Monday, June 15, 2009

සබඳ එක්වෙමු Googleට අප මව් බසේ අසිරිය කියා දෙන්නට!

සටහන:රූප පැහැදිලි නැතිනම් ඒවා විශාල කර නැරඹීම සදහා ඒ මත ක්ලික් කරන්න

දන්නේ නැති දේවල් ගැන ඉගෙන ගන්
නේ ඉස්සර නම් පුස්තකාල වලින්. ඒත් දැන් ගූග්ල් තියන නිසා ඔනේම දෙයක් ගැන දැන ගන්න අවශ්‍ය අන්තර්ජාල සබදතාවක් සහ වෙබ් පිටුවක් බැලීමට හැකි ඕනෑම උපකරණයක් විතරයි. නමුත් බොහෝ දෙනෙකුට භාෂා ප්‍රශ්ණය ගැටලුවක් වෙන වාර අනන්තයි.



උදාහරණයක් විදියට කිව්වොත් google advanced search options වල තියෙන usage rights, not filtered by license, page specific tools වගේ දේවල් දුටු පමනින් අන්තර්ජාල නවකයෙකුට තෙරුම් ගැනීමට අපහසු වෙන්න පුලුවන්

නමුත් දැන් ගූග්ල් සේවා අපේ මව් භාශාවෙන් ලබාගන්න පුලුවන්. භාෂා ගැටලු විසඳා ගැනීමට එය හොඳ ක්‍රියාමාර්ගයක් ලෙස හඳුන්වා දීමට පුලුවන්.ඒ සඳහා http://www.google.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ http://www.google.com පිටුවේ ඇති Go to Google Sri Lanka සබැඳිය හරහා
ගොස් සම්බන්ධවීමට අවස්ථාව ලැබී තියෙනවා.


http://www.google.lk/ සිංහල අඩවිය දැනට දිස් වන්නේ මෙසේයි




නමුත් මෙහිදීද ගැටලු නැතිවාම නොවේ. උදාහරණයක් ලෙස http://www.google.lk/ හි දකුණු පැත්තේ ඉහල කෙලවරේ දක්නට ලැබෙන "ඔබ කවුරුන්ද" යන යෙදුම ගැටලු සහගත යැයි මට හැඟේ. අප සාමාන්‍යයෙන් එම පද වැල ඉංග්‍රීසි භාෂාවට හරවන්නේ "who are you?"කියා මිස "My Account"කියා නොවේ. නමුත් http://www.google.lk/ අඩවියේ "ඔබ කවුරුන්ද" යන්න යොදා ඇත්තේ "My Account"යන්නේ සිංහල පරිවර්තනයක් ලෙසයි.


Sign Out හා පිට වෙන්න යන යෙදුම් දෙක තුලද යම්කිසි නොගැලපීමක් ඇති බැව් හැඟේ.



තවද http://www.google.lk/ පිටුවේ අභිරුචි (preference)සබැඳිය එබූ විට ලැබෙන පිටුව සිංහල හා සිංග්‍රීසි පත අට එකට සිඳුවා ලබාගත් කසායකට නොදෙවනි එකකි.




සමහර විට මෙම පරිවර්තන සිංහල යු
නිකෝඩ් මෙතරම් ජනප්‍රිය නොවූ අවදියක කෙරුනු ඒවාද විය හැක.කෙසේ නමුදු මෙම ලිපියේ අරමුණ මෙවැනි යෙදුම් අඩවියට ඇතුලත් කල පුද්ගලයන් සොයා ගොස් ඔවුන්ට දඩුවම් දීමවත්, බැණ වැදීමවත් නොවේ. මේවා නිවැරදි කරන ආකාරය කියාදීමයි

--පියවර 1--

http://www.google.com වෙත ගොස් preferences තෝරාගන්න.නැතහොත් http://www.google.com/preferences?hl=en යන පිටුවට යන්න.



--පියවර 2--




Google in Your Language program.සබැඳි
ය හරහා ගොස් ඔබගේ භාෂා භාවිතය පිලිබඳ තොරතුරු ගූග්ල් වෙත ලබාදෙන්න


--පියවර 3--

ඔබ save බොත්තම එබුවේ නම් මෙවැනි පිටුවකට ඔබ යොමුවනු ඇත.

