Wednesday, May 29, 2013

Prezi - අමුතු තාලයේ presentation කලාව



Presentation කියන වචනය ඇසු සැණින් බොහෝ දෙනාගේ මතකයට එන ඊළඟ වචනය MS Powerpoint. අද කියන්න යන්නේ PowerPoint වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් අමුතු තාලයේ presentation හදන්න පුළුවන් web application එකක් ගැන. Web application කිව්වට බයවෙන්න දෙයක් නැහැ Prezi Desktop application එක භාවිතා කලොත් ඉන්ටනෙට් නැතිව වුණත් අපිට මේ කියන අමුතු තාලයේ presentation හදන්න පුළුවන්.


මොකක්ද මේකේ තියන විශේෂත්වය?


හැමෝම දන්න Powerpoint වල slide එකක් කියන්නේ අපිට විස්තර ඇතුලත් කරන්න පුළුවන් හිස් පිටුවක් වගේ දෙයක්. Powerpoint presentation එකක් කියන්නේ පුරවපු හිස් පිටු ගොඩක් කියලා හිතුවොත්, Prezi කියන්නේ අපිට විස්තර ඇතුලත් කරන්න පුළුවන් හිතාගන්න බැරි තරම් ලොකු හිස් පිටුවක්. මේ හිස් පිටුවට අපිට පුළුවන් චිත්‍ර, ෆොටෝ, සින්දු, වීඩියෝ, ඇනිමේෂන්, අකුරු වගේ ඕනෙම දෙයක් ඇතුල් කරන්න. ඊට පස්සේ ඒ ඇතුල් කරපු දේවල් වල අපිට අවශ්‍ය ප්‍රමාණයට zoom කරලා photo ගන්න පුළුවන්. සරලව කිව්වොත් ඒ ෆොටෝ ටික එකතු කළාම තමා Prezi presentation එකක් හැදෙන්නේ. ෆොටෝ කියන වචනේ වෙනුවට Prezi ඇතුලෙදි භාවිතා වෙන්නේ View කියන වචනය.

මේ වීඩියෝව බැලුවොත් තේරේවි මම පැහැදිලි කරන්න උත්සහ කරන දේ.



Prezi - දැනගත යුතුම කරුණු



Prezi Views :

කලින් කිව්වා වගේ view එකක් කියන්නේ ලොකු පිටුවේ, එහෙම නැත්තම් Prezi ඇතුලෙදි කියන විදියට canvas එකේ චුටි ෆොටෝ කියලා හිතාගත්තොත් වැඩේ ලේසියි. Prezi ඇතුලේ හැම ෆොටෝ එකටම රාමුවක් තියනවා. අපි ඒ රාමුව Frame කියලා හදුන්වමු.

Prezi ඇතුළේ රාමු ජාති හතරක් තියනවා.


Figure 1

මේවාගෙන් කැමති රාමුවක් තෝරාගෙන ඒක තමන්ට කැමති විදියට පුරවන්න පුළුවන්. එහෙම නැත්තම් කැමති විදියට ලොකු canvas එක පුරවලා ඒ canvas එකේ කැමති විදියට රාමු හදාගන්න පුළුවන්.

මම නම් වැඩියෙන් කැමති දෙවැනි ක්‍රමයට.

තව පොඩි දෙයක් : Invisible Frame හැරුණු කොට අනික් සියලුම Frames presentation එකේදී පෙනෙනවා. Prezi View එකක් (එහෙම නැත්තම් අර ලොකු Canvas එකේ චුටි ෆොටෝ එකක් )හදාගන්න තියන ලේසිම විදිය තමා තමන්ට අවශ්‍ය පරිදි zoom level සකසා ගෙන රූපයේ පෙන්වන විදියට මුලින්ම Edit Path උඩ ක්ලික් කරලා ඊට පස්සේ Add Current View උඩ ක්ලික් කරන එක. එතකොට තමන්ගේ මොනිටරයේ ඒ අවස්ථාවේ තියන Prezi View එක Frame එකක් විදියට path එකට ඇතුල් වෙනවා.



Figure 2


Prezi Path

Prezi Path කියන්නේ අපි ගත්ත ෆොටෝ ටික, එහෙම නැත්තම් හදාගත්ත views ටික presentation එකේ පෙන්වන අනු පිළිවෙල.

