Thursday, June 4, 2009

හැමදාම කෝඩියල් බොන එකේ කෑවම මොකද වෙන්නේ!


ඔන්න තවත් deepsගේ සොයාගැනීමක්. මේක අයිස් ක්‍රීම් මෙහෙයුමේ පසු මෙහෙයුම කියන්නත් පුලුවන්.
මෙහෙමයි වැඩේ උනේ.

අයිස් ක්‍රීම් හැදුවට පස්සේ ජෙලටින් ටිකක් ඉතුරු උනා.ජෙලටින් ගොඩ කාලයක් තියාගන්න බැරි නිසා deeps එකෙන් ජෙලි පුඩිමක් හැදුවා. සාමාන්‍ය පුඩිමක් නෙවේ ඕං. කෝඩියල් පුඩිමක්.

මට මේක ටෙස්ට් කරන්න හිතුවේ කඩෙන් ගෙනාපු Jelly Crystal පැකට් එකක අඩංගු ද්‍රව්‍ය ටික දැක්කට පස්සේ. ඒවගේ තියෙන්නේ ජෙලටින්, සීනි සහ රසකාරක විතරයි.

අපේ ගෙදර ජෙලටින් තිබුනා, සීනිත් තිබුනා, නොතිබුනේ රස කාරක විතරයි. ඒ වෙනුවට යොදාගන්න පුලුවන් වෙන දෙයක් ගැන හිතනකොට ඔලුවට ආපු එකම දේ කෝඩියල්.මොකද කෝඩියල් වල පලතුරු රස තියනවා. රස කාරක වලින් වෙන්නෙත් ඔය දේමයි, අනික ඉතින් හැමදාම කෝඩියල් බොන එකේ කෑවම මොකද වෙන්නේ!

මේකට නම් අවශ්‍ය දේවල් හරියටම කියන්න අමාරුයි. ආසන්න වශයෙන් කියන්නම්. මොකද මම නිකන් ටෙස්ට් කරන්න තමා මේ පුඩිම හැදුවේ.හැබැයි වැඩේ හරි ගියා.

ක්‍රමේ මෙහෙමයි. ජෙලටින් සීතල වතුරට දාලා දිය වෙන්න තියන්න.ජෙලටින් තේ හැදි 2කට වතුර කෝප්පයක් විතර දැම්මොත් ඇති.

ජෙලටින් ටික හොදටම දිය උනාම ඒ මිශ්‍රණයට සීනි, දෙහි ඇඹුල් ටිකක් සහ ලුණු කැමති පදමට එකතු කරගන්න.ඔය ඔක්කොම ජාති හොදට කලවම් කරලා , පෙරලා ගෙදර තියන ඕනෙම කෝඩියල් ජාතියකුත් ඒකට එකතු කරන්න.කෝඩියල් එකතු කරන්නෙත් ඉතින් කැමති පදමට තමා.

ඊට පස්සේ ජෙලි ටික set වෙනකන් ශීතකරණයේ දාල හරි ගියාම කෑමට ගන්න.

කඩේ තියන
ජෙලි පැකට් වගේ නෙවේ, මේක නිකන් Ubuntu වගේ වැඩක්. තමන්ට ඔනේ විදියට customize කරන්න පුලුවන්. ඒ කිව්වේ තමන්ට හිතට එන රස වර්ගයකින් ජෙලි පුඩිං හදාගන්න පුලුවන්. දවසක් මම කිරි පිටි දිය කරලා දැම්ම ජෙලටින් වලට. ඒකත් මාර කෑමක්. අර කිරි අම්මා දානවලට හදන කිරි කෑලි වගේ රහයි!

ජීවිතේට කුස්සියට අඩිය ගහන්නේ නැති අපේ කොලු ගැටයන්ට ජෙලටින් කියන එකයි Jelly Crystal කියන එකයි පැටලිලා වගේද? මේකයි, ජෙලටින් කියන්න්නේ කිසිම රහක් නැති කුඩු වර්ගයක්. ඒවාට වතුර දැම්මොත් ඇලෙන සුලු අවර්ණ ද්‍රාවණයක් හැදෙනවා. කඩේ අර ලස්සනට පැකට් කරලා Jelly Crystal කියලා ලේබල් ගහල තියෙන්නේ ඔය ජෙලටින් වලට රසකාරක, වර්ණකාරක හා සීනි එකතු කරලා.

