Monday, July 13, 2009

එම්බෙඩ් කරන්නේ වීඩියෝ විතරමද?

සුභ දවසක් වේවා අය්යලා, අක්කලා, නංගිලා, මල්ලිලා, මාමලා, නැන්දලා හැමෝටම. මේ දවස් වල අපිට නිවාඩු වුනත් එක එක වැඩ යෙදුන නිසා බ්ලොග් ලිවිල්ල පොඩ්ඩක් විතර අතපසු වුනා. එක එක වැඩ කියන්නේ උපන් දින උත්සව, පාසලේ ආදි ශිෂ්‍ය නායිකා සංගමයේ වැඩ, අත පසු වුන පැවරුම්, විවිධාකාර ගමන් වගේ දේවල් තමා.ඔය අස්සේ හිතට මහා අප්සැට් එකක් ඇවිත්. හේතුව මට වත් හිතා ගන්න බෑ.

ඔය නිසා නිසා පහුගිය දවස් වල බ්ලොග් වලට කමෙන්ට් එකක් වත් දාන්න බැරිවීම ගැන සහෝදර බ්ලොග්කරුවන් ගෙන් සමාව ඉල්ලනවා.

අළුත්ම ප්‍රවෘත්තිය තමා ගාල්ලේ හොඳ හැටි රවුමක් ගහන්න එළකිරි චාන්ස් එකක් ලැබීම. ඉතින් ළමයිනේ, ඔය ගාල්ල කියන්නේ නුවර හැරුනු කොට මම ආසම නගරයක්. එක පාරක් අපි හතර දෙනා(අම්මායි, තාත්තයි, මල්ලියි, මායි )ගාලු කොටුවේ ඇවිදින්න ගියා හවස් යාමේ. ගාලු කොටුවට ගිහින් තියන අයට නම් මතක ඇතිනේ, සමහර තැන් වලින් නිකන් බැල්කනියක් වගේ තියනවා මුහුද පැත්තට. එදා ඉතින් ඔය තැනකින් මුහුද බලන්න ආසවෙන් හිටියත් බැරි උනා. ඇතුලට යන කොටම කුඩයක්!! මේපාර නම් ඔය නස්පැත්තිය සිද්ධ නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා.

මගේ අනං මනං ඔය ඇති. නැත්තං හැමෝටම වැදගත් වෙන අනං මනං ලියනවා කියල දීපු පොරොන්දුව කඩ වෙනවා.

අද කියන්න යන්නේ නම් පොඩිම පොඩි දෙයක් ගැන, පොඩි එම්බෙඩ් කිරිල්ලක් කිව්වොත් වැඩේ හරි. කට්ටිය ඉතින්, වෙබ් පිටු වලට වීඩියෝ, ගේම්ස් වගේ එක එක දේවල් එම්බෙඩ් කරනවානේ. ඔය සංකල්පය ඇත්ත ජීවිතේට ගෙනාවොත් කොහොමද?


මේක ඇවිල්ලා ලක්ස් එම්බෙඩෙඩ් ඉන් ටු කොහොඹ. වාසි තමා සබන් අපතේ යන එක 100% අඩු කරගන්න පුලුවන් වීම සහ කඩේ නැති සබන් ජාති හදාගන්න පුලුවන් වීම. කරන්න තියෙන්නේ පොඩි වැඩක්. පාවිච්චි කරන සබන් කෑල්ල පොත්තක් වගේ වේගෙන එනකොට අළුත් සබන් කෑල්ලයි, පරණ එකයි හොඳට තද කරල අල්ල ගෙන
පාවිචිචි කරන්න. දෙපාරක් විතර එහෙම කරන කොට මගේ සබන් කෑල්ල වගේ නවතම සබන් කැටයක් ඔයාලටත් ලැබෙයි.ඔන්න මීට පස්සේ පොඩි පොඩි සබන් කෑලි කාණුව දිගේ යවනවා නෙවෙයි හරිද?

අර පිරිමැස්ම හොඳම මැස්ම කිව්වලු.

නැවත හමුවන තුරු happy සබන් එම්බෙඩ් !



26 comments:

  1. "ඇතුලට යන කොටම කුඩයක්!"

    දැං එච්චරටම කරදරයක් වෙන එකක් නෑ. මොකද දැං පොලීසියෙ නීති තදයි. ෂහ්, දැං බලන්න එපායැ කොටුව, අලුත්වැඩියා කරල එහෙම බලන්න ලස්සනයි !

