Wednesday, August 31, 2011

විභාග අස්සේ හිතෙන විකාර - බුද්ධි පරීක්ෂණ

සරසවියේ අවසන් විභාගය හොඳටම ළඟ නිසා මේ දවස් වල එක එක හීන පේනවා. විකාර දේවල් හිතෙනවා. එහෙම හිතුනු විකාරයක් තමා මේකත්.

විකාරේ මේකයි. දැන් ඔන්න උපාධිය ඉවර කරලා අපි යනවනේ රස්සා හොයන්න. ඔය සමහර රස්සා තියනවා උපාධියක්  තියන ඕනේ කෙනෙක්ට ඉල්ලන්න පුළුවන්. ඒක කලා වුනත්, ඉංජිනේරු වුනත්, කෘෂිකර්ම වුනත් ඔක්කොම සලකන්නේ එක මට්ටමෙන්. උදාහරණයක් විදියට බැංකුවල කළමනාකාර රැකියා, තව ආණ්ඩුවේ දිසාපති වගේ තනතුරු.

Sunday, August 28, 2011

අනේ මගේ කොම්පියුටරේ ඔන් වෙන්නේ නැහැ! මොකද්ද මම කරන්න ඕනේ?

මම දන්නවද මොනවා කරන්නද කියලා?
මම දන්නේ නැහැ එයා ඉන්ස්ටෝල් කරපු වැඩසටහන්.
තව කොම්පියුටරේ වර්ගය, මෙහෙයුම් පද්ධතිය ඒවා දන්නෙත් නැහැ.
ඉතිං මං කොහොමද කියන්නේ මොකක්ද කරන්න ඕනේ කියලා?
අනික ඉතිං පොඩි පොඩි වැඩ ටිකක් දන්නවා වුණාට මම මීටරයක්‌  නෙවෙයි.
දන්න ටික දන්නෙත් ගූ
ගල් ළඟ ඉන්නකොට විතරයි.

Tuesday, August 23, 2011

අපේ ඉංග්‍රීසි සහ Zoe Kai Psyché

ඉංග්‍රීසි කියන මාතෘකාව මේ බ්ලොග් අඩවියට නුපුරුදු එකක් නම් නෙවෙයි. මුල ඉඳලා අනං මනං ලෝකය කියවපු අයට මතක  ඇති ඉංග්‍රීසියෙන් ලියවුනු මේ ලිපිය. ඉන්පසු මෑතකදී ලියවුනා සහනිගේ ඉංග්‍රීසි ගැන. ඉංග්‍රීසි ඉගෙන ගැනීම,එහි වැදගත් කම  සහ ඉංග්‍රීසි නිසා අපේ සමාජය හිතන පතන විදිය වෙනස් වුන ආකාරය ගැන ඒ ලිපි වලින් සුළු වශයෙන් අවධානයට ලක් වුණා. ඉංග්‍රීසි ගැන තවත් ලිපියක් ලියන්න හේතු පාදක වුනේ රෝම සාහිත්‍යයේ එන ජුවෙනල් ගේ Satires හි තිබෙන එක්තරා සටහනක්.

Wednesday, August 17, 2011

Facebook login approvals disable වුනොත් ආපහු enable කරන්නේ මෙහෙමයි

සමාවෙන්න මේ දවස් වල දිගටම Facebook ගැන ලිපි දානවට. එත් ඉතිං Facebook අපිට කරන දේවල් නිසා ලියන්නම වෙනවා.

අද කතාව මගේ යාලුවෙක්ට වුන දෙයක්. එයාගේ ගැටලුව මේකයි.

Saturday, August 13, 2011

ඔබේ දුරකතනයේ contacts Facebook එකේද?


මම සාමාන්‍යයෙන් සති දෙක තුනකට වතාවක් Facebook settings පරීක්ෂා කරලා බලනවා. හේතුව තමා නිතරම Facebook තුල අපිට ලබාදෙන security සහ වෙනත් option අඩු වැඩි වීම. ඔහොම බලනකොට ඒක දවසක් මෙන්න friends ලා අස්සේ මගේ මුළු phone contact list එකේම දුරකථන අංක තියනවා. මට හිතාගන්න බැරි වුනා එහෙම වුනේ කොහොමද කියලා. හිතාගෙන හිතාගෙන යනකොට මතක් වුනා Facebook මගේ contact list එක හොරකම් කරපු විදිය.