දැන් හරිද?


[ රූපය ගත්තේ මෙතනින් ]

40 comments:

  1. Favourite line: කඩේ තියන පැකට් වල තියන ජෙලි වගේ නෙවේ, මේක නිකන් Ubuntu වගේ වැඩක්. තමන්ට ඔනේ විදියට customize කරන්න පුලුවන්. hik hik

    ReplyDelete
  2. කෝඩියල් නැතුව වෙන සැර බීමක් ඔය වැඩේට හරිගන්නේ නැද්ද?

    ReplyDelete
  3. >ජීවිතේට කුස්සියට අඩිය ගහන්නේ නැති අපේ
    >කොලු ගැටයන්ට

    හික් හික්...

    ආරක්ෂක පියවරක් විදිහට, අපේ අම්මා මට කුස්සියෙ Administrative Privileges දෙන්නෙ නෑ.
    so, තියෙන අනංමනං Read Only තමයි... ;)

    ReplyDelete
  4. @ deeps :
    හහා ! FOSF - Free and Open Soucre Food !!

    නියමයි, ඔයා Source Code (Recipe) එකත් release කරල තියෙන එකේ, අනිත් developers ල ටත් මේක modify කරල distribute කරන්න පුළුවන් නේ ද ?

    මොකක්ද ලසිසොම ? GNU\GPL වෙන්ටැ ? :-D

    ReplyDelete
  5. @ ගයන්ත :
    "sudo apt-get install kitchen-handle" ගහල බලන්න. මේ පැකේජ් එකෙන් admin priv නැතිව kitchen-base පැකේජ් එක හැඬල් කරන්න පුළුවන් !

    ReplyDelete
  6. තවත් deepsගේ සොයාගැනීමක්..

    ReplyDelete
  7. Best ever!
    මාත් මේක කරල බලනවා හැබැයි බීම ජාති දෙකතුනක් එකට රිමික්ස් කරලා. මම හිතන්නෙ Orange Crush + Pepsy හරි යයි.

    ReplyDelete
  8. මේවා මේ අමුතුම සොයාගැනීම් නේ... :D

    ReplyDelete
  9. කෝඩියල් ජෙලි! හික්..මේව දැකල Motha කොම්පැනිය වහන්න වෙයි ද? ම්ම් තව ජෙලටින් ඉතුරු නම් බිත්තර සුදු මදේකට දිය කරල දාල ඒකටම සීනි දාල හොඳට බීට් කරල ඔය හදපු ජෙලි එකට උඩින් දැම්මනං නියමෙට තියෙයි :)

    ReplyDelete
  10. මමනම් කෑම හදන්න දන්නෑ. තව දවසක ඕක හදලා අපිටත් ආරාධනා කරන්න කෝ රහ බලන්න. ප්‍රථමාධාර කට්ටලයකුත් අරන් එන්නම් ;)

    ReplyDelete
  11. @Supun Budhajeewa

    'sudo apt-get install kitchen-handle' එක try කරන්න අමාරුයි..
    'kitchen-enter' වලට මොකක් හරි විසඳුමත් හොයාගන්න වෙනවා...

    'sudo apt-get install kitchen-enter' හරි ගියෙ නෑ.. :D ROFL

    ReplyDelete
  12. @ ශාකුන්තල,

    Mentos 2~3කුත් දාන්න :D

    ReplyDelete
  13. @Budhajeewa,
    kitchen-handle කියන්නෙ KDE වල වැඩ කරන එකක්ද?

    @ගයන්ත,
    හා

    ReplyDelete
  14. @ Dasun Sameera - දසුන් සමීර,

    Ambulance එකකුත් Stand-by අරන් එන්න.

    ReplyDelete
  15. මට නම් කන්න වෙන්නේ නෑ මේ ක්මෙන්ට්ස් දැකලා. එව්වාට හිනා කාලා මැරෙනවා.

    @ගයන්ත:
    sudo -get key kitchen ගහලා රෑට sudo open door kitchen හරි sudo go back door යන්න.

    නැත්තං වහලෙන් පැනලා යන්න.

