Wednesday, June 17, 2009

අද දවස

හලෝ හලෝ...කට්ටිය කොහොමද? අපිට නම් ඔන්න ප්‍රධාන විෂයන් 5 ඉවරයි.ඉල්ලං කන පරිප්පු නිසා මට නම් තාම ඒ වුනාට විභාග ඉවර නෑ. non-credit කරන CMP101එකේ විභාගේ මේ සතියේ. ඔය කොහොම උනත් ගොඩක් අයට අද විභාග ඉවරයි. ඉතින් කට්ටියම ගියා පේරාදෙණිය රාජකීය උද්හිද උද්‍යානයට. නිකං ජොලියට දන්නැද්ද ඉතිං??


රූපය ගත්තේ මෙතනින්

මම ඊයේ නම් හිතාගෙන හිටියේ යන්නේ නෑ කියල. එත් කොහෙද අනේ යාලුවෝ ගොඩට වැටුනාම ඕවා අමතකයි..අනික ඉතින් ඔය වගේ චාන්ස් එකක් ආයේ ඉතින් මාස 6කින් නේ එන්නේ.ලාහෙට ගෙම්බො එකතු කරන්නා වගේ එක එකා එක එක තැන් වලින් එකතු කරගෙන කට්ටිය 11.00- 11.30 වෙනකොට ගේට්ටුව ලඟට ආවා.

අද අපිට විභාගේ තිබුනේ CDCE එකේ, ගොඩක් අය දන්නේ බාහිර විභාග අංශය කියලා.මාස හයක් ඉගෙන ගත්තුවා පැය දෙකකට සාරාංශ ගත කරලා ඉවර උන ගමන් ඉතින් කට්ටියට වැසිකිළි අවශ්‍යතා. එත් කොහෙද වැසිකිලිය ලඟ කොලඹ බස් එකට වඩා පෝලිම.

ඔතන ඉඳල මල් වත්තට ටික දුරයිනේ. මල් වත්තේ ඇති වැසිකිළි කියල ඔන්න කට්ටියම පෝලිමෙන් පැනලා මල් වත්තට ආවා.මල් වත්තට ආව ගමන් මල් කෙසේ වෙතත් වැසිකිළි සෙවීම පටන් ගත්තා. වැසිකිළියක් කියල හිතන්න පුලුවන් එකක් ළඟට ඇවිත් බැලුවම ඒක ඉබ්බෙකුත් දාල වහල. මොනව කොරන්නද කියල කල්පනා කර කර ඉන්නකොට වැඩ කරන සේවිකාවක් ඇවිත් වෙන වැසිකිළියක් තියන තැනක් පෙන්නුවා. ප්‍රශ්නේ ඉවරයි කියල ගියා බලන්න.

අනේ අම්මෝ, ඒවා තමා වැසිකිළි. එකක වත් දොරවල් නෑ.ඔක්කොම ගැලවිලා බිත්ති වලට හේත්තු කරල තියනවා. ඇතුලට ගිහින් දොර උස්සල තියාගන්න ඕනේ. වතුර නෑ. වතුර බින්දු බින්දු වැටෙන එකම ටැප් එක තිබුන වැසිකිළියේ වතුර දාන්න තිබුනු භාජනය හත් අවුරුද්දක් බුලත් කෙල ගහපු පඩික්කමක් වගේ දුඹුරු පාට වෙලා..සිවිලිමේ හිල්.. කොයි වෙලාවේ කඩන් වැටෙයිද දන්නේ නෑ

පිරිමි වැසිකිළි නම් කොහොමද දන්නේ නෑ. ගැහැණු ඒවාගේ නම් තත්වය ඔහොම තමයි. දවසකට දෙනෝදාහක් යන එන තැනකට වැසිකිළියක් හරියට නෑ කියන්නේ මොන තරම් ලැජ්ජාවක්ද?

අපිට කරන්නම දෙයක් නැති තැන දෙන්නෙක් තුන්දෙනෙක් මුරට තියලා එක්කෙනා එක්කෙනා ගිහින් ආවා.හැමෝම එලියට එන්නේ අර පෝලිමේ පැයක් හරි හිටියනම් ඒක මීට වඩා සැපයි නේද කියාගෙන. ෆොටෝ එකක් ගන්න හදනකොටම එක්කෙනෙක් කියනවා ඕවා Facebook දාල අන්තිමට අපිටමයි ලැජ්ජ වෙන්න වෙන්නේ කියලා. කොහෙද මට ඒ වෙලාවේ මතක් උනේ නෑනේ මට බ්ලොග් එකක් තියනවා කියලා. මොලේ, තමයි මොලේ..

මේ...සුද්දොත් යන්නේ ඕවටමද දන්නේ නෑනේ?

