Showing posts with label මේක ලංකාව. Show all posts
Showing posts with label මේක ලංකාව. Show all posts

Wednesday, July 27, 2011

බස්වල දී හමුවෙන අයියලා, මාමලා සහ සීයලා

පොඩි කාලේ නම් deeps ගමන් යන්නේ අම්මා එක්ක. එත් ටික ටික ලොකු වෙනකොට මම යන හැම තැනම ගෙදර කාටවත් පස්සෙන් එන්න බැරි නිසා පොඩ්ඩ පොඩ්ඩ පුරුදු වුණා තනියම දුර ගමන් යන්න.

Wednesday, December 9, 2009

මලී අක්කාගේ ලිපියක් දැක්ක පාර ලියන්නම හිතුනා..ඉතින් ලිව්වා


පෙර ලිවීම: මීට වසර ගණනාවකට කලින් ලියා draft ගොඩේ සැඟවී තිබු ලිපියකි. පරණ ගතියට සමාවන සේක්වා.

මෙන්න මේක තමා මලී අක්කාගේ ඔය කියන ලියමන.තාම කියෙව්වේ නැත්තම් කියවලාම බලන්නකෝ

Saturday, September 26, 2009

නවක වදයෙන් තොර සරසවි දිවිය

මා අලයෙක්මි, සමහරුන්ගේ භාෂාවෙන් කියන්නේ නම් අලිච්චියෙක්මි. උසස් පෙළ පන්තියේ සිටම අල මිතුරු මිතුරියන් ඇසුරු කල නිසාත් නවක වදයට මුල සිටම විරුද්ධ වීමත් නිසා එක හිතින්ම අලයෙක් වීමි.පාසල් කාලයේ සිටම අල වීමේ අභියෝගය ගැන අසා තිබුණු නිසාත්, අල නොවී නොසිටීමට සමහරුන් විදිනා දුක ගැන දැන සිටි නිසාත් දෙවරක් නොහිතා පේරාදෙණියට පය තැබූ පලමු දිනයේ සිටම නවක වදයට විරුද්ධ සිසු

Thursday, September 24, 2009

මේ දවස්වල මගේ ජීවිතය

මොන ප්‍රශ්ණය ආවත් බ්ලොග් ලිවිල්ල අත අරින්නේ නෑ කියල පටන් ගත්තත් සමහර ප්‍රශ්ණ නිසා තාවකාලිකව පසුගිය දිනවල බ්ලොග් සහ සියලුම අන්තර්ජාල වැඩ වලින් මඳකට ඈත් වෙන්න සිදුවීම ගැන මුලින්ම මගේ කණගාටුව. ඉඩක් ලැබුන ගමන්ම හෝර්ටන් තැන්නේ කතාවේ ඉතුරු ටිකත් තව රසත් කතා ටිකකුත් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.ඔන්න දැන් හැමෝම හිතයි මෙච්චර කල් මොන

Wednesday, August 19, 2009

අවාරයේද හෝටන් තැන්න සුන්දරය- 1 කොටස

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ දේශන ශාලාවක් ඇතුලේ ඇතිවු සාකච්ඡාවක්.

මාතෘකාව චාරිකාව,යන්න පුළුවන් දිනය 17, යන තැන?? ප්‍රශ්නයක්

Tuesday, August 11, 2009

අහෝ ATM වඩිනු මැනැවි අපේ ගමට

ගොඩ කාලෙකට පස්සේ බ්ලොග් සටහනක් ලියන්න නිමිත්තක් ලැබුනේ ඊයේ.ඒකත් බැංකු කතාවක්.

මේ දවස් වල් ගොඩක් අය සල්ලි ගන්න පාවිච්චි කරන්නේ ATM කාඩ්පත්නේ.මාත් එහෙමයි.ලංකා බැංකුවේ ගිණුමක් ආරම්භ කරලා දැන් අවුරුදු දෙකකට කිට්ටු වෙන්න ආවත් ජීවිතේට බැංකුවට ගිහින් මුදල් ආපසු අරගෙන නෑ.


කාඩ් වලින් සල්ලි ගැනීම පහසුයි, ඉක්මන්. ඒ වුනාට ඊයේ වුන රස්තියාදුව මතක් වෙනකොට බැංකුවෙන් සල්ලි ගැනීම ගැන කාට කාටත් දැනගන්න බ්ලොග් එකේ ලිව්වොත් හොඳයි කියල හිතුනා.