    ReplyDelete
  16. wow... deeps කෝඩියල් කාල බඩ ලෙඩ කරගත්තෙ නැ නේද ? :-)

    ReplyDelete
  17. අනේ අපිටත් ඔය හදපු මොනවද ඒවයින් ටිකක් එවන්නකො

    ReplyDelete
  18. @ ශාකුන්තල :
    k සහිත හැම දේම KDE නොවේ. ඕක Gnome.

    @ ගයන්ත :
    "sudo apt-get install kitchen-enter" කරන්න කලිං ඒකෙ ඩිපෙන්ඩන්සීස් ඔක්කොම ඉන්ස්ටෝල් කරං ඉන්න එපැයි ?

    ඒකට බින්කු කීව වගේ "sudo -get key kitchen" කරල බලන්න. රෙපො එකෙන් පැකේජ් එක බාන්න දෙන්නෙම නැත්නම් "sudo steal key kitchen" ගහල බලන්න. හැබැයි ඔන්න ඇඩ්මින්ට අහුවුනොත් යූසර්ව බ්ලැක්-ලිස්ට් වෙයි.

    කොහොම උනත් "sudo jump-from roof" කරන්න එපා, ඒක ගැහුවම සමහර වෙලාවට යූසර් මැල්ෆන්ක්ෂනල් වෙන්න බලනවා.

    ReplyDelete
  19. @galpotha
    හික් හික්. ඔය භාශාවෙන් කිව්වේ නැත්තම් අපේ ගීක් අය්යල මල්ලිලාට තේරෙන්නේ නෑනේ

    @Thilina
    මේවා අර සුපුන් මලය කියන්නා වගේ Free and Open Soucre Food ඔනේ නම් හදල බලන්න;-P

    @ගයන්ත
    Read Only=Eat Only වෙන්න ඇතිනේ?? අපේ ගෙදර නම් ඉතින් මම තමා කුස්සි controller

    @Supun Budhajeewa
    ඔව් ඔව් පුලුවන් පුලුවන්.මේ මොකක්ද අර sudo apt-get කතාව. අපිට ඕවා තේරෙන්නේ නෑනේ

    @අනූ
    :-P

    @ශාකුන්තල
    තව coke+Mirinda ටිකකුත් දාලා හදල source code release කරන්න අපිටත් කරල බලන්න

    @panhida
    ඔව් ඔව්. හෙට අනිද්දා ගන්න ඉන්නේ. කට්ටිය sup එක දෙනවනේ?

    @niroshinie
    අන්න එල කිරි අදහසක්.ඒකෙත් හැටි බලන්නකෝ මෙච්චර code edit
    කරන කොලු ගැටවු හිටියත් කන්න පුලුවන් විදියට එඩිට් කලේ අක්කි විතරනේ.

    @Dasun Sameera - දසුන් සමීර
    හරි හරි කියන්නම්කෝ අයේ කෑම හදනකොට

    @-බිன்ku-
    දවසේ ප්‍රශ්ණය---->මෙච්චර රස කෑම තියනකොට හිනා කන්නේ මොන මොඩයාද?

    @සුදර්ශන
    නෑ නෑ කිසි ඉහෙන් බහින ලෙඩක් නෑ. ඉතින් අප්පා කෑවත් බිව්වත් අන්තිමට බඩේනේ

    @තමීර
    හෆොයි, කොහොමද එවන්නේ? Facebook එකේ application එකක් වත් හදන්න ඕනි send deeps' Free and Open Soucre Food කියලා.හොදයි නේද අදහස?

    ReplyDelete
  20. අත්හදා බැලිම නම් හොදයි,
    තව ජෙලටින් තියේ නම්, Broken Glass හදලා බලන්න එක හරිම රසයි, මම නම් කැවේ Sri Lankan Air Line Restaurant එකේ, වෙන කොහෙ හරිත් තියෙනවද නම් දන්නෙ නැ, එක නිකන් වීදුරුවක් වගෙම තමයි, එකෙ ඇතුලේ පලතුරු කැලි තියෙනවා. මම ආසාවට හදන්න ගිහින් නා ගත්තා, හදලා බලන්නකො පුලුවන්ද කියල

    ReplyDelete
  21. @@Supun Budhajeewa

    "@ ගයන්ත :
    "sudo apt-get install kitchen-enter" කරන්න කලිං ඒකෙ ඩිපෙන්ඩන්සීස් ඔක්කොම ඉන්ස්ටෝල් කරං ඉන්න එපැයි ?

