Monday, June 15, 2009

සබඳ එක්වෙමු Googleට අප මව් බසේ අසිරිය කියා දෙන්නට!

සටහන:රූප පැහැදිලි නැතිනම් ඒවා විශාල කර නැරඹීම සදහා ඒ මත ක්ලික් කරන්න

දන්නේ නැති දේවල් ගැන ඉගෙන ගන්
නේ ඉස්සර නම් පුස්තකාල වලින්. ඒත් දැන් ගූග්ල් තියන නිසා ඔනේම දෙයක් ගැන දැන ගන්න අවශ්‍ය අන්තර්ජාල සබදතාවක් සහ වෙබ් පිටුවක් බැලීමට හැකි ඕනෑම උපකරණයක් විතරයි. නමුත් බොහෝ දෙනෙකුට භාෂා ප්‍රශ්ණය ගැටලුවක් වෙන වාර අනන්තයි.



උදාහරණයක් විදියට කිව්වොත් google advanced search options වල තියෙන usage rights, not filtered by license, page specific tools වගේ දේවල් දුටු පමනින් අන්තර්ජාල නවකයෙකුට තෙරුම් ගැනීමට අපහසු වෙන්න පුලුවන්

නමුත් දැන් ගූග්ල් සේවා අපේ මව් භාශාවෙන් ලබාගන්න පුලුවන්. භාෂා ගැටලු විසඳා ගැනීමට එය හොඳ ක්‍රියාමාර්ගයක් ලෙස හඳුන්වා දීමට පුලුවන්.ඒ සඳහා http://www.google.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ http://www.google.com පිටුවේ ඇති Go to Google Sri Lanka සබැඳිය හරහා
ගොස් සම්බන්ධවීමට අවස්ථාව ලැබී තියෙනවා.


http://www.google.lk/ සිංහල අඩවිය දැනට දිස් වන්නේ මෙසේයි




නමුත් මෙහිදීද ගැටලු නැතිවාම නොවේ.දාහරණයක් ලෙස http://www.google.lk/ හි දකුණු පැත්තේ ඉහල කෙලවරේ දක්නට ලැබෙන "ඔබ කවුරුන්ද" යන යෙදුම ගැටලු සහගත යැයි මට හැඟේ. අප සාමාන්‍යයෙන් එම පද වැල ඉංග්‍රීසි භාෂාවට හරවන්නේ "who are you?"කියා මිස "My Account"කියා නොවේ. නමුත් http://www.google.lk/ අඩවියේ "ඔබ කවුරුන්ද" යන්න යොදා ඇත්තේ "My Account"යන්නේ සිංහල පරිවර්තනයක් ලෙසයි.


Sign Out හා පිට වෙන්න යන යෙදුම් දෙක තුලද යම්කිසි නොගැලපීමක් ඇති බැව් හැඟේ.



තවද http://www.google.lk/ පිටුවේ අභිරුචි (preference)සබැඳිය එබූ විට ලැබෙන පිටුව සිංහල හා සිංග්‍රීසි පත අට එකට සිඳුවා ලබාගත් කසායකට නොදෙවනි එකකි.




සමහර විට මෙම පරිවර්තන සිංහල යු
නිකෝඩ් මෙතරම් ජනප්‍රිය නොවූ අවදියක කෙරුනු ඒවාද විය හැක.කෙසේ නමුදු මෙම ලිපියේ අරමුණ මෙවැනි යෙදුම් අඩවියට ඇතුලත් කල පුද්ගලයන් සොයා ගොස් ඔවුන්ට දඩුවම් දීමවත්, බැණ වැදීමවත් නොවේ. මේවා නිවැරදි කරන ආකාරය කියාදීමයි

--පියවර 1--

http://www.google.com වෙත ගොස් preferences තෝරාගන්න.නැතහොත් http://www.google.com/preferences?hl=en යන පිටුවට යන්න.



--පියවර 2--




Google in Your Language program.සබැඳි
හරහා ගොස් ඔබගේ භාෂා භාවිතය පිලිබඳ තොරතුරු ගූග්ල් වෙත ලබාදෙන්න


--පියවර 3--

ඔබ save බොත්තම එබුවේ නම් මෙවැනි පිටුවකට ඔබ යොමුවනු ඇත.

