Monday, June 22, 2009

දෙකේ අය පමණක් නොව හතරේ අයද බ්ලොග් ලියති

ඉඳල ඉඳලා deeps සිංහලෙන් ලියන්න බැස්සනෙ,. මේ දක්වා ලැබිලා තියන ප්‍රතිචාර ගැන හිතනකොට නම් හිතෙනවා ඉංග්‍රීසි බ්ලොග් එක අතෑරලම දාන්න. බලමු බලමු, ඉස්සරහට ගොඩක් වෙනස්කම් වේවි.ඒවා ගැන පස්සේ බලමුකෝ. මොකක්ද මේ දෙකේ හතරේ කතාව?

අද මේ කියන්න යන්නේ සිංහලෙන් බ්ලොග් ලියන අය ගැනවත් ඉංග්‍රීසියෙන් බ්ලොග් ලියන අය ගැන වත් නෙවේ, බ්ලොග් ලියන සත්තු ගැන.ඒ කියන්නේ කකුල් හතරේ අය ගැන. අපේ රටේ නම් මකරයි, කැස්බෑ ලොක්කයි විතරයිනේ ඉන්නේ බ්ලොග් ලෝකයේ කකුල් හතරේ අයව නියෝජනය කරන්න ඉන්නේ. එකට බලන්න එපෑයැ සුද්දො සත්තු බ්ලොග් ලියන අපූරුව
.සුද්දො සත්තු කිව්වේ සුදු සත්තු නෙවේ, හම සුදු මිනිස්සුන්ගේ සත්තු. නිකං නෙවේ, කට්ටිය කඩ්ඩෙන්මයි බ්ලොග් ලියන්නේ. කොහොමද ඉංග්‍රීසියට ගිය කල




මුලින්ම පූස්ලා ගැන. Daisy the Curly Cat තමා මම ආසම කරපු පූස් බ්ලොග් එක. ඔන්න පූසො දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් හාලි. අනික් එක්කෙනා ඩේසි. දෙන්නගේ රණ්ඩු , සෙල්ලම් ඉවරයක් නෑ. ඒ විතරක් නෙවේ, එයාලා මාර ෆැෂන් කාරයො දෙන්නෙක්. සතියකට එක දවසක් ෆැෂන් ශෝ එකකටත් යනවා.

හාලි ඇවිල්ලා ජාත්‍යන්තර හොර ඔත්තු සේවයක වැඩ කරන පූසෙක්. ඩේසි ජොබ්ලස්. ගෙදරට වෙලා ඔහේ ඉන්නවා. දවසක් මම මේ දෙන්නගේ ගෙදර යනකොට දෙන්න ලොකු වලියක්. වලිය මේ නියපොතු ටික මුවහත් කරගන්න එයාලගේ අයිතිකාරය අරගෙන දුන්න ගැජට් එක අයිති කරගන්න!!නිකං නෙවේ, ඩොලර් 59යි ගානක් වෙනවලු ඒක.

මට ඉතිං ඕක මැජික් වගේ, අපේ පූසෝ නම් ඉතින් ඔය පරණ ගහක්, එහෙම නැත්තං ලෑල්ලක් වගේ එකක් හූරලනේ නියපොතු සුද්ද කරගන්නේ. මුන්ට තියන සැප බලන් ගියාම.නියපොතු සුද්ද කරගන්නත් වෙනම ගැජට්. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.ඔන්න පුතේ, ඊලඟ ආත්මේ පූසෙක් වෙලා ඉපදෙන්න හිතාගෙන ඉන්නවා නම් ඕව ගැනත් හොඳට හිතන්න

තව බ්ලොග් අයිතිකාර පූස් නෝනලා මහත්තයල ඉන්නවා. මෙන්න එයාලගේ රැස්වීම් මධ්‍යස්ථානය.දැනට පූසො 139 දෙනෙක් මෙතන වැඩ පෙන්නනවා. ගිහින් කැමති කැමති අය එක්ක කතා කොරලා බලන්ටකෝ එහෙනං

තව පිස්සු වැඩ තියනවා. මෙන්න මේකට ගිහින් බලන්නකෝ. තනිකර තියෙන්නේ පූසොන්ගේ බඩවල් ගැන. හිතුවද වැරදුනා කියල?? නෑ නෑ බඩ වැල් නෙවේ, පූස් බඩවල්.මෙන්න එතැනින් ගත්ත ෆොටෝ එකක්. කොහොමද පූස්ගේ බඩේ සයිස් එක??


