Sunday, May 31, 2009

වැසිකිලිය සේදීමට ගොස් හාපික් double action කාරයෙක් බව සොයා ගතිමි

ඔන්න ආයෙත් වහින්න පටන් අරන්. වැස්ස විතරක් නම් කමක් නෑ, ඒ මදිවට හැම තැනම දිය සෙවෙල් බැදිල.ඔන්න දිය සෙවෙල් යවන්න පොඩි ක්‍රමයක් හොයාගත්ත අද වැසිකිලිය සුද්ද කරන්න ගිහින්.

වැසිකිලිය සුද්ද කරන්න අපේ ගෙදර පාවිච්චි කරන්නේ හාපික්.වැසිකිලිය හාපික් දාල සුද්ද කල කියමුකෝ, එත් ඉතින්, යාන්තන් බැදීගෙන දිය සෙවෙල් ටික තියනකන් සුද්ද කිරිල්ලෙන් වැඩක් නෑනෙ. ඔන්න ඉතින් අහල පහල කම්බි බුරුසුවක් වත් තියේද කියල බැලුවා දිය සෙවෙල් ටික හූරලා දාන්න. වෙලාවට තිබුනේ නෑ.

ඒ පාර වැසිකිලි පෝච්චිය සුද්ද කරන්න දාපු හාපික් එකෙන්ම ටිකක් දිය සෙවෙල් උඩට දාල විනාඩි දෙක තුනක් තිබ්බා.(අපේ ශාකුන්තල ලොක්කා යකඩ අලවන්න තියන්න ගම් එකකින් ප්ලාස්ටික් ඇලෙව්ව වගේ වෙයිද කියලා හිතුනෙ නැතුවමත් නෙවෙයි.)

මෙන්න බොලේ යංතන් පොඩ්ඩක් ඇතිල්ලුවා විතරයි දිය සෙවෙල් කොහෙන් ගියාද නෑ.

ඔන්න ඔයාලටත් දිය සෙවෙල් මහ වදයක් නම් ඔය වැඩේ කරල බලන්න ටක්කෙටම වැඩ!





28 comments:

  1. දිය සෙවෙල් බැඳෙන්නෙ පොකුණු වල නේද ?
    වැසිකිළි වල දියසෙවෙල් බඳෙනවා කියලා ඇහුවමයි.

    ReplyDelete
  2. මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි..........

    ReplyDelete
  3. මේක අපේ pond එකට දාල බලන්න ඕන. මාළු මැරෙයිද දන්නෑ... :-S

    ReplyDelete
  4. අනුග්‍රහය: හාපික් විශබීජ නාශක :D

    ReplyDelete
  5. @ deeps

    හිහි...
    ඇඩ්එක නියමයි.වැඩේ හොදයි.හාපික් සමාගමෙන් කීයක් දුන්නද ඕකට අක්කිට?
    :P

    @ ශාකුන්තල

    අපෝ නැ මුකුත් වෙන්නෑ.දාලා ටිකක් වෙලා ගියහම උන් දිස්නෙ ගහයි මොකද උනුත් 365 දවසම වතුරෙම ඉන්න හන්ද දියසෙවෙල් බැදෙනව නේ.

    ReplyDelete
  6. @Chanaka Aruna Munasinghe
    මේ කියන වැසිකිලිය ගේ ඇතුලේ තියන එකක් නෙවේ, ඉතින් වැස්ස නිසා අතුල් වෙන තැන දිය සෙවෙල් බැදිලා

    @බුද්ධික
    ගෙව්වා ගෙව්වා;-P

    @ශාකුන්තල
    පිස්සුද? මාලු තව ලස්සන වෙයි

    @ප්‍රවීන් ඉන්ද්‍රනාම
    ඔව් අප්පා. නහින දෙහින කාලේ එහෙම වැඩකින්වත් සල්ලි කීයක් හරි හොයාගන්න එපයැ

    @ඉ-නැණ පියස
    තාම චෙක් එක ආවේ නෑ. ආවම කියන්නම්කො හොදේ

    ReplyDelete
  7. අහ් මම මේ හිතුවෙ වැසිකිළි පෝච්චියෙ දියසෙවෙල් බැඳිලා කියලනෙ. දොර ගාවනම් කමක් නැහැ ඉතින්

    ReplyDelete
  8. @Chanaka Aruna Munasinghe
    මකරගේ මොලේ අලු බැදිල කියන්නෙ කට කහනවට නෙවේ බලන් ගියාම

    ReplyDelete
  9. කට කහනවනම් ගින්දර හාපික් ටිකක් ගා ගන්න :D

    ReplyDelete
  10. ආ මරැ මරැ.මමත් මේ හොය හොය හිටියේ සෙවල යවන ක්‍රමයක් තැන්ක්ස් හොදද කියලා දුන්නට මේච්චර ලෙසි විදිහක්.මොකද මගේ යාළුවෙක් ඉන්නවා මිනිහට ගැණු ලමයෙක් දැක්කම සෙවල බේරෙනවා.හපික් හරියයි වගේ වැඩේට..හික් හික්..

