Thursday, May 28, 2009

DeepS ගේ ලෝකයේ අනං මනං

ගිහින්ම බලන්න

ආයුබෝ වේවා!!

මාත් සුද්දාගේ භාෂාවෙන් බ්ලොග් අඩවියක් පටන් ගත්තා මීට මාස හය හතකට කලින්. එත් ටික කාලයක් යනකොට හිතුනා සිංහලෙනුත් ලියන්න ඕනේ කියලා. මුලින්ම පොඩි ලිපියක් දාල බැලුවා මගේ ටයිප් කිරීම එහෙම කොහොමද කියලා බලන්න.එකෙන් පස්සෙ ගොඩක් ආස හිතුනා සිංහලෙනුත් ලියන්න. ඒ ආසාව නිසා තමා මොබිටෙල් ගැන, ස්පෑම් ගැන සහ වෙසක් ගැන ලිපි සිංහලෙන් ලියවුනේ.

මේ අතර අපේ විභාග කට උඩටම ඇවිත්. කොච්චර වැඩ වැඩි උනත් ලියන්නමයි හිතෙන්නේ. එත් ඉතින් මගේ බ්ලොග් එකේ දිගටම ලිය වුනේ දිග ලිපි. සැරින් සැරේ කෙටි ලිපි ලිය වුනත් එවා ඒ බ්ලොග් එකට ගැලපෙන්නේ නැති ගතියක් දැනුනා.ඔය හේතු නිසා ගොඩ කාලෙක ඉදල හිතෙ තිබුන ක්ශුද්‍ර බ්ලොග් අඩවියක් පටන් ගැනීමේ අවශ්යතාවය තවත් තදින් දැනුනා.

ඔන්න ඔය අස්සේ අපේ සුදා තවත් වැඩකට අත ගහලා. සහභාගි වෙන්න හරිම ආසයි. එත් මට සිංහල බ්ලොග් අඩ්වියක් නැනේ කියල හිතෙනකොට අර අවශ්යතාවය දෙක තුන වෙලා හිතට දැනුනා

ඉන්න බැරිම තැන ඔන්න අලුත් සිංහල බ්ලොග් අඩවියක් හැදුවා. හැදුව කිව්වට ඉතින් එක එක කෑලි බෑලි එහෙන් මෙහෙන් එකතු කරල පැයකටත් අඩු කාලයකින් තම මේ අඩවිය නිර්මාණය කලේ.

අපේ විභාග ඉවර උනාම බ්ලොග් එක ගොඩක් වෙනස් වෙයි. ඔයාලගෙත් අදහස් තියනවා නම් ඉදිරිපත් කරන්න ඒ ගැන. එතකන් ඉතින් මේ ඇඳුමම තමා.

ඇඳුම මොකක් වුනත් දවසකට අඩුම ගානේ එක කෙටි සටහන බැගින් වගේ මේකේ ලියවේවි. ලියන්නේ ඉතින් අනං මනං තමා.

අනං මනං කිව්වට වැඩක් නැති අනං මනං නෙවෙයි ඕං. කාට හරි කොහොමහරි වැදගත් වෙන අනං මනං.මොනවද කියල බලන්න ඇහැ ගහගෙන ඉන්නකෝ.

ප.ලි. මගේ අනෙක් බ්ලොග් අඩවියේ තිබුනු සිංහල ලිපි කීපය මෙම අඩවියට ගෙන එන ලදී.

Tuesday, May 19, 2009

මොබිටෙල් එක්ක නොමිලේ TV බලමු


අපේ පලවෙනි වසර අවසාන විභාගය පටන් ගන්න තියෙන්නෙ තව සති දෙකක් නිසා මේ දවස් වල හොදටම වැඩ. එත් මේ වැඩේ ගැන ලියන්නම හිතුනා මොකද අද කැම්පස් එකේ ඉදල ප්‍රභාකරන් බලන්න උදව් උනේ මේ ක්‍රමය. අනික ගොඩක් අය මේ ගැන දන්නේ නෑ.

කරන්න තියෙන්නේ පොඩි වැඩක්. හැබැයි ජංගම දුරකතනයේ Video Streaming හැකියාව සහ 3G හෝ Beyond 3G/4G හැකියාව තියෙන්න ඕනේ.(මම මේ කතාකරන්නේ අර TV බලන්න පුලුවන් කියලා මාකට් කරන චීනේ හදපු ජංගම දුරකතන ගැන නෙවෙයි. Video Steaming තියන 3 Gහෝ3.5G ජංගම දුරකතන ගැන)

මොබිටෙල් සිම් එක දාගෙන wap.mobitel.lk අඩවියට Mobile Internet Browser එකෙන් යන්න.(Opera Mini වගේ එකකින් නෙවේ. දුරකතනයේ Built-In තියන Mobile Internet Browser එකෙන්)

එතන ලින්ක් එකක් තියනවා Mobile TV-දේශීය නාලිකා කියලා.