එතැනින් ඔබ සිංහල භාෂාවට පරිවර්තන කිරීමට කැමැති ගූග්ල් නිමැවුම තෝරාගන්න.උදාහරණයක් ලෙස ඔබ Main Search Siteතෝරාගත්තේ යැයි සිතමු.

--පියවර 4--



එවිට ඔබ මේ ආකාරයේ පිටුවට යොමුකෙරේ.

එහිදී

- Translate new messages සබැඳිය හරහා මෙතෙක් පරිවර්තනය නොවූ කොටස් පරිවර්තනය කිරීමටත්

- Edit existing translations හරහා මේ දක්වා පරිවර්නය වී ඇති කොටස් වෙනස් කිරීමටත්

- Edit your previously submitted translations හරහා මේ දක්වා ඔබ කර ඇති පරිවර්තන වෙනස් කිරීමටත් පහසුකම් ලබා දී තිබේ.

මේවා එකින් එක විමසා බලමු

Translate new messages


මෙහිදී
- Phrase in English ඉදිරියෙන් පරිවර්තනය කිරීමට අවශ්‍යය යෙදුම ඉංග්‍රීසි භාෂාවෙන් දැක්වේ

- Translation help යටතේ ඉහත පණිවිඩය දිස් වන්නේ කුමන අවස්ථාවලදීද යන්න දක්වා ඇත

- Phrase in Sinhalese ඉදිරියෙන් ඇති හිස් කොටුවේ ඉහත යෙදුම සිංහලයට නගා යතුරු ලියනය කර continue බොත්තම ඔබන්න

ගූග්ල් හි ඔබගේ පරිවර්තනය පෙන්වන ආකාරය එවිට දැක ගත හැකි අතර ඔබ පරිවර්තනය පිලිබඳ සෑහීමකට පත් වී ඇති නම් submit බොත්තම ඔබන්න.


නැතහොත් go back හරහා ගොස් පරිවර්තනය වෙනස් කර submit බොත්තම ඔබන්න.

එවිට පරිවර්තනය කිරීම සඳහා නව ප
ණිවිඩයක් ඔබට ලැබෙනු ඇත.


Edit existing translations



Edit existing translations සබැඳිය මේ දක්වා කර ඇති පරිවර්තන සියල්ල ඔබට පෙන්වන අතර පරිවර්තනය අවසානයේ ඇති edit බොත්තම එබීමෙන් එම පරිවර්තන වල ඇති වැරදි නිවැරදි කිරීමට අවස්ථාව ලබා දෙයි.

උදාහරණයක් ලෙස My Account යන්නේ දැනට තිබෙන පරිවර්තනය "මගේ ගිණුම" ලෙස වෙනස් කරමු.

පරිවර්තනය සොයාගැනීම සඳහා ඔබගේ browserය මගි
න් ලබාදෙන සෙවීමේ පහසුකම යොදාගැනීම වඩාත් ඉක්මන් හා පහසු බව මගේ හැගීමයි.මන්ද go directly to a specific message ID යටතේ සෙවීමට නම් අදාල පණිවිඩ්යට ගූග්ල් විසින් ලබාදී ඇති අංකය දැන සිටිය යුතු බැවිනි.

Firefox සඳහා F3 සහ Internet Explorer සඳහා ctrl+F ඔබන්න


browserය ලබාදෙන search කොටුව තුලට පරිවර්තනය කිරීමට අවශ්‍ය පණිවිඩ්ය හෝ වචනය (ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන්) යතුරු ලියනය කරන්න. එවිට අදාල පණිවිඩය highlight කර පෙන්වන අතර edit හරහා අපට අවශ්‍ය ආකාරයට එය වෙනස් කල හැක (රතු පාටින් පෙන්වා දී ඇති පරිදි )

නිල් පාටින් පෙන් වා දී ඇති පරිදි සිංහල යුනිකෝඩ් භාවිතා නොකර transliteration ක්‍රමයට පරිවර්තනය වී ඇති කොටස්ද බොහෝ සංඛ්‍යාවක් මෙම පිටුවේ දක්නට ලැබේ.හැකිනම් ඒවාද සිංහල යුනිකෝඩ් භාවිතා කර පරිවර්තනය කරන්න.