    ReplyDelete
  11. @සසික

    ටිකිරි මාරි කන්න වැඩක් තමයි කරන්න යන්නෙ :P

    ReplyDelete
  12. @Chanaka Aruna Munasinghe
    ගාලා නා ගන්න

    @සසික නානායක්කාර
    අනේ අපි නම් නෑ ඕවාට

    ReplyDelete
  13. අහන්නත් සතුටුයි ගෑණුලමය ගෙදර දොරේ වැඩත් කරනවා කියන එක. හැබෑටම ඔයාමද කලේ

    ReplyDelete
  14. @ම

    නැතුව වෙන කවුද? හිතුවද අපේ ගෙදර අතට පයට වැඩ කාරයෝ ඉන්නවා කියලා?

    ReplyDelete
  15. හාපික්? Double Action?? ඕහ්..!!!

    ReplyDelete
  16. හාපික් ටිකක් දාල ම‍ගේ බයිසිකලේ හොදා ගන්න පුලුවන් වෙයිද දන්නෑ... හික් හික්...

    ReplyDelete
  17. දියසෙවල? වැසිකිලියේ.. මාර සීන් එකනේ... ඔය හාපික් වලින් වලං හෝදන්නත් පුළුවන් ඇති.

    ReplyDelete
  18. @ගයන්ත
    yh double action

    @Thilina
    පුලුවන් පුලුවන් කුණු මඩ දූවිලි ඔක්කොටම කියාපු බෙහෙත ඕක

    @Anu
    ඔව් ඔව් ඕනේ එකක් හෝදන්න පුලුවන් ඕනේ නම් ගාගෙන නාන්නත් පුලුවන් කිසි අව්ලක් නෑ

    ReplyDelete
  19. අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ. කස්ටිය හොඳට කියලා තියෙන්නේ..

    ම කිව්වා වගේ අහන්නත් සතුටුයි ගෙදර දොරේ වැඩක් කරනවා කිව්වාම.

    අනේ ඒකට මම. වැසිකිලියේ පැත්තක තියමු. ගිය semester එකේ නෝට් තාම මේසේ උඩ දූවිලි තට්ටුවක් යට.

    ReplyDelete
  20. හි හි තව අත්හදා බැලීම් කරල බලන්න..කවුද දන්නෙ සමහර විට ෂැම්පු, mouth wash,face wash වගේ වැඩත් කරගන්න පුලුවන් වෙයි. :D

    ReplyDelete
  21. @chamila_dealwis
    කොල්ලො උනාම එහෙම තමා. නැතුව බෑනේ අය්යේ

    @niroshinie
    අගනා අදහස් පොජ්ජකි. ටෙස්ට් කර ප්‍රතිපල දන්වමි. එතෙක් රැදී සිටින්න

    ReplyDelete
  22. හොද හොයා ගැනීමක් නේ.. හාපික් එකට උඩින් අළු ටිකකුත් ඉස්සාම විනාඩි ගණන් තියන්නේ නැතුව ඉක්මනින් ‍දියසෙවල අනම් මනම් අයින් කරන්න පුළුවන්..

    ReplyDelete
  23. ඔය බලගතු මැජික් එකෙන් පුලුවන්ද අපේ ඔය ඔය සම(හ)රක් අයගේ ඔලුවේ තියෙන සෙවල එහෙම සුද්ද කොරන්න?

    ReplyDelete
  24. @malee_msg
    බොහොම ස්තුතියි ඔත්තුවට අක්කේ

    @-බිன்ku-
    කට්ටියට සීනි ටිකක් එක්ක දීල බලමුද?

    ReplyDelete
  25. මම දන්න විදියට හාපික් වල දැඩි ආම්ලික ගතියක් තියනවා ඒක නිසා කරන වැඩක් පරිස්සමින් කරොත් හොඳයි (අපේ ගෙවල් කිට්ටුව ගෑණු ලමයෙක් හාපික් බීලා මැරුණා ඒක නිසා තමයි ආම්ලික කතාව දන්නේ)

    ReplyDelete
  26. ඔන්න අයි මේ පැත්තේ එන්න හිතුනේ
    අද ‍වුන දෙයක් නිසා.මොකක්ද දන්නවද අපේ දිසා කොළුවා රඹුටන් ගහකට නැගලා බහින්න ගිහින් වැටිලා.ලැජ්ජාවේ බැහැ පිරිමිකමටත් ලැජ්ජයි කියලා මම මැන්ට කිව්වා.මෙන්න මිනිහා කියනවා මේ දවස්වල වැස්සනේ ඒ හින්දා ගස්වල සෙවල බැදිලා එකළු ලිස්සලා වැටුනේ.
    මට ටග්ගාලා මේක මතක් වුනා.
    මම දිසාට කිව්වා රඹුටන් ගස්වල ක‍දවටේ හොදින් හාපික් ගාන්න කියලා.මේකනම් මාරම සිම්පල් පැලැන් එකක් නංගි තැන්ක් හොයා ගත්තට.පොඩ්ඩක් හොයලා බලන්න මේ දවස්වල හාපික් හොදට මාකට් ඇති.

    ReplyDelete
  27. @දෙනියායේ චතුරංග නොහොත් වම්බොට්ටා
    කිව්වට පින්. ඔන්න ළමයිනේ හාපික් බීම තහනම්..තේරුනනේ බින්කු ළමයට?

    @සසික නානායක්කාර
    ඒකනේ අය්යා. අපිම ඉන්න ඕනේ advertising කරල දෙන්න හාපික් එකට.ඒක නෙවේ, යාලුවට තුවාල නෑනේ?

    ReplyDelete
  28. මේක තනිකර රසානය විද්‍යා පාඩමක්නේ ;-)

    ReplyDelete