ඒක උඩ ක්ලික් කලාම දෙශීය නාලිකා බලන්න පුලුවන් ලින්ක්ස් තියන පිටුවකට යාවි. ඒ පිටුව සේව් කරගන්න.එතනින් අවශ්‍ය නාලිකාව තෝරගෙන බලන්න පුලුවන්.

දෙවනි පාර බලන්න ඔනේ නම් අර කලින් සේව් කරගත්තු වෙබ් පිටුව ඔපන් කරලා අවශ්‍ය නාලිකාව තෝරාගන්න.

ටීවී බලන්න සල්ලි යන්නේ නෑ.

එත් පලවෙනි පාර වෙබ් පිටුවට යනකොට නම් කැපෙනවා. ඒත් ඉතින් මොකද ඊට පස්සෙ Free නේ

ප.ලි.
දේශීය නාලිකා කිව්වට පේන්නේ රූපවාහිනි,ස්වර්ණවාහිනි,ස්වාධීන,දෙරණ, Art TV සහ Channel Eye විතරයි..සිරසා නමාමි සිරස මේ සේවයට ඇතුල් නොකල කෙනාට ;-P

Monday, May 18, 2009

One country one nation......big thank you to all the sons & daughters who contributed towards it

(Pilimathalawa town celebrating the victory )


War is over. LTTE leader is dead.

People rejoice.

But who knows when and where they would start again?

Saturday, May 16, 2009

Sony Ericsson Free Laptop කතාව

පහුගිය දවස් වල යාලුවෝ කීප දෙනෙක්ගෙන්ම ආපු ඊ- මේල් එකකින් කියවුනේ සෝනි එරික්සන් සමාගමෙන් ලබාදෙන ලැප්ටොප් පරිගනකයක් ගැන.ඔය ලිපියම මට දහ වතාවකට වඩා එන්න ඇති.මේ රූපය සහිත ලිපිය ඔයාලට ලැබිලා නැත්තම් ඒකත් පුදුමයක්.

ලිපියේ අන්තර්ගතය මෙහෙමයි.


"සියලුදෙනා වෙත,


එරික්සන් සමාගමේ වෙලද ප්‍රචාරණය සදහා නොමිලේ ලැප්ටොප් බෙදාහරිනු ලැබේ.මේ හරහා සමාගමේ ජනප්‍රියතාවය හා වෙලදාම් වැඩිකරගැනීමට නියමිතය.ඔබ කල යුත්තේ මේ ගැන තව අට දෙනෙකුට පැවසීම පමණයි.එවිට ඔබට Ericsson T18 වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් ලබාගත හැක.


කෙසේ හෝ ඔබ මේ පිලිබදව විසිදෙනෙක් හෝ ඊට වඩා වැඩි පිරිසක් දැනුවත් කලේ නම් Ericsson R320 ලැප්ටොප් පරිගණකයක් ලබාගත හැක


අනිවාර්යෙන්ම එහි පිටපතක් anna.swelung@ericsson.com වෙත යවන්න


මීට,
එන්. කවුසික්"



ඔය ලිපිය දැක්ක ගමන්ම මට නම් හිතුනේ මේක තවත් ස්පෑම් කරුවෙක්ගේ කියල තමා.හැබැයි අර ඊ මේල් ලිපිනය නිසා ඒ සැකය ගැන තව ටිකක් හොයන්න හිතුනා.මොකද එකේ අන්තිමට තියෙන්නේ @ericsson.com කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම *.ericssson.com කියලා වෙබ් පිටුවක් තියෙන්නම ඔනෙනෙ.ඔන්න ඉතින් නිකමට www.ericsson.com ගහල එන්ටර් කලා. එතකොට ආවේ මේක.වෙනත් විද්‍යුත් සන්නිවේදන කටයුතු සම්බන්ධ සමාගමක වෙබ් අඩවියක්.සමාගමේ නම එරික්සන්.

ඒ කියන්නේ එරික්සන් සමාගමේ වැඩ කරන කෙනෙක්ද මේ ස්පෑම් එකේ අයිති කාරයා?වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.

හේතුව මේකයි.මට එන සමහර ස්පෑම් මගේ ඊ මේල්
ලිපිනයෙන්ම ආපු ඒවා! මගේ ඊ මේල් ලිපිනයෙන් මටම ස්පෑම් එවන ස්පෑම් කාරයොන්ට @ericsson.com ලිපිනයකින් ඊ මේල් එවන එක මොන කජ්ජක්ද ඉතින්? (මේක කරන්නේ කොහොමද කියලා කාට හරි කියලා දෙන්න පුලුවන් නම් ලොකු පිනක්. ජරා වැඩ කරන්න නෙවි. නිකන් දැන ගන්න)

මට දැනුන ඊලග අවුල තමා සෝනි එරික්සන් කියල ලියල තිබුන විදිය. ඇත්ත සෝනි එරික්සන් වෙබ් අඩවියෙන් ගත්ත අකුරු ටික හා ඊ මේලයේ තිබු
නු අකුරු වල වෙනස ඔයාලම බලන්නකො.