    ReplyDelete
  2. Deepsගේ තවත් නව සොයාගැනීමක්. නරකද නව නිර්මාණ තරගෙකට ඉදිරිපත් උනොත්

    ReplyDelete
  3. නාන නානා නානා රූපේ සිරියා වඩිනා දීප් කොහොඹික්ස් ගානා...

    රූප සිරියා වඩින්න පොකැට්ටුව රකින්න දීප්ස් සබං!

    ReplyDelete
  4. Embdded කරන්න script එකක් මුකුත් තියෙනව නම් ඒකත් දාන්ඩෝ....!! :)

    ReplyDelete
  5. අපි දන්නවා ගාල්ලට කැමති මොකද කියල:-)

    ReplyDelete
  6. හික් හික් 2 in 1 සබන් කෑල්ලක්

    ReplyDelete
  7. සබන් හැදුවාට ඕක ඇගට හොදයිද කියලාත් බැලුවානම් තමයි හොද. මොකද සබන් වල කාබොක්සලික් අම්ල වල පොඩි කේස් එකක් තියෙනවා

    ReplyDelete
  8. මිසිස් පෙරේරා හරියට හරි!

    ReplyDelete
  9. නුවණක්කාර අය ගන්නෙම Deep's කොහොඹික්ස්!

    ReplyDelete
  10. එකම ජාතිය පාවිච්චි කලොත් අවුලක් වෙයිද?

    ReplyDelete
  11. අපි නොදන්න චෙස් අපිත් ගාන්නෙ ඔහොම තමයි. හැබැයි නමේ පොඩි අස්පට් එකක් තියනවා ඕකට "කොහොලක්ස්" කීවොත් නරකද

    ReplyDelete
  12. හිකිස් ... මමත් ඔය වැඩේ කරනව.. හැබැයි ජාති මාරු වුනාම අමුතුම පුසුඹක් තමා එන්නෙ.. :(

    ReplyDelete
  13. මේ ඇත්තටම ගෑනුන්ගේ මොළේ හැදිමිටේ කියල කීවේ කවුරුද?
    එළ එළ අක්කියෝ....
    තව වෙන මොනවද?

    ReplyDelete
  14. අපි කස්ටිය එක හවසක සෙට් එක පිටින් බැස්සා ගාලු කොටුවෙ. අපි ආපු ගමන් සමහර කුඩ යන්න ගියා. මොකද අපටත් නිකං ඉන්න බැරිකමට ඒ පැත්තමනෙ බැලෙන්නෙ. :D

    ReplyDelete
  15. @ප්‍රවීන් ඉන්ද්‍රනාම
    අම්මේ අහනකොටත් ඉරිසියාවේ බැරුවා

    @ගයාන් තාරක
    ආහ්, මේක මගේ නෙවේ අපේ මව්තුමීගේ සොයාගැනීමක්

    @-බිன்ku-
    job offer confirmed...my official advertising partner

    @ගයන්ත
    මම දන්න ස්ක්‍රිප්ට්ටුව ඔය දාල තියෙන්නේ.කැමක්ති විදියකට මොඩිෆයි කොරගනිත්වා

    @Isuru Udana
    කට කට.......

    @Thilina
    යා යා..ඕනේ නම් 3 in 1 හරි 4 in 1 ඒවා උනත් හදාගත්ත හැකි

    @Rajika Kumarasiri
    Thanks

    @chamara jayakody
    හෆ්ෆා එහෙම කේස් එකකුත් තියේද? කවුද දන්නේ...ඒත් මේ වෙනකන් මට නම් කිසි අව්ලක් වෙලා නෑ. ඩෙටෝල්, ලක්ස්, කොහොඹ,ලයිෆ් බෝයි ඔක්කොම ටෙස්ට් කරල තියනවා

    @මම මචන් ගින්දර
    මේ අපි තාම මිස් හරිද?? පවුල් කඩාකප්පල් කරන්න එපා ;D

    @kaumad
    ඔව් ඔව් මෑඩ් කව්ලගේ පිස්සුත් හොදවෙනවලු මේව ගෑවම

    @änthräX
    කිසි අව්ලක් නෑ

    @සහන්
    >"කොහොලක්ස්"
    එතකොට නිකං ඇලෙනවා ඇලෙනවා වගේනේ

    @Anu
    වෙල්කම් ටු ද ක්ලබ් අනු..හැබැයි මට නම් ඔය සුවද කේස් තාම ඇවිල්ල නෑනේ

    @ඉ-නැණ පියස
    අනේ මන්දා..කවුරු හරි ඉරිසියාකරයෙක් වෙන්න ඇති කියන්න ඇත්තේ..අපි ඕවට සැලෙන්නේ නෑ