එතැනින් ඔබ සිංහල භාෂාවට පරිවර්තන කිරීමට කැමැති ගූග්ල් නිමැවුම තෝරාගන්න.උදාහරණයක් ලෙස ඔබ Main Search Siteතෝරාගත්තේ යැයි සිතමු.

--පියවර 4--



එවිට ඔබ මේ ආකාරයේ පිටුවට යොමුකෙරේ.

එහිදී

- Translate new messages සබැඳිය හරහා මෙතෙක් පරිවර්තනය නොවූ කොටස් පරිවර්තනය කිරීමටත්

- Edit existing translations හරහා මේ දක්වා පරිවර්තනය වී ඇති කොටස් වෙනස් කිරීමටත්

- Edit your previously submitted translations හරහා මේ දක්වා ඔබ කර ඇති පරිවර්තන වෙනස් කිරීමටත් පහසුකම් ලබා දී තිබේ.

මේවා එකින් එක විමසා බලමු

Translate new messages


මෙහිදී
- Phrase in English ඉදිරියෙන් පරිවර්තනය කිරීමට අවශ්‍යය යෙදුම ඉංග්‍රීසි භාෂාවෙන් දැක්වේ

- Translation help යටතේ ඉහත පණිවිඩය දිස් වන්නේ කුමන අවස්ථාවලදීද යන්න දක්වා ඇත

- Phrase in Sinhalese ඉදිරියෙන් ඇති හිස් කොටුවේ ඉහත යෙදුම සිංහලයට නගා යතුරු ලියනය කර continue බොත්තම ඔබන්න

ගූග්ල් හි ඔබගේ පරිවර්තනය පෙන්වන ආකාරය එවිට දැක ගත හැකි අතර ඔබ පරිවර්තනය පිලිබඳ සෑහීමකට පත් වී ඇති නම් submit බොත්තම ඔබන්න.


නැතහොත් go back හරහා ගොස් පරිවර්තනය වෙනස් කර submit බොත්තම ඔබන්න.

එවිට පරිවර්තනය කිරීම සඳහා නව ප
ණිවිඩයක් ඔබට ලැබෙනු ඇත.


Edit existing translations



Edit existing translations සබැඳිය මේ දක්වා කර ඇති පරිවර්තන සියල්ල ඔබට පෙන්වන අතර පරිවර්තනය අවසානයේ ඇති edit බොත්තම එබීමෙන් එම පරිවර්තන වල ඇති වැරදි නිවැරදි කිරීමට අවස්ථාව ලබා දෙයි.

උදාහරණයක් ලෙස My Account යන්නේ දැනට තිබෙන පරිවර්තනය "මගේ ගිණුම" ලෙස වෙනස් කරමු.

පරිවර්තනය සොයාගැනීම සඳහා ඔබගේ browserය මගි
න් ලබාදෙන සෙවීමේ පහසුකම යොදාගැනීම වඩාත් ඉක්මන් හා පහසු බව මගේ හැගීමයි.මන්ද go directly to a specific message ID යටතේ සෙවීමට නම් අදාල පණිවිඩ්යට ගූග්ල් විසින් ලබාදී ඇති අංකය දැන සිටිය යුතු බැවිනි.

Firefox සඳහා F3 සහ Internet Explorer සඳහා ctrl+F ඔබන්න


browserය ලබාදෙන search කොටුව තුලට පරිවර්තනය කිරීමට අවශ්‍ය පණිවිඩ්ය හෝ වචනය (ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන්) යතුරු ලියනය කරන්න. එවිට අදාල පණිවිඩය highlight කර පෙන්වන අතර edit හරහා අපට අවශ්‍ය ආකාරයට එය වෙනස් කල හැක (රතු පාටින් පෙන්වා දී ඇති පරිදි )

නිල් පාටින් පෙන් වා දී ඇති පරිදි සිංහල යුනිකෝඩ් භාවිතා නොකර transliteration ක්‍රමයට පරිවර්තනය වී ඇති කොටස්ද බොහෝ සංඛ්‍යාවක් මෙම පිටුවේ දක්නට ලැබේ.හැකිනම් ඒවාද සිංහල යුනිකෝඩ් භාවිතා කර පරිවර්තනය කරන්න.