    ඒකට බින්කු කීව වගේ "sudo -get key kitchen" කරල බලන්න. රෙපො එකෙන් පැකේජ් එක බාන්න දෙන්නෙම නැත්නම් "sudo steal key kitchen" ගහල බලන්න. හැබැයි ඔන්න ඇඩ්මින්ට අහුවුනොත් යූසර්ව බ්ලැක්-ලිස්ට් වෙයි.

    කොහොම උනත් "sudo jump-from roof" කරන්න එපා, ඒක ගැහුවම සමහර වෙලාවට යූසර් මැල්ෆන්ක්ෂනල් වෙන්න බලනවා."

    හික් හික්. දැන් තේරෙනවා මොකක්ද මේ කියන්නේ කියලා

    ReplyDelete
  22. @ deeps :

    apt-get කියන්නෙ ලිනක්ස් වලට එන පැකේජ් මැනේජර් එකක්. ඒකියන්නෙ අළුත් මෘදුකාංග ඉන්ස්ටෝල් කරන්නයි, තියන ඒව අයින් කරන්නය භාවිතා කරන මෘදුකාංගයක් (Windows වල Add/Remove Programs වගේ.).

    "සුදෝ" (sudo) කියල, කියල තියෙන්නෙ, කොම්පීටරේට උනත් ඔළුව අතගාලා කිවුවම තමය ිවැඩේ ගානට කරල දෙන්නෙ ! lolz :-P

    ඕකෙන් වෙන්නෙ administrator විදියට විධාන කරන එක.

    ReplyDelete
  23. @නුවන්සි
    "තව ජෙලටින් තියේ නම්"

    ඔයත් ගම ගාල්ලෙද?

    හදල බලන්නම්කෝ. අදහසට ස්තුතියි

    ReplyDelete
  24. @Supun Budhajeewa
    අනේ ඔහොම linux කියල දෙනවනම් ඉගෙන ගන්න කාටද බැරි,පින්..

    ReplyDelete
  25. @ deeps :
    > "හික් හික්. දැන් තේරෙනවා මොකක්ද මේ කියන්නේ කියලා"
    * ආ.. එහෙනං සිංහලෙං ලියමු බලන්න අපි මඤ්ඤං බාසාවෙං ලියපු එවුව ! :-P

    > "අනේ ඔහොම linux කියල දෙනවනම් ඉගෙන ගන්න කාටද බැරි,පින්.."
    * අයියොහ්, ඕක මොකක්ද ? (ඔයාට ඕනම නං විතරක් මගෙ PayPal ඊමේල් ඇඩ්‍රස් එක කියන්නං ? ;-) )

    ReplyDelete
  26. ආරක්ෂක පියවරක් විදිහට, අපේ අම්මා මට කුස්සියෙ Administrative Privileges දෙන්නෙ නෑ.


    ගයන්ත මල්ලී ...වයිෆ් කුස්සියේ ඇඩ්මින් වුන දවසට Administrative Privileges නොමිලේම ලබා දෙයි .. මට වුනෙත් එහෙම තමයි. ! ඉතින් හොඳයි නේ අම්මාගෙන් Administrative Privileges ගන්න එක.
    :)
    @DeepS
    මම අක්කත් එක්ක එකතු වෙලා මේක හදන්න බලන්නම්

    ReplyDelete
  27. ඕක කාල බඩේ අමාරුව එහෙම හැදුනොත් ඒකත් ලියන්න හොඳේ. එක අතකට මේව ලියන එකත් හොඳයි. මොකද මේ කොළඹ බෝඩිමකට වෙලා තුන්වේල යන්තං කාලා ඉන්න අපිට මොන ජෙලි ද? කියවල වත් බඩ පිරුනොත් මිස.

    @සුපුන්
    අපේ යාළුවෙක් ඉන්නවා. sudo කියන එකට ඌ නම් කියන්නෙ සුදූ කියල.

    ReplyDelete
  28. මේකෙ kernel version එක මොකක්ද?

    default desktop environment එක නම් KDE වගේ, ලස්සනයිනේ. compiz නුත් දාලනේ, පොඩ්ඩක් හෙලෙව්වහම ගැස්සෙනවනේ.

