Tuesday, June 9, 2009

මාසයක් තිස්සේ ඇදෙන විභාගය







විභාගය පටන් ගෙන.
ඔලුව පුපුරන්න වගේ.
එත්,
මාසයක් තිස්සේ ඔලුව පිපිරුවොත්?
deepS මැරෙයි.
හෙහ්.
deepSගේ පුංචි මොලේ එච්චර මෝඩ නෑ.
කුරුළෑ...
හැමදාම එක දෙක ගානේ මතුවෙන්නේ ඔලු කට්ට ඇතුලේ පුපුරු ගහන අසහනයට සමානුපාතිකව වගේ
ඔලු කට්ට මිරිකලා කුඩු කරන්න බැරි උනාට ඒවා මිරිකන්න පුලුවන්.
තරහ නැති වෙනකංම මිරිකන්න පුලුවන්
ඒත් අන්තිමට මූණේ කලු ලප

ඊයා....කැත

විභාගේ හරියට නොකලාම ජීවිතේ ඇදෙන කළු පැල්ලම් වගේ
කුරුළෑ ලපත් ගොඩක් කල් මූණේ තියේවි
ඉතින්, මොනවා කියල කරන්නද ?
ඉතුරු ටිකත් ඔහොමම ඇදගෙන යං

[රූපය ගත්තේ මෙතනින්]

ප.ලි. මේ බ්‍රහස්පතින්දා අගනා කඩදාසියේ අලංකාරවත් ලෙස මුද්‍රණය කෙරුනු සක්කරයාගේ පුතා වයිමාටවත් balance කර ගත නොහැකි ගණකාධිකරණය ප්‍රශ්න පත්‍රය ලැබෙන තුරු ඇ
ඟිලි ගනිමින් සිටිමි. ඇඟිලි ගනිමින් සිටින්නේ වෙන කිසිවකටත් නොව නැවුම් කඩදාසියේ ගණකාධිකරණ තීන්ත සුවඳ නාස් පුඩු දෙකන්ම රස විදීමටයි.

ඉන්පසු පෙර ලියැවුනු අනං මනං වෙත ඔබ දැක්වූ අගනා අදහස් සඳහා පිලිතුරු බලාපොරොත්තු වන්න

16 comments:

  1. කතාව නම් ඇත්ත. stress එකට සමානුපාතිකයි කුරුළෑ ඇති වෙන එක. ඒත් ඉතින් වැඩිය ගනන් ගන්න එපා. කැම්පස් ඉවර වෙන්න කලින් තව පේපර් තොගයක් තියෙනවා. ඒවට හරියන්න කුරුළෑ කඩන්න ගියොත් ඉව වෙද්දී venom වගේ ඉඳියි.

    ReplyDelete
  2. බියනොවන්න මනුෂ්‍යවාසීයනී, මම විභාගය කරන හැටි පෙන්වමි.

    සමහරරු ඔය මාසෙට ගල් ගහරනකොට ඔය කූරුලෑ කඩන ඒක වැරද්දකුත් නොවේයි ( වැඩිම වුණෝත්කොටිදෙනෙක් වෙයි. )

    ReplyDelete
  3. කුරුලෑ කඩනකොට ස්ට්‍රෙස් එක ටිකක් අඩු වෙයි.

    ReplyDelete
  4. @ Binku,

    >>බියනොවන්න මනුෂ්‍යවාසියනි, මම විභාගය කරන හැටි පෙන්වමි.

    බිංකු ව අධ්‍යාපන ඇමති ලෙස් පත් කිරීමට මම යෝජනා කරමි...

    ReplyDelete
  5. මටත් මේ දවස් වල පොඩි exam කට්ටක් තියෙනවා. වැඩේ කියන්නේ මටනම් පාඩම් කලාට කිසිම දෙයත් මතක නෑ.... මට ඔය පේපර් එක හදන එකා අහුවුනොත් මම උගේ බෙල්ල මිරිකනවා....

    ReplyDelete
  6. හොදට විබාගෙ කරන්න මගෙන් සුභ පෑතුම්

    ජයවෙව :)

    ReplyDelete
  7. haffoi! ඉවසන්න දරුවෝ ඉවසන්න...! කණ්නාඩිය ඉස්සරහා වෙලාව නාස්ති කරන වෙලාවේ පාඩම් කරන්න...!

    ReplyDelete
  8. අපොයි ගණකාධිකරණය! මට නං O\Ls වලදි ගණකාධිකරණ පේපර් එකට ජීවිතේට ගාණක් බැලන්ස් වෙලා නෑ. බැලන්ස් උනු එකම පාර පස්සෙ බලද්දි ප්‍රශ්නෙ වැරදීලු. ඔබටත් එවන් ඉරණමක් අත් නොවේවා! :P

    ReplyDelete
  9. අපිට නම් තව කල් තියනවා. ලබන මාසෙ. අපට නම් ඔය ගණකාධිකරණ එහෙම නෑ. තියෙන්නෙ algorithm, database වගේ ආස හිතෙන විශයන්. තව ඉතින් software engineering වගේ එපා කරපු ඒවත් තියනවා. මම සෙමෙස්ටර් එකටම software ලෙක්චර්ස් 4කට වඩා ගිහින් නෑ. ගියත් නිදා ගන්න එකනේ. දැන් ඉතින් assignment වලට දවස් ගනන් නිදි මරාගෙන ගිරවා දානවා. මොකෝ repeat වෙන්න කියලයැ. මගේ නම් කුරුලෑත් නෑ කේන්තියට කඩන්න. :D