Edit existing translations යටතේ edit සබැඳිය හරහා ලැබෙන්නේ මෙවැනි පිටුවකි

මෙහිදී
- Phrase in English ඉදිරියෙන් ඔබ නිවැරදි කිරීමට තෝරාගත්යෙදුම ඉංග්‍රීසි භාෂාවෙන් දැක්වේ

- Translation help යටතේ ඉහත පණිවිඩය දිස් වන්නේ කුමන අවස්ථාවලදීද යන්න දක්වා ඇත

- Phrase in Sinhalese ඉදිරියෙන් ඇති හිස් කොටුවේ නිවැරදි සිංහල යෙදුම යතුරු ලියනය කරන්න

යටින්ම ඇති කොටුව තුල ඔබ දැනට ඇති පරිවර්තනය වෙනස් කිරීමට හේතුව ඉංග්‍රීසියෙන් පැහැදිලි කර continue බොත්තම ඔබන්න

ඉන්පසු පෙර සේම ගූග්ල් හි ඔබගේ පරිවර්තනය පෙන්වන ආකාරය එවිට දැක ගත හැකි අතර ඔබ පරිවර්තනය පිලිබඳ සෑහීමකට පත් වී ඇති නම් submit බොත්තම ඔබන්න.

නමුත් ඔබගේ නිවැරදි කිරීම් හා පරිවර්තන ඒ මොහොතේම ගූග්ල්හි නොපෙන්වන බව කරුණාකර සලකන්න.මෙම පිටුව එම පරිවර්තන හා නිවැරදි කිරීම් එකින් එක විමසා බැලීමෙන් අනතුරුව ගූග්ල් වෙත එක් කරන බව ප්‍රකාශ කරන නමුත් එම නිවැරදි කිරීම් හා පරිවර්තන විමසා බලන්නේ කවුරුන්ද යන වග මා හට සොයාගැනීමට නොහැකි විය. (දන්නා කෙනෙක් සිටී නම් පවසත්වා)

Edit your previously submitted translations

මෙහිදී මේ දක්වා ඔබ කර ඇති පරිවර්තන සියල්ල පෙන්වන අතර වෙනස් කම් කිරීම ඉහත
Edit existing translations යටතේ එන ක්‍රියාවලියට සමාන නිසා තිර සටහන් අනවශ්‍ය බැව් හැඟේ

මෙම ලිපිය ලිවීමේ මාගේ අරමුණ නම් සිංහල භාශාවෙන් ගූග්ල් සේවා ලබාගැනීමට ඇති එක් ගැටලුවක් ඔබ සැමගේද උදව් උපකාර ඇතිව විසඳා ගැනීමයි.

කරුණාකර දැනට ඇති නිවැරදි පරිවර්තන විකෘති කිරීමෙන් හා වැරදි පරිවර්තන කිරීමෙන් වලකින්න. Wikipedia වැනි විශ්වකෝශ අද ඉතාමත් ජනප්‍රිය වී තිබෙන්නේ ඕනෑම කෙනෙකුට එහි ඇති වැරදි නිවැරදි කිරීමටත් නව දැනුම එකතු කිරීමටත් අවස්තාව ලැබී තිබෙන නිසායි.නමුදු ලැබී තිබෙන නිදහස නිසා යමෙක් වැරදි තොරතුරු එයට එක් කලත් ඒවා තත්පර දෙක තුනකට වඩා හි රැදී පවතින්නේ නැත. ඒ Wikipedia කියවන ලක්ශ ගණනක පාඨකයන්ගෙන් එක් අයෙක් හෝ වැරදි තොරතුරු වැරදි බව හඩ නගා කීමට බිය නොවන නිසාවෙනි.

ඉතින් සබඳ එක්වමු Googleට අපගේ මව් බසේ අසිරිය කියා දීමට!


