Wednesday, July 15, 2009

බැංකු උණ සහ තවත් කතා


මේ දවස් වල ඩෙංගු, ඌරු උණ වගේ ඒවා හැරුනු කොට තරුණ කොටස් අතර පැතිරිලා තියන අළුත්ම උණ තමා බැංකු උණ.ලංකා බැංකුව , DFCC බැංකුව , මහ බැංකුව යන තුනටම එක පාර අයදුම්පත් කැඳවලා.බැංකු රස්සාව ගැන එච්චරම ආසාවෙන් හිටියේ නැති උනත් ගෙදර අයගෙන් සහ වෙනත් බලවත් පාර්ශව වලින් ආපු ඉල්ලීම් නිසා මාත් ඔය තුන ගැනම හොයල බැලුවා. ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතුන නිසා අද කියන්නේ යන්නේ ඒ ගැන.

ලංකා බැංකුවේ සහ DFCC බැංකුවට නම් අයදුම්පත් යවන්න පුලුවන් අවසාන දවස දැන් පහුවෙලා.ඒ දිනවල වැඩ ගොඩක් වැටිලා තිබුණු නිසා බ්ලොග් එක ලියන්න බැරි උනත් මගේ මූණු පොතේ යාලුවන්ට නම් ඒ ගැන කිව්වා.හැබැයි ඔන්න කට්ටිය ලංකා බැංකුව ගැන දන්නේ නෑ කියල නම් කියන්න එපා. මෙතන ඒ ගැන ලියවිලා තිබුණා.

,


මහ බැංකුවේ රැකියා අවස්ථා ගැන මෙතනින් බලන්න පුලුවන්. දැනට Management Trainees /
Banking Assistants (Trainees) යන රැකියා අවස්ථා සඳහා ඉල්ලුම්පත් කැඳවලා. අවසාන දවස ජූලි 27. Management Trainees සඳහා විශේෂ උපාධි වගේ ලොකු ලොකු සුදුසුකම් ඉල්ලනවා. නමුත් Banking Assistants (Trainees) සඳහා අවශ්‍ය උසස් පෙළ සඳහා අවම වශයෙන් සී සාමාර්ථ 3ක් හා සාමාන්‍ය පෙළ සඳහා එක වරකදී ගණිතය හා එක් භාශාවක් ඇතුලුව බී සාමාර්ථ 5ක් පමණයි. ඒ විස්තර පැහැදිලිව මෙතනින් බලාගන්න පුලුවන්.ලංකා බැංකුවේ පඩියට සාපේක්ශව මහ බැංකුවේ හොඳ පඩියක් ලබාගන්න පුලුවන්.හැබැයි ඉහල සුදුසුකම් ඉල්ලනවා.

කොහොම කොහොම හරි ඕකට ඉල්ලුම් පත්‍ර දැම්ම කියමුකෝ. ඊලඟට විභාගය. ජීවිතේට ඔය වගේ විභාගෙකට ලියල නැති නිසා අද උදේ ගියා පන්තියක් බලන්න. පංතිය සංවිධානය කරන්නේ අපේ මාමාගේ යාලුවෙක්. එයාගෙන් ඇහුවාම කිව්වා අද උදේ ඉංග්‍රීසි කරන නිසා ආවේ නැති උනාට කමක් නෑ කියල.කෝකටත් කියල මම උදේ පාන්දර ගියා පංතිය බලන්න.පංතියේ වැඩ කරන්නේ ලංකා බැංකු විභාගය පාදක කරගෙන.

ළමයි නම් එච්චර හිටියේ නෑ Group Class නිසා. නමුත් උගන්නපු දේවල් නම් ගොඩක් වැදගත්. ඉංග්‍රීසි කිව්වට අපි උසස් පෙළට කරපු ඉංග්‍රීසි වත් ව්‍යාකරණ වත් නෙවේ, ඊට වැඩි යමක් එතන කෙරුනා. ආර්ථික විද්‍යාවට අදාළ දේවල් ඔස්සේ රචනාවක් ලියන්න එනවලු. උදාහරණයක් විදියට අපි අද පන්තියේදි සාකච්ඡා කලේ Global Recessionහෙවත් ආර්ථික අවපාතය සහ ඒක ලංකාවට බලපාන ආකාරය ගැන. වචන 200ක් 250ක් අතර කඩ්ඩෙන්ලු ලියන්න ඔනේ රචනාව. ඒකට ලකුණු 40 ලැබෙන බවත් දැන ගත්තා. බැංකු විභාගය සඳහා පංතියකට යන්න බලාපොරොත්තු නැති කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඔය වගේ මාතෘකා ගැන පොඩ්ඩක් බලාගන්න.

ඊළඟ කොටස බුද්ධි පරීක්ෂණය. ඒ පාඩම කරන කොට නම් හිතුනා ඇයි උසස් පෙළට ගණිතය කලේ නැත්තේ කියලා. කොහොම උනත් කැම්පස් එකේ ගණිතය අමතර විෂයක් විදියට කරපු නිසා පොඩ්ඩක් ශේප්.

