Sunday, June 7, 2009

පූසෝ නාන නිදන හැටි

පූසෝ කියන්නේ කම්මැලි ජාතියනේ. අපේ ගෙදරත් දෙන්නෙක්ම ඉන්නවා. කම්මැලිකම කොච්චරද කිව්වොත් හැම වෙලාවෙම නිදි, බොරු නම් මේ බලන්නකෝ.

පොඩි පූසා අම්මගේ ඇඟ උඩ නැග ගෙන නිදි.



ටික වෙලාවක් යනකොට ගෝනි නැතුවම කරේ නැගලා




ඒත් මේ ලොකු පූස්ට ගානක් නැති හැටි. කටත් ඇරගෙන හොදටෝම නිදි



බොරු නම් මේ බලන්න දතකුත් පේනවා යාන්තමට


කොහොමද deeps ගේ පූසොංගේ නින්ද? නින්ද වගේම තම අනිත් වැඩත්.ඔය කුනු පාට පොඩි පූස් ඉන්නව නේද, එයාට හකුරු බෑවක් හම්බුනෝතින් බෑවම කයි..හික් හික්

මෙයාල ඉතින් නාවන්න ගියාම මාර වදයක්. සබන් ගෑවම ආඳෝ වගේ ලිස්සනවා. ඉතින් සබන් ගානකං පූසෝ වගේ ඉඳල පනිනව කොහාට හරි. ආයේ එලියට එන්නේ සබන් වේලුනාම. මොනව කියලා කරන්නද සබන් කැවෙන්න හොද නැති නිසා ආයෙත් ඉතින් නාවනවා.

හැබැයි නෑව්වට පස්සේ නම් සුද්දෝ වගේ ඉන්නකොට ශෝයි.

පූසෝ නාවන එක ගැන අත් දැකීම් නැති අයට නම් මේ දෙවල් ගැන වචනයෙන් කිව්වට හිතා ගන්න බැරි වෙයි.හැබැයි රූප වලින් කිව්වොත්??

මේ රූප ටික මට ලැබුනේ ඊ මේල් එකකින්. දැක්කම හිනාව නවත්තගන්න බැරි උන නිසා ඔන්න හැමෝටම හිනාවෙන්න මෙතන දැම්මා

කොහොමද වැඩේ ළමයි නාවනවට වැඩිය අමාරුයි නේද? පූසා අල්ලගන්න එක්කෙනයි. නාවන්න එක්කෙනයි





කොච්චර පුම්බගෙන හිටියත් ඇටයි හමයි විතරයි. එත් පෙනේද තියන ආඩම්බරකම





මරන්න ගෙනියන්න වගේ. අපේ ලොක්කාත් මෙහෙම තමා. මේ වෙලාවට කියන සුමිහිරි සින්දු අහගෙන හිටියම කන් දෙකට හරිම සැපයි





මෙයාට නම් දුක හිතිල වගේ





මේ අපි පොඩි උනාට වැඩ දන්නවා..වැඩිය ආවොත් කරාමෙට දෙනවා වැඩේ හරිද?





ඔන්න ගෝනි බිල්ලා. මාව අතෑරියේ නැත්තං ඔයාව අල්ලං යයි. අපි දන්නෑ





අනේ , ගැත්තා කුමන වරදක් කලාටද මෙතරම් දැඩි දඩුවම්?





අල්ලයි මගේ නැට්ට.





අතාරිනවද නැද්ද?





අනේ මට බැරියෝ!!



ඔන්න ඔහොමයි පූස් කතා. ඔයාලගේ අත්දැකීම් තියනවා නම් ලියන්න. ආසයි දැන ගන්න

මගේ පූස් පවුලේ රූප බලන්න කැමති නම් මෙතන සහ මෙතන කොටන්න.

25 comments:

  1. බලන් ගියාම බ්ලොග් ලියන හැමොටම ගෙවල් වල පූසෝ ඉන්නවනේ :O

    ReplyDelete
  2. > "බලන් ගියාම බ්ලොග් ලියන හැමොටම ගෙවල් වල පූසෝ ඉන්නවනේ :O"
    * වැරදියි.. අපේ ගෙදර සතෙකුට ඉන්නෙ මම විතරයි !

    ReplyDelete
  3. අපෝ පූසෝ ‍කියන්නේ මට නම් පෙන්නන්න බැරි ජාතියක්...