මගේ ගිණුම තියෙන්නේ ලංකා බැංකුවේ පේරාදෙණිය ශාඛාවේ.මම ඉන්නේ පිළිමතලාවේ වුනත් පේරාදෙණියේ ගිණුම ආරම්භ කලේ පිළිමතලාවට වඩා පේරාදෙණිය ශාඛාවේ වැඩ කටයුතු හොඳයි කියල දැණුනු නිසා. ඊට පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආවට පස්සෙ අපේ පීඨය ඇතුලෙම බැංකුවක් තිබුන නිසා, කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ බැංකුවත් එක්ක ගණුදෙනු කරන්න.

නමුත් ඊයේ හවස උවමනාවකට පොඩි මුදලක් ගන්න අවශ්‍ය වුනා.අපේ ගෙවල් වලට ලඟම තියන ලංකා බැංකු ශාඛාව තමා පිළිමතලාව.අවුරුදු ගානක් පරණ වුනාට ඒකේ තාම ATM මැශින් එකක් නෑ. ඒක නිසා බැංකු පොතයි,හැඳුනුම් පතයි, පෑනයි ඔක්කොම දේවල් හොයාගෙන පාරට බැස්සා. ඔලුව පීරලා, මූණ කට හෝදලා මනුස්සයෙක් වගේ යන්න එපැය ඉතින් බැංකුව ඇතුලට යන්න. තාත්තාගේ කොමර්ශල් බැංකුවේ කාඩ් එක මගේ අවාසනාවන්තකමටම ගෙදර තිබුනේ නෑ. ඒක තිබ්බ නම් ඉතින් ගෙදර හිටපු විදියටම සෙරෙප්පු දෙකක් දාගෙන පයින්ම ගිහින් සල්ලි අරං එන්න තිබුනා.

ඉතින් බැංකුවට ගිහින් පැය භාගයක් වගේ පෝලිමේ ඉඳල කවුන්ටරේ හිටපු අයියාට පොතයි, හැඳුනුම්පතයි, සල්ලි ගන්න පාවිච්ච් කරන පෝරමයයි දුන්නා. ඒපාර මෙන්න මෙයා කියනවා මිස් ඔයා පොතේ අත්සන් කරලා නෑ. ඒක නිසා සල්ලි ගන්න බෑ කියලා.මට හොඳටම තරහ ගියා. බැංකු පොතේ අත්සන් කරන කතාවක් මම දැනගෙන හිටියේ නෑ. අනික මෙච්චර කල් ATM එකෙන් සල්ලි ගත්ත නිසා ඒක මට ප්‍රශ්නයක් වුනෙත් නෑ.ඒක අත්සන් කරගන්න පේරාදෙණියටම යන්න ඕනෙලු. මොනව කරන්නද සල්ලි ගන්නම ඕනේ නිසා ගියා පේරාදෙණියට. බැංකුව වහන්න ඔන්න මෙන්න තියෙද්දි පැනගත්තා ඇතුලට.

එතකොට තමා දැනගත්තේ අත්සන් කරන විදිය. බැංකු පොතේ ඉදිරි පිට කවරේ ඇතුල් පැත්තේ අයිතිකාරයාගේ අත්සන තියෙන්න ඕනේලු. ඒ අත්සනත් පේන්න නෙවේ ගහන්නේ.අමුතු කාබන් කොළයක් උඩ අත්සන් කරන්න දෙන්නේ. ඒක පියවි ඇහෙන් පේන්නේ නැති උනත් කවුන්ටරේ තියාගෙන ඉන්න විශේෂ ලාම්පු එලියෙන් නම් පේනවලු. එතන තියන විද්‍යාව නම් මම දන්නේ නෑ. ඒ වුනාට ඔන්න මීට පස්සේ කවුරුහරි ලංකා බංකුවේ ගිණුමක් ආරම්භ කරනවා නම් ඔය වැඩේ අනිවාර්යෙන්ම කරගන්න. නැත්තම් බැංකුවෙන් සල්ලි ගන්න වුන දවසට තමා රස්තියාදු වෙන්න සිද්දවෙන්නේ.