මම ලංකා බැංකුවට වගේම මහ බැංකුවටත් ඉල්ලු පත්‍ර දැම්මා. නමුත් ලංකා බැංකුවට වඩා මහ බැංකුවට තමා සිහින මවන්නේ.ඒක නිසා එතනින්ම ඇහුවා මහ බැංකු විභාගයට පංති නැද්ද කියලා.ගත් කටටම කිව්වෙ නැතැයි නැහ් කියලා. මාර ලෙඩේ තමා ඒක. ප්‍රශ්ණ පත්තරේ ආකෘතිය වත් දන්නේ නැතුව ලියන්නේ කොහොමද? (අනේ කවුරු හරි දන්නවා නම් නුවර පැත්තේ පංතියක් ගැන මට කියල එවනවාද?)

දෙවැනි ලෙඩේ ඒකට හපන්. ඔය විභාග දෙකටම මම ඉල්ලුම් කලේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. උසස් පෙළ කරන කාලේ ඉඳලා මේ වෙනකන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන ආපු නිසා එහෙම කලේ. අනික ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉල්ලුම් කලාම තරගය අඩු වෙයි කියලා හිතුනා. නමුත් අද ගියපු පන්තියේ ගුරුතුමා කියනවා අපරාදේලු ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉල්ලුම් කලේ. හේතුව විදියට ඔහු දකින්නේ සිංහල මාධ‍යෙන් ලියන අයදුම්කරුවන්ගේ ඉංග්‍රීසි දැනුමට වඩා මගේ ඉංග්‍රීසි දැනුම ඉහල මට්ටමක පැවතීම.

පිළිතුරු පත්‍ර බලාගෙන බලාගෙන යනකොට එක පාරට හොඳ තත්වයේ ඉංග්‍රීසි රචනාවක් දැක්ක ගමන් ලකුණු වැඩියෙන් දෙන්න පෙලඹවෙනවලු.ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉල්ලපු නිසා ඒ වාසිය නැති වෙනවලු. අනේ මන්දා. කොහොම උනත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් නම් එක පංතියක් වත් මෙහේ හොයාගන්න නෑ.කොලඹ රටේ නම් සමහර විට ඇති. අපිට ඉතින් හැමදාම කැකිරිනේ. දැන් ඉතින් කොරන්න තියන එකම වැඩේ හවසට ඇවිත් කියල දීපුවා ඉංග්‍රීසියට හරවන එක.

පෝස්ට් එක පටන් ගත්තේ බැංකු උණ කියලානේ. ඉතින් මෙන්න බැංකු උණ වැඩි කරගන්න ක්‍රමයක් ගැන පොඩි ඔත්තුවක්.

ලංකාවේ බැංකු රැකියා එක්ක කියවෙන තවත් වචන දෙකක් තමා CBF ( බැංකු හා මූල්‍ය සහතික පත්‍ර) සහ DBF (බැංකු හා මූල්‍ය ඩිප්ලෝමා ). මේ පාඨමාලා දෙකම එක්සත් රාජධානියේ වරලත් බැංකුකරුවන්ගේ මූල්‍ය පාසල ( ifs School of Finance )සහ ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනය ( IBSL )එක්වෙලා තමා පවත්වන්නේ. ඔය විභාග දෙක සමත් වෙනවා කියන්නේ ලංකාවේ ඕනෑම බැංකුවකට ඉල්ලුම් කරන්න පුලුවන්. දැන් DBF (බැංකු හා මූල්‍ය ඩිප්ලෝමා ) පාඨමාලාවේ ප්‍රධාන විශයන් 4 සම්පූර්ණ කරන අයට එංගලන්තයේ Nothumbria විශ්ව විද්‍යාලයේ B.A. ගෞරව නායකත්ව සහ කළමනාකරණ උපාධියේ [ Leadership and Management (BA (Hons)) ]අවසන් වසරට ඇතුලත් වෙන්න පුලුවන්.ඒ කියන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නක් වගේ වැඩක්. උපාධියක් සමඟ professional qualification එකක්. මේ පිළිබඳව වැඩි විස්තර මෙතනින් බලාගන්න පුලුවන්. ආහ්, තවත් වැදගත් දෙයක් තමා විභාග දෙකම අපේ රටේ භාශා තුනෙන්ම පැවැත්වීම.

ඉතින් ඔය දේවල් ගැන හොයන්න පහුගිය දවස් වල පත්තර කියව කියව ඉන්නකොට අහු වුනා තවත් දෙයක්. අර මාලබේ පටන් ගන්නවා කිය කිය හිටපු විශ්ව විද්‍යාලයේ ඔන්න දැන් පාඨමාලා ආරම්භ කරන්නයි යන්නේ. එකේ නම SAITM (South Asian Institute of Technology and Management )දැකපු ගමන් හිතෙන්නේ සාක් එකෙන් කරන වැඩක් වගේ. එත් පත්තරේ දැන්වීමේ තිබුන විදියට නම් SAITM is the largest and the most modern higher education center established by the private sector.

හික් බලමුකෝ ඉස්සරහට ඕකෙන් මොන මොන වැඩ වෙයිද කියල?