Edit existing translations යටතේ edit සබැඳිය හරහා ලැබෙන්නේ මෙවැනි පිටුවකි

මෙහිදී
- Phrase in English ඉදිරියෙන් ඔබ නිවැරදි කිරීමට තෝරාගත්යෙදුම ඉංග්‍රීසි භාෂාවෙන් දැක්වේ

- Translation help යටතේ ඉහත පණිවිඩය දිස් වන්නේ කුමන අවස්ථාවලදීද යන්න දක්වා ඇත

- Phrase in Sinhalese ඉදිරියෙන් ඇති හිස් කොටුවේ නිවැරදි සිංහල යෙදුම යතුරු ලියනය කරන්න

යටින්ම ඇති කොටුව තුල ඔබ දැනට ඇති පරිවර්තනය වෙනස් කිරීමට හේතුව ඉංග්‍රීසියෙන් පැහැදිලි කර continue බොත්තම ඔබන්න

ඉන්පසු පෙර සේම ගූග්ල් හි ඔබගේ පරිවර්තනය පෙන්වන ආකාරය එවිට දැක ගත හැකි අතර ඔබ පරිවර්තනය පිලිබඳ සෑහීමකට පත් වී ඇති නම් submit බොත්තම ඔබන්න.

නමුත් ඔබගේ නිවැරදි කිරීම් හා පරිවර්තන ඒ මොහොතේම ගූග්ල්හි නොපෙන්වන බව කරුණාකර සලකන්න.මෙම පිටුව එම පරිවර්තන හා නිවැරදි කිරීම් එකින් එක විමසා බැලීමෙන් අනතුරුව ගූග්ල් වෙත එක් කරන බව ප්‍රකාශ කරන නමුත් එම නිවැරදි කිරීම් හා පරිවර්තන විමසා බලන්නේ කවුරුන්ද යන වග මා හට සොයාගැනීමට නොහැකි විය. (දන්නා කෙනෙක් සිටී නම් පවසත්වා)

Edit your previously submitted translations

මෙහිදී මේ දක්වා ඔබ කර ඇති පරිවර්තන සියල්ල පෙන්වන අතර වෙනස් කම් කිරීම ඉහත
Edit existing translations යටතේ එන ක්‍රියාවලියට සමාන නිසා තිර සටහන් අනවශ්‍ය බැව් හැඟේ

මෙම ලිපිය ලිවීමේ මාගේ අරමුණ නම් සිංහල භාශාවෙන් ගූග්ල් සේවා ලබාගැනීමට ඇති එක් ගැටලුවක් ඔබ සැමගේද උදව් උපකාර ඇතිව විසඳා ගැනීමයි.

කරුණාකර දැනට ඇති නිවැරදි පරිවර්තන විකෘති කිරීමෙන් හා වැරදි පරිවර්තන කිරීමෙන් වලකින්න. Wikipedia වැනි විශ්වකෝශ අද ඉතාමත් ජනප්‍රිය වී තිබෙන්නේ ඕනෑම කෙනෙකුට එහි ඇති වැරදි නිවැරදි කිරීමටත් නව දැනුම එකතු කිරීමටත් අවස්තාව ලැබී තිබෙන නිසායි.නමුදු ලැබී තිබෙන නිදහස නිසා යමෙක් වැරදි තොරතුරු එයට එක් කලත් ඒවා තත්පර දෙක තුනකට වඩා හි රැදී පවතින්නේ නැත. ඒ Wikipedia කියවන ලක්ශ ගණනක පාඨකයන්ගෙන් එක් අයෙක් හෝ වැරදි තොරතුරු වැරදි බව හඩ නගා කීමට බිය නොවන නිසාවෙනි.

