Thursday, May 28, 2009

ආයුබෝ වේවා!!

මාත් සුද්දාගේ භාෂාවෙන් බ්ලොග් අඩවියක් පටන් ගත්තා මීට මාස හය හතකට කලින්. එත් ටික කාලයක් යනකොට හිතුනා සිංහලෙනුත් ලියන්න ඕනේ කියලා. මුලින්ම පොඩි ලිපියක් දාල බැලුවා මගේ ටයිප් කිරීම එහෙම කොහොමද කියලා බලන්න.එකෙන් පස්සෙ ගොඩක් ආස හිතුනා සිංහලෙනුත් ලියන්න. ඒ ආසාව නිසා තමා මොබිටෙල් ගැ, ස්පෑම් ගැන සහ වෙසක් ගැන ලිපි සිංහලෙන් ලියවුනේ.

මේ අතර අපේ විභාග කට උඩටම ඇවිත්. කොච්චර වැඩ වැඩි උනත් ලියන්නමයි හිතෙන්නේ. එත් ඉතින් මගේ බ්ලොග් එකේ දිගටම ලිය වුනේ දිග ලිපි. සැරින් සැරේ කෙටි ලිපි ලිය වුනත් එවා ඒ බ්ලොග් එකට ගැලපෙන්නේ නැති ගතියක් දැනුනා.ඔය හේතු නිසා ගොඩ කාලෙක ඉදල හිතෙ තිබුන ක්ශුද්‍ර බ්ලොග් අඩවියක් පටන් ගැනීමේ අවශ්යතාවය තවත් තදින් දැනුනා.

ඔන්න ඔය අස්සේ අපේ සුදා තවත් වැඩකට අත ගහලා. සහභාගි වෙන්න හරිම ආසයි. එත් මට සිංහල බ්ලොග් අඩ්වියක් නැනේ කියල හිතෙනකොට අර අවශ්යතාවය දෙක තුන වෙලා හිතට දැනුනා

ඉන්න බැරිම තැන ඔන්න අලුත් සිංහල බ්ලොග් අඩවියක් හැදුවා. හැදුව කිව්වට ඉතින් එක එක කෑලි බෑලි එහෙන් මෙහෙන් එකතු කරල පැයකටත් අඩු කාලයකින් තම මේ අඩවිය නිර්මාණය කලේ.

අපේ විභාග ඉවර උනාම බ්ලොග් එක ගොඩක් වෙනස් වෙයි. ඔයාලගෙත් අදහස් තියනවා නම් ඉදිරිපත් කරන්න ඒ ගැන. එතකන් ඉතින් මේ ඇඳුමම තමා.

ඇඳුම මොකක් වුනත් දවසකට අඩුම ගානේ එක කෙටි සටහන බැගින් වගේ මේකේ ලියවේවි. ලියන්නේ ඉතින් අනං මනං තමා.

අනං මනං කිව්වට වැඩක් නැති අනං මනං නෙවෙයි ඕං. කාට හරි කොහොමහරි වැදගත් වෙන අනං මනං.මොනවද කියල බලන්න ඇහැ ගහගෙන ඉන්නකෝ.

ප.ලි. මගේ අනෙක් බ්ලොග් අඩවියේ තිබුනු සිංහල ලිපි කීපය මෙම අඩවියට ගෙන එන ලදී.

14 comments:

  1. ආ වඩා ආයුබෝ වේවා! ඔන්න මං පලමු ක්මේන්ට් එකත් දාලා පලමු fllower වුණා එක්ක! ජය වේවා, සාදරෙන් පිලි ගන්නවා සිංහල බිලෝග්කරණ ලෝකයට. වැරද්දක් නම් පෙන්නේ නෑ, හොඳට කරලා තියෙනවා පැයකින් ඔක්කෝම!

    ලියං ලියං පොඩික්කේ! සු‌භ‌ාසිරි එක්ක අපි බලං ඉන්නවා ඔන්න හොඳ හොඳ එව්වා කියවන්නට!