    ReplyDelete
  4. පූසෝ නාවනකොට සැලකිලිමත් විය යුතු කරුණු:
    1. සබන් ගාන්න එපා. සබන් වලට ලොම් හැලෙනවා. ෂැම්පු නම් කොහොමද දන්නෙ නැත. මම පාවිච්චි කරන Clear Hairfall Decrease ෂැම්පු හොඳ වෙයි සමහර විට. අර Men Are Different කියල තියෙන එක තමා. ඒ නිසා මතක ඇතුව බළලුන්ගෙ විතරක් ගාන්න.
    2. කන් ඇතුලට වතුර යන්න දෙන්න එපා. කන් පැසෙව්වොත් ඒක පැතිරිලා අන්තිමේ පූසා මැරෙනවා.

    ---
    අත්දැකීම් ටික පස්සෙ වෙලාවක කියන්නම්.

    ReplyDelete
  5. අයියෝ මේ පූසොන්ට දෙන වද.... මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්! :D

    ReplyDelete
  6. ටිකක් හිතන්න.
    පුසෝ ස්වාභාවිකවම නාන්නේ තමනගේම ඛෙටය මගින්,
    එයාල එතරම් මර හඩ දෙන්නේ එයාල එකට බය නිසයි.
    ගෙදර ඇතිකරන නිසා, දරන්න බැරි තරම් කිලිටි වුනි නම් පමනක් ඔවුන්ව නාවන්න, ශාකුන්තල කිව්ව විදිය හොදයි. එත් සමහර vet ලා නම් කියනවා නැව්වට කමක් නැ කියලා‍.
    එත් හිතන්න පොඩ්ඩක් අපි අකමැති දෙයක්, තව කෙනෙක් අපිට කරනවට අපි කැමතිද?
    අසරණ සතුන්ගේ දුක, වෙදනාව, බය අපේ සතුටක් කර ගන්න එපා.
    ඔවුන් අපිට වඩා පිරිසිදුයි, ඒ ඔවුන් සැම වෙලාවෙම ඇග සොදන නිසා (දිව මගින්,ඛෙටය යොදාගෙන)
    deeps ඔබට දුක වෙදනාව දැනෙනව නම්, එය ඔවුන්ටද පොදු බව සිතා, ඔවුන්ට ඔවුන්ගෙ ලොවෙ ඡිවත් වන්න ඉඩ දෙන්න.
    හිතනවා මා සමග උරන නොවෙ යැයි කියා.

    ReplyDelete
  7. අම්ම පූසියි පැටා පූසයි හරීම ශෝයි.

    හැබැයි මේ කරන වැඩේ හින්දා ඔයාට ලබන ආත්මෙ පූසියෙක් වෙලා ඉපදිලා , දවසට තුන් වේල ගානෙ නාන්න වෙයි.

    පවූඌඌඌ

    ReplyDelete
  8. මම පොඩි modification පාරක් දැම්මා මේ එක පින්තූරයකට.. බලන්න. හැබැයි අවුරුදු 18න් එහා අයට විතරයි. නරක වචන තියෙනවා =D

    http://files.chamiladealwis.com/images/cat-washed.jpg

    ReplyDelete
  9. පූසෝ වතුරට බය වුණාට හොඳ පිහිනුම්කාරයෝ.

    ReplyDelete
  10. ශොයි පූස්ලා :D
    අපේ ගෙදර හිටපු කස්ටියගෙන් කෙනෙක් මැරුනා;(
    ඉතිරි කස්ටිය අතුරුදහන් සුදු වෑන් එකක් ඇවිත් ද කොහෙද ... :(

    ReplyDelete
  11. පූස් අත්දැකීම් බෙදාහදාගන්න කිව්ව නිසා මුදල් නොගෙවා දැන්වීම් තුනක් විතර දාන්න හිතුණා. අවුලක් නෑනේ?

    My Cat Force -1

    My Cat Force - 2

    දුක්බර සිද්ධියක්

    කෝමද වැඩේ?

    ReplyDelete
  12. පූසෝ කියන්නෙ මහ ආඩම්බර ජාතියක්. බල්ලො නං මිනිස්සු දිහා බලන්නේ යටහත් පහත්ව. මිනිස්සුන්ට පූසො දිහා බලන්න වෙලා තියෙන්නෙ යටහත් පහත්ව. :P

    ReplyDelete
  13. පූසෝ ටික කාලයක් යන කොට ගඳ ගහන්න ගන්නව, එතකොට නාවන්න වෙනවා!