මට මෙතනදි හිතුන දෙයක් තමා බැංකු සේවකයන්ගේ නොසැලකිලිමත් බව. විශේෂයෙන් රාජ්‍ය බැංකු.මම ගිණුම ආරම්භ කරද්දි කවුරුවත් මට කිව්වේ නෑ ඔය ගැන.කිව්වා නම් ඊයේ මට සල්ලි ගන්න එක පිළිමතලාවෙන්ම ලේසියෙන් කරගන්න තිබුනා.

මීට කලින් සම්පත් බැංකුවේ පොඩි කාලේ අම්මලා ආරම්භ කරපු ගිණුමක් වැඩිහිටි ගිණුමකට මාරු කරගන්න ගිහින් මූණ දෙන්න උනේ ඒකට සම්පූර්ණයෙන්ම වෙනස් අත් දැකීමක්.පැයක් විතර රස්තියාදු වෙන්න උනා එතනත්. හැබැයි ගිය වැඩේ එක පාරින්ම කරගෙන එන්න පුලුවන් උනා. ගිණුම මාරු කරලා, කාඩ් හදාගෙන ඔක්කොම වැඩ එක දවසින්.ඒ වගේම හිටපු කාර්ය මණ්ඩලයත් බොහොම හොඳයි. සම්පත් බැංකුවේ තියන මම ආසම දේ තමා දුරකතනය හරහා හෝ අන්තර්ජාලය හරහා බැංකු කටයුතු කරගැනීමට පහසුකම් සලසා දීම.

ඉතින් ඕක මතක් වෙලා මම ඊයේ ලංකා බැංකුවෙන් ඇහුවා online transactions කරන්න පුලුවන් විදියක් තියනවද කියලා. එතන හිටපු සේවකයා ගත් කටටම බැහ් ගෑවේ එහෙම එකක් ගැන අහලාවත් නෑ වගේ. නමුත් පහුගිය ලිපිය ලියන්න කලින් ලංකා බැංකුවේ වෙබ් අඩවිය පුරා කරක් ගහන්න වුන නිසා මට හොඳට මතකයි එහෙම සේවාවක් තියනවා කියලා.

මම ඉතින් කිව්වා "එහෙනම් අර වෙබ් සයිට් එකේ දාල තියෙන්නේ ඒ අන්තර්ජාලය හරහා ගණුදෙනු කරන්න පුලුවන්, සේවාව ලබා ගන්න නම් අයදුම්පතක් බැංකුවේ කළමනාකාරීත්වයට භාර දෙන්න කියලා"

ඔන්න ඒපාර අර බැහ් කිව්ව කටින්ම මෙයා කියනවා එහෙම සර්විස් එකක් නම් තියනවා මිස්. හැබැයි අපි ඒක සම්පත් බැංකුව එක්ක එකතු වෙලා කරන නිසා ගොඩක් කොමිස් ගෙවන්න වෙනවා කියලා. මට අහන්න හිතුනා එහෙනම් මේ ගිණුම අයින් කරගෙන ඒකේ සල්ලි ටික සම්පත් බැංකුවටම දාන්නද කියලා.

කෝක වුනත් කට පරිස්සම් කරගෙන ජීවත් වෙන්න ඕනේ නිසා මොකුත් කියන්නේ නැතිව බැංකුවෙන් එළියට ආවේ අපේ රාජ්‍ය බැංකු වල customer care service එකත් අර ඒ සම්බන්ධයෙන් බොහොම ප්‍රසිද්ධ ජංගම දුරකතන සේවා සපයන සමාගම් වලට වඩා වැඩි වෙනසක් නෑ කියලා හිතාගෙන.

මේ කතාව ලිව්වේ අලුතින් ගිණුමක් ආරම්භ කරන කාට හරි වැදගත් වෙයි කියලා හිතලා. අලුත් තාක්ෂණය භාවිතා කරන එක හොඳයි තමා, ඒත් හැමවෙලාවෙම සූදානම් වෙලා ඉන්න තාක්ෂණය නැති වෙලාවට පරණ විදියටම වැඩ කරන්න.