ඉතින් සබඳ එක්වමු Googleට අපගේ මව් බසේ අසිරිය කියා දීමට!


14 comments:

  1. එල කිරි, හොදට කියල දෙනව :)

    ReplyDelete
  2. මරු ලිපිය. හැමදේම අධ්‍යනය කරලා බොහොම පැහැදිලිව ලියල තියනවා. තිරපිටපත් යොදාගැනීමත් නියමයි.

    ඔව් මේව පරිවර්තනය ඇඹුනේ සිංහල යුනිකෝඩ් තිබුනු, නමුත් එතරම් ජනප්‍රිය නොවන කාලෙක. මාත් අවුරුදු 3කට විතර ඉස්සර මේ වැඩේ ටික ටික කළා. මං මේක දකින කාලෙ වෙද්දිත් සෑහෙන ප්‍රමාණයක් විවිධ අය විසින් කරලා තිබුනා. සමහරු මේ පද සිංහලෙන් ලියල තිබුනෙ ඉංග්‍රීසි අකුරු වලින්. ඒ කාලෙ හැටියට වැරැද්දක් කියන්නත් බෑ. උනන්දුව නිසා සහ යුනිකේත ගැන නොදැනීම නිසා එයාලා එහෙම කරන්න ඇති. නමුත් දැන් නම් ඒව නෑ. සෑහෙන්න සාර්ථක වෙලා. 60%ත් පැනලා. (කොහොමත් නිරන්තරයෙන් අළුත් කොටස් ගූගල් වෙත එකතු වෙන නිසා 100% වෙන්නෙ නම් නෑ) ඉතිරියත් අපි අපිම තමයි කරගන්න ඕනෙ. ඒකට මේ ලිපිය සෑහෙන පිටුවහල් වේවි.

    තවත් දෙයක්, මං ඒ කාලෙ වැඩි අවධානයකින් පරිවර්තන කළේ ජීමේල් සිංහල කරන්න. මට මතක හැටියට 3%ක විතර ඉඳන් 16%ක් වෙනකන් කරන් ආවා. ඒත් කවදාවත් ජීමේල් සමග සිංහල නිකුත් වුනේ නෑ. :D පරිවර්තිත ප්‍රතිශතය මදි නිසා වෙන්න ඇති. දැං ජීමේල් පරිවර්තනය කරන්න යොමුවක් ඔතන නෑ. ඒක ගැන කවුරු හරි හොයනවනම් ලොකු දෙයක්.

    ReplyDelete
  3. හොදට පැහැදිලි කරල තියෙනවා. එහෙනම් කට්ටියම එකතු වෙලා සිංහලට හරවමු

    ReplyDelete
  4. ගොඩක්ම ස්තුතියි මේ ගැන කියලා දුන්නට.

    ReplyDelete
  5. හොද ලිපියක්. ගූගල් සිංහල කල යුතුයි.

    ReplyDelete
  6. @Kusal
    බොහොම ස්තුතියි

    @SRIshanu
    ජීමේල් ගැන හොයන්න මතක් කරපු එක හොදයි. මට ඇති වුන තව ගැටලුවක් තමයි කවුද මේ පරිවර්තන ගූග්ල් එකට එකතු කරන්නේ කියන එක.මේවා check කරනවා කියල කිව්වට කවුද check කරන්නේ?

    අනික් දේ තමා, මේ වැඩේ නිසා ජංගම දුරකතන හරහා www.google.lk පාවිච්චි කරන අයට ඇති වෙන ගැටලු. transliterate කරල තියනකොට පාවිච්චි වෙන්නේ ඉංග්‍රීසි අකුරු නිසා කිසි ප්‍රශ්නයක් නෑ. ඒ වුනාට යුනිකෝඩ් භාවිතාව නිසා ඔවුන්ට බොහෝ විට පේන්නේ කොටු ටිකක් විතරක් වෙන්න පුලුවන්. සිංහල යුනිකෝඩ් පරිගණක වල ස්ථාපනය ගැන බොහෝ දේවල් අපි කතාකලත් යුනිකෝඩ් හා ජංගම දුරකතන ගැන අපි කතාකරන්නේ හරිම අඩුවෙන්. ඒ ගැනත් කතිකාවක් අරඹන්න මේ හොදම වෙලාව කියලයි මගේ අදහස

    @ගයාන් තාරක
    හරවමු හරවමු.