    ReplyDelete
  10. Exam කාලෙට මම නම් මාර aggressive. ඒ දවස් වල තනියම ඉන්න වෙලාවට කියවෙන වැඩි හරියක් පටන් ගන්නෙ F අකුරෙන්. අතට අහු වෙන ඕනම දෙයක් පොළවෙ ගහන්න තරම් කේන්තිත් එනවා වෙලාවකට. (හැබැයි මගේ ලැප්ටොප් එක හැර :D )

    මම නොකියන ගොඩක් හේතු තියෙනවා ඒකට. A/L වලදි ගාල්ලෙන් 112 වෙනියා වෙච්ච මගේ කැම්පස් GPA එක below 2.5 :(

    @niroshinie,
    ඔයා වින්ඩෝස් ගීක් කෙනෙක්ද? slash එන එකට backslash. :D

    ReplyDelete
  11. @ශාකුන්තල
    නෑ මල්ලි මං වින්ඩෝස් ගීක් වත් ලිනක්ස් ගීක් කෙනෙක් වත් නෙවෙයි! cafe babe කෙනෙක්..හික්! ඉතින් අපි platform independent :D

    ReplyDelete
  12. nangi pilimathalawe neda
    hari pudumai
    math pilimathalawe tama
    man susantha

    ReplyDelete
  13. @niroshinie,
    අනෙ අම්මෝ...! Google කියල එකක් තියෙන නිසා හොඳයි. නැත්තං අර cafe babe කිව්ව එකෙං මං තව ටිකෙං නොමග යනවා. :D

    @susantha,
    අඳුනගන්න ඕන අනිත් එක්කෙනා ඉන්නවා ගාල්ලෙ. ඔයාට හරීම පුදුම හිතෙයි. LOL :D

    ReplyDelete
  14. මේ ළමයාගේ කුරුලෑ හොද නොවේවා කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා... මේවා හොද වුනොත් ළමයාට ඩිප්‍රෙෂන් කියන මානසික රෝගය හැදිලා තමයි නවතින්නේ ඔන්න...

    ReplyDelete
  15. ඕවා ඔහොම තමයි නංගි මාත් මේ විභාගෙ ඉවර කලා විතරයි. අපේ වෙලා තියෙන්නෙ 1st year එකේ GPA වලින් තමයි Department select කරන්නෙ. 1st year කෙළ වුනොත් ඔක්කොම හුටස්!!!

    මේ ක්‍රමේ ඕගොලන්ට කොහොමද දන්නෑ.. අපේ නම් ඉතිං method එක විභාගෙට කලින් දවසෙ ගිරවා දාලා දාලා ගිහින් වමාරන එක තමයි. :)

    හොඳට විභාගෙ කරන්න.. සුභපැතුම්!

    ReplyDelete
  16. @chamila_dealwis
    අපොයි. කඩනවා කිව්වට එකක් දෙකක් විතරයි. නැත්තම් නිසි බලධාරියාගෙන් හොඳහැටි දඬුවම්. කොහොම උනත් දැන් නම් අඩු වේගෙන එනවා

    @-බිன்ku-
    පෙන්නමු බලන්න

    @Anu
    කථාව ඇත්ත. පාඩම් කරල කරල ඔලුව විකාර උනාම කෙලින්ම අත යන්නේ කුරුලෑ වලට

    @ගයන්ත
    >බිංකු ව අධ්‍යාපන ඇමති ලෙස් පත් කිරීමට මම යෝජනා කරමි...
    එම යෝජනාව මා ස්ථීර කරමි

    @Thilina
    හැමෝටම ඔහොම තමා. ඒ කියල මිනී මරන්න ගියොත්?? හෆොයි

    @Azrael
    ස්තුතියි

    @malee_msg
    ඉවසුවා අක්කේ ඉවසුවා..

    @niroshinie
    අපෝ මටත් හැමදාම (ආහ්, හැමදාම කිව්වට මම ඔය විෂය පටන් ගත්තේ කැම්පස් ආවට පස්සේ) ඔය ඉරණමම තමා. Mid semester exam එකෙත් බැලන්ස් උනේ නෑ.. එත් A- එකක් තිබුනා. මේ පාර නම් මොනා වෙයිද දන්නේ නෑ..හැබැයි mid එකට වඩා නම් sure වගේ

    @සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath
    >මගේ නම් කුරුලෑත් නෑ කේන්තියට කඩන්න
    *ඉරිසියාවේ බැරුවා

    @ශාකුන්තල
    >A/L වලදි ගාල්ලෙන් 112 වෙනියා වෙච්ච මගේ කැම්පස් GPA එක below 2.5 :(
    *මගේ ඕකේ අනිත් පැත්ත. ඒකට නම් හේතුව මටත් හිතාගන්න බෑ

    >ඔයාට හරීම පුදුම හිතෙයි
    *ඔව් ඔව්;-P

    @susantha
    nice to meet you friend!!

    @Udara || උදාර මදුෂංක
    >මේ ළමයාගේ කුරුලෑ හොද නොවේවා කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා
    * මේ වෙලාවේ හැටියට ස්තුතියි;-P


    @ධනික
    අපොයි ඔයාලගේ නම් පුදුම තරගයක් තමා 1st yr එකේ තියෙන්නේ ..අපේ නම් එච්චර තරගයක් නෑ. හැබැයි ඉතින් අන්තිමට ඔයාලගේ method එකම තමා විභාග වලට නම්.බොහොම ස්තුත්යි සුභ පැතුමට

    ReplyDelete