රූපය ගත්තේ මෙතනින්

Wednesday, June 17, 2009

අද දවස

හලෝ හලෝ...කට්ටිය කොහොමද? අපිට නම් ඔන්න ප්‍රධාන විෂයන් 5 ඉවරයි.ඉල්ලං කන පරිප්පු නිසා මට නම් තාම ඒ වුනාට විභාග ඉවර නෑ. non-credit කරන CMP101එකේ විභාගේ මේ සතියේ. ඔය කොහොම උනත් ගොඩක් අයට අද විභාග ඉවරයි. ඉතින් කට්ටියම ගියා පේරාදෙණිය රාජකීය උද්හිද උද්‍යානයට. නිකං ජොලියට දන්නැද්ද ඉතිං??


රූපය ගත්තේ මෙතනින්

මම ඊයේ නම් හිතාගෙන හිටියේ යන්නේ නෑ කියල. එත් කොහෙද අනේ යාලුවෝ ගොඩට වැටුනාම ඕවා අමතකයි..අනික ඉතින් ඔය වගේ චාන්ස් එකක් ආයේ ඉතින් මාස 6කින් නේ එන්නේ.ලාහෙට ගෙම්බො එකතු කරන්නා වගේ එක එකා එක එක තැන් වලින් එකතු කරගෙන කට්ටිය 11.00- 11.30 වෙනකොට ගේට්ටුව ලඟට ආවා.

අද අපිට විභාගේ තිබුනේ CDCE එකේ, ගොඩක් අය දන්නේ බාහිර විභාග අංශය කියලා.මාස හයක් ඉගෙන ගත්තුවා පැය දෙකකට සාරාංශ ගත කරලා ඉවර උන ගමන් ඉතින් කට්ටියට වැසිකිළි අවශ්‍යතා. එත් කොහෙද වැසිකිලිය ලඟ කොලඹ බස් එකට වඩා පෝලිම.

ඔතන ඉඳල මල් වත්තට ටික දුරයිනේ. මල් වත්තේ ඇති වැසිකිළි කියල ඔන්න කට්ටියම පෝලිමෙන් පැනලා මල් වත්තට ආවා.මල් වත්තට ආව ගමන් මල් කෙසේ වෙතත් වැසිකිළි සෙවීම පටන් ගත්තා. වැසිකිළියක් කියල හිතන්න පුලුවන් එකක් ළඟට ඇවිත් බැලුවම ඒක ඉබ්බෙකුත් දාල වහල. මොනව කොරන්නද කියල කල්පනා කර කර ඉන්නකොට වැඩ කරන සේවිකාවක් ඇවිත් වෙන වැසිකිළියක් තියන තැනක් පෙන්නුවා. ප්‍රශ්නේ ඉවරයි කියල ගියා බලන්න.

අනේ අම්මෝ, ඒවා තමා වැසිකිළි. එකක වත් දොරවල් නෑ.ඔක්කොම ගැලවිලා බිත්ති වලට හේත්තු කරල තියනවා. ඇතුලට ගිහින් දොර උස්සල තියාගන්න ඕනේ. වතුර නෑ. වතුර බින්දු බින්දු වැටෙන එකම ටැප් එක තිබුන වැසිකිළියේ වතුර දාන්න තිබුනු භාජනය හත් අවුරුද්දක් බුලත් කෙල ගහපු පඩික්කමක් වගේ දුඹුරු පාට වෙලා..සිවිලිමේ හිල්.. කොයි වෙලාවේ කඩන් වැටෙයිද දන්නේ නෑ

පිරිමි වැසිකිළි නම් කොහොමද දන්නේ නෑ. ගැහැණු ඒවාගේ නම් තත්වය ඔහොම තමයි. දවසකට දෙනෝදාහක් යන එන තැනකට වැසිකිළියක් හරියට නෑ කියන්නේ මොන තරම් ලැජ්ජාවක්ද?

අපිට කරන්නම දෙයක් නැති තැන දෙන්නෙක් තුන්දෙනෙක් මුරට තියලා එක්කෙනා එක්කෙනා ගිහින් ආවා.හැමෝම එලියට එන්නේ අර පෝලිමේ පැයක් හරි හිටියනම් ඒක මීට වඩා සැපයි නේද කියාගෙන. ෆොටෝ එකක් ගන්න හදනකොටම එක්කෙනෙක් කියනවා ඕවා Facebook දාල අන්තිමට අපිටමයි ලැජ්ජ වෙන්න වෙන්නේ කියලා. කොහෙද මට ඒ වෙලාවේ මතක් උනේ නෑනේ මට බ්ලොග් එකක් තියනවා කියලා. මොලේ, තමයි මොලේ..