Tuesday, June 9, 2009

මාසයක් තිස්සේ ඇදෙන විභාගය







විභාගය පටන් ගෙන.
ඔලුව පුපුරන්න වගේ.
එත්,
මාසයක් තිස්සේ ඔලුව පිපිරුවොත්?
deepS මැරෙයි.
හෙහ්.
deepSගේ පුංචි මොලේ එච්චර මෝඩ නෑ.
කුරුළෑ...
හැමදාම එක දෙක ගානේ මතුවෙන්නේ ඔලු කට්ට ඇතුලේ පුපුරු ගහන අසහනයට සමානුපාතිකව වගේ
ඔලු කට්ට මිරිකලා කුඩු කරන්න බැරි උනාට ඒවා මිරිකන්න පුලුවන්.
තරහ නැති වෙනකංම මිරිකන්න පුලුවන්
ඒත් අන්තිමට මූණේ කලු ලප

ඊයා....කැත

විභාගේ හරියට නොකලාම ජීවිතේ ඇදෙන කළු පැල්ලම් වගේ
කුරුළෑ ලපත් ගොඩක් කල් මූණේ තියේවි
ඉතින්, මොනවා කියල කරන්නද ?
ඉතුරු ටිකත් ඔහොමම ඇදගෙන යං

[රූපය ගත්තේ මෙතනින්]

ප.ලි. මේ බ්‍රහස්පතින්දා අගනා කඩදාසියේ අලංකාරවත් ලෙස මුද්‍රණය කෙරුනු සක්කරයාගේ පුතා වයිමාටවත් balance කර ගත නොහැකි ගණකාධිකරණය ප්‍රශ්න පත්‍රය ලැබෙන තුරු ඇ
ඟිලි ගනිමින් සිටිමි. ඇඟිලි ගනිමින් සිටින්නේ වෙන කිසිවකටත් නොව නැවුම් කඩදාසියේ ගණකාධිකරණ තීන්ත සුවඳ නාස් පුඩු දෙකන්ම රස විදීමටයි.

ඉන්පසු පෙර ලියැවුනු අනං මනං වෙත ඔබ දැක්වූ අගනා අදහස් සඳහා පිලිතුරු බලාපොරොත්තු වන්න

Sunday, June 7, 2009

පූසෝ නාන නිදන හැටි

පූසෝ කියන්නේ කම්මැලි ජාතියනේ. අපේ ගෙදරත් දෙන්නෙක්ම ඉන්නවා. කම්මැලිකම කොච්චරද කිව්වොත් හැම වෙලාවෙම නිදි, බොරු නම් මේ බලන්නකෝ.

පොඩි පූසා අම්මගේ ඇඟ උඩ නැග ගෙන නිදි.



ටික වෙලාවක් යනකොට ගෝනි නැතුවම කරේ නැගලා




ඒත් මේ ලොකු පූස්ට ගානක් නැති හැටි. කටත් ඇරගෙන හොදටෝම නිදි



බොරු නම් මේ බලන්න දතකුත් පේනවා යාන්තමට


කොහොමද deeps ගේ පූසොංගේ නින්ද? නින්ද වගේම තම අනිත් වැඩත්.ඔය කුනු පාට පොඩි පූස් ඉන්නව නේද, එයාට හකුරු බෑවක් හම්බුනෝතින් බෑවම කයි..හික් හික්

මෙයාල ඉතින් නාවන්න ගියාම මාර වදයක්. සබන් ගෑවම ආඳෝ වගේ ලිස්සනවා. ඉතින් සබන් ගානකං පූසෝ වගේ ඉඳල පනිනව කොහාට හරි. ආයේ එලියට එන්නේ සබන් වේලුනාම. මොනව කියලා කරන්නද සබන් කැවෙන්න හොද නැති නිසා ආයෙත් ඉතින් නාවනවා.

හැබැයි නෑව්වට පස්සේ නම් සුද්දෝ වගේ ඉන්නකොට ශෝයි.

පූසෝ නාවන එක ගැන අත් දැකීම් නැති අයට නම් මේ දෙවල් ගැන වචනයෙන් කිව්වට හිතා ගන්න බැරි වෙයි.හැබැයි රූප වලින් කිව්වොත්??

මේ රූප ටික මට ලැබුනේ ඊ මේල් එකකින්. දැක්කම හිනාව නවත්තගන්න බැරි උන නිසා ඔන්න හැමෝටම හිනාවෙන්න මෙතන දැම්මා

කොහොමද වැඩේ ළමයි නාවනවට වැඩිය අමාරුයි නේද? පූසා අල්ලගන්න එක්කෙනයි. නාවන්න එක්කෙනයි





කොච්චර පුම්බගෙන හිටියත් ඇටයි හමයි විතරයි. එත් පෙනේද තියන ආඩම්බරකම





මරන්න ගෙනියන්න වගේ. අපේ ලොක්කාත් මෙහෙම තමා. මේ වෙලාවට කියන සුමිහිරි සින්දු අහගෙන හිටියම කන් දෙකට හරිම සැපයි





මෙයාට නම් දුක හිතිල වගේ





මේ අපි පොඩි උනාට වැඩ දන්නවා..වැඩිය ආවොත් කරාමෙට දෙනවා වැඩේ හරිද?