    මතක ඇතුව patches, security updates එහෙම රිලීස් කරන්න, නැත්තන් කූඹි ඕක හැක් කරොත් මාර ජංජායක් වෙන්නෙ.

    ReplyDelete
  29. @thiraya,
    Firewall එකක්... ආ.. නෑ නෑ... වැරදුණානෙ.... Waterwall එකක් install කරමු. එතකොට කූඹින්ට හැක් කරන්න බෑ.

    අත්දුටුවයි.. ප්‍රත්‍යක්ෂයි!!

    ReplyDelete
  30. ශාකුන්තල, එතකොට රියදුරු ප්‍රශ්ණ එහෙම? ;)

    ReplyDelete
  31. @ සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath :

    > "අපේ යාළුවෙක් ඉන්නවා. sudo කියන එකට ඌ නම් කියන්නෙ සුදූ කියල."
    * ම් ම්.. ඒක වඩා හොඳයි වගේ !

    @ thiraya :

    > "compiz නුත් දාලනේ, පොඩ්ඩක් හෙලෙව්වහම ගැස්සෙනවනේ."
    * යා යා.. compiz දාල වගේ.

    > "මතක ඇතුව patches, security updates එහෙම රිලීස් කරන්න"
    * ඕකට security updates දිදී ඉන්න ඕන නෑ, මෙෂින් එක හදපු ගමන් "sudo eat-now -onlyme -hurry" ගහන්ඩ !

    @ ශාකුන්තල :

    > "Waterwall එකක් install කරමු"
    * Waterwall දාන්න ගිහිං මෙෂින් එක වතුරෙ යයිද දන්නෙ නෑ ! :-P

    ReplyDelete
  32. @බුධාජීව
    එහෙම හදපු ගමන් කාල හරියනවයැ.
    ඉස්සෙල්ලා codecs දාල සින්දුවක් එහෙම අහල ඉන්න එපැයි. ;-)

    ReplyDelete
  33. deeps : මගේ පෝස්ට් එකේ මෙච්චර වචන තියෙද්දිත් මේ අය මේ 'ubuntu' අල්ලගෙන මට දෙන වදයක්. ෂික් විතරක් ...

    ReplyDelete
  34. @Supun Budhajeewa
    >"ආ.. එහෙනං සිංහලෙං ලියමු බලන්න අපි මඤ්ඤං බාසාවෙං ලියපු එවුව ! :-P"

    *sudo apt-get install kitchen-handle අම්මට හිනාව දාලා කුස්සියට පනිමුද?
    sudo apt-get install kitchen-enter හොර පූසා වගේ enter වෙලා ගේම දෙමුද?
    sudo -get key kitchen කුස්සියේ යතුර උස්සලා පනිමු
    sudo open door kitchen ඉස්සරහ දොරෙන් ඇතුල් වෙමු
    sudo go back door එය අපහසු නම් පසු පස දොරින් ඇතුල් වෙමු
    sudo jump-from roof එකක් වත් හරි යෙන්නේ නැත්තම් වහලෙන් පනිමු. පැන කුස්සියේ තියන බඩට යැවිය හැකි සියලුම දෙවල් වලට වැඩේ දෙමු

    මේවා ඉදිරියට ඔලුව අත ගා sudo දැමූ විට අවශ්‍ය ප්‍රොග්‍රෑම් ඉබේ install වේ. අර Matrix ෆිල්ම් එකේ හෙලිකොප්ටර් දක්කන හැටි Triniti ගේ මොලයට යවන්නට කලිනුත් sudo කියා කියූ බැව් ඊයේ මේ පොස්ට් එක කියවා Neo මට දැනුම් දුන්නේය. Neoට ද නොමිලේ Linux කියා දීම පිලිබදව ස්තුතිය.තවද Neo ගේ තවමත් sudo apt-get install pay pal implement වී නොමැති නිසා ඔහුගෙන් Linux ඉගෙන ගැනීමට තීරණය කළෙමි.;-P

    @ Leo Sadeepa
    >"ගයන්ත මල්ලී ...වයිෆ් කුස්සියේ ඇඩ්මින් වුන දවසට Administrative Privileges නොමිලේම ලබා දෙයි .. මට වුනෙත් එහෙම තමයි"

    *මොනවා උනත් අක්කා හොඳ වැඩේ කරල තියෙන්නේ.මට මැවිල පේනවා Leo Sadeepa අක්කාගෙන් ගුටි කකා කුස්සියේ වැඩ කරනවා.;-P
    චානුවත් එකතු කරගෙන හදල බලන්න

    @ගයන්ත
    *ඔන්න මල්ලි ඇහුනනේ අය්යාගේ කතාව.