Prezi Path වෙනස් කිරීම

මේ අනුපිළිවෙල (Figure 1 හි පෙනෙන View ලැයිස්තුව බලන්න) අපිට කැමති විදියට Drag & Drop විදියට හදාගන්න පුළුවන්. එහෙම නැත්තම් Edit Path ක්ලික් කරලා එහෙ මෙහෙ යන ඉරි වලින් පෙන්වලා තියන path එක වෙනස් කරන්න පුළුවන්.




Figure 3


මේ රූපයේ විදියට 1 කියන්නේ පළවෙනි Frame එක. ඒ Frame එක Circle වර්ගයේ Frame එකක්. පළවෙනි Frame එක විදියට වෙන Frame එකක් පාවිච්චි කරන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නේ සුළු දෙයක් : අංක 1 මවුස් එකෙන් ඇදගෙන ගිහින් පළවෙනියට පෙනෙන්න ඕනේ Frame එක ළගින් තියන්න. Prezi ඒ Frame එක පළවෙනිට දාගෙන අනෙක් Frame වල අංක අනුපිළිවෙල වෙනස් කරගනීවි.

දැනට තියන 1 සහ 2 යන frames දෙක මැදට තවත් view එකක් ඇතුළත් කරන්න අවශ්‍ය නම් අංක 1 ළඟ තියන පොඩි + ලකුණ ඇදගෙන ගිහින් අදාළ Frame එක ළඟ තියන්න පුළුවන්.

Prezi Animations


Prezi වලින් Powerpoint වගේ text animation වගේ දේවල් කරන්න බැහැ. animation අවශ්‍ය නම් ඒවා flash වලින් හදලා .swf විදියට Prezi වලට import කරන්න පුළුවන්. මේ prezi presentation එක බැලුවොත් .swf සහ Prezi එකතු කළාම කරන්න පුළුවන් වැඩ ගැන අදහසක් ගන්න පුළුවන් වේවි.

Prezi Template


Prezi Template කියන්නේ අපේ Prezi Presentation එකේ Background එක. අපිට කැමති backgroud එකක් හදාගන්න පුළුවන්. එහෙම නැත්තම් Prezi එකේම තියන Template එකක් පාවිච්චි කරන්න පුළුවන්.

Prezi Theme


Prezi Theme කියන්නේ අපි Presentation එකේ භාවිතා කරන වර්ණ, අකුරු වර්ගය ආදිය. අපිට කැමති විදියේ theme හදාගන්න පුළුවන්. එහෙම නැත්තම්, තියන එකක්ම පාවිච්චි කරන්න පුළුවන්. වැඩ දන්නා අයට CSS Editor පාවිච්චි කරලා හිතේ හැටියට theme හදාගන්න පුළුවන්.


දැන් ඔබ සරලව Prezi ගැන දන්නවා. තැපෑලෙන් පීනන්න බෑ වගේම තමා බලාගෙන ඉඳලා Prezi ගැන ඉගෙන ගන්න බැහැ. විශේෂයෙන් අපි powerpoint වලට පුරුදු වෙලා නිසා Prezi ඔලුවට යන්න ටිකක් වෙලා යන්න පුළුවන්.

ඒක නිසා දැන්ම යන්න http://prezi.com/

ගැටළු තිබ්බොත් ප්‍රතිචාර හරහා කතා කරන්න. එසේ නැතහොත් මුණු පොත හරහා ඔබේ ගැටළු මට දන්වන්න. යන්න කලින් මෙන්න මගේ ප්‍රියතම Prezi Presentations වලින් එකක් ඔබ වෙනුවෙන්ම



4 comments:

  1. මමත් පාවිච්චි කරන්නෙ මේකම තමයි. පවර්පොයින්ට් වලට වඩා නියමයි..
    ඕක දෙන්නෙ trial software එක.. ඒක දවස් 30න් බ්ලොක් වෙනවා. මෙන්න මේ ඇප් එක පාවිච්චි කරල හැමදාටම තියා ගන්න පුළුවන්..
    http://www.sanhida.com/2013/06/Trial-Software-for-lifetime.html

    ReplyDelete
  2. හෙහෙ ඔව් desktop app එක දින තිහයි පාවිච්චි කරන්න පුළුවන්. එත් online ඕනේ තරමක් පාවිච්චි කරන්න පුළුවන් නිසා මම එහෙමයි කරන්නේ. storage limit ආවම පරණ prezi delete කරනවා :D

    ReplyDelete
  3. ඒත් අවුල තියෙන්නෙ ඕකෙ ලෝගො එක අයින් කරන්න බැරි එක :(

    ReplyDelete
  4. ඔව් ලෝගෝ එක නම් අයින් කරන්න නම් බැහැ

    ReplyDelete