ඔන්න ගෝනි බිල්ලා. මාව අතෑරියේ නැත්තං ඔයාව අල්ලං යයි. අපි දන්නෑ





අනේ , ගැත්තා කුමන වරදක් කලාටද මෙතරම් දැඩි දඩුවම්?





අල්ලයි මගේ නැට්ට.





අතාරිනවද නැද්ද?





අනේ මට බැරියෝ!!



ඔන්න ඔහොමයි පූස් කතා. ඔයාලගේ අත්දැකීම් තියනවා නම් ලියන්න. ආසයි දැන ගන්න

මගේ පූස් පවුලේ රූප බලන්න කැමති නම් මෙතන සහ මෙතන කොටන්න.

Thursday, June 4, 2009

හැමදාම කෝඩියල් බොන එකේ කෑවම මොකද වෙන්නේ!


ඔන්න තවත් deepsගේ සොයාගැනීමක්. මේක අයිස් ක්‍රීම් මෙහෙයුමේ පසු මෙහෙයුම කියන්නත් පුලුවන්.
මෙහෙමයි වැඩේ උනේ.

අයිස් ක්‍රීම් හැදුවට පස්සේ ජෙලටින් ටිකක් ඉතුරු උනා.ජෙලටින් ගොඩ කාලයක් තියාගන්න බැරි නිසා deeps එකෙන් ජෙලි පුඩිමක් හැදුවා. සාමාන්‍ය පුඩිමක් නෙවේ ඕං. කෝඩියල් පුඩිමක්.

මට මේක ටෙස්ට් කරන්න හිතුවේ කඩෙන් ගෙනාපු Jelly Crystal පැකට් එකක අඩංගු ද්‍රව්‍ය ටික දැක්කට පස්සේ. ඒවගේ තියෙන්නේ ජෙලටින්, සීනි සහ රසකාරක විතරයි.

අපේ ගෙදර ජෙලටින් තිබුනා, සීනිත් තිබුනා, නොතිබුනේ රස කාරක විතරයි. ඒ වෙනුවට යොදාගන්න පුලුවන් වෙන දෙයක් ගැන හිතනකොට ඔලුවට ආපු එකම දේ කෝඩියල්.මොකද කෝඩියල් වල පලතුරු රස තියනවා. රස කාරක වලින් වෙන්නෙත් ඔය දේමයි, අනික ඉතින් හැමදාම කෝඩියල් බොන එකේ කෑවම මොකද වෙන්නේ!

මේකට නම් අවශ්‍ය දේවල් හරියටම කියන්න අමාරුයි. ආසන්න වශයෙන් කියන්නම්. මොකද මම නිකන් ටෙස්ට් කරන්න තමා මේ පුඩිම හැදුවේ.හැබැයි වැඩේ හරි ගියා.

ක්‍රමේ මෙහෙමයි. ජෙලටින් සීතල වතුරට දාලා දිය වෙන්න තියන්න.ජෙලටින් තේ හැදි 2කට වතුර කෝප්පයක් විතර දැම්මොත් ඇති.

ජෙලටින් ටික හොදටම දිය උනාම ඒ මිශ්‍රණයට සීනි, දෙහි ඇඹුල් ටිකක් සහ ලුණු කැමති පදමට එකතු කරගන්න.ඔය ඔක්කොම ජාති හොදට කලවම් කරලා , පෙරලා ගෙදර තියන ඕනෙම කෝඩියල් ජාතියකුත් ඒකට එකතු කරන්න.කෝඩියල් එකතු කරන්නෙත් ඉතින් කැමති පදමට තමා.

ඊට පස්සේ ජෙලි ටික set වෙනකන් ශීතකරණයේ දාල හරි ගියාම කෑමට ගන්න.