මේ...සුද්දොත් යන්නේ ඕවටමද දන්නේ නෑනේ?

ඔය මොනා වුනත්අද නම් ඇති වෙන්න පිස්සු නැටුවා. අල්ලං සෙල්ලං කලා, එළුවන් කෑම කලා..මම එළුවා උනානේ එක පාරක්, garden එක වටේ දුවල දුවල ඇති උනාම කොටියා මගේ ළඟට එනකන් නැවතිලා හිටියා. නැත්තම් පවුනේ . කොටියට මහන්සි වැඩිවෙලා මොකුත් උනොත් කාට කියල කියන්නද? ඊට පස්සේ ගහක් යටට වෙලා සින්දු කිව්වා ඉඳල ඉඳල ඇති වෙලා එලියට එන්න හදනකොට මෙන්න බොලේ කොහෙන්දෝ ඉඳල ජපන් පෙනුමක් තියන උස මහත හැන්ඩි කොල්ලො ගොඩක් ඇතුලට එනවා. අපිත් ඉතින් ලස්සන කෙල්ලොනේ..කට්ටියට නිකං මොනාද මොනාද වගේ. එයාලට මාර ආසාවක් තිබුනේ අපේ ෆොටෝ ගන්න. එත් ඉතින් කවුද කියන්න දන්නේ නැති නිසා ආරක්ෂාව ගැන හිතල පොඩ්ඩක් අයින් ගහල හිටියා. ආහ් කැමරා කියනකොට මතක් උනේ, තව කවුද මැට්ටෙක් අපි යන යන තැනට එනවා කැමරාවකුත් උස්සගෙන. ඇවිල්ලා අපේ පැත්තට කැමරාව හරවගෙන මොනවද මොනවද කරනවා. අපි garden ground එක මැද අයිස් වෝටර් කරනකොට තමා එයා මුලින්ම අපි දිහා කැමරාව අස්සෙන් බලාගෙන හිටියේ..මේ, ඔන්න ලොකු ලොකු ළමයි කට්ටියක් පෙරාදෙණිය මල්වත්තේ පොඩි එව්න් වගේ පිස්සු නටනවා මොකේ හරි පෙන්නුවොත් මාත් ඉන්නවද බලන්න හොදේ?

හික් හික්....

ඇවිදලා ඇවිදලා අන්තිමට ගෙදර එනකොට කකුල් ගන්න දෙයක් නෑ. නිකං පණ නෑ වගේ. ඔය මොනවා වුනත් දැන් ඊලඟ පේපරේට ලැහැස්ති වෙන්න එපායැ.ඔන්න අපි ගියා...



Saturday, May 9, 2009

යමං බණ්ඩෝ වෙසක් බලන්න



මාත් වෙසක් බලන්න ගියා විදේශික යාලුවෝ දෙන්නෙක් එක්ක. වෙසක් දවස නිසා අපේ ආගම ජාතිය ගැන එයාලට ටිකක් කියල දෙන්නත් කියල හිතාගෙන තමයි ගියේ.

ඔන්න වෙසක් කූඩු බල බල පන්සලට ගියයි කියමුකො. පන්සලේ ධාතු ප්‍රදර්ශනයක්. මගේ යාලුවොන්ට මේක මාර ප්‍රශ්නයක්.නුවර මාලිගාවෙන්ද ධාතු ගෙනාවේ කියල අහනවා. ඔන්න එකට උත්තරයක් දුන්න.

ටික වෙලාවක් ගියාම මේ දෙන්නට තව ප්‍රශ්නයක්. මගෙන් අහනවා කෝ පන්සලේ හාමුදුරුවෝ කියලා. එතකොට තමා මටත් මීටර් උනේ හාමුදුරුවො පේන්න නෑ කියල.හාමුදුරුවෝ නැති උනාට මොකද පන්සල පුරා හමුදාවෙන්. මගේ යාලුවො කියපි පන්සලේ හාමුදුරුවෝ වෙනුවට ඉන්නේ හමුදාවෙන් නෙ කියල

අනේ අම්මේ මොනව කියලා කියන්නද ඉතින්. සුද්දෝ දෙන්නෙක් එක්ක පන්සල් ගියපු මමයි මෝඩයා.කවුද දන්නේ හාමුදුරුවෝ ආවාස ගේ ඇතුලට වෙලා වහ ගෙදර බලනවද කියලා. නිකන් දවසකට නම් කමක් නෑ කියමු.වෙසක් පෝය දවසටත් පන්සලේ හාමුදුරු කෙනෙක් පේන්න නෑ කියන්නෙ ලොකු අව්ලක්නේ නැද්ද මම අහන්නේ?

