19ක කෙනෙක් ඔය වැඩසටහන ලිව්ව කියන එක පුදුමයට කරුණක් නෙවෙයි.

නමුත් අපි අනුමාන කරමු ඔහු හිතාමතා මම වැඩසටහන ලියා අන්තර්ජාලය හරහා ලෝකය පුරා බෙදා හැරියා කියා.වයිරස් සෑදු පුද්ගලයින් අත් අඩංගුවට ගනිද්දි, වයිරස් සෑදූ පුද්ගලයන් සොයා දෙන්නන්ට විශාල මුදල් තැගි ලබා දෙද්දි, මේවා ගැන නොදන්නා පොඩි ළමයෙක් මිස වැඩිහිටියෙක් ප්‍රසිද්ධියේ පිලිගනීවිද තමා ලොව පුරා පැතිරී ඇති වයිරසයක් නිර්මාණය කල වග?

මා සමග ඔහු කල ලියුම් හුවමාරුවේදි ඔහු පැවසූ එක් දෙයක් වුයේ ඔහුගේ වැඩසටහන ලොව පුරා පැතිර යාවිය කියා ඔහු සිහිනෙන් වත් නොසිතූ බවයි. එසේම ඔහු හෝ මිතුරන් ගූග්ල් හී රාජ්කුමාර් ගේල් ගැන සෙවීම සඳහා භාවිතා කර ඇති වචන බලන්න; expert සහ microsoft expert මේවායින් ඔප්පු වෙන්නේ තමා දක්ෂයෙක් බව ලොවට හඩගා කීමට නොපැකිලව ඉදිරිපත්වන අහිංසක ළමයෙකුගේ මානසිකත්වය නොවේද?

ඔන්න ඔහොම තමා පොලෝසියට වැරදිකාරය ඇවිත්ම බාර උනේ

අර වැඩකාරයගේ Facebook profile එක මෙන්න. විස්තර බලන්න නම් යාලුවෙක් විදියට එකතු කරගන්න වෙනවා.


32 comments:

  1. EXCELLENT!

    මම මෙච්චර කල් කළේ වයිරස් අල්ලන එක විතරයිනෙ. මෙයා වයිරස් ලියපු අයවත් අල්ලනවා.

    කාලෙකට පස්සේ මේ වගේ පෝස්ට් එකක් දැක්කේ. මේ වගේ වැඩ වලදි විතරක් නෙමෙයි, පරිගණක ඉගෙනීමෙදිත් ෂර්ලොක් හෝම්ස්ගෙ ක්‍රම අනුගමනය කළොත් බොහොම සාර්ථක ප්‍රතිපල ලබන්න පුළුවන්. මේක මගෙ අදහසක් නෙවෙයි පරිගණක අළුත්වැඩියාව පිළිබඳ පොතක පූර්විකාව යටතෙ තිබුණෙ.

    ReplyDelete
  2. pen-testing field එකට එන්න අදහසක් නෑද්ද? සිරාවටම impressive වෑඩක්

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. Actually it's awesome!

    අර අපේ Army වෙබ් සයිට් එකට ගහපු උන් ගැන අපේ අයට නිච්චයක් නැතිව ඉන්නකොට ඔයා එකක් ගැන හොයනවා. පට්ටනේ වැඩේ ගැන නම්! අපරාදේ ඔයාට CID/ CIA/ FBI යන්න තිබ්බේ! :)
    Shall I suggest them about you? :D

    ReplyDelete
  5. මමත් හොඳ ඔත්තු බලන්නෙක්!! :) ඔය FEEDJIT Live Traffic Feed widget එක හරහා ඇනෝනිමස් අසහනකාරයකු බෙල්ල මුලින්ම අල්ල ගත්තා! ඔහු වරද එවෙලෙම පිලිගත්තා එක හෙලාම! මම ඹහු ගැන දුක් වුණා! ඔහු ඒ වෙනකම් FEEDJIT Live Traffic ගැන මෙලෝ හසරක් දැන ගෙන හිටියේ නැහැ!

    ReplyDelete
  6. මම දැකල තියෙනව සමහර කෙල්ලෝ කොම්පියුටරයකින් internet යන්නවත් දන්නෑ. ඒත් මෙයා වයිරස් ලියපු අය පස්සේත් පන්නනවා. එළ...

    ReplyDelete
  7. අපි ඔයාව අපේ බුද්ධි අංශයට බදවා ගන්නවා. කන්ග්‍රැඩුලේෂන්ස්..

    ReplyDelete
  8. @ශාකුන්තල
    ඔව් ෂර්ලොක් හෝල්ම්ස් කියන්නේ ජීවිතේ හැම දේකට ප්‍රයෝජනයක් ගන්න පුලුවන් චරිතයක්. මිනිස්සු ගැන උනත් තීරණ වලට එන්න ෂර්ලොක් ගේ තියරි ප්‍රයෝජනවත් වෙලා තියන වාර අනන්තයි

    @änthräX
    pen-testing field එක කිව්වේ? මම එහෙම දෙයක් ගැන ඇහුවාමයි.ගූග්ල් කරාම එන්නේ penetration test කියල එකක් ඒකද?

    @-බිன்ku-
    >Shall I suggest them about you? :D
    * yeah, why not, could earn a living...අළුත් ලැපක් වත් ගන්න බැරියැ

    @නුවන් චින්තක
    එහෙම තමයි ඉන්න ඕනේ. මාත් ඔන්ලයින් ඉන්නවානම් අනිවාර්යෙන් ඕක වෙනම ටැබ් එකක ඕපන් කරගෙන යන එන අය ගැන සෙවිල්ලෙන් ඉන්නේ.හොඳ හොඳ වැඩ අහුවෙලා තියනවා මටත්

    @Thilina
    කතාව ඇත්ත
    මේ ලිපිය
    සහ ඒකට ඇවිත් තියෙන ප්‍රතිචාරත් කියවලා බැලුවානම්
    @Anu
    හොඳමයි සෑර්

    ReplyDelete
  9. එළ එළ

    ඔය මෑන් Facebook Friend කෙනෙක් හැටියට add කරගන්න වටිනවා !