කඩේ තියන
ජෙලි පැකට් වගේ නෙවේ, මේක නිකන් Ubuntu වගේ වැඩක්. තමන්ට ඔනේ විදියට customize කරන්න පුලුවන්. ඒ කිව්වේ තමන්ට හිතට එන රස වර්ගයකින් ජෙලි පුඩිං හදාගන්න පුලුවන්. දවසක් මම කිරි පිටි දිය කරලා දැම්ම ජෙලටින් වලට. ඒකත් මාර කෑමක්. අර කිරි අම්මා දානවලට හදන කිරි කෑලි වගේ රහයි!

ජීවිතේට කුස්සියට අඩිය ගහන්නේ නැති අපේ කොලු ගැටයන්ට ජෙලටින් කියන එකයි Jelly Crystal කියන එකයි පැටලිලා වගේද? මේකයි, ජෙලටින් කියන්න්නේ කිසිම රහක් නැති කුඩු වර්ගයක්. ඒවාට වතුර දැම්මොත් ඇලෙන සුලු අවර්ණ ද්‍රාවණයක් හැදෙනවා. කඩේ අර ලස්සනට පැකට් කරලා Jelly Crystal කියලා ලේබල් ගහල තියෙන්නේ ඔය ජෙලටින් වලට රසකාරක, වර්ණකාරක හා සීනි එකතු කරලා.

දැන් හරිද?


[ රූපය ගත්තේ මෙතනින් ]

Monday, June 1, 2009

මූණු පොතේ බ්ලොග් කෙරුවාව

බ්ලොග් ලියන බොහෝ දෙනෙක් මූණු පොතේ, එහෙම නැත්තම් Facebook එකේ ඉන්නවා. හැබැයි Facebook ඉන්න අපේ යාලුවන්ගෙන් බොහෝ දෙනෙක් බ්ලොග් කෙරුවාව ගැන දන්නේ නැති උදවිය.දන්නේ නෑ විතරක් නෙවේ, ඒ ගැන උනන්දුවක් වත් නෑ. හේතුව සමහර අයට අන්තර්ජාලය කිව්වොත් Facebook විතරයි.

හැබැයි බ්ලොග් ලියන කියවන අයට නම් අනන්ත වාරයක් හිතිලා ඇති Facebook එකටවඩා බ්ලොග් ලියන කියවන එක කොච්චර රසවත් දෙයක්ද කියලා. අපිට මිනිස්සුන්ගේ මතවාද වෙනස් කරන්න බැරි බව ඇත්ත.එත් අර රෝමෙට ගියාම රෝමන් කාරයා වගේ ඉන්න ඔනේ කිව්ව වගේ ඔන්න දැන් අපිට ක්‍රමයක් තියනවා Facebookකාරයන්ට බ්ලොග් ගැන කියලා දෙන්න

මේක Facebook Application එකක්. නමින් කිව්වොත් NetworkedBlogs. මුලින්ම මට මේක අහු උනේ ශ්‍රීශානු අය්යගේ facebook ගිනුමේ තිබිලා. ඊට පස්සේ මගේ ඉංග්‍රීසි බ්ලොග් අඩ්විය ඒකට එකතු කරලා දන්න කියන හැමෝටම එක බලන්න ආරාධනා කලා. මම මුලින්ම මේ Application එක දකිනකොට එකේ තිබුනේ සිංහල බ්ලොග් 2යි. ශ්‍රීෂානු අය්යගේ එකයි සුපුන් බුධාජීව මල්ලිගේ එකයි. කියන්න සන්තෝශයි දැන් නම් ගොඩක් අය ඉන්නවා. ඒ වගේම ජීවිතේට සිංහල බ්ලොග් එකක් දැකල වත් නැති යාලුවෝ දෙතුන් දෙනක් සිංහල බ්ලොග් කියවන්න පටන් අරගෙන.මේකට ඔයාලගේ සිංහල බ්ලොග් අඩ්වියත් එකතු කර ගන්න.

එකතු කරගන්නේ මෙහෙමයි.

facebook search කරන්න තියන තැන networkedblogs කියල ගහල search කරන්න. එතකොට මේ විදියේ පිලිතුරක් ලැබේවි. එතැනින් යන්න පුලුවන් networkedBlog application එකට.