හරි හරි බලූලා ගැන ලියන්නේ නෑ කියල හිත අප්සැට් කොරගන්න එපා ඉතිං. ඊලඟට එයාල ගැන.

මෙන්න මම ආසාම කරන සුනඛ ලේඛකයා.නම හියුගෝ. ටෙරියර් වර්ගයේ හුරතල් බලු පොව්වෙක්.ඉපදිලා තියෙන්නේ ඔබාමා මාමගේ රටේ වොෂිංටන් කියන නගරේ. මෙයාගේ දකුණු පැත්තේ ඇහෙන් භාගයක් 1/4 ක් නිල් පාටලු.ඉතින් ගොඩක් අය ඇයි කියල අහනවා. මෙයා එතකොට කියන්නේ මගේ අම්මත් එහෙමයි කියලලු හික් හික්

මේ හියුගෝ පොඩි එකා වගේ හිටියට මාර මාර දෙවල් දන්නේ. මේ ලඟදි වැසිකිළි සුද්ද කරන හැටිත් කියල තිබුනා. අම්මෝ, මගේ හාපික් වලට වැඩේ දෙයි වගේ මෙයා නම්.

.

ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. බලූලගේ ෆැසොං වලටම වෙන් කරපු බ්ලොග් අඩවිත් තියනවානේ. ඔන්න ඔයාලගේ බලූලට ෆැෂන් හොයන්න නම් මෙතන්ට යන්න. ෆැෂන් විතරක් නෙවේ බලූලගේ බියුටි කචල් ගැන ඕනෑම දෙයක් ඔතනින් හොයාගන්න පුලුවන්.

මෙන්න තව යන්න වටින තැනක්. බලූලගේ ඇදුම් සාප්පුවක්. කට්ටියට නාන ඇඳුමුත් තියනවා විකුණන්න. අනේ මන්ද ඉතින් ඕවා අන්දල බල්ලො වතුරට දැම්මම උන්ට හදිස්සියකට පීන ගන්නවත් පුලුවන් වේද කියල හිතෙනවා.

ප.ලි.
මේ දක්වා මගේ බ්ලොග් එක කියවපු සත්තුන්ට ආස කරන අයට මෙන්න පොඩි තෑග්ගක්. තෑග්ගක් කිව්වට තෑග්ගක්මත් නෙවේ, ඇති වෙනකන් සත්තුන්ගේ පිස්සු බලන්න පුලුවන් තැන් 4ක් ගැන ඔත්තුවක්

පූස්ලට කැමති අයට -->එක එක ජාතියේ පූස්ල මෙතන ඉන්නවා. ගිහින් බලන්නකෝ
බලූලට කැමති අයට -->එක එක ජාතියේ බලු රාළහාමිලා

පොඩ් පොඩි සත්තු පැටවුන්ගේ එක එක විකාර බලන්න කියාපු තැන් දෙකක් මෙන්න. බලූලා පූස්ල විතරක් නෙවේ, මීයො, කැරපොත්තෝ, මකුණෝ, නයි, ගැරඩි, ඕනෑම ජාතිය
කට්ටිය මේ තැන් දෙකෙන් හොයා ගන්න පුලුවන් වෙයි

1. Fuck You, Penguin හ්ෆොයි නමට බයවෙන්න එපා. පොඩි ළමයෙක්ට උනත් යන්න පුලුවන් තැනක්. මොකට ඔය නම දැම්මද මන්දා
2. Cute Overload

එහෙනම් නැවත හමුවෙන තුරු, ආවඩා ආයිබෝ වේවා!!


13 comments:

  1. >අපේ රටේ නම් තාම එකයිනේ ඉන්නේ

    ඉන්න එකා මකරෙක් නෙ. ඌට (මකරට) කකුල් කීයද? ;)

    ReplyDelete
  2. කෝ මෙතන මම ගැන...මට කකුලුත් නෑ නේ

    ReplyDelete
  3. "Fuck you, Penguin"

    This name sucks a lot! නාගබුද්ධිකයෝ... මං හරි නේද?

