Monday, June 1, 2009

මූණු පොතේ බ්ලොග් කෙරුවාව

බ්ලොග් ලියන බොහෝ දෙනෙක් මූණු පොතේ, එහෙම නැත්තම් Facebook එකේ ඉන්නවා. හැබැයි Facebook ඉන්න අපේ යාලුවන්ගෙන් බොහෝ දෙනෙක් බ්ලොග් කෙරුවාව ගැන දන්නේ නැති උදවිය.දන්නේ නෑ විතරක් නෙවේ, ඒ ගැන උනන්දුවක් වත් නෑ. හේතුව සමහර අයට අන්තර්ජාලය කිව්වොත් Facebook විතරයි.

හැබැයි බ්ලොග් ලියන කියවන අයට නම් අනන්ත වාරයක් හිතිලා ඇති Facebook එකටවඩා බ්ලොග් ලියන කියවන එක කොච්චර රසවත් දෙයක්ද කියලා. අපිට මිනිස්සුන්ගේ මතවාද වෙනස් කරන්න බැරි බව ඇත්ත.එත් අර රෝමෙට ගියාම රෝමන් කාරයා වගේ ඉන්න ඔනේ කිව්ව වගේ ඔන්න දැන් අපිට ක්‍රමයක් තියනවා Facebookකාරයන්ට බ්ලොග් ගැන කියලා දෙන්න

මේක Facebook Application එකක්. නමින් කිව්වොත් NetworkedBlogs. මුලින්ම මට මේක අහු උනේ ශ්‍රීශානු අය්යගේ facebook ගිනුමේ තිබිලා. ඊට පස්සේ මගේ ඉංග්‍රීසි බ්ලොග් අඩ්විය ඒකට එකතු කරලා දන්න කියන හැමෝටම එක බලන්න ආරාධනා කලා. මම මුලින්ම මේ Application එක දකිනකොට එකේ තිබුනේ සිංහල බ්ලොග් 2යි. ශ්‍රීෂානු අය්යගේ එකයි සුපුන් බුධාජීව මල්ලිගේ එකයි. කියන්න සන්තෝශයි දැන් නම් ගොඩක් අය ඉන්නවා. ඒ වගේම ජීවිතේට සිංහල බ්ලොග් එකක් දැකල වත් නැති යාලුවෝ දෙතුන් දෙනක් සිංහල බ්ලොග් කියවන්න පටන් අරගෙන.මේකට ඔයාලගේ සිංහල බ්ලොග් අඩ්වියත් එකතු කර ගන්න.

එකතු කරගන්නේ මෙහෙමයි.

facebook search කරන්න තියන තැන networkedblogs කියල ගහල search කරන්න. එතකොට මේ විදියේ පිලිතුරක් ලැබේවි. එතැනින් යන්න පුලුවන් networkedBlog application එකට.




ඔතන තියන NetworkedBlogs ලාංඡණය, View Application, NetworkedBlogs ලින්ක් යන එවාගෙන් මොකක් උඩ ක්ලික් කලත් යන්නේ මේ වගේ පිටුවකට (අර Allow Access පිටුවෙන් Allow ක්ලික්කලාට පස්සේ හොදේ?). එතැනින් wall තෝරාගන්න
.


wall ගිහින් Go to Application තෝරාගන්න

එවිට මේ ආකාරයේ menu සහිත පිටුවක් පෙන්නාවි.


Add a new Blog වෙත ගොස් අපගේ හෝ වෙනත් කෙනෙකුගේ බ්ලොග් අඩවියක් මෙයට ඇතුලත් කරන්න පුලුවන්. බ්ලොග් අඩ්වියේ හිමිකාරීත්වය ඔප්පු කරල පෙන්න්නන්න ක්‍රම දෙකක් තියනවා. එකක් එයාල දෙන එකක් අපේ බ්ලොග් අඩ්වියේ දැමීම අනික තමයි දැනට ඔයාලගේ ඉන්න යාලුවොන්ට පුලුවන් ඔයාලගේ බ්ලොග් අඩ්වියේ හිමිකාරීත්වය ගැන සහතික කරන්න. එහෙන්ම 9 දෙනක් සහතික කලොත් තමන්ගේ බ්ලොග් අඩ්වියේ හිමිකාරීත්වය ලේසියෙන්ම ලබාගන්න පුලුවන්.

අනික් ක්‍රමය තමා NetworkedBlogs Application එකෙන් දෙන code එක අපේ බ්ලොග් එකේ දාන එක

හිමිකාරීත්වය සහතික කරගත්තට පස්සේ අපෙ බ්ලොග් අඩ්විය ගන විස්තර අතුලත් කරන්න පුලුවන් මේ වගේ පිටුවක් ලැබෙනවා. එතනින් ගොඩක් දේවල් කරන්න පුලුවන්. තිර පිටපත බැලුවොත් තේරේවි



profile හිදි NetworkedBlogs applicationඑක තුල පෙන්වන තමන්ගේ තොරතුරු ඇතුලත් පිටුව සකසා ගන්න පුලුවන්.