    @සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath
    තාම නම් කාවවත් රෝහල් ගත කලේ නෑ. ආහ් කිරි පිටි දානවා නම් උණුවතුරෙන් කිරි පිටි ටික දිය කරන්න මතක ඇතුව. නැත්තම් නම් ඉතින් දවස් ගානක් වැසිකිලියේ තමා

    @thiraya
    >"නැත්තන් කූඹි ඕක හැක් කරොත් මාර ජංජායක් වෙන්නෙ."

    *මොන කුඹිද sudo eat-now -onlyme -hurry ගැහුවම වැඩේ හරි. ඕවා අපේ සුපුන් මල්ලිගෙන් අහන්න.වැඩියෙනුත් එක්ක කියල දෙයි.

    >"යා යා.. compiz දාල වගේ."
    *ඔව් ඔව්. හැබැයි පරිස්සමින් හොදේ. compiz නොහොත් ජෙලටින් වැඩි උනොත් රබර් වගේ තියෙයි

    >"ඉස්සෙල්ලා codecs දාල සින්දුවක් එහෙම අහල ඉන්න එපැයි. ;-)"

    අහල පහල අයට පෙන්න පෙන්න කන්න. එතකොට codecs නැතුවම සින්දු play වෙයි

    >"deeps : මගේ පෝස්ට් එකේ මෙච්චර වචන තියෙද්දිත් මේ අය මේ 'ubuntu' අල්ලගෙන මට දෙන වදයක්. ෂික් විතරක් ..."

    *ඔව් අනේ මේ ඉපදුනු දවසේ බිල් ගේට්ටුවෙන් ඇතුලේ හිටපු මටත් කට්ටිය linux ඉගැන්නුවා එහෙනම්.@Supun, Budhajeewa, @ගයන්ත, @thiraya, @ ශාකුන්තල, @Binku මාර linux promotion පාර ආ...

    @ ශාකුන්තල :

    > "Waterwall එකක් install කරමු"

    *දිය උනොත් එහෙම අර sudo eat-now -onlyme -hurry command එක sudo drink-now -onlyme -hurry කියල වෙනස් කරන්න. බිව්වත් මොකෝ කෝඩියල් නේ!

    @-බිன்ku-
    >"එතකොට රියදුරු ප්‍රශ්ණ එහෙම? ;)"
    ඒවා කොහෙද මලේ මේවට. දිරවන devices වලට drivers ඉපදෙනකොටම default install වෙලානේ එන්නේ.හැබැයි කෑවට පස්සේ නම් re-install කරන්න වෙයිද දන්නේ නෑ

    ReplyDelete
  35. @Deeps :
    > "sudo apt-get install kitchen-handle අම්මට හිනාව දාලා කුස්සියට පනිමුද?
    sudo apt-get install kitchen-enter හොර පූසා වගේ enter වෙලා ගේම දෙමුද?"

    කියන දෙක,

    "sudo apt-get install kitchen-handle = කුස්සිය හැඬල් කරන හැටි හොයල බලමු ද ?

    sudo apt-get install kitchen-enter = කුස්සියට ඇතුල්වෙන ක්‍රමයක් හොයමුද ?"

    කියල ආවනං හරි වගේ.