    ReplyDelete
  4. ඔය ඉතින්, මම ලියන්න ගත්ත විතරයි. බල්ලො පූසෝ හෙන දියුනුයි නෙ.... (දෑන්නම් අඩ්න්නෝන)

    ReplyDelete
  5. සිරාවටම නයි බුද්ධික ගැන නෑනේ...?

    ReplyDelete
  6. නාගයා දැන් Pension... :P

    දැන් "අඩවිය" විතරයි තියෙන්නෙ.. ;)

    ReplyDelete
  7. අනේ අම්මපා බින්කුඩා සතෙක් නෙමේද? පිස්සු පුසෙකුත් ලියනවා නෙව. නාගයාවත් අමතක කරලා, පව්. මේ, අපේ අයිතිවාසිකම් ඉල්ලමුද එකතු වෙලා?


    මෙව්වා දාලා දාලා මේ අයත් ලියලාම අපිව ආක්‍රමණ කරයිද දන්නේ නෑ අර වගේ. අපොයි එන පොට නම් හොඳ නෑ!

    ReplyDelete
  8. මෙයා ගොඩක් කැමති පූසන්ට වගේ, ඔන්න අපි නම් කැමති බල්ලන්ට, හික්ස්

    ReplyDelete
  9. මාතෘකාව වෙනස් වෙන්න ඕනේ...
    දෙකේ අය පමණක් නොව හයේ හතරේ අයද, එයිනුත් නොනැවතී නැති උන්ද බ්ලොග් ලියති

    බිංකුන්ඩාගෙ කකුල් ගාන හයට වඩා වෙනස් නම් මේකෙ හය වෙනස් කරගන්ට...

    ReplyDelete
  10. හික් හික්, අනේ පවු නාගයා, නැති එකා කියලම කිව්වනෙ:O

    (මම කිව්වෙ කකුල් හරිද?:D)

    ReplyDelete
  11. deeps න‍ගේ මීට පස්සෙ හෙඩිම දාද්දි දහ දොළොස් පාරක් හිතන්න වෙයි නේ... නැත්තං ඉතිං කට්ටිය සත්ත්ව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට විරුද්ධව ඇක්ෂොන් ගනී... :D සිරා ලිපිය..

    @-බිன்ku-
    හත්වලාමයි.. මචෝ මං හිතං හිටියෙ උඹෙ නම ඇත්තටම බිංකු කියලනෙ.. අනේ ඉතිං කව්රු දන්නවද බං උඹ බිංකුණ්ඩෙක් කියලා... :D

    ReplyDelete
  12. @ගයන්ත
    ඒක තීරණය වෙන්නේ වර්ගය අනුව. මෙයාට නම් කකුල් හතරයි. ඉස්සරහ පොඩි කකුල් දෙකයි හිටගෙන ඉන්න ලොකු කකුල් දෙකයි දැන් හරිද ගාණ??

    @බුද්ධික
    මුලින්ම කිව්වනේ මෙකේ කියන්නේ කකුල් හතරේ අය ගැන කියලා:P

    @-බිன்ku-
    බිණ්කුණ්ඩාට කකුල් හතරකට වඩා වැඩි නිසා ලිපියෙන් අයින් කලෙමි. මේ බිණ්කුවෝ, කට වහගෙන ඉන්නවා, නැත්තම් හෙට එළි වෙනකොට සත්තු වත්තේ හැමෝම අපේ ගෙදර ඉස්සරහ උද්ගෝෂණ කරයි

    @Kusal
    අපි නම් පූසොන්ට, පූසෝ අපිට ..පූසෝ රොක්ස්

    @ශාකුන්තල @ධනික
    ඔව් අයියේ, මීට පස්සේ වත් මාතෘකාව දානන් කලින් දහ වරක් විතර හිතන්න ඕනේ..ස්තූති වේවා උපදේශෙට

    @දුක්ගන්නාරාළ
    :D

    ReplyDelete