ඔය මොනා වුනත්අද නම් ඇති වෙන්න පිස්සු නැටුවා. අල්ලං සෙල්ලං කලා, එළුවන් කෑම කලා..මම එළුවා උනානේ එක පාරක්, garden එක වටේ දුවල දුවල ඇති උනාම කොටියා මගේ ළඟට එනකන් නැවතිලා හිටියා. නැත්තම් පවුනේ . කොටියට මහන්සි වැඩිවෙලා මොකුත් උනොත් කාට කියල කියන්නද? ඊට පස්සේ ගහක් යටට වෙලා සින්දු කිව්වා ඉඳල ඉඳල ඇති වෙලා එලියට එන්න හදනකොට මෙන්න බොලේ කොහෙන්දෝ ඉඳල ජපන් පෙනුමක් තියන උස මහත හැන්ඩි කොල්ලො ගොඩක් ඇතුලට එනවා. අපිත් ඉතින් ලස්සන කෙල්ලොනේ..කට්ටියට නිකං මොනාද මොනාද වගේ. එයාලට මාර ආසාවක් තිබුනේ අපේ ෆොටෝ ගන්න. එත් ඉතින් කවුද කියන්න දන්නේ නැති නිසා ආරක්ෂාව ගැන හිතල පොඩ්ඩක් අයින් ගහල හිටියා. ආහ් කැමරා කියනකොට මතක් උනේ, තව කවුද මැට්ටෙක් අපි යන යන තැනට එනවා කැමරාවකුත් උස්සගෙන. ඇවිල්ලා අපේ පැත්තට කැමරාව හරවගෙන මොනවද මොනවද කරනවා. අපි garden ground එක මැද අයිස් වෝටර් කරනකොට තමා එයා මුලින්ම අපි දිහා කැමරාව අස්සෙන් බලාගෙන හිටියේ..මේ, ඔන්න ලොකු ලොකු ළමයි කට්ටියක් පෙරාදෙණිය මල්වත්තේ පොඩි එව්න් වගේ පිස්සු නටනවා මොකේ හරි පෙන්නුවොත් මාත් ඉන්නවද බලන්න හොදේ?

හික් හික්....

ඇවිදලා ඇවිදලා අන්තිමට ගෙදර එනකොට කකුල් ගන්න දෙයක් නෑ. නිකං පණ නෑ වගේ. ඔය මොනවා වුනත් දැන් ඊලඟ පේපරේට ලැහැස්ති වෙන්න එපායැ.ඔන්න අපි ගියා...



13 comments:

  1. හෙට පේපර් එකට එළුවන් කෑම් ගැන ආවොත් හොදට ලියන්න පුලුවන්වෙයි.
    කැමරාව අරගත්තනම් ඉවරනේ.

    ReplyDelete
  2. හාපික් දාල බැලුවෙ නැද්ද? :D

    ReplyDelete
  3. මම නම් මල් වත්තට ගිහින් නෑ. තවම එක්කං යන්න හරිහපන් කෙනෙක් හොයාගන්න බැරි වුනා නොවැ. හික්...

    ReplyDelete
  4. හප්පේ... ලංකාවේ පොදු වැසිකිලි ගැන නම් කියලා වැඩක් නෑ.. නිකන් තියෙන ඒවායේ ඉඳගන්න තියා බලන්නවත් බෑ.. ඉස්සර රු.5ට තිබ්බ ඒවා දැන් රු.10 යි... අමාරු වුනාම නම් 1000/-ක් හරි කමක් නෑ... හැබැයි හිල්ටන් එකේ ටොයිලට් එකට ගියත් වැඩක් නෑ ගෙදර තියෙන වැසිකිලි පෝච්චිය වගේ ෂුවර් නෑ ඕං... :) :) (සැර වැඩිද මන්දා?)

    ReplyDelete
  5. උඩින් පැනල බෙල්ල එහෙම කඩා ගන්න එපා. යටින් ගියාට නම් අවුලක් නෑ. පොඩ්ඩක් හීරෙනව විතරයි. :-)

    ReplyDelete
  6. අපිට නම් තව මාසයක් විතර තියනවා. මම කලිනුත් කිව්වනේ. තාම නම් පාඩම් කරන්න අදහසක් නෑ. තව කල් තියනවනේ. :D

    ReplyDelete
  7. හානේ ඔයාට දුවන්නත් පුලුවන් ද?

    ReplyDelete
  8. ඔයාලගෙ ගැන්සියෙ බළල්ලුත් ඉන්නවද?

    ReplyDelete
  9. 1. මල්වත්තෙ වැසිකිළි වල පෝච්චි වෙනුවට තියෙන්නෙ බාඳුරා මල්ද ?

    2. මෙන්න මෙන්න මෙයා කොටින්ට කඩේ යනවා.

    ReplyDelete
  10. Damn you reminded me of past! :(

    ReplyDelete
  11. එහෙනම් කොළඹ‍ හොදයිනේ..

    ReplyDelete
  12. @ගයාන් තාරක
    අපෝ කැමරා උස්සන්න කිව්වේ මර්වින් සිල්වා මගේ මාමා කියල හිතුවාද? :P

    @ශාකුන්තල
    බැරි උනානේ..ආයේ යන දවසක හාපික් බෝතලේකුත් මල්ලේ දාගෙන යන්නම්

    @Thilina
    ඉක්මනින්ම කෙනෙක් හොයාගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    @Udara || උදාර මදුෂංක
    :D

    @MANJU
    Thankz

    @තමීර
    නෑ නෑ බෙල්ල කඩාගත්තේ නෑ. තාම යහතින් ඉන්නවා

    @සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath
    හැමෝම ඔහොම තමා...හික්

    @akila87
    ඇයි හිතුවේ බෑ කියලද? :P

    @Anu
    ගෙදර ගැන්සිය නම් පූස් ඩබලයි මායි. කැම්පස් ගැන්සියේ නම් පූස්ල නෑ..හොඳයි මතක් කරපු එක නිවාඩුවෙන් පස්සෙ ය්නකොට පූස්තඩියෙක් බෑග් එකේ දාගෙන යන්න ඕනේ

    @Chanaka Aruna Munasinghe
    1. නැත
    2.සුදු වෑන් එක එනකං මග බලාගෙන සිටිමි

    @-බිன்ku-
    ;(

    @malee_msg
    මම් ඉතින් නුවර ළමිස්සි නිසා කොළඹ ගැන නම් දන්නේ නෑ අක්කේ. එත් ඉතින් ඔයා කියනවා නම් පිලිගන්නම්කෝ

    ReplyDelete