ඔන්න මේ පන්සලේ මොකක්ද එකක් විවෘත කරන්න උත්සවේකුත් තිබුන එදා. පෙරහැරකින් තමා ආපු අමුත්තෝ පිලිගත්තේ.ඔය අමුත්තෝ අතර අනික් ආගම් 3නම නියෝජනය වෙන අය හිටියා. එත්, අනේ මන්දා කියන්නත් මොකක්ද වගේ එතනත් කහ පාටක් පේන්නවත් නෑ.ඒකට මොකද ඔලුව වහගත්ත මුස්ලිම් ගෑණු කෙනෙක් නම් හිටියා. එයාට නිගරුවක් කරනවා නෙවේ, එත් දේය්යනේ ඒ ගෑණු කෙනාට උත්සවයට එන්න පුලුවන් උනා නම් අඩුම ගානේ අහල ගමක හාමුදුරුකෙනෙක් වත් ඕකට ගෙන්න ගන්න බැරි උනාද?

මේ පන්සල තියෙන්නෙ කන්දක. ඉතින් මගේ මිතුරියට ලගදි ඇති උන කකුලේ ආබාධයක් කන්ද නගින්න බෑ කියල කිව්ව නිසා, මාත් එයත් එක්ක මගින් නැවතුනා. හරියටම කියනවනම් පන්සලේ දාගැබ ඉස්සරහ.නඩේ අනික් අය ගිහින් එනකන් හිටගෙන ඉන්න බැරි නිසා, අපි දෙන්නා බිම ඉදගෙන කතා කර කර හිටියා. මුලින්ම එයත් ඉද ගත්තේ මම ඉදගත්ත විදියටම බද්ධ පර්යංකයෙන්. එක පාරටම මෙන්න මෙයා කකුල් දෙක නවලා උස්සගෙන දණහිස උඩින් නිකට තියාගෙන කතාවට බැස්සෙ නැතැයි.

අපි ඉතින් පන්සලට ගිහින් එහෙම ඉද ගන්නේ නෑනේ. මම එක නිසා එයාට කිව්වා ඔහොම ඉදගන්න එක හරි නෑ කියලා.එයා එක පිලිගෙන කකුල් දෙක සන්වරව තියාගෙන ඉදගත්ත. ටික වෙලාවක් අපි ඔහොම ඉන්නකොට මෙතෙන්ට ආව අපේ සින්හලයෙක් මම අර එපා කිව්ව විදියටම ඉදගත්තේ නැතෑ. පිස්සු හැදිල ආයෙත් හැදුන කිව්වලු. කිරි පනු ගාය හැදිල වගේ එහාට මෙහාට වෙවි අර ගෑණු කෙනාව විදේශික මිතුරියගේ දර්ශනපථයට අහු නොවෙන විදියට ඉදගන්න මම උත්සහ කලා. එත් සාර්ථක උනාද කියන්න නම් දන්නෙ නෑ.

ඔන්න ඔහොම එක එක ගේම් දීලා මේ දෙන්නව පන්සලෙන් එලියට එක්කගෙන ආවා අනේ එතකොටවත් ලැජ්ජාවක් නැතිව මොනවහරි කථා කරන්න පුලුවන් වෙයි කියලා.මොන බොරුද. එයාලට තව ලොකු ගැටලුවක්.

"දීපිකා ඇයි මේ පන්සලේ පිරිත් දාලා නැත්තෙ. වෙසක් දවසට පන්සල්වල පිරිත් දානව නේද?"