    ReplyDelete
  14. මම ආයි කවදාවත් පුසන්වත්, බල්ලනව වත් හදන්නේ නැ,
    මගේ පසියන් කැට් ලා 3 දෙනෙක්ම මගේ අතේ දි මයි නැති වුනේ,
    එ‍වගේමයි ටෙරියස් බල්ලෝ (ඩියුලක්ස් ad එකේ වගේ උන්) දෙන්නාත්, එ දුක කවදාවත් නැ‍ති වෙන්නේ නැ මගේ හිතින්
    යන්න පලුවන් හැම vet කෙනෙක් ලගටම ගියා,
    vet ලා කරන්නේ තනිකරම බොරැවක්.
    ඉතින් මම හිතුවා අපේ සතුට වෙනුවෙන් එයාලගේ ඡිවිත එක්ක සෙල්ලම් කරන්නේ නැ කියලා. මට එයාල දුක් විදිනවා බලන් ඉන්න බැ.

    ReplyDelete
  15. ape poosath hari kammliya
    nawanna giyama epa wenawa
    eyage nama katare
    man tamai nam haduwe
    podi kale idala man nam hadanna daksayalu

    ReplyDelete
  16. hapoi! ochchara wada denna epa eyalata. ape gedara inna eka nam mara hada thiyala hooranawa.

    ReplyDelete
  17. බල්ලා තමයි සතා... xD

    ReplyDelete
  18. අපේ ගෙදර පූස් තඩියාගේ ගඳ ඉවසන්නම බැරි උනොත් විතරයි නාවන්නේ. එයාව නාවන්න මමයි අපේ මල්ලියි හිටියත් මදි. ඌ ඒ තරමටම වතුරට ආසයි. කොච්චර ආසද කිව්වොත් අපේ ලිඳ තමා උගේ ස්විමින් පූල් එක. ලිං පඬිය උඩ රස්නෙට නිදාගෙන ලිඳට පැනලා බාත් එකක් මාස කීපෙකට සැරයක් ගන්නවා ගන්නවාමයි. උගේ ස්විමින් පන්තිය නිසා අපිට බර වියදම්. කෑමක් එලියට ගත්තොත් ඉතිං කොයි ලෝකෙන් හරි හොයාගෙන එනවා. අම්මගේ birthday එකට පවුලේ කට්ටිය හොරෙන්ම ‍පාටියක් ලෑස්ති කලා. කෑම ටික කාමරයකට දාලා වහලා තිබ්බා අම්ම එනකොට. අම්මව පුදුම කරන්න හිතාගෙන. කොහෙද මේ යෝධයා කාමරේ දොරගාව ඉඳං මරලතෝනි දෙනව. උගේ ෂෙයාර් එක ඉල්ලලා.
    පූස් තඩියාගේ සම්පූර්ණ විස්තරයක් මගේ බ්ලොග් එකේ ලියන්නම්.

    ReplyDelete
  19. පූසා 123 කිව්වලු. මාත් ලියනවා!

    ReplyDelete
  20. හදන්න බව්වෙක්.. ඔය කිසි කරදරයක් නෑ.. නාන්න ඕනි උනාම එයාම ටැප් ලගට ඇවිත් වාඩි වෙලා ඉන්නවා‍‍.. අපේ ගෙදර ඉන්න හොල්මන නම් නාලා පීරලා ඕඩිකොලොන් දානකම්ම පස්සෙන් ඇවිදිනවා.. ඉතිං පූසන්ට වඩා බලූලා හදන එක ලේසියි..
    මං අහලා තියන විදියට නම් පූසන්ව එච්චර නාවන්න හොද නැහැල්ලු‍‍... (හරියටම දන්නේ නැහැ)

    ReplyDelete
  21. ape gedara hitiya singappuru pusek ape amma uta kiyanne pushihoda kiyala ane u a/c bus ekakata yata una.

    ReplyDelete
  22. ඔය පුස් නිදි කුම්බ්භකයෝට කිරි වෙනුවට කොපි දෙන්නේ නැත්තේ මොකෝ?

    නාවද්දී බේසමේ මීයෙක් ( හෝ මුසිකය වුණත් වැරද්දක් නැ වෙන දෙන්න දෙයක් නැත්තං ) දාලා උන්නා නම් අවුලක් නැහැනේ?