Friends තුලදී දැන NetworkedBlogs භාවිතා කරන යාලුවන්ගේ අලුත්ම ලිපි බලාගන්න පුලුවන්. මේ මගේ friends tab එක දිස් වෙන ආකාරය. පේනවද මෙතන තියන RSS Feed ලාංචනය? එතන ක්ලික් කලොත් ඔයාලට පුලුවන් යාලුවන්ගේ අලුත් බ්ලොග් ලිපි ටික Reader එකක ඉදල (Facebook යන්නේ නැතුව උනත්) පහසුවෙන් කියවන්න


මේ මගේ Home Tab එක. එතනින් මට බ්ලොග් ලිපි share කරන්න, එවාට ratings දෙන්න පුලුවන්



ඔය ඔක්කොම කලා කියල විතරක් මදි යාලුවන්ට මේ ගැන කියන්න.ඒ වගේම NetworkedBlogs නිසා බ්ලොග් එකට කැමති අයට facebook හරහා ලේසියෙන්ම අපිව සම්බන්ධ කරගන්න අවස්ථාවක් තියනවා.

කැමති නම් බ්ලොග් අඩවියට NetworkedBlogs widget ඇතුල් කරගන්න. පේන විදිය බලන්න නම් ශාකුන්තල අය්යගේ බ්ලොග් අඩ්වියට යන්න. මම දැක්කා එයා මේක එකතු කරලා තියනවා. ඒ වගේම දැන් NetworkedBlogs Box එකක් විදියට අපේ facebook profile එකට එකතු කරගන්න පුලුවන්.

මේ ගැන ප්‍රශ්න තියනවා නම් ප්‍රතිචාර විදියට එකතු කරන්න. පුලුවන් ඉක්මනට පිලිතුරු ලබා දෙන්නම්

ඉතින් සුභ බ්ලොග් අනාගතයක් හැමෝටම. ඔන්න සුදා මලයගේ තරගාවලිය පටන්ගෙන. කැමති කැමති අය එතෙන්ටත් ගිහින් බැලුවා නම්!

11 comments:

  1. මම නම් සාමාන්‍යයෙන් Facebook පැත්තේ යන්නේ නෑ. මට මාසෙටම තියෙන්නේ 2GB නේ.. මැණිකක් රකිනව වගේ ඒක රැක ගන්න එපායැ. ඒත් බලමු try කරලා....

    ReplyDelete
  2. @Thilina
    ඔයාට යන්නම ඔනේ නම් මොබයිල් වර්ශන් පාවිච්ච් කරන්න පුලුවන්. http://m.facebook.com/ එතකොට හරිම පොඩි ඩෙටා ප්‍රමානයක් තමා පාවිච්චි වෙන්නේ.හැබැයි application පාවිච්චි කරන්න නම් බෑ

    ReplyDelete
  3. හැබැයි බ්ලොග් ලියන කියවන අයට නම් අනන්ත වාරයක් හිතිලා ඇති Facebook එකටවඩා බ්ලොග් ලියන කියවන එක කොච්චර රසවත් දෙයක්ද කියලා.

    අපෝ ඔව් !!! ඉස්සර homepage එකට facebook දාගෙන හිටපු මම දැන් දාගෙන ඉන්නෙ blogs.sinhalabloggers.com !!!!!!!!!!

    ReplyDelete
  4. @Chrishi
    බොහොම හොදයි!

    ReplyDelete
  5. ‍ෆේස්-බ්ලොග්z, එළz, මමත්z ඇඩ්z කරගත්තාz... zzzz

    ReplyDelete
  6. ඕක මට මාට්ටු උනේ ඔයා මට එවපු request එකෙන්නෙ. දැන් මාත් ඉන්නව. ඊයෙ තමයි මම මගේ බ්ලොග් එකේ author කියල approve වෙලා තිබුනෙ. යකාගෙ වැඩක්නේ මගේ බ්ලොග් එක මමද ලියන්නෙ කියල අහනව.

    ReplyDelete
  7. @gayantha
    එලාz

    @සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath
    ඔව්වා ඔහොම තමා.මොනවා කියලා කරන්නද සුද්දට පිස්සුනේ ටිකක්

    ReplyDelete
  8. ඒ බ්ලොග් එකේ කතෘ තමන් බව තහවුරු කරන්න යාළුවොන්ට කියන්නම ඕන නෑ. ඇප්ලිකේෂන් එකෙන් දෙන කෝඩ් එක විජට් එකකට දාල වෙරිෆයි කරතහැකි.

    @ DeepS :
    අනේ ඇයි මගේ නම එක්ක තරහ ? මම "බුධාජීව", "බුද්ධජීව" නෙවේ ! :-P

    ReplyDelete
  9. මට නම් ටිකක් කම්මැලි වැඩක් ඔය මුනූ පොත, ගොඩක් අය මට එන්න කියලා කිව්වා, හැබැයි තාම එගැන හිතුවෙ නම් නැ, කමක් නැ උත්සහ කරලා බලන්නම්.
    ඒත් එවගෙද අපේ බ්ලොග් කෙරුවාව, රෑට නින්ද යන්නෙත් නැනේ දැන්, පුර්ර්!!!

    ReplyDelete
  10. @Supun Budhajeewa
    අනේ සමාවෙන්න ඕනේ නම වැරදිවට දැම්මට. ඔන්න හැදුවා. ඔව්නේ. ක්‍රම දෙකක් තියනවා කියල පටන් ගත්තට එකයිනේ කියලා තියෙන්නේ. බොහොම ස්තුතියි වැරද්ද පෙන්නවල දුන්නට. ඔන්න ඒකත් හැදුව

    @නුවන්සි
    අපෝ facebook එකට නම් යන්න කලින් ටිකක් හිතන්න. කාලේ කන වැඩක්

    ReplyDelete
  11. @deeps :
    අයියොහ් ! ඕක මොකක්ද, මේ ඇත්තලෝකෙ සමහර එවුනුත් මගෙ නම ලටපවල කියන්නෙ. :-D

    ReplyDelete