මම හිතන්නේ ඒ කිව්වෙ බොධි පූජා ගැන වෙන්න ඕනේ. ඉපදුනේ එන්ගලන්තයේ උනාට දැන් අවුරුදු ගානක් මෙහේ නිසා මෙයාල අපේ දෙවල් ගැනත් ටිකක් දන්නවා.පන්සලේ හාමුදුරු පුලුටක් පේන්න නැතිකොට මොන බොධි පූජාද?හාමුදුරුවෝ නැති නිසා හරි අර මෙහේ දැන් තියන නීති නිසා වෙන්න ඇති කියල ඒ ප්‍රශ්ණෙත් ශේප්

පාරට ආවම තවත් ප්‍රශ්න. අපේ සමහර අයට හම සුදු මනුස්සයෙක් පාරට බැස්සම ඒක මහා ලොකු දෙයක්නේ. එක්කො හිතනවා සුද්දො කියන ජාතිය අපි ගැන දන්නේ නැති මොඩයෝ කියලා.සමහර කෙල්ලො කොල්ලො ඒ දෙන්නට එක එක ඇනුම් පද කියාගෙන ගියා. එවා මෙතන දාන එක හොද මදි මම හිතන්නේ.පොඩි ලමයි හෙලෝ සුද්දා අන්කල් කිය කිය කෑ ගහනවා. අමුතුම යුද්දයක්.

පොලව පලාගෙන හැංගෙන්න හිතුනු වාර අනන්තයි.එත් එහෙම බෑනේ. යාලුවො දෙන්නව ගෙදරට ඇරලවල ගෙදර යන ගමන් මතක් උනේ චලිත් එවල තිබුනු මේ සින්දුව.මෙන්න පද වැල (බාගන්න ඔනේ නම් මෙතන කොටන්න)


CMB Musics Yeah Oh Na
Ranidu Pasan KillerB Nishantha
You Got To Takeover
Yeah yeah Oh Oh Yeah Yeah Oh Oh

යමං බණ්ඩෝ වෙසක් බලන්න////
පාර දිගේ එලි බල බල
මහ පාරේ අලි කලබල//

යමං බණ්ඩෝ වෙසක් බලන්න///

බණ්ඩේ යන්න වෙසක් බලන්න
කෙල්ල එන්නේ බණ්ඩ බලන්න//

අතන මෙතන හැම තැනකම කෙල්ලො කොල්ලො අත් බැදගෙන
අතත් යනව පොකට් එකට කොලඹ වෙසක් හරි කලබල

යමං බණ්ඩෝ වෙසක් බලන්න////
පාර දිගේ එලි බල බල
මහ පාරේ අලි කලබල//

ඒයි
මචං මෙහෙට වරෙන්
ලයිට් ගොඩයි අර බලපන්
වෙසක් එකට කූඩු දාලා බකට් තොරණ් පත්තු කරල
හද එලියේ කෙල්ලො ගොඩයි

Driving Me Crazy Making Them Shy
Everytime I Said It To A Girl
He Keep Me Pushing To The Girl
Mokada Une I Don't Know
But Do I Have To Take Him Home

කවදාවත් දැකල නෑනේ මේ වාගේ පොරක් ගොඩේ

මහ පාරේ හරි කලබල///
පාර දිගේ එලි බල බල///

යන පාටක් නෑ මූ නම් මට නම් දැන් මාර ජුවල්
මල කෙලියයි අර බලපන් බණ්ඩා ලයින් දාන තරම්
මේ වගේ ගියොත් මචං///
අපිට ඉතින් මචං හුලං///

යමං බණ්ඩෝ වෙසක් බලන්න////
පාර දිගේ එලි බල බල
මහ පාරේ අලි කලබල//

Aha Yeah It's The Revolution
That's Right ManIt's Here Man
We Takingover
It's For Real
CMB Music Can't Stop Us Now
Top On The Charts

පන්සල් ගිහින් වැඩක් නැත්තම් ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්න එකද හරි නැත්තම් කොල්ලෙක්/කෙල්ලෙක් එක්ක අත් බැදගෙන මොඩ් බණ්ඩා වගේ වෙසක් බලන්න යන එකද?

කස්ටියගේ අදහස කොහොමෙයි?

ප.ලි. පන්සලේ වත ගොත ලිපියේ දැමීම නුසුදුසු යැයි හැගුනු නිසා නොදැම්මෙමි.දැනගත යුතු යැයි හැගෙන්නේ නම් පෞද්ගලිකව විමසන්න.