    ReplyDelete
  23. @Dasun Sameera - දසුන් සමීර
    ඔව් ඔව් ගොඩක් අයට ඉන්නවා. මම දන්න විදියට හොදම පූස් හමුදාව ඉන්නේ ශාකුන්තල අය්යට. මතක හැටියට 11ක්. ඔන්න කාටහරි ඕනේ නම් ඉල්ලගන්න

    @Supun Budhajeewa
    >අපේ ගෙදර සතෙකුට ඉන්නෙ මම විතරයි !
    *ඇති යංතං ඇත්ත පිලිගත්තා

    @ශාකුන්තල
    >පූසෝ නාවනකොට සැලකිලිමත් විය යුතු කරුණු:
    *මම නම් බේබි සබන් ජාතියක් ගාල තමා නාවන්නේ.මට පොඩි ගැටලුවක් තිබුනා දෙන්නගේ මයිල් ගැන. අපේ පොඩි පූස් ඉපදුනත් හරි තාම එක පාරක් වත් නාවලා නෑ. එයාගේ මයිල් හරිම සිනිදුයි. ගැලවෙන්නෙත් නෑ. ඒ වගේම මයිල් දිලිසෙනවා. ලොකු පූස්ගෙ නම් මයිල් ටිකක් යනවා. වයස නිසා කියල තමා හිතාගෙන හිටියේ. දැන් හිතෙනව ඔය නාවන කේස් එක නිසාද දන්නෙත් නෑ කියලා.

    දැන් නම් කොහොමත් ඉස්සර තරම් නාවන්නේ නෑ. පොඩි පූස් නම් නාවන්න ඕනේම නෑ. එයා කුනු පෙරාගෙන හිටියොත් අම්ම එයාව නාවනවා.

    ලොකු පූස්ට වයස නිසා නාවන්න හිතෙන්නේ නෑ. දගලන දැගලිල්ලට අත පය රිදෙවි කියල බයයි. හැබැයි තරුණ කාලේ නම් අතෑරියේ නෑ කොහොම හරි අල්ලගෙන නෑව්වා

    >අත්දැකීම් ටික පස්සෙ වෙලාවක කියන්නම්.
    *කියන්න කියන්න. කට ඇරගෙන බලාගෙන ඉන්නේ කියවන්න

    >පූසෝ වතුරට බය වුණාට හොඳ පිහිනුම්කාරයෝ.
    *අනේ මම ඒ ගැන දැනගෙන හිටියේ නෑනේ.හැබැයි දවසක් අර සහෝදරයන් තිදෙනා ෆොටෝ එකේ ඉන්න සුදු පූස් පැටියා අපේ ටැංකියට වැටුනා. එයා අත පය ගහ ගහ හිටියා කියලා මතකයි. අපි ඉතින් පීනනවද කියල බලන් ඉන්නේ නැතිව ගොඩට ගත්තා, අපරාදේ, කලින් කිව්වනම් හොඳට පුහුණු කරල ඔලිම්පික් යවන්න තිබුනා

    >පූස් අත්දැකීම් බෙදාහදාගන්න කිව්ව නිසා මුදල් නොගෙවා දැන්වීම් තුනක් විතර දාන්න හිතුණා. අවුලක් නෑනේ?
    *අව්ලක් නැත්තේ කොහෙද? නියමිත දිනට මුදල් ගෙවා නොමැති නම් දැන්වීම් ඉවත් කරමි lol :-P

    >පූසා 123 කිව්වලු. මාත් ලියනවා!
    *පූසොන්ට ගණන් කරන්නත් පුලුවන්ද?

    @Supun Sudaraka
    ;-P

    @නුවන්සි
    >අසරණ සතුන්ගේ දුක, වෙදනාව, බය අපේ සතුටක් කර ගන්න එපා.
    >ඔවුන් අපිට වඩා පිරිසිදුයි, ඒ ඔවුන් සැම වෙලාවෙම ඇග සොදන නිසා (දිව මගින්,ඛෙටය යොදාගෙන)
    >deeps ඔබට දුක වෙදනාව දැනෙනව නම්, එය ඔවුන්ටද පොදු බව සිතා, ඔවුන්ට ඔවුන්ගෙ ලොවෙ ඡිවත් වන්න ඉඩ දෙන්න.

    *ඔබ සමග උරණ නොවේ මන්ද ඔබගේ ප්‍රතිචාරය මා කම්පනයටත් ලැජ්ජාවටත් පත් කල බැවිනි. පූසන් නෑවීම පිලිබදව අලුතින් සිතීමට ඔබගේ එම අදහස් උපකාර විය. මිතුරෙකුගෙන් ලැබුනු ඉහත ඡායාරූප දුටු මොහොතේ කට කොනට සිනාවක් නැගුනේ ඔව්න්ගේ අපූරු හැසිරීම් පැහැදිලි කිරීමට යොදා තිබුනු වාක්‍ය ඛණ්ඩ නිසාවෙනි. එතැනින් එපිටට නොසිතීම මිනිසෙකු ලෙස මාගේ අඩුපාඩුවක් බව පිලිගනිමි.