    @VBmaster
    ස්තුතියි කියල විතරක් හරි යන්නේ නෑ.පුලුවන් වෙලාවට එක දෙක හරි පරිවර්තනය කරන්න

    @Anu
    ආයෙත් අහල

    ReplyDelete
  7. අප්පටසිරි මාත් කාලයක් ඕකට එක එක එව්වා ‍කොරා. ඒත් නිකන්ම ඒක මඟ ඇරිලා අමතක වෙලාම ගියා... දැන් ඉතින් මතක් කරා නෙව... එළ එළ. ආයෙත් මොනවාහරි කරන්න බලමු.

    ReplyDelete
  8. මොන මගුලක් ද ? සමහරු උන් අළුතින් වචන හදල දාල.. තව සමහරු sinhalen ලියල. ඒව හදන්න ගියාම ගූගල් දෙයිය කියන පස්සෙ ආපු අඟට වඩා ඉස්සෙල්ල ආපු කන හොඳයි ලු.

    "ගූගල් සිංහල පරිවර්තකයන්ගේ සංසදය" ක් පිහිටුවන ලෙස යෝජනා කරමි.

    ReplyDelete
  9. @deeps,
    පියවරෙන් පියවර deepsගේ l10n සරලව :D

    මමත් අවුරුදු තුනකට විතර කලින් ඔය වැඩේට බැස්සා. හැබැයි පරිවර්තන කළේ SMS කොටන සිංහලෙන් තමා. No unicode.

    එක සැරයක් මට මතකයි කෙනෙක් ටිකක් ලොකු ඡේදයක් පරිවර්තනය කරලා ඒකෙ අගට translated by .... කියලා තමුන්ගෙ නමත් දාලා... හිනා කාලා මැරෙනවා. කැම්පස් ඩයල් එකක්.

    මේක ආපහු මතක් කළ එක හොඳයි. මමත් පුළුවන් වෙලාවට දායකත්වය දක්වන්නම්.

    ReplyDelete
  10. @deeps
    හොඳ ප්‍රශ්නයක්. මේව මොඩරේට් කරන්න නිසි බලධාරියෙක් සිංහල සඳහා ගූගල්ලගෙ පැත්තෙන් ඉන්නවද කියල දන්නෙ නෑ. එහෙම සිංහල කෙනෙක් ඉන්නවනම් ප්‍රජාව දැනුවත් කරන එක එයාගෙ යුතුකමක්. (පේන හැටියට නම් එහෙම කෙනෙක් නෑ) නමුත් මේ එක් කරල තියන වචන නම් අපි වගේ අය දාපුව තමයි. බලන්න මෙතන කමෙන්ට් කරපු කීදෙනෙක් මේ වැඩේට කලිං අත ගහල තියනවද?

    ජංගම දුක වල සිංහල යුනිකෝඩ් තාම හරියට වැඩ නෑ. ඒ ගැන කතා මීට පෙරත් සිදුවුනා. මලින්ත, නාගය වගේ අය විවිධ දේ කළත් නිවැරදි සම්මත නිල කාර්යයක් තාම හරි හැටි වෙලා නෑ.

    @Budhajeewa
    ඇත්ත තමයි. මං කලිනුත් කිව්වෙ, යුනිකේත ප්‍රචලිත නැති කාලෙ හැමෝම මේකට ඉංග්‍රීසි අකුරෙන් සිංහල වචන දාලා. ඒත් ඒ කාලෙ හැටියට වැරැද්දක් කියන්නත් බෑ. ඒ උන්ගෙ උනන්දුව නිසා කොරාපු දේවල්.