    ReplyDelete
  2. සුභ පැතුම්!

    පසුබිම් වර්‍ණය සහ පෙළ වර්‍ණය (අකුරු වල පාට) ගැලපෙන්නේ නැ.. එකිව්වේ ඇහැට අමාරුයි!

    ReplyDelete
  3. ආ.. එල එල ! සිංහලෙන් ලියන්ට පටං ගත්ත එක හොඳා. බ්ලොග් රෝලට මාවත් එකතු කර ගැනීම ගැන ස්තූතියි.

    දිගටම ලියන්ට !

    ReplyDelete
  4. ආ එළ එළ! ජයවේවා කිව්වා එහෙනං! :)

    ReplyDelete
  5. බ්ලොග් එක හරිම ලස්සන විදියට හදලා තියනවා.. දිගටම ලියන්නකෝ.. සුභ පැතුම්..

    ReplyDelete
  6. මටත් සිංහලෙන් ලියන්න ආසයි - ඒත් ඇපල් කොම්පියුටරේට සිංහල අකුරු හරියට හදලා නැති එක හරි වදයක්.
    දිගු ගමනකට ඔන්න අපෙනුත් ආසිරි...

    ReplyDelete
  7. ගුඩේ ගුඩ් ලක් වේවා නංගෝ... බ්ලොග් එක හැඩ කරගන්න උදව්වක් මෙතනින් ගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  8. ah... ela ela deeps... dan ehenam danna basawen gemak ada gamu =D

    digatama liyanna... subha pathum.. blog wage newei.. lagadi exam thiyenawa neda? e tikatath subha pathum.

    ReplyDelete
  9. සුබ පැතුම් ... කැම්පස් එකෙන් බ්ලොග් ලියන්න තව කට්ටිය හොයා ගන්න බැරිද ?

    සුබ පැතුම් ....

    ReplyDelete
  10. ඔන්න ඉතින් පරක්කු වෙලා මමත් සුබ පතනවා

    ReplyDelete
  11. @all the well wishers

    මගේ ඉංගිරිසි බ්ලොග් එක වටේ ඉදල මාව දිරිමත් කරපු හැමොටමත් සිංහල බ්ලොග් එකට ආපු හැමෝටමත් ස්තුති වේවා කිව්වා.තාම සිංහල ලෝකෙට අලුත් නිසා වැරදි දුටු තැන පෙන්වා දීම ගැනත් ස්තුතියි

    @danishka
    ඔයා විතරක් නෙවෙයි, ගොඩක් අයට ඔය ප්‍රශ්නය තිබුනා.මේ හදිස්සියේ theme වෙනස් කරන්න බැරි නිසා ඔන්න වැඩක් කලා. විභාග වලින් පස්සේ සැරසිලි ගැන සලකා බලන්නම්

    @Serendib_Isle
    අමාරුවෙන් හරි අර පටන් අරගෙන තියෙන්නෙ ලියන්න. එල එල ලියනු දිගටම!!

    @shaakunthala
    දෙන්නම් බැටේ විභාගෙන් පස්සේ

    @chamila
    ඔව් ඔව් ඒ අභාගේ අගහරුවාදා පටන් ගන්නවා

    @leo sadeepa
    අනේ මන්ද අය්යා. බලමු. අපේ කාටවත් ඒ වගේ දෙයක් ගැන උනන්දුවක් නෑ. ඊලග සමාසිකයේ ඩනිශ්ක අය්යා එක්ක වැඩමුලුවක් කරන්න හිතාගෙන ඉන්නවා. ඊට පස්සෙ වත් කට්ටිය එයිද බලමු

    ReplyDelete
  12. ගෑණු ලමිස්සියක් මෙහෙම බ්ලොග් කෙරුවාවක් කොරන එක සෑහෙන්ට අගයන්ට වටිනව. පමාවෙලා හරි ඔබට ජය..!!

    ReplyDelete
  13. @සියදෝරිස්
    බොහොම ස්තුතියි සීයේ!

    ReplyDelete