    >එ දුක කවදාවත් නැ‍ති වෙන්නේ නැ මගේ හිතින්
    *ඒක නම් ගොඩක් දුක හිතෙන කතාවක්.අපේ ලොකු පූස්ගේ අම්මා නැති උනේ වාහනේකට අහු වෙලා. ඒ එයාගේ ළමයි බත් කාපු පළවෙනි දවසේ. එදා එයාගේ මළකුණ දකින කොට මට ඇඬුනා. ඊට පස්සෙ හිතාගත්ත ආයේ එක පූස් කෙනෙක්ටවත් පාරට යන්න දෙන්නේ නෑ කියලා.ඒ දුකත් මගේ හිතේ තාම තියනවා. ඒත් මොනවා කරන්නද. එයාල ගෙනාපු ආයුශ ඉවර වෙන්න ඇති

    >vet ලා කරන්නේ තනිකරම බොරැවක්.
    *ඒක ගැන නම් මම දන්නේ නෑ. මොකද මම් මේ වෙනකන් වෙට් කෙනෙක් ලඟට ගිහින් නැති නිසා. මගේ අයට ලෙඩක් හැදුනාම මම කියන්නේ මල්ලිගේ හොදම යාලුවාට. එයාගේ තාත්තා වෙට් කෙනෙක්.ඒ මල්ලි ඉතින් බෙහෙතුත් අරගෙනම අපේ ගෙදර එනවා. මේ දක්වා නම් අපේ පූස්ලට එහෙම ලොකු ආබාධයක් උනේ නෑ වෙට් කෙනෙක් ලඟට ගෙනියන්න තරම්

    @Chanaka Aruna Munasinghe
    ලොකු පූස් ලඟදීම ආයෙත් මව් පදවිය ලබයි වගේ. එනකොට පැටියෙක් ගෙනත් දෙන්නද?

    ආපෝ ආයේ නම් වැඩිය පූස්ල නාවන්නේ නෑ.

    @chamila_dealwis
    අනේ ඇත්තට දැන් පූසොත් නරක වචන කියනවද? අනේ කාලේ වනේ වාසේ කිව්වලු

    @මනුශාන්
    අය්යෝ. මගෙත් මම ආසම පූස් අතුරුදහන් උනා. බලන් ගියාම දැන් පූස් ලෝකෙත් මැර තර්ජන වගේ

    @අනූ
    ඔයා හිතන්නෙත් අපේ මල්ලි වගේමයි. ඒත් අනේ පූස්ලගෙන් කිසි කරදරක් නැනේ. එයාල හදන්න ලේසියි. බලූලා එහෙම නෙවෙයිනේ.

    @susantha
    katare මරු නම ඒක..එයා කතුර වගේ කියවනවද??

    @Spiderman
    ඔව් හූරනවා තමා. එත් කුණු නාගෙන ඉන්නවානම් හෝදන්නේ නැතිව කොහොමද?

    @ගයන්ත
    ඔයා පූසොන්ගේ අගේ දන්නේ නෑ

    @උන්මත්තක
    >පූස් තඩියාගේ සම්පූර්ණ විස්තරයක් මගේ බ්ලොග් එකේ ලියන්නම්.
    *ලියන්න ලියන්න. හොද රස කතා තියේ වගේ

    @malee_msg
    >අපේ ගෙදර ඉන්න හොල්මන
    *ඉන්න කියන්නම් බලූට.
    >මං අහලා තියන විදියට නම් පූසන්ව එච්චර නාවන්න හොද නැහැල්ලු‍‍... (හරියටම දන්නේ නැහැ)
    *එක එක කට්ටිය එක එක කතා කියනවා අක්කේ පූස්ල නාවන එක ගැන. කවුරු ඇත්ත කියනවද දන්නේ නෑ

    @Amiththa's Blog
    පූස් නිවන් දකිත්වා. මගේ සංවේගය

    @-බිன்ku-
    අහා ඔන්න දවසේ රන් අදහස. ශාකුන්තල අය්යේ ක්‍රියාවට නංවා බලමුද?

    ReplyDelete
  24. pooosata katare kiyala damme kiyawana nisa neme
    poosawa dakkama mata a nama kiyawuna nirayasayen
    ekai damme :D

    ReplyDelete
  25. පූසො නම් හරි හුරතල් තමයි ඒත් වැඩිය ලීලෙ පාන්න ගයොත් පස්සෙ ඇණයක් වෙනවා. (අත්දැකීමෙන් කියන්නෙ!)

    ReplyDelete