    ReplyDelete
  10. චූටි දුව දැන් ලොකු ළමයෙක් වෙලානේ.

    ReplyDelete
  11. අම්මටහුඩු !
    ඔයා හරි නිර්භීතයි නෙ ! :D

    ReplyDelete
  12. හ්ම්ම්ම් ... ලේසියට කොටට කියන්නෙ. ;)

    ReplyDelete
  13. මෙයා මාර වැඩ්ඩියෙක්නෙ හික්, එල කිරි...

    ReplyDelete
  14. ෂ ඔයා යන්න තිබුනෙ පේරෙ නෙමේ අපේ UCSC එකට. ඒකටත් එක්ක අපේ බැච් එකේ ඉන්න සමහර කෙල්ලොන්ට OS එකක් software එකක් හරියට install කරගන්නවත් බෑ. එහෙම බැළුවම ඔයා පරමාදර්ශී චරිතයක්.

    ReplyDelete
  15. මෙ ඔයාලගේ ගෙදර ඩැෂ්හවුන්ඩ් බල්ලෝ එහෙම ඉන්නවද?
    නැත්නම් මෙච්චර ඉවපාරේ යන්න දැන ගත්තේ කොහොමද?
    කොහොම උනත් වැඩේ නම් එළම කිරි
    ඕහෝම යං ඔහොම යං

    ReplyDelete
  16. @Supun Budhajeewa
    මගේ එකේ නම් ඉන්නවා

    @ප්‍රදීප් කාවින්ද ‍කොටුවේගෙදර
    ;P

    @ප්‍රවීන් ඉන්ද්‍රනාම
    එහෙම තමා

    @Kusal
    වැඩ්ඩියෙක්නෙ??? සිංහල භෂාවේ අලුත්ම වචයනද? hikz

    @සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath
    කලා විෂයන් කරලා UCSC එන්න බෑනේ ඉතිං

    @නුවන්සි
    පිශ්ශු හැදෙයි...අපේ ගෙදර බල්ලෝ නෑ, ඒ වුනාට ඊට වඩා ඉව තියන පූස් නගාලා දෙන්නෙක් ඉන්නවා

    ReplyDelete
  17. @deeps,
    කලා විෂයයන් කරලා UCSC එන්න පුළුවන් ICT වලට.

    ReplyDelete
  18. Google Blogger පිස්සු කෙළිනවා!

    ReplyDelete
  19. @shaakunthala
    ඇත්තට?? අයියෝ මම දැනගෙන හිටියේ නෑනේ. කලා කරපු අය එනවද ඉතින් ඕකට

    ReplyDelete
  20. @deeps,
    එනවා එනවා. මේ දැං මගේ ළඟත් එකෙක් ඉන්නවා arts කරපු.

    ReplyDelete
  21. ෂා... හරිම සතුටුයි...! නියමායි!

    ReplyDelete
  22. @ශාකුන්තල
    මම අයියා කිව්වට පස්සෙ අර පුස්තකේ බැලුවා. මම කරපු විෂයන් වලට ඒ පාඨමාලාව කරන්න බැරිලු

    @malee_msg
    :D

    ReplyDelete
  23. මමනම් අදයි මේක කියෙව්වේ, ඔයානම් අදහන්න වටින කෙල්ලෙක්. ෂර්ලොක් හෝම්ස්ගෙ පොත් කියෙව්වට ඒකෙන් වැඩක් ගත්ත කෙනෙක් දැක්කමයි. Keep it up...

    ReplyDelete
  24. ඔය FEEDJIT Live Traffic සේවාව ලබා ගන්න කියල මාත් උත්සහ කලා. ඒ එක සල්ලි වලටනේ දෙන්නේ. ඒක නොමිලයේ දෙන තැනක් ගැන මට තොරතුරක් ලබා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මම සෑහෙන්න ස්තූතිවන්ත වෙනවා. අපි වගේ දුප්පත් අසරණ අයට ඕවා සල්ලි දීලා ගන්ට තරම් වත්කමක් නෑ නොවැ.

    ReplyDelete
  25. ෂා... අදුනාගැනීම සතුටක්...
    නියම වැඩක් සහෝදරී කරල තියෙන්නෙ...
    ඔයාට බැරිද ලංකාවේ මහජනතාවගෙ මුදල් අතුරුදන් වන සැටි සොයන්නත්...?

    ReplyDelete
  26. ඇත්තෙන්ම මමනම් මේක අද දැක්කෙ.මේකනම් මාර රහස් පරික්ෂක කතාවක් :)

    ReplyDelete
  27. හී ස්තුතියි මේ පැත්තේ රවුමක් ගහන්න ආවට 

    ReplyDelete
  28. අපෝ ඒ වගේ දේවල් හොයන්න මම පොඩි වැඩියි :) මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා ඔබව 

    ReplyDelete
  29. සමාවෙන්න ගොඩක් පරක්කු වෙලා උත්තර දෙනවට...නැහැ ඒකේ ලිමිටඩ් වැඩ කෑලි ටිකක් එන වර්ෂන් එක නොමිලේ ගන්න පුළුවන්.මම දාගෙන හිටියේ ඒ නොමිලේ දෙන එක. දැන් නම් මම ඒ සේවාව අයින් කරලා තියෙන්නේ බ්ලොග් එකෙන්.

    ReplyDelete