මෙන්න ඇත්ත එක.



මෙන්න බොරු එක




මේකේ තියන හොදම ගොන් පාට් එක තමා යල් පැනපු දුරකතන දෙකක් ලැප්ටොප් දෙකක් ලෙස හදුන්වා තිබීම. විශ්වාස නැත්තම් මෙන්න රූප සමග වැඩි විස්තර හොයාගන්න ලින්ක්


Ericsson T18




Ericsson R320


මේක ගැන ගූග්ල් අය්යගෙන් ඇහුවම තව
හොද හොද දේවල් එයා කිව්වා. ඔය ස්පෑම් එක පටන් ගෙන තියෙන්නේ 2000 වසරෙදිලු. දියුනුව කොච්චරද කියනවා නම් 2009 දී Graphical Spam (රූපමය ස්පෑම්) එකක් විදියට ආයෙත් මේක ලොකේ වටේ ගිහින්ලු.ඔය මොක උනත් මේකට අදාල සමාගම් දෙකේම ඇස් ඇරිල තියෙන්නෙ ළගදි.ඊයේ පෙරේදා සෝනි එරික්සන් සහ එරික්සන් යන සමාගම් දෙකම මේ ස්පෑම් එක ගැන තම තමන්ගේ වෙබ් අඩවි වල පලකලා.


එරික්සන්


"එරික්සන් සමාගම නොමිලේ ලැප්ටොප් පරිගනක හෝ දුරකතන බෙදා දෙනු නොලැබේ.ඔබට ලැබී ඇති ලිපිය අසත්‍ය එකක් වන අතර Anna Swelund නමින් අප ආයතනයේ කිසිවෙකු සේවය නොකරයි.අප ආයතනයේ වෙලද ප්‍රචාරණය සදහා නිතරම නව උපක්‍රම භාවිතා කරන අතර chain email ඒ අතරට අයත් නොවේ.එබැවින්, එම chain email ය තව දුරටත් ප්‍රචාරය නොකරන ලෙස කරුනාවෙන් ඉල්ලා සිටිමු"

සෝනි එරික්සන්


"අපගේ වෙලද ප්‍රචාරණය සදහා සහය වන්නන් සදහා නොමිලයේ ලැප්ටොප් පරිගනකයක් ලැබෙන බව කියමින් පැතිර යන ඊ-ලිපියක් ගැන සෝනි එරික්සන් සමාගමට දැන ගැනීමට ලැබී ඇත.එම ලිපියේ සෝනි එරික්සන් ලාංඡණය,එහි සෙවකයෙකුගේ නම හා ඊ- මේල් ලිපිනය සදහන්ව ඇත.

එය අසත්‍ය ප්‍රචාරයක් බවට අප සමාගම සහතික කරන අතර එහි සදහන් නමින් කිසිවෙක් අප සමාගමේ සේවය නොකරන බවද මෙයින් ප්‍රකාශ කරමු.

සෝනි එරික්සන් සම්බන්ධ සියලුම තරග හා දීමනා ආදිය සෝනි එරික්සන් වෙබ් අඩවිය හා වෙනත් සෝනි එරික්සන් සමාගම හා සම්බන්ධ ආයතන වල වෙබ් අඩවි වැනි නිල මාධ්‍ය හරහා පමනක් සිදු කරනු ලැබේ. නිල
නොවන උ.දා. එස්.එම්.එස්, ඊ මේල් මාධ්‍ය හරහා සිදුවන එවැනි ප්‍රචාරණ පිලිබදව සැලකිලිමත් වන්න.

එසේම එවැනි ඊ මේල් සදහා පිලිතුරු යැවීමෙන් හා ඒවා අනෙක් අයට යැවීමෙන් වලකින්න"


ඒ වුනාට දැන් ඉතින් පෙරහැර ගිහින් ඉවරයි. කී දෙනෙක් මේ ස්පෑම් එකට රැවටෙන්න ඇත්ද?ඊ මේල් ලිපින කීයක් ස්පෑම් කරුවන්ගේ අතට යන්න ඇතිද?

ඔන්න මීට පස්සෙවත් නොමිලේ දෙනව කියන දේවල් ගැන ටිකක් හොයල බලන්න යාලුවන්ට ඒ ගැන කියන්න කලින්


UPDATE:මේ ඊ-මේලය නැවතත් ලංකාවේ ප්‍රචාරය කරන්න පටන් අරගෙන. මෙන්න ඊයේ මට ලැබුණු ඊ-මේලය. කරුණාකර මේ පිලිබඳව ඔබ මිතුරන් දැනුවත් කරන්න