11 comments:

  1. අපෝ බැංකු වල වෑඩකරලා බෑ. වෙස්මූණක් දාගන ඈවිත් ඔලුවට පිස්තෝලයක් තිබ්බොත් මොන දෙයියන්ට කියන්නද..

    ReplyDelete
  2. >>බැංකු රස්සාව ගැන එච්චරම ආසාවෙන් හිටියේ නැති උනත් ගෙදර
    >>අයගෙන් සහ වෙනත් බලවත් පාර්ශව වලින් ආපු ඉල්ලීම් නිසා

    අපිටත් ඔය අන්තරාවම නේ තියෙන්නෙ.. (හැබැයි ගෙදරින් විතරයි :P )
    --
    >>වචන 200ක් 250ක් අතර කඩ්ඩෙන්ලු ලියන්න ඔනේ රචනාව.
    >>ඒකට ලකුණු

    ඈ..?? සිංහල මාධ්‍යයෙන් ඉල්ලපු උන් ලියන්න ඕනෙත් කඩ්ඩෙන්ද?
    --
    කොහොම හරි හොඳ ඔත්තුවක් (ඔත්තුවක් කිවුවට ඔත්තු ගොඩක්) දීල තියෙන්නෙ.. එළ එළ තැන්කූ..

    ReplyDelete
  3. ගොඩක් ස්තුතියි. මේ බොලොග් එකට පින්සිද්ද වෙන්න මම අපේ නංගිට ඇප්ලිකේශන් ගිහින් දෙනව එයාට හරි සතුටුයි මේ වැඩේට

    ReplyDelete
  4. පිස්සු හැදෙයි..!

    ReplyDelete
  5. අයියෝ.... මං class ගියේ දවස් දෙකයි. මට නම් දැනටමත් එපා වෙලා ඉන්නේ. :(

    ReplyDelete
  6. බැංකු උණ.. මේ උණට තාම බෙහෙත් හොයා ගෙන නැද්ද?? :D

    ReplyDelete
  7. >>වෙනත් බලවත් පාර්ශව වලින් ආපු ඉල්ලීම් නිසා
    අම්මෝ ඔය පාර්ශවේ ගොඩාක් බලවත් ඇති නේද ? ;)

    ReplyDelete
  8. හොදයි දැනුවත් කිරිම ගැන.
    මමත් දැනගෙන නම් හිටියා, උණ හැදුනේ නැති නිසා (මොකද දැනට වැඩ කරන්නේ බැංකු ආශ්‍රිතවම නිසා) කියන්න ඔනිකමක් තිබුනේ නැ. සමාවෙන්න ඔනි එකට
    බැංකු නම් ඉතින් දැන් එපා වෙලයි ඉන්නේ. එත් අලුතින් පටන් ගන්න අයට ‍නම් හොදයි. ට්‍රයි කරලාම බලන්නකො. හැබයි උණ නම් තියාගන්න එපා. අන්තිමට උණ සන්නිපාතයට හැරිලා පිස්සු හැදෙයි.
    හිකිස්....

    ReplyDelete
  9. බැංකු උනට මහජන ලංකා සම්පත් අරිශ්ටෙන් බෝතල් කාලක් බීල .. . සෙලාන් කසාය වඩි තුනක් බිව්වනම් නිට්ටාවට සුව වෙනව . . . අත්දුටුයි . . ප්‍රත්‍යක්ෂයි . . .

    ReplyDelete
  10. අක්කා මාව ඔයාගේ ගූග්ලෙටෝක් එකට ඇඩ් ක‍රගන්නකෝ කමතිනම් විත‍්රක් හොදේ..

    ReplyDelete
  11. @änthräX
    ඔව්වත් වැඩද..කුංෆු පැන්ඩා කවුන්ටරේ පිටිපස්සේ තියාගන්න. තුවක්කු කාරයෝ ගැන එයා බලාගනීවි

    @ගයන්ත
    ඔව් අප්පා...හැම පැත්තෙන්ම ඉල්ලීම්..වැදගත් පුද්ගලයෝ උනාම එහෙම තමා. අහ්හ්, මට දැනගන්න ලැබුන විදියට නම් මොන භාශාවෙන් ඉල්ලුවත් රචනව කඩු තමා

    @Muthunayake
    මටත් බොහොම සතුටුයි ..විභාගේ හොඳට කරන්න මගෙන් සුභ පැතුම් නංගීට

    @malee_msg
    සඳ බබලයි

    @Chathura Sandeepa
    මාත් පංතිය නැවැත්තුවා. මාධ්‍ය අව්ල මට තදේටම බල පෑවා දවස් දෙක තුනක් යනකොට

    @panhida
    තාම නෑ මයේ හිතේ..ම්ම හොයාගත්තොත් ලියන්නම්කෝ

    @ධනික
    ya ya

    @නුවන්සි
    හ්ම්ම් ඒකත් එහෙමද? බලමුකෝ මට මොනව වෙයිද කියලා

    @දුකා
    ඔන්න එහෙනම් බොනවෝ

    @රන්දීර වීරකෝන්
    හ්ම්ම්

    ReplyDelete