    ඔය ශාකුන්තලත් එහෙම දැම්ම කියන්නෙ. මං මුලදි මේකට කැරැක්ටමැප් එකෙන් යුනිකේත අකුරු කොටලත් දැම්මා. සිංහලකිට් එක ගැන දැනගන්න කලිං යුනිකේත ෆොන්ටයක් විතරක් හොයාගෙන. ;)

    මේක සම්පූර්ණ විවෘත දෙයක් නිසා සම්මතයක් (වචන යෙදුම් ගැන) එක පිරිසකට ඕනෙ හැටියට හදාගන්න අමාරු වෙයි. නමුත් කාලයත් එක්ක භාවිතයට ආවොත් සම්මතයක් ඉබේම ගොඩනැගෙයි.

    තියන වැරදි නිවැරදි කරන එකයි, ඉතුරු පද පරිවර්තනය කරන එක්යි දෙකම කරන්න වෙයි.

    ඒක නෙමෙයි, කවුරුත් ජීමේල් ට්‍රාන්ස්ලේට් කරන තැනක් හොයගත්තෙ නැද්ද? ඉස්සර ඔය තැනම තිබුනා. දැං ඒක ගලවලා. :(

    ReplyDelete
  11. බොහොම ස්තුතියි දීප්! දැන් මට වසන්ත නිවාඩුවට කරන්න වැඩ ලෑස්තුවටත් දැම්මා. හොඳ මතක් කිරිමක්, මට මතක හැටියට මම ඔය වැඩේ කරන්න ගියා, නමුත් මම කලේ නෑ, ඇයි කියලා මතක නම් නෑ, ඒ කාලේ සිංහල ප්‍රචලිත නැතිවටත් තීබිමත් හේතු වෙන්න ඇති. බොහොම ස්තුතියි දැනුම් දීම ගැන. ඔබ මේ අඩුපාඩු කිව්වාම මම ගුගුල්හී දෙමල එකට ගියා (International Sri Lanka ). එවායේ වචන වලට අනුමානයන් දෙනවා ( ජාත්‍යන්තර ශ්‍රිලංකා. එත් අපේ එකකුදු නැහැ, දැන් යම්තාක් දුරට සිංහල යුනිකේත වලින් ලියැවුණු ඒවා තියෙන නිසා මේ ගැනත් බලන්න ඕනේ.ඒ අයට කට්ටිය ඉන්නවානේ එව්වාට කියල අරක මේකට නොකියා අපි එයත් ඇතුළු කරන්න බලමු. මට පේන විදිහට ශ්‍රි ලංකා දෙමල එකේ අර්ථ වෙනස් වගේ නිකං, ඒත් මම දන්නේ නැතිවට හරි වෙන්න පුලුවන්. මම මේ ද්‍රවිඩ ගැන කතා කලේ කුහක අදහසින් නෙමේ, එයත් සිංහල පිටුවත් එකසේ දියුණු වෙල තිබෙනකොට කොයි තරම් හොඳද කියා හඟිමකිනුයි.මට යම් ආදම්බරයකුත් දැනෙනවා ගුගුල්හී ලංකා පිටුවේ ත්‍රේභාෂිකව තිබෙනවා දකිනකොට. 8)

    ReplyDelete
  12. ඒක නෙමෙයි, කවුරුත් ජීමේල් ට්‍රාන්ස්ලේට් කරන තැනක් හොයගත්තෙ නැද්ද? ඉස්සර ඔය තැනම තිබුනා. දැං ඒක ගලවලා. :(

    Ask it from Adavark or Yahoo Answers! or Contract Google. Somebody can reply you. :) Let's try it!

    ReplyDelete
  13. සුභපැතුම් යාලුවනේ ප්‍රධාන පිටුව දැන් 100%යි. ඉතිරියත් සැමදෙනාගේ දායකත්වයෙන් සම්පූර්ණ කරන්න හැකිවෙයි කියා සිතනවා.

    ReplyDelete
  14. අනිවාර්යෙන්ම, මුළු ලෝකෙටම අනුව කෝටි දෙකක් වගේ කුඩා පිරිසක් කතා කරන භාෂාවක් මේකට දාපු එකම අපේ අනාගත භෘෂා පරපුර ලබපු ජයක්

    ReplyDelete