ඔතන තියන NetworkedBlogs ලාංඡණය, View Application, NetworkedBlogs ලින්ක් යන එවාගෙන් මොකක් උඩ ක්ලික් කලත් යන්නේ මේ වගේ පිටුවකට (අර Allow Access පිටුවෙන් Allow ක්ලික්කලාට පස්සේ හොදේ?). එතැනින් wall තෝරාගන්න
.


wall ගිහින් Go to Application තෝරාගන්න

එවිට මේ ආකාරයේ menu සහිත පිටුවක් පෙන්නාවි.


Add a new Blog වෙත ගොස් අපගේ හෝ වෙනත් කෙනෙකුගේ බ්ලොග් අඩවියක් මෙයට ඇතුලත් කරන්න පුලුවන්. බ්ලොග් අඩ්වියේ හිමිකාරීත්වය ඔප්පු කරල පෙන්න්නන්න ක්‍රම දෙකක් තියනවා. එකක් එයාල දෙන එකක් අපේ බ්ලොග් අඩ්වියේ දැමීම අනික තමයි දැනට ඔයාලගේ ඉන්න යාලුවොන්ට පුලුවන් ඔයාලගේ බ්ලොග් අඩ්වියේ හිමිකාරීත්වය ගැන සහතික කරන්න. එහෙන්ම 9 දෙනක් සහතික කලොත් තමන්ගේ බ්ලොග් අඩ්වියේ හිමිකාරීත්වය ලේසියෙන්ම ලබාගන්න පුලුවන්.

අනික් ක්‍රමය තමා NetworkedBlogs Application එකෙන් දෙන code එක අපේ බ්ලොග් එකේ දාන එක

හිමිකාරීත්වය සහතික කරගත්තට පස්සේ අපෙ බ්ලොග් අඩ්විය ගන විස්තර අතුලත් කරන්න පුලුවන් මේ වගේ පිටුවක් ලැබෙනවා. එතනින් ගොඩක් දේවල් කරන්න පුලුවන්. තිර පිටපත බැලුවොත් තේරේවි



profile හිදි NetworkedBlogs applicationඑක තුල පෙන්වන තමන්ගේ තොරතුරු ඇතුලත් පිටුව සකසා ගන්න පුලුවන්.

Friends තුලදී දැන NetworkedBlogs භාවිතා කරන යාලුවන්ගේ අලුත්ම ලිපි බලාගන්න පුලුවන්. මේ මගේ friends tab එක දිස් වෙන ආකාරය. පේනවද මෙතන තියන RSS Feed ලාංචනය? එතන ක්ලික් කලොත් ඔයාලට පුලුවන් යාලුවන්ගේ අලුත් බ්ලොග් ලිපි ටික Reader එකක ඉදල (Facebook යන්නේ නැතුව උනත්) පහසුවෙන් කියවන්න


මේ මගේ Home Tab එක. එතනින් මට බ්ලොග් ලිපි share කරන්න, එවාට ratings දෙන්න පුලුවන්



ඔය ඔක්කොම කලා කියල විතරක් මදි යාලුවන්ට මේ ගැන කියන්න.ඒ වගේම NetworkedBlogs නිසා බ්ලොග් එකට කැමති අයට facebook හරහා ලේසියෙන්ම අපිව සම්බන්ධ කරගන්න අවස්ථාවක් තියනවා.

කැමති නම් බ්ලොග් අඩවියට NetworkedBlogs widget ඇතුල් කරගන්න. පේන විදිය බලන්න නම් ශාකුන්තල අය්යගේ බ්ලොග් අඩ්වියට යන්න. මම දැක්කා එයා මේක එකතු කරලා තියනවා. ඒ වගේම දැන් NetworkedBlogs Box එකක් විදියට අපේ facebook profile එකට එකතු කරගන්න පුලුවන්.

මේ ගැන ප්‍රශ්න තියනවා නම් ප්‍රතිචාර විදියට එකතු කරන්න. පුලුවන් ඉක්මනට පිලිතුරු ලබා දෙන්නම්

ඉතින් සුභ බ්ලොග් අනාගතයක් හැමෝටම. ඔන්න සුදා මලයගේ තරගාවලිය පටන්ගෙන. කැමති කැමති අය එතෙන්ටත් ගිහින් බැලුවා නම්!