    > "හෙලිකොප්ටර් දක්කන හැටි"
    * හෙලිකොප්ටර් දක්කන්නෙ කොටි රටේ ද ? :-O

    > "තවද Neo ගේ තවමත් sudo apt-get install pay pal implement වී නොමැති නිසා ඔහුගෙන් Linux ඉගෙන ගැනීමට තීරණය කළෙමි.;-P"
    * Neoත් මට උදැල්ල දැම්ම එහෙනං.. ෂෙහ්.. ජංජාල ගුරෙක් කියපු විදියට දතක් පන්නගන්න හැදුව විතරයි ! :-D

    > "අහල පහල අයට පෙන්න පෙන්න කන්න. එතකොට codecs නැතුවම සින්දු play වෙයි"
    * ඒ කොමද ? :-O

    > "ඔව් අනේ මේ ඉපදුනු දවසේ බිල් ගේට්ටුවෙන් ඇතුලේ හිටපු මටත් කට්ටිය linux ඉගැන්නුවා එහෙනම්.@Supun, Budhajeewa, @ගයන්ත, @thiraya, @ ශාකුන්තල, @Binku"
    * කාටද ආඩම්බර ? ;-)

    > "මාර linux promotion පාර ආ..."
    * එහෙම තමයි.. අපි උණුවතුරත් කූල් කරල බොන්නෙ.

    > "ඒවා කොහෙද මලේ මේවට. දිරවන devices වලට drivers ඉපදෙනකොටම default install වෙලානේ එන්නේ.හැබැයි කෑවට පස්සේ නම් re-install කරන්න වෙයිද දන්නේ නෑ"
    * drivers වලට නං කමක් නෑ කියමු. හැබැයි මෙෂින් එකටම හරි වෙයි ද දන්නෙ නෑ.. එහෙම උනොත් ඉතිං පැක් කරල පොළව යට ගබඩාවට දාන්න වෙනව ප්‍රතිචක්‍රීකරණය කරන්න !!! :-O

    ReplyDelete
  36. @Supun Budhajeewa
    >"කියන දෙක,

    >"sudo apt-get install kitchen-handle = කුස්සිය හැඬල් කරන හැටි හොයල බලමු ද ?

    >sudo apt-get install kitchen-enter = කුස්සියට ඇතුල්වෙන ක්‍රමයක් හොයමුද ?"

    >කියල ආවනං හරි වගේ."

    *ඕවට ගාස්තුව කීයද?

    >"හෙලිකොප්ටර් දක්කන්නෙ කොටි රටේ ද ? :-O"
    *ඇමරිකාවේ ඇමරිකාවේ

    >"ඒ කොමද ? :-O"
    *අනේ මේ ළමයා හැම දෙයක්ම බෙදා හදාගෙන කනවා වගේ.ඇයි මෝඩයෝ යාලුවන්ට නොදී මේ වගේ රස කෑමක් කෑවොත් එහෙම කට්ටියගෙන් %$^%$ සින්දු හම්බෙයි ඇති වෙන්න

    >"කාටද ආඩම්බර ? ;-)"
    *මට මිසක් වෙන කාටද? (නොමිලේ linux පන්තියක් දාන්න ඉඩමක් දුන්නට) lol

    >"උණුවතුරත් කූල් කරල බොන්නෙ"
    *ඒක කරන්නේ මොන command එකෙන්ද?

    >"හැබැයි මෙෂින් එකටම හරි වෙයි ද දන්නෙ නෑ"
    *නෑ එහෙම වෙන්නේ නෑ. අපි හැමදාම සමහන් බොනවා

    ReplyDelete
  37. > "අනේ මේ ළමයා හැම දෙයක්ම බෙදා හදාගෙන කනවා වගේ.ඇයි මෝඩයෝ යාලුවන්ට නොදී මේ වගේ රස කෑමක් කෑවොත් එහෙම කට්ටියගෙන් %$^%$ සින්දු හම්බෙයි ඇති වෙන්න"
    * අපි ඉතිං කාල උනත් බාගෙ බාගෙ බොන මිනිස්සු නෙ !

    > "නෑ එහෙම වෙන්නේ නෑ. අපි හැමදාම සමහන් බොනවා"
    * ලිනක්ස් ඇඩ් අස්සෙ සමහන් ඇඩ් දාන්නෙ කොයි ලෝකෙ ද ?

    > ""උණුවතුරත් කූල් කරල බොන්නෙ"
    *ඒක කරන්නේ මොන command එකෙන්ද?"
    * sudo cool hot-water

    ReplyDelete
  38. @ Spiderman,
    "sudo-dont-put-udella"

    ReplyDelete
  39. @spiderman
    මාත් ඕක දැනගත්තේ කමෙන්ට්ස්වලින්ම තමා. කියවලා බලන්නකෝ

    @මම මචන් ගින්දර
    :P

    ReplyDelete