    @ශාකුන්තල
    කස්ටියගේ හැටි හිතාගන්න පුලුවන් ;P

    ReplyDelete
  16. අම්මෝ උඩ තියෙන reply comments list එකෙන් පේනවා අනාගත ස්වාමිපුර්ෂයට යන කලදසාව... බුදුඅම්මේ මාර කටක්නෙ.. කොහෙන් ඕවා කටට එනවද මන්දා... :O

    මේ අපේ කොල්ලනේ, ඔහේලගෙ ගෑණුළමයින්ට එහෙම ඔය embedded සබන් ගාන්න දෙනවා එහෙම නෙවෙයි.. පේනවනෙ ඕවා ගාපුවම කාටකාර වෙන හැටි... ;)

    ReplyDelete
  17. @ධනික
    ස්වාමි පුරුෂයගේ කට ගැන දන්නෝ දනිති කිව්වලු :-P

    ReplyDelete
  18. පදාර්ථයේ අසංතතික ස්වභාවය :P

    ReplyDelete
  19. ස්වාමි පුරුෂය blog ලියන්නෙ නැති නිසා හොඳයි :P

    ReplyDelete
  20. මේ නංගියෙ අනේ කිව්වට තරහ වෙන්නෙපා.. 'අය්යා' කියන එක වැරදී නේද? ඕක ලියන්නෙ 'අයියා' කියල නොවැ.. ෂුවර් කරගන්න ඕනෙ නම් Office 2007 වල ටයිප් කරලා බලන්නකො..
    http://dhanikauom.blogspot.com/2009/07/microsoft-office.html

    ReplyDelete
  21. @බුද්ධික
    ඔළුව කසමින් (සැලකිය යුතුයි: උකුණෝ සිටින නිසා නොවේ)ඒ මොකක්ද ඒ හරුපේ?

    @kaumad
    ලිව්වේ නැති උනාට කියවනවානේ

    @ධනික
    වරදක් පෙන්වා දෙන්නෝ කළණ මිතුරෝයැ

    ReplyDelete
  22. අන්න අන්න වැරදි වැඩක්. කුඩ වලට කරදර කරන 1නම් හොඳ නෑ. කුඩ වලින් කටවත් කරදරයක් නෑනේ. තමන්ගේ පාඩුවේ අහිංසක විදියට ඉන්න අයට ඇයි කරදර කරන්නේ. ඔය නීති රීති වලින් අදරේ නවත්තන්න බෑ ප්‍රවීන් සහෝදරයා. 1 අතකින් අදරේ කරන්න කිය කිය කමර අස්සේ රිංගනවට වඩා එ වගේ ලස්සන තැනක ඉදන් කතබහ කරන 1 හොදයි. කමර වල කරන්න ඕන දේවල් එතන කරන 1ටනම් මාත් විරුද්ධයි. එහෙම නැතුව අහිංසක අදරවන්තයන්ට අහිංසකව ආදරේ කරන්න, අනාගතේ ගැන කතා බහ කරන්න තියෙන ලස්සන තැනක් නීති රීති දාලා නැති කරන 1 කොච්චර දුරට සධාරණද කියලා මංනම් දන්නේ නෑ.

    ReplyDelete
  23. හැබැයි ඔය අහිංසක විධියට අනාගතේ කතා කරන්න ගාලු කොටුවට එන්නේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු පිරිසක්.

    ආවොත් කොටුවට කපල් එකක්... කුඩයකින් බාගෙට censor කරපු show එකක්... Show එක live, ටිකට් ඕනෙ නෑ... :D

    එහෙම අයට පොලිසියෙන් කරදරයි. අනිත් අයට අවුලක් නෑ.

    ReplyDelete
  24. මමත් අරෙහෙන් මෙහෙන් කැරකිලා මේකට වැටුනා . හැබැයි මගෙ බ්ලොග් එකටත් කවුරු හරි එහෙම එනවනම් ඒක මටනම් මාරම මාර දෙයක්.

    ReplyDelete
  25. වෙනස් වෙනස් සබන් ජාති කලවම් කරන එක ඇතැම් වෙලාවට හානිදායක වෙන්න පුලුවන් කියල tv එකේ කියනව මට ඇහුන, මීටාවුරුදු 5,